settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ පව්කාරයන්ගේ මිතුරෙක් යන්නෙහි තේරුම කුමක්ද?

පිළිතුර


යේසුස්වහන්සේ පව්කාරයන්ගේ මිතුරෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේ අපගේ මිතුරා වන අතර උන්වහන්සේගේ අභිමුඛත්වය හා වැඩ සිටිම අප විසින් පිළිගැනීම උන්වහන්සේ බලා සිටින බවය. දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය සිතා ගත නොහැකි තරම් ය. අප අතර ජීවිතය වර්ධනය කර ගැනීමට සහ අත්විඳීමට අසරණ මිනිස් ළදරුවෙකු ලෙස උන්වහන්සේ ස්වර්ගයෙන් මෙලොවට පැමිණි බව සලකනවිට, එම ප්‍රේමයේ ගැඹුර පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පටන් ගනිමු. උන්වහන්සේගේ කුරුසියේ මරණයට එය එකතු කළ විට එය පුදුමාකාරය.

"පව්කාරයන්ගේ මිතුරෙකු" වීමට යේසුස්වහන්සේ යටත්වූ, පහත් ලෝකයක ජීවත්වීමට යටත්විය. මක්නිසාද අපි සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිමු"(රෝම 3:23). අපගේ පව්කාරතත්වය තිබියදීත්, යේසුස්වහන්සේ අප සමඟ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට කැමතියි.

"පව්කාරයන්ගේ මිතුරා" යන යෙදුම පැමිණෙන්නේ සුවිශේෂ වල සමාන්තර ඡේද වලිනි. "යේසුස්වහන්සේ තවදුරටත් මෙසේ පැවසුවා, "මේ පරම්පරාවේ මිනිසුන්ව කුමකට සමාන කරම්ද? මොන දෙයකට ඔවුන් සමානද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඩුවේ නැතැයි වෙලදම්පලේ හිඳ ඔවුනොවුන්ට හඩ ගසා කියන්නාවු දරුවන් හා සමාන වෙතිය: මක්නිසාද යොහන් කමින් බොමින් නාවෙය, එබැවින් ඔහු යක්ශාවෙශවු කෙනෙකැයි ඔවුහු කියති. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් අවේය, කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රික පානය බොන්නෙක්‍ ය, සුංගම් අය කරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්‍ය" (ලූක් 7:31-34; cf. මතෙව් 11:16-19).

මෙම ඡේදයේ යේසුස්වහන්සේ "ධර්මිෂ්ධ" හා වඩාත්ම "අධ්‍යාත්මික" අය ලෙස සැලකූ අය අතර අධ්‍යාත්මික පරිණතභාවයේ මට්ටම පෙන්වා දෙයි. ඔවුන් තම ස්ථාවරය පදනම් කරගත්තේ සැබෑ අවබෝධයක් වෙනුවට චාරිත්‍ර, නීතිය සහ බාහිර පෙනුම අනුගමනය කිරීම මතය. දෙවියන්වහන්සේගේ හදවත සහ උන්වහන්සේ සමග සම්බන්ධතාවයක්. නෙරපා හරින ලද සහ "සමාජීය වශයෙන් පිළිගත නොහැකි" පුද්ගලයන් සමඟ කාලය ගත කිරීම ගැන ඔවුහු යේසුස්වහන්සේව විවේචනය කළහ.

නැතිවූ බැටළුවන්ගේ කතාවෙන් පෙන්නුම් කරන්නේ අහිමිවූ හා අවදානමට ලක්විය හැකි, ආරක්ෂිත ස්ථානයෙන් ඉවතට ඇවිද ගිය අයගේ වැදගත් කමයි. නැතිවූ අය දෙවියන්වහන්සේට කෙතරම් වැදගත්ද යත්, ඔවුන් සොයා ගෙන නැවත ආරක්ෂාවට ගෙන එනතුරු උන්වහන්සේ ඔවුන් සොයනු ඇත. "දැන් බදු එකතු කරන්නන් සහ පව්කාරයන් සියල්ලෝම යේසුස්වහන්සේට සවන්දීමට රැස්ව සිටියහ. නමුත් පරිසිවරුන් සහ ව්‍යවස්ථාවේ ගුරුවරු, 'මේ මිනිසා පව්කාරයන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය' කියා මැසිවිලි නැඟුවේය. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට මෙම උපමාව කීවේය: 'ඔබගෙන් එක්කෙනෙකුට බැටළුවන් සියයක් සිටින අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් නැතිවී යයි සිතමු. ඔහු අනූනවය එළිමහනේ තබා නැතිවූ බැටළුවන් සොයා ගන්නාතෙක් ඔහු පසු පසයන්නේ නැද්ද? " (ලූක් 15:1-4).

යේසුස්වහන්සේ පැහැදිලි කළේ උන්වහන්සේ "නැතිවූවන් සෙවීමට හා බේරා ගැනීමට" පැමිණි බවය (ලූක් 19:10). ආත්ම ධර්මිෂ්ධ පරිසිවරුන්ගේ ප්‍රමිතීන්ට අනුව, ප්‍රමාණවත් නොවන අය සමඟ ඇසුරු කිරීමට උන්වහන්සේ කැමති විය. නමුත් ක්‍රිස්තුස්වහන්සේට සවන්දීමට විවෘතව සිටි අය දෙවියන්වහන්සේට වැදගත් වූහ.

මතෙව් 9:10-13 හි යේසුස්වහන්සේව ඇසුරු කිරීම ගැන ආගමික නායකයන් විසින් සමච්චලයට ලක් කළ තවත් අවස්ථාවක් විස්තර කරයි. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, "මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ධයන් කැඳවන්ට නාවෙමි කිසේක" (13 පදය).

ලූක් 4:18 හි යේසුස්වහන්සේ යෙසායා 61:1-2 උපුටා දක්වයි: "සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කිරීමට / අන්ධයන්ට පෙනීම ලබා දිමට, පීඩිතයන් නිදහස් කිරීමට / සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය දක්වන වර්ෂය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ මා එවු සේක."දුප්පතුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා සිරකරුවන්, අන්ධයන් සහ පීඩිතයන් සමඟ යේසුස්වහන්සේට ඔවුන් සමඟ යම් සම්බන්ධයක් පැවැත්වීමට සිදුවිය.

යේසුස්වහන්සේ පාපය අනුමත කළේ නැත. අභක්තිකයන්ගේ විනාශ කාරී හැසිරීම් වලට සහභාගි නොවීය. "පව්කාරයන්ගේ මිතුරෙකු" වන යේසුස් වහන්සේ පෙන්වා දුන්නේ "දෙවියන්වහන්සේගේ කරුණාව ඔබව පසුතැවිල්ලට යොමු කිරීම" (රෝම 2:4). යේසුස්වහන්සේ පරිපූර්ණ, පව් රහිත ජීවිතයක් ගත කළ අතර "පව්වලට සමාව දීමට පොළොවෙහි බලය" (ලූක් 5:24). ඒ නිසා, පරිවර්තනය කළ හදවතක් සහ ජීවිතයක් අත්විඳීමට අපට අවස්ථාව තිබේ.

අපගේ මිතුරා වන යේසුස්වහන්සේ පව්කාරයන් සමඟ කාලය ගත කළේ ඔවුන්ගේ පව්කාර මාර්ගවලට සම්බන්ධවීමට නොව සමාව ලබා ගත හැකි ශුභාරංචිය ඔවුන්ට ඉදිරිපත් කිරීමටයි. බොහෝ පව්කාරයන් උන්වහන්සේගේ ජීවන වදන් මගින් පරිවර්තනය කරන ලදි — සකෙවුස් ඊට ප්‍රධාන උදාහරණයකි (ලූක් 19:1-10).

යේසුස්වහන්සේගේ සතුරන් උන්වහන්සේව "පව්කාරයන්ගේ මිතුරෙක්" ලෙස හැඳින්වූ විට ඔවුන් අදහස් කළේ එය අපහාසයක් ලෙසයි. උන් වහන්සේගේ මහිමයට හා අපගේ සදාකාලික ප්‍රයෝජනය සඳහා, යේසුස් වහන්සේ එවැනි දර්ශන විඳ දරාගෙන "සහෝදරයෙකුට වඩා සමීප මිතුරෙකු" බවට පත්විය (හිතෝපදේශ 18:24).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ පව්කාරයන්ගේ මිතුරෙක් යන්නෙහි තේරුම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries