settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනයෙහි අපට උපදෙස් දෙනු ලබන්නේ කමාව දී අමතක කිරීම කිරීමටද?

පිළිතුර


"කමාව දී අමතක කරන්න" යන වාක්‍ය ඛණ්ඩය අපට දේව වචනයෙහි හමු නොවේ. කෙසේ නමුත් අපට "එකිනෙකාට කමා වන්න"ට නියෝග කරනු ලබන අනේක බයිබල් පද අපට දක්නට ලැබේ. (නිදසුනක් ලෙස, මතෙව් 6:14 සහ එපීස 4:32) අන්‍යයන්ට කමාව දීමට අකමැති කිතුණුවකුට දෙවියන් වහන්සේ හා සමග ඇති සහභාගිත්වයට බාධාවක් ඇති විය හැකි අතර (මතෙව් 6:15) තිත්තකම පමුණුවාගෙන යහපත් ප්‍රතිවිපාක අහිමි කර ගත හැකිවේ (හෙබ්‍රෙවි 12:14-15; 2 යොහාන් 1:8).

කමාව දීම වනාහී තමාගේ අභිමතය තුළ ගන්නාවූ තීරණයකි. කමාව දෙන ලෙස දෙවියන්වහන්සේ විසින් අපට අණ කර ඇති හෙයින් දෙවියන්වහන්සේට කීකරුවී සමාව දීමට අප සචේතනික තේරීමක් කළ යුතුය. වැරදිකරු කමාව දීමට අකමැති විය හැකි අතර එය කිසිවිටෙකත් වෙනස් නොවිය හැකි නමුත් එය අපට කමාව දෙන ආත්මයක් ඇති බවට දෙවියන්වහන්සේගේ අභිප්‍රාය නිශේධනය නොකරයි (මතෙව් 5:44). පරමාදර්ශී ලෙස වැරදිකරු සමගි සන්ධාන වීමට අපේක්ෂා කරනු ලබන නමුත් එසේ නොවූයේ නම් වැරදි කරනු ලැබූ තැනැත්තාට තවමත් කමාව දීමට තීරණය කළ හැකිවේ.

සැබවින්ම අපට විරුද්ධව කර ඇති පාපයන් අමතක කර දැමීම ඉතා අපහසු කාර්‍යයකි. අපගේ මනසෙන් තෝරා බේරා ගත සිදුවීම් "මකා දැමිය" නොහැක. දේව වචනයෙහි සදහන් කරනු ලබන්නේ දෙවියන්වහන්සේ විසින් අපගේ දුෂ්ටකම් තවදුරටත් "සිහි නොකරන" බවය (හෙබ්‍රෙව් 8:12). එනමුත් දෙවියන් වහන්සේ තවමත් සියල්ල දන්නා සේක. දෙවියන්වහන්සේ විසින් සිහිපත් කරනුයේ අප "පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටින" බවය (රෝම 3:23). කමාව ලැබීමෙන් අනතුරුව අප ස්ථානීයව (අපක්ෂපාතී ලෙස) යුක්ති සහගත වන්නෙමු. ස්වර්ගය අපගේ වන්නේ අපගේ පාපය කිසිදාක සිදු නොවූවක් ලෙසය. ක්‍රිස්තුස්වහන්සේ තුළ වූ ඇදහිල්ල කරණකොටගෙන අපගේ පාපය හේතුවෙන් දෙවියන්වහන්සේ අපව දඩුවමට පත් නොකරන සේක (රෝම 8:1) එම පෙළ යෙදුම තුළ දෙවියන්වහන්සේ "කමාව දී අමතක කරනු ලබන සේක."

"කමාව දී අමතක කිරීම" යනුවෙන් යමෙකු අදහස් කරනුයේ "ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වැරදිකරුට සමාව දී මාගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට තෝරා ගනිමි" යන්න නම් එය ප්‍රඥාවන්ත මෙන්ම දේව භක්තික ක්‍රියාමාර්ගයකි. හැකි තාක් අපගේ අතීතයේ සිදුවීම් අප විසින් අමතක කොට දමා ඉදිරිය කෙරෙහි මහත් පරිශ්‍රමයක් දැරිය යුතු වෙමු (පිලිප්පි 3:13). "ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ කමාව දුන් ආකාරයටම" අප එකිනෙකාට කමාව දිය යුතුවෙමු (එපීස 4:32) තිත්තකමේ මුලක් අපගේ හදවතේ හටගැනීමට අප ඉඩ නොදිය යුතු වෙමු (හෙබ්‍රෙව් 12:15).

කෙසේ නමුත් "කමාව දී අමතක කිරීම" යනුවෙන් යමෙකු අදහස් කරනුයේ "මම පාපය කිසි විටෙකත් සිදු නොවූ ලෙස ක්‍රියා කර මට එය අමතක වී ඇති ආකාරයට ජීවත් වීම නම්" එවිට අප කරදරයට පත්විය හැකි වෙමු. නිදසුනක් ලෙස ස්ත්‍රී දූෂණයට ගොදුරු වූ තැනැත්තාට එම දූෂකයාට කමාව දීමට තෝරා ගත හැකි නමුත් එයින් අදහස් කරනුයේ ඇයට එම පාපය කිසි විටෙකත් සිදු නොවූ ආකාරයට ක්‍රියා කළ නොහැකි බවය. එම දූෂකයා පසුතැවිලි නොවන්නේ නම් ඔහු සමග තනිවම කාලය ගත කිරීමට ශුද්ධ ලියවිල්ල තුළින් උගන්වනු නොලබයි. කමාව දීම යන්නෙන් අදහස් කරනුයේ පුද්ගලයෙකුගේ පාපයකට විරුද්ධව බොහෝ කලක් අල්වාගෙන නොසිටීම වන නමුත් කමාව දීම විශ්වාසයට වඩා වෙනස් වූවකි. පූර්වාරක්ෂාව ගැනීම ඥානවන්ත වන අතර ඇතැම් විට සම්බන්ධතාවයක ගතිකතාවයන් වෙනස් වීමට සිදුවනු ඇත. "නුවණ ඇත්තා විපත්තිය දැක සැගවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති" (හිතෝපදේශ 22:3). යේසුස්වහන්සේ විසින් තම අනුගාමිකයන්ට ප්‍රකාශ කරනු ලැබුවේ "සර්පයන් මෙන් නුවණ ඇතිව පරවියන් මෙන් අහිංසකව සිටින්න" (මතෙව් 10:16) යනුවෙනි. පසුතැවිලි නොවූ පව්කාරයන් සමග ඇසුරු කිරීමේ පෙළ යෙදුම තුළ අප "අහිංසක" විය යුතුය (කමාව දීමට කැමති) නමුත් ඒ අතරම "බුද්ධිමත්ද" (ප්‍රෙව්ශම් සහගත) විය යුතු වෙමු.

වඩාත් උචිත දේ කමාව දී අමතක කිරීමය. ප්‍රේමය නපුර ගණන් ගන්නේ නැත (1 කොරින්ති 13:5) එසේම පව් රාශියක් වසනු ලබයි (1 පේත්‍රැස් 4:8). කෙසේ වෙතත් හදවත් වෙනස් කිරිම දෙවියන්වහන්සේගේ කාර්‍යයක් වන අතර වැරදිකරුවකුගේ සැබෑ අධිස්වභාවික හදවත් වෙනසක් සිදුවන තුරු එම පුද්ගලයා තුළ තබන විශ්වාස මට්ටම සීමා කිරීම නුවණට හුරුයග ප්‍රවේශම් සහගත වීම යනුවෙන් අදහස් කරනුයේ අප විසින් කමාව දී නොමැත යන්න නොවේ. එයින් සරලවම අදහස් කරනුයේ අප දෙවියන්වහන්සේ නොවන හෙයින් අපට එම පුද්ගලයාගේ හදවත නොපෙනෙන බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනයෙහි අපට උපදෙස් දෙනු ලබන්නේ කමාව දී අමතක කිරීම කිරීමටද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries