settings icon
share icon
ප්‍රශ්නය

අවසාන විනිශ්චයේදී සිදුවන්නේ කුමක්ද?

පිළිතුර


අවසාන විනිශ්චය පිළිබඳව අප දැන ගත යුතු ප්‍රථම කරුණ නම් එය මඟ හැරිය නොහැකි බවය. අවසාන කාලය පිළිබඳ අපගේ පරිවර්ථනයන් කොයි ආකාරයකට තෝරා ගනු ලැබුවත්, ඒවා නොසළකා, අපට පවසා ඇත්තේ " තවද එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයාට නියමව තිබෙන්නාක් මෙන්ම" (හෙබ්‍රෙව් 9:27). අප හැම කෙනෙකුටම අපගේ මැවුම්කාරයාණන් වහන්සේ සමඟ දිව්‍යමය නියමයක් / මුණගැසීමක් තිබේ. අපෝස්තුළු යොහාන්තුමා අවසාන විනිශ්වය පිළිබඳ සමහර විස්තරාත්මක කරුණු වාර්ථා කරන ලදී.

"තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩ හුන් තැනන්වහන්සේද දුටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේය. ඒවාට ස්ථානයක් සම්ව නූණේය. මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි. පොත් දිග හරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මළවුන් පවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවා දුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්වය කරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙලන ලද්දේය. මෙය දෙවෙනි මරණයය. එනම් ගිනිවිලය. යමෙකුගේ නම ජීවන පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය" (එළිදරව් 20: 11-15).

මෙම අපූර්ව කොටස, අපට අවසාන විනිශ්වය- මනුෂ්‍යය ඉතිහාසයේ අවසානය සහ සදාකාල ජීවනයේ ආනුභාවය පිළිබඳ හදුන්වා දෙයි. අප මෙය පිළිබඳ සහතික විය හැක මක්නිසාද අප පිළිබඳ විමසීමේදී කිසිම අතපසුවීමක් සිදු නොවේ, මක්නිසාද අප විනිශ්චය කරනු ලබන්නේ පරිපූර්න දෙවින් වහන්සේ විසින්ය. (මතෙව් 5:48, 1යොහාන් 1:5). මෙය අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකි බොහෝ සාක්‍ෂි ඒ තුළම ප්‍රත්‍යක්‍ෂ කරනවා ඇත. පළමුව දෙවියන් වහන්සේ සර්වසාධාරන සහ යුක්ති සහගතය (ක්‍රියා 10:34, ගලාති 3:28). දෙවනුව දෙවියන් වහන්සේට සරදම් කරන්ට කාටවත් බැරිය (ගලාති 6:7). තුන්වෙනුව දෙවියන් වහන්සේව කිසිම බොරුවකින් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පක්‍ෂපාති කරගන්නට / තම පක්‍ෂය වෙත නම් මවා කරගැනීමක් කිරීමකට හෝ එක් පාර්ශවයකට අගතියක් සිදුකිරීමක් හෝ කළ නොහැකිය (ලූක් 14:16-24).

පුත්‍රයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේම විනිශ්චයකාරයාණෝය (යොහාන් 5:22). සෑම නොඇදහිලිවන්තයෙක්ම "සුදු සිංහාසන විනිශ්වයේදී" විනිශ්වය කරනු ලබනවා අතර ඔවුන්ගේ ක්‍රියා අනුව ඔවුන්ට දඩුවම් කරනු ලබනවා ඇත. නොඇදහිලිවතුන් තමුන්ටම දෙවියන් වහන්සේගේ උදහස ගබඩා කරගන්නා බව බයිබලය ඉතා පැහැදිලිව පෙන්වා දෙන (රෝම 2:5) අතර "දෙවියන් වහන්සේ එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙනවා ඇත (රෝම 2:6). (ඇදහිලිවතුන්වද වෙනත් විනිශ්චයකදී එනම් "ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය" (රෝම 14:10) ඉදිරියේදී විනිශ්වයට පමුණුවනවා ඇත, නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට දී ඇති බැවින් සහ අපගේ නාමයන් ජීවන පොතෙහි ලියවී ඇති බැවින් අප දඬුවම් නොලබා අපගේ ක්‍රියා අනුව ප්‍රතිවිපාක ලබනවා ඇත.) ගැළවීම නොලැබූවන්ගේ අවසාන ඉරණම සර්වඥ දෙවියන් වහන්සේගේ දෑතෙහි පවතින අතර එතුමාණන් ඔවුන්ගේ ආත්මයේ තත්වය අනුව සෑම කෙනෙකුවම විනිශ්වය කරනු ලබනවා ඇත.

දැනට අපගේ ඉරණම අපගේ දෑතෙහිය. අපගේ ආත්මයෙහි ගමනෙහි නිමාව සදාකාලික ස්වර්ගයෙහි හෝ සදාකාලික නිරයෙහි වනවා ඇත (මතෙව් 25:46). ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කළ පූජාව පිළිගැනීමෙන් හෝ ප්‍රතික්‍ෂේප කිරීමෙන් එම තෝරා ගැනීම මෙම පොළොවෙහි අපගේ ජීවිත ගමන නිමාවීමට පෙරකළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන විනිශ්චයේදී සිදුවන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries