settings icon
share icon
ප්‍රශ්නය

පීතෘපුත්‍රජ නියමය නම් කුමක්ද?

පිළිතුර


පීතෘපුත්‍රජ නියමය තවමත් සභාවන් තුළ ශුද්ධාත්මයාණන් පිළිබඳව තර්ක ඇත. ප්‍රශ්නය නම්, “ශුද්ධාත්මයාණන් පැවතෙන්නේ කාගෙන්ද? පියාණන්ගෙන්ද, හෝ පියාණන් හා පුත්‍රයාණන්ගෙන්ද?” පීතෘපුත්‍රජ යන වචනයේ තේරුම “පුත්‍රයාගෙන්” ලතින් භාෂාවෙන්. එය “පීතෘපුත්‍රජ නියමය” ලෙස හඳුන්වනු ලබයි මක්නිසාද වගන්තිය “පුත්‍රයාගෙන්” යන්න නයිසියානු ඇදහිල්ලට එකතු කරන ලදි. එහි අදහස ශුද්ධාත්මයාණන් පැවතෙන්නේ පියාණන් “හා පුත්‍රයාගෙන්” තුළින් යන්න. බොහෝ අදහස් තර්ක මේ පිළිබඳව හටගත් හෙයින් රෝමානු කතෝලික හා නැගෙනහිර ඔතර්ඩොක් සභාව අතර ක්‍රි.ව. 1054 දී පලුදුවීම්ද (භේදවීම්ද) හට ගැනුනි. ඒ සභාවන් දෙක තවමත් පීතෘපුත්‍රජ නියමය තුළ එකඟතාවයකට පැමිණ නැත.

යොහන් 14:26 හී අපට පවසනවා, “නුමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන ලද සැනසිලිකාරයාණෝ.” යොහන් 15:26 අපට පවසනවා, “නුමුත් පියාණන් වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලි කාරයාණන් වහන්සේ එනම් පියාණන් වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ ආ කළ උන් වහන්සේ මා ගැන සාක්‍ෂි දෙන සේක.” එසේම, යොහන් 14:16 හා පිලිප්පි 1:19 බලන්න. මෙම පදවල සඳහන් කරනා දෙය නම් ශුද්ධාත්මයාණන්ව එවනු ලැබුවේ පියාණන් හා පුත්‍රයාණන් දෙදෙනාම කරණකොටගෙන බව, මෙම පීතෘපුත්‍රජ නියායේ අදහස නම් ශුද්ධාත්මයාණන්ගේ දේවත්වය රැකීමයි. බයිබලය පැහැදිලි ලෙස උගන්වනවා ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේ බව (ක්‍රියා 5:3-4). ශුද්ධාත්මයාණන් පිළිබඳ පීතෘපුත්‍රජ නියාය පිළිනොගන්නා අයගේ මතය නම් ශුද්ධාත්මයාණන්ව එවනු ලැබුවේ පියාණන් හා පුත්‍රයාණන් හෙයින් ශුද්ධාත්මයාණෝ පියාණන් හා පුත්‍රාණනගේ “සේවකයෙකු” ලෙසට. පීතෘපුත්‍රජ නියාය දරණ අයගේ විශ්වාසය නම් ශුද්ධාත්මයාණන්ව පියාණන් හා පුත්‍රයාණන් විසින් එවනු ලැබුවට එයින් උන් වහන්සේ පියාණන් හා පුත්‍රයාණන්සේම දෙවියන් වහන්සේ වීම පිළිබඳව ඝට්ටනයක් ඇති නොවන බවයි.

පීතෘපුත්‍රජ නියාය තුළ තර්කයක් හටගන්නේ සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ පුද්ගලයා යන රූපය සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගත නොහැකි බවයි. දෙවියන් වහන්සේ, කෙළවරක් නැති තැනැත්තා අවසානයේදී අපගේ සීමිත මිනිස් මනසින් තේරුම් ගැනීමට අපහසු වේ. ශුද්ධාත්මයාණන් දෙවියන් වහන්සේ, එසේම උන් වහන්සේව ක්‍රිස්තුස් වහන්සේගේ මේ පොළොවේ අඩුව පිරවීමට දෙවියන් වහන්සේ විසින් එවන ලදි. ප්‍රශ්නය නම් ශුද්ධාත්මයාණන්ව එවනු ලැබුවේ පියාණන්ද හෝ පියාණන් හා පුත්‍රයාණන් යන දෙදෙනාමද? සමාන්‍යයෙන් එයට බොරු උත්තරයකින් පිළිතුරු දිය නොහැකිය. එසේම එවැනි අවශ්‍යතාවයක්ද නැත. පීතෘපුත්‍රජ නියායට දිගටම තර්කාණුකුලව ඉතිරි වන්නට වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පීතෘපුත්‍රජ නියමය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries