settings icon
share icon
ප්‍රශ්නය

අඥාණයා දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියාගත්තේය" යන දේව වචනයේ සදහනෙහි අරුත කුමක්ද?

පිළිතුර


ගීතාවලිය 14:1 සහ ගීතාවලිය 53:1 යන පද දෙකෙහිම අපට කියවීමට ලැබෙන්නේ "අඥාණයා දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියා ගත්තේය" යනුවෙනි. සමහරුන් මෙම පදයන් තුළින් අදහස් කරනු ලබන්නේ අදේවවාදීන් අඥාණ එනම් බුද්ධිය නොමැති අය බවය. කෙසේ නමුත් "අඥාණ" යනුවෙන් හෙබ්‍රව් භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ වචනයෙහි එකම අර්ථය එය නොවේ. මෙම පාඨයෙහි "නාබල්" යන හෙබ්‍රව් වචනය බොහෝ විට අර්ථවත් කරනු ලබන්නේ ආචාර ධර්ම හෝ ආගමික සත්‍යය කෙරෙහි කිසිඳු හැගීමක් නොමැති අභක්තික පුද්ගලයෙකු පිළිබදවය. "බුද්ධිමත් නොවන පුද්ගලයන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන බවට" මෙම පාඨයෙහි අර්ථවත් නොකරයි. ඒ වෙනුවට මෙම පාඨයෙහි අර්ථය "පාපිෂ්ඨ මිනිසුන් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන බවය". වෙනත් වචන වලින් කිවහොත් දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම දුෂ්ට දෙයක් වන අතර උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට දුෂ්ට ජීවන රටාවක් හා සමග බැදේ. මෙම පදයෙහි අභක්තියන්ගේ චරිත ලක්ෂණ විදහා දක්වනු ලබයි: "සියල්ලෝම මුළාව ගොස් සිටිති. එකලෙස කිළිටුව සිටිතිත යහපත කරන්නෙක් නැත". ගීතාවලිය 14 වූ කලී මානව සංහතියේ පරිහානිය පිළිබදව අධ්‍යයනයකි.

බොහෝ අදේවවාදීන් ඉතාමත් බුද්ධිමත්ය. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප කිරීමට යම් පුද්ගලයෙකුට මගපෙන්වනු ලබන්නේ බුද්ධිය හෝ එහි මදකමක් නොවේ. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප කිරීමට යම් පුද්ගලයෙකුට මගපෙන්වනු ලබන්නේ ධර්මිෂ්ඨකමෙහි මදකමය. බොහෝ අයවලූන් මැවුම්කරුවාණන් පිළිබදව අදහස ප්‍රතික්ෂේප නොකරනු ලබන්නේ මැවුම්කරුවාණන් තමන්ගේ කාර්‍යය පිළිබදව කටයුතු කරමින් අන් අයට නිදහසේ සිටීමට ඉඩ හැරීම කරණකොටගෙනය. මනුෂ්‍යයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ තමන්වහන්සේගේ මැවිල්ල කෙරෙන් සදාචාරය ඉල්ලූම් කරනු මැවුම්කරුවාණන් කෙනෙකු පිළිබදව අදහසය. වරදකාරී හෘදසාක්ෂ්‍යට විරුද්ධව සටන් කරනවා වෙනුවට සමහරුන් දෙවියන්වහන්සේ පිළිබදව අදහස මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලබයි. ගීතාවලිය 14 හී මෙම පුද්ගලයන් "අඥාණයන්" ලෙස හඳුන්වනු ලබයි.

ගීතාවලිය 14:1 හී සදහන් කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතිශේධනය කිරීම සාමාන්‍යයෙන් පදනම් වී ඇත්තේ දුෂ්ට ජීවිතයක් ගත කිරීමට ඇති ආශාව මතය. කැපී පෙනෙන අදේවවාදීන් කිහිප දෙනෙක් මෙහි සත්‍යතාවය ඒත්තුගෙන තිබේ.

අල්ඩෝ හක්සිලී වැනි කර්තෘන් විවෘතව පිළිගෙන ඇත්තේ සදාචාරාත්මක බාධාවන් වැළැක්වීමේ ආශාව ඔවුන්ගේ අවිශ්වාසය සදහා පෙළඹවීමක් වූ බවය:

"මා තුළ වූ චේතනාවන් නම් ලෝකයට අර්ථයක් නොතිබේය යන්නය; එහි ප්‍රතිඵලයක් ලෙස එහි කිසිවක් තිබුනේ නැත, එබැවින් මෙම උපකල්පනය සදහා තෘප්තිමත් හේතූන් සොයා ගැනීමට අපහසුතාවයකින් තොරව කිසිවෙකුටත් නොහැකි වියග ලෝකය තුළ කිසිඳු අර්ථයක් නොමැති බව අවබෝධ කරගන්නා දාර්ශනිකයා පාරභෞතික විද්‍යාව තුළ ඇති ගැටළු පිළිබදව අනන්‍යය වශයෙන්ම බලවත් සැලකිල්ලක් නොදක්වයි. ඔහු තවදුරටත් බලවත් සැලකිල්ලක් දක්වන්නේ ඔහුට අවශ්‍යය වන ආකාරයට යම් දෙයක් පෞද්ගලිකව කිරීමට හේතුවක් නොමැති බවය. මාගේ මිතුරන් බොහෝමයක් සදහා කිසිඳු සැකයක් නොමැත්තෙන් අර්ථයක් නොමැති දර්ශනවාදයක් යනු කිසියම් සදාචාරාත්මක පද්ධතියකින් මුදා ගැනීමේ උපකරණයක්ය. අප විසින් සදාචාරයට විරුද්ධ වූයේ එය අපගේ ලිංගික නිදහසට බාධා පමුණුවනු ලබන හෙයිනි. මෙම පද්ධතියේ අනුග්‍රහකයන් එය ප්‍රකාශ කළේ එහි තේරුම මූර්තිමත් කර ඇති බව එනම් එහි කිතුණු අර්ථය ලෝකය තුළ ඔවුන් අවධාරණය කළහ. මෙම ජනතාව නිශ්ප්‍රභා කරනු සදහා මෙන්ම කාමුක විප්ලවයක් පිළිබදව අපව යුක්ති සහගත කරනු ලබන ඉතාමත් මනහර සරල ක්‍රමයක් තිබින: ලෝකයට කිසිඳු අර්ථයක් ඇති බව අප ප්‍රතික්ෂේප කරනෙමු — ඕල්ඩෝ හක්සිලි, අවසානය සහ ක්‍රම.

දිව්‍යමය පැවැත්මක් කෙරෙහි ඇති විශ්වාසය හා අනුබද්ධව එම පැවැත්ම පිළිබදව වගකීමක් සහිත හැගීමක් ඇතිවේ. එසේ හෙයින් දෙවියන්වහන්සේ විසින්ම නිර්මාණය කළ හෘදසාක්ෂ්‍යය හෙළා දකින පිණිස සමහරුන් දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරති. ඔවුන් ඔවුනටම පවසා ගනු ලබන්නේ "ලෝකයේ අවේක්ෂකයෙක් නොමැත. විනිශ්චය දිනයක්ද නොමැත. මා හට ප්‍රිය වන අයුරින් ජීවත් විය හැක". හෘදසාක්ෂ්‍යයේ සදාචාරාත්මකතාවය පහසුවෙන් නොසලකා හරිනු ඇත.

යමෙකුට දෙවියන්වහන්සේ නොමැති බව ඒත්තු ගැනීමට උත්සාහ දැරීම අඥාණකමකි. "අඥාණයා දෙවිකෙනෙක් නැතැයි" තමාගේ සිත තුළ කියාගන්නේය යන කීම නින්දිතවූත් දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන්නාවූ පාපිෂ්ඨ හදවතකි. අදේවවාදීන්ගේ ප්‍රතික්ෂේප කිරීම ඔහුගේම හෘදසාක්ෂ්‍යය සහ ඔහු ජීවත් වන විශ්වය ඇතුලූ බොහෝ සාක්ෂ්‍යය වලට මුහුණ දී තිබේ.

අදේවවාදීන්ට දෙවියන්වහන්සේ පිළිබදව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීමට සැබෑ හේතුව නම් දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබදව ඇති අපැහැදිලි සත්‍යයන් නොවේ. ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම වූ කලී දෙවියන්වහන්සේට අවශ්‍යය කරන සදාචාරාත්මක බාධාවන්ගෙන් තොරව ජීවත් වීමට ඇති ආශාව මෙන්ම මෙම බාධා උල්ලංඝනය කිරීම් හා සම්බන්ධ වරදකාරී හැගීමෙන් මිදීම පිණිසය. "මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලූ අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිඩබේ; මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක් හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළ සේක. එබැවින් ඔව්හූ නිරුත්තරව සිටිති. තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමිණුනෝය. ඔවුන්ගේ අඥාණ සිත්ද අඳුරු විය. තුමූම ප්‍රඥාවන්තයෝ යයි කියමින් ඔවුහූ අඥානයෝව. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන. දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවා දුන්සේ. එසේ කලේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය බොරුවකට මාරු කර මෙහෙ කළ නිසාය"(රෝම 1:18-25).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අඥාණයා දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියාගත්තේය" යන දේව වචනයේ සදහනෙහි අරුත කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries