settings icon
share icon
ප්‍රශ්නය

තමන්ටම කමාව දීම පිළිබදව දේව වචනයේ ප්‍රකාශ කරනු ලබන්නේ කුමක්ද?

පිළිතුර


"තමන්ටම කමාව දීම" යන අදහස පිළිබදව දේව වචනය කිසිවිටෙකත් ආමන්ත්‍රණය කරනු නොලබයි. අන් අය අපට විරුද්ධව වැරදි කොට කමාව අයදින කළ ඔවුනට කමාව දෙන ලෙසට අපට පවසා ඇත. ක්‍රිස්තුස්වහන්සේ දැනටමත් අපගේ පාපයන්හී මිල ගෙවා ඇති බවත් අපගේ ගැළවුම්කරුවාණන් සහ ස්වාමින් ලෙස උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් පදනම් කොටගෙන අප දෙවියන්වහන්සේගෙන් කමාව අයද සිටින කළ උන්වහන්සේ අපට කමාව දෙන සේක. එය එතරම්ම සරලවේ (1 යොහාන් 1:9). කෙසේ නමුත් අපව පාපයේ වහල්භාවයෙන් නිදහස් කර ඇති නමුත් (රෝම 6-8 දක්වා පරිච්ඡේදයන්හී ප්‍රකාශ කර ඇති පරිදි) අප ඒ තුළ වැතිර සිටීමටත් එයින් නිදහස් වී නොමැති ආකාරයට ක්‍රියා කිරීමටත් අපට හැකිවේ. ඒ හා සමානව අපට වරදකාරී හැගීම් ඇතුව ක්‍රිස්තුස්වහන්සේගෙන් කමාව ලැබී ඇති බව පිළිගත හැකිය. එසේත් නැතහොත් යක්ෂයාගේ බොරුව වන අප තවමත් වැරදිකරුවන් බව විශ්වාස කරමින් වැරදිකාර හැගීම් වලින් යුතුව සිටිය හැක.

දේව වචනයෙහි අපට ප්‍රකාශ කරනුයේ දෙවියන්වහන්සේ අපට කමාව දෙන කළ අපගේ "පාපයන් තවත් සිහි නොකරනු ලබන සේක්" බවය (යෙරමියා 31:34). සියල්ල දන්නාවූ දෙවියන්වහන්සේ අපට කමා කරනු ලබන හෙයින් උන්වහන්සේ සියල්ල අමතක කරනු ලබන බව මින් අදහස් නොවේ. ඒ වෙනුවට උන්වහන්සේ විසින් තෝරාගනු ලබන්නේ අපගේ පාපය උන් වහන්සේ වෙතට හෝ අන්‍යයන් වෙතට ගෙන නොඒමටය. අපගේ පූර්ව පාපයන් සිහියට පැමිණි විට අපට ඒවා තුළ වාසට කිරීමට තෝරාගත හැකිය (වරදකාරී හැගීම් ප්‍රතිඵල කොට ගනිමින්) එසේ නැතහොත් අපට කමාව දුන් විෂ්මජනක දෙවියන්වහන්සේ පිළිබද සිතිවිලි වලින් අපගේ මනස පුරවා ගෙන ඒ පිළිබදව උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට තෝරා ගත හැක (පිලිප්පි 4:8). අපගේ පව් මතක තබා ගැනීම ලාභදායි වන්නේ එය දෙවියන්වහන්සේ අපට කමාව දුන් ප්‍රමාණය මතක් කර දීමටත් එය අන් අයට කමාව දීමට පහසුවක් වන විටත් පමණි (මතෙව් 18:21-35).

කණගාටුවට කරුණක් වනුයේ "තමන්ටම කමාව නොදෙන" සමහර අය සිටින අතර ඔවුන්ගේ අතීතයෙන් ඔබ්බට නොයන ඔවුන්ගේ පූර්ව පාපයන් අමතක කර දැමීමට ඔවුනට අවශ්‍යය නොවන හෙයිනි. සමහරුන් තම මනසෙහි අතීත පාපයන් සමනය කිරීමෙන් ප්‍රතිසම ප්‍රීතියක් ලබා ගැනීමට තීරණය කරති. මෙයද පාපයක් වන අතර පාපොච්චාරණය කොට අත්හැර දැමිය යුතුවේ. තමන්ගේ හදවතේ ස්ත්‍රියක් පිළිබදව කාම තෘෂ්ණාවන් ඇති කරගන්නා පුරුෂයෙක් කාමමිථ්‍යාචාරය පිළිබද පාපයට වරදකරුවෙකුවේ (මතෙව් 5:28). ඒ ආකාරයෙන්ම අපගේ පාපය මානසිකව සමනය කරන සෑම අවස්ථාවකම අප නැවත නැවතත් එම පාපයම කරන්නෙමු. මෙය කිතුණුවකුගේ ජීවිතයේ සිදුවන්නක් නම් පාපය / වරදකාරිත්වය / පාපය /වරදකාරිත්වය යන රටාව විනාශ කාරි විය හැකි අතර එය කිසිදා නිම නොවන්නක් විය හැකිය.

අපගේ පාපයන්ට කමාව ලැබී ඇති බව මතක තබා ගැනීමෙන් අන් අයගේ පාපයන්ට කමාව දීම පහසුවේ (මතෙව් 7:1-5; 1 තිමොති 1:15) කමාව වනාහී අප සෑම විටම එසේ ලැබීමට නුසුදුසු වූවත් අපට කමාව දුන් ශ්‍රේෂ්ඨ ගැළවුම්කරුවාණන් පිළිබදව මතක් කර දී උන්වහන්සේගේ ප්‍රේමණීය කීකරුකමට අපව සමීප කරවනු ලබයි (රෝම 5:10; ගීතාවලිය 103:2-3,10–14). අපගේ පාපයන් සිහිනැංවීමට දෙවියන්වහන්සේ විසින් ඉඩ හරිනු ලබන සේක (සාතන් එය නපුර සදහා අරමුණු කොට ගත්තත් දෙවියන්වහන්සේ එය යහපත අරමුණක් සදහා ඉඩ සලසනු ලබයි) එනමුත් දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ අප උන්වහන්සේගේ කමාව පිළිගෙන උන්වහන්සේගේ කරුණාව පිළිබදව ප්‍රීති වීමයග එසේ හෙයින් ඊළග වතාවේදී ඔබගේ පූර්ව පාපයන් සිහි නැංවෙන කළ උන්වහන්සේගේ දයාව තුළ වාසය කරනු පිණිස තෝරාගැනීමෙන් "නාලිකාව වෙනස් කරන්න" (ප්‍රශංසා කිරීමට දිරිමත් කරන පද ලැයිස්තුවක් සැදීමට එය උපකාර වනු ඇත) එසේම අපගේ පාපය පිළිකුල් කළ යුතු ආකාරය පිළිබදවද සිතා බලන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

තමන්ටම කමාව දීම පිළිබදව දේව වචනයේ ප්‍රකාශ කරනු ලබන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries