settings icon
share icon
ප්‍රශ්නය

වේශ්‍යයාකම සහ කාමමිථ්‍යාචාරය අතර වෙනස කුමක්ද?

පිළිතුර


නූතන ශබ්දකෝෂයේ නිර්වචනයන්ට අනුව වේශ්‍යයාකම වනාහී ("කාමමිථ්‍යාචාරයද අන්තර්ගතවූ විවාහ නොවූ පුද්ගලයන් අතර ඇති වන ස්වෙච්ඡා ලිංගික සංසර්ගයවේග"). එසේම කාමමිථ්‍යාචාරය ("විවාහවූ පුද්ගලයෙකු සහ තමාගේ නීත්‍යමය විවාහකයාට අමතරව වෙනත් සහකාරයෙක් සමග ඇති වන ස්වෙච්ඡා ලිංගික සංසර්ගයවේ") යන්න ඉතා සරල වූවත් දෙවියන්වහන්සේ විසින් මෙම ලිංගික පාපයන් ප්‍රත්‍යයක්ෂ කරගන්නා ආකාරය දේව වචනය තුළින් ගැඹුරු අවබෝධයක් දෙනු ලබයි. දේව වචනය තුළ මේ දෙආකාරයම වචනානුසාරයෙන් හඳුන්වනු ලබන නමුත් දෙආකාරයම උපමා අලංකාර සහිතව රූප නමස්කාරය වෙත යොමු කිරීමට යොදා ගැනේ.

පැරණි ගිවිසුමෙහි මෝසෙස්ගේ ව්‍යවස්ථාව සහ යුදෙව් චාරිත්‍රයන් කරණකොටගෙන ලිංගික පාපයන් තහනම් කර තිබිණි. කෙසේ නමුත් හෙබ්‍රව් භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ "වේශ්‍යයාකම" යන වචනය පැරණි ගිවිසුමෙහි රූප නමස්කාරය යන පෙළ යෙදුමෙහි භාවිතා කරනු ලැබූ අතර එය හඳුන්වනු ලැබුවේ ආත්මික සල්ලාලකම ලෙසය. 2 ලේකම් 21:10–14 හී දෙවියන්වහන්සේ විසින් ජෙහෝරාම්ට වසංගත සහ රෝග තුළින් පහර දෙනු ලැබුවේ ඔහු ජනතාව රූප නමස්කාරය කෙරෙහි යොමු කළ හෙයිනි. ඔහු "යෙරුසලමේ වැසියන් වේශ්‍යයාකමට පමුණුවා" (11 වන පදය) සහ "ආහබ්ගේ වංශය කළාක් මෙන් යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යයාකමට පමුණුවාලීය" (13 වන පදය). ආහබි රජු වනාහී ඉශ්‍රායලිතයන් රූප නමස්කාරය කෙරෙහි අධිකතර ලෙස යොමු කල කාමුක දෙවි කෙනෙකු වූ බාල්ගේ පූජකවරියක් වූ ජෙසබෙල්ගේ ස්වාමිපුරුෂයා විය. එසකියෙල් 16 හි එසකියෙල් දිවැසිවරයා සවිස්තරව විස්තර කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ සෙනග උන්වහන්සේ කෙරෙන් හැරී යනු ලැබුවේ අනෙකුත් දෙවිවරුන් හා සමග "වේශ්‍යයකමේ යෙදීමටය". "කාමමිථ්‍යාචාරය" යන අරුත ගන්නාවූ වේශ්‍යයාකම යන වචනය අනේක වාරයක් මෙම පරිච්ඡේදයේ පමණක් භාවිතා වනු ලැබේ. ඉශ්‍රායලිතයන් අනෙකුත් ජාතීන් ඔවුන්ගේ ඥාණය, ධනය සහ බලය කරණකොටගෙන ඔවුන් මධ්‍යයේ සිටි අනෙකුත් ජාතීන් අතරේ ප්‍රසිද්ධ වූයේ ස්ත්‍රියකගේ අලංකාරය ඇයටම ගැටළුවක් වන ආකාරයට ඔවුන්ටද එය උගුලක් වූ අතර ඔවුන්ගේ අසල්වාසීන් විසින් ඔවුන්ව අගය කොට සිත් ඇදගැනීමට ලක්ව ඔවුන් වර්ණනා කරනු ලැබුවෙන් ඔවුන් රූප වන්දනාමය පුරුදු වලට ඇදගනු ලැබූහ. වේශ්‍යයාකම යන පදය භාවිතා කරනු ලැබුවේ මිථ්‍යාදෘෂ්ඨික රූප නමස්කාර හා සම්බන්ධව වූයේ මිථ්‍යාදෘෂ්ඨිකයන්ගේ "නමස්කාර" චාරිත්‍රයන් තුළ ලිංගික සබදතාද අන්තර්ගත වූ හෙයිනි. බාල් සහ අනෙකුත් ව්‍යාජ දෙවිවරුන්ගේ නමස්කාරයෙහි පොදු කරුණක් වූයේ සිද්ධස්ථාන ගණිකාවන්ය. සියලූ ආකාර ලිංගික පාපයන් මෙම ආගම් මගින් පිළිගත්තා පමණක් නොව නමස්කාර කරන්නන්ට දෙවිවරුන්ගෙන් වැඩි ආශිර්වාද ලබා ගැනීමේ මාර්ග ලෙස ඒවාට අනුබල දෙනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ සත්ව සමූහය සහ භවභෝග වැඩි කර ගනු පිණිසය.

නව ගිවිසුමෙහි වේශ්‍යයාකම පෝර්නීයා' යන ග්‍රීක වචනයෙන් පැවත එනු ලබන අතර එහි අර්ථයේ කාමමිථ්‍යාචාරය සහ ව්‍යභිචාරය යන්න අන්තර්ගතවේ. පෝර්නීයා' යන්න පැවත එන්නේ වෙනත් ග්‍රීක වචනයකින් වන අතර එහි නිර්වචනයේ අඩංගු වනුයේ සමලිංගික සේවනය ඇතුළු නීති විරෝධී කාමතෘෂ්ණා ආදීය භුක්ති වීදීම වේ. සුභාරංචි තුළ සහ හසුන් තුළ මෙම වචනයේ භාවිතය සෑම විටෙකම ලිංගික පාපයන් කෙරෙහි යොමු කරනු ලැබූ නමුත් එළිදරව් පොතෙහි වේශ්‍යයාකම යන්න සෑම විටම රූප නමස්කාරය කෙරෙහි යොමු කරනු ලබයි. ස්වාමිවූ යේසුස්වහන්සේ විසින් රූප නමස්කාරය නමැති වේශ්‍යයාකම හා සමග විනෝද වෙමින් සිටි සුළු ආසියවෙහි සභාවන් දෙකක් පරිභවයට පත් කරනු ලැබුසේක (එළිදරව් 2:14, 20). එසේම උන් වහන්සේ අවසාන කාලයේ "මහා වේශ්‍යාව"ලෙස හඳුන්වනු ලබන්නෙත් එය රූප නමස්කාරමය ව්‍යාජ ආගමක් වූ හෙයිනි. "පොළොවේ රජවරු ඈ සමග වේශ්‍යයකම් කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යයකම නැමති මුද්‍රකපානයෙන් මත්වුණෝයයි කීවෝය" (එළිදරවි 17:2).

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස කාමමිථ්‍යාචාරය හඳුන්වනු ලබන්නේ විවාහ වූ පුද්ගලයන් අතර තමාගේ සහකරුවා හැරුනු කොට ඇති වන ලිංගික පාපයන් වන අතර එම පදය පැරණි ගිවිසුමෙහි වචනානුසාරයෙන් මෙන්ම උපමා අලංකාර සහිතව යන දෙආකාරයෙන්ම භාවිතා කරනු ලැබිනි. හෙබ්‍රව් භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ "කාමමිථ්‍යාචාරය" යන්නෙහි වචනානුසාර අරුත නම් "විවාහ බන්ධනය බිද දැමීම" වේ. සිත්ගන්නා කරුණ නම් දෙවියන්වහන්සේ, වෙනත් දෙවිවරුන් වෙනුවෙන් උන්වහන්සේව අත්හැර යාම කාමමිථ්‍යාචාරය ලෙස විස්තර කරනු ලබන සේක. යුදෙව් සෙනග සලකනු ලැබුවේ යෙහෝවාගේ සහකාරියා ලෙස වූ අතර ඔවුන් අනෙකුත් ජාතීන්ගේ දෙවිවරුන් කෙරෙහි හැරුනු කල ඔවුන්ව සසදනු ලැබුවේ කාමමිථ්‍යාචාරය කරනු ලැබූ බිරිදක් ලෙසින. ඉශ්‍රායෙල්හී රූප නමස්කාරය පැරණි ගිවිසුමෙහි බොහෝවිට හඳුන්වනු ලැබුවේ සල්ලාල ස්ත්‍රියකු අනෙකුත් දෙවිවරුන් පසපසු වේශ්‍යයාකම් කරමින් ගිය ආකාරයවේ (නික්මයාම 34:15–16; ලෙවී කථාව 17-7; එසකියෙල් 6:9). තවද හොෂෙයා මුළු පොතෙහිම, දිවැසිවර හොෂෙයාගේ කාමමිථ්‍යාචාර බිරිද වූ ගෝමර් හා සමග වූ විවාහය, දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායෙල් අතරවූ සම්බන්ධතාවය හා සමාන කරනු ලබයි. හොෂෙයාට විරුද්ධව ගෝමර්ගේ ක්‍රියා වනාහී ඉශ්‍රායෙල්හී පාපය සහ අවිශ්වාසවන්ත භාවය පිළිබද පින්තාරුවක් වූයේ ඇය ඇයගේ සත්‍යය ස්වාමිපුරුෂයා (යෙහෝවා) කාලයෙන් කාලයට හැර යනු ලැබුවේ අනෙකුත් දෙවිවරුන් හා සමහ ආත්මික කාමමිථ්‍යාචාරය කරනු පිණිසය.

නව ගිවිසුමෙහි "කාමමිථ්‍යාචාරය" ලෙස පරිවර්තනය වූ ග්‍රීක වචන දෙක සෑම විටම පාහේ වචනානුසාරයෙන් හඳුන්වනු ලබන්නේ විවාහක සහකරුවන් හා සම්බන්ධ ලිංගික පාපයන්යග මෙහි එකම ව්‍යතිරේකය නම් තියත්‍රා සභාවට යවනු ලැබූ ලිපියවේ, එනම් "තමා අනාගතවක්ත්‍රී යයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්" (එළිදරව් 2:20) ඉවසා දරා සිටීම කරණකොටගෙන එය පරිභවයට පත් කරනු ලැබීය. මෙම කාන්තාව විසින් සභාව දුරාචාරය සහ රූප නමස්කාරමය පුරුදු වලට පොළඹවා ගනු ලැබූ මෙන්ම ඇයගේ ව්‍යාජ ඉගැන්වීම කරණකොටගෙන දූෂණය වූවන්ව සලකනු ලැබුවේ ඇය හා සමග කාමමිථ්‍යාචාරය කරනු ලැබූවෙක් ලෙසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වේශ්‍යයාකම සහ කාමමිථ්‍යාචාරය අතර වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries