මම ගැලවීම ලැබුවායයි නොහැඟෙන්නේනම් කුමක්ද?



ප්‍රශ්නය: මම ගැලවීම ලැබුවායයි නොහැඟෙන්නේනම් කුමක්ද?

පිළිතුර:
කිතුණුවන් අතර මෙය ඉතාමත් පොදු ප්‍රශ්ණයකි. බොහෝ අය තමන්ගේ ගැලවීම ගැන සැක පහළ කරගන්නේ එය හැඟීමක් / දැනීමක් හෝ එම දැනීමේ / හැඟීමේ මදකම නිසා විය හැකිය. ගැලවීම ගැන බයිබලයට පැවසීමට බොහෝ දේ ඇතිමුත් ගැලවීම ලැබුවායයි "දැනීමක් හෝ හැඟීමක්" ගැන පැවසීමට කිසිවක් නැත. ගැලවීම යනු පව්කරුවා පාපයට ඇති උදහස එනම” දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් මිදීමේ ක්‍රියාවලියයි (රෝම 5:9, 1තෙසලෝනික 5:9). විශේෂයෙන් එය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත දිවි පිදීම හා මළවුන්ගෙන් උත්ථානවීම කරණකොටගෙන අප ලබන ගැලවීමයි (රෝම 5:10, එපීස 1:7).

ගැලවීමේ ක්‍රියාවලියේ අපගේ කොටස නම් අප ගැලවුණේ ඇදහිල්ලෙන් බවය. පළමුව අපි යේසුස් වහන්සේගේ සුබසුන-සුභාරංචිය මරණය සහ මළවුන්ගෙන් උත්ථානවීම ඇසිය යුතුවෙමු (එපීස 1:13). ඉන්පසු ස්වාමින් ක්‍රිස්තුස් වහන්සේ (රෝම 1:16) සහ එතුමාගේ පූජාවීම පමණක් මුළුමනින්ම විශ්වාස කළ යුතු වේ. ගැලවීම ලැබගැනීම සඳහා මාංසයේ කිසිදු ක්‍රියාවක් මත අපගේ විශ්වාසය නොමැත. මෙම විශ්වාසය / ඇදහිල්ල අප විසින්ම නිපදවා ගන්නාවූ එකක් නොවන අතර එය දෙවියන් වහන්සේගේ දීමනාව වේ (එපීස 2:8-9). එයට සුතැවිලිවීම සහ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව හා පාපය පිළිබඳව මනස වෙනස් කරගැනීමක් සමඟ (ක්‍රියා 3:19) දෙවියන් වහන්සේගේ නාමයට යාච්ඤා කිරීමද වේ (රෝම 10:9-10,13). අප අළුත් මැවිල්ලක් ලෙස (2 කොරින්ති 5:17) ජීවත් වන්නට ආරම්භවීම ගැලවීමලත් දිවියේ වෙනසක ප්‍රතිඵලය වේ.

අප ජීවත්වන සමාජය හැඟීම් දිශාන්තයට යොමුවි ඇති අතර කණගාටුවට කරුණ නම් එය සභාව තුළට පිවිසිමය. නමුත් හැඟීම් විශ්වාස කළ නොහැකි අතර චිත්ත වේගයන් හෝ උද්වේගයන් මත විශ්වාසය තැබිය හැකි නොවේ. ඒවා මුහුද රළ ගොඩ ගලන විට සහ ආපසු මුහුදට යන විට රැගෙන එන සහ යන මුහුදු වෙරළෙහි තැන්පත් කර යන සුන්බුන් සහ මුහුදු වල් පැළෑටි මෙන් වේ. හැඟීම් මත පාලනය වන්නාගේ ජිවිතයද එසේම වේ. සුළු වතාවරණයකදී හිසේ රුදාවකදී, වළාකුළු සහිත දවසක්, නොසිතා පවසන ලද මිතුරෙකුගේ වදනක් විශ්වාසය පලුදු කරමින් කළකිරීමත් සමඟින් "මුහුදට" ඇද දැමිය හැකිය. සැබෑව වුවද සැබෑවක් ලෙස පිළිගැනීමට නොහැකිවන ලෙස සැකය සහ අධෛර්යවීම කිතුණු දිවියට බොහෝ බධා ගෙනඑයි.

නුමුත් පෙර අවවාදයන් ගෙන් සන්නධවූ හැඟීම් මත පාලනය නොවන්නාවූ සැබෑවදත් පුද්ගලයා යමක් ඔප්පුවක් සඳහා තමන් හැඟීම් මත නොරුදෙන බව ඔහු දනියි. බොහෝ පුද්ගලයන් හැඟීම් මත රඳා පැවතීම ඔවුන් ගේ ජීවිතයේ කරගන්නා විශාල වරදකි. ඔවුන් මහත් ලෙස අන්තරාව ලෝකනයෙහි යෙදෙන්නන් බැවින් නිරතුරුව තමාගේම සිතිවිලි / හැඟීම් නිරීක්‍ෂණය කරමින් සිතෙහි පැලපදියම් වූ යමකරුඳී සිටියි. මෙබදු වූවන් නිරතුරුව දෙවියන් වහන්සේ හා ඇති සම්ධන්ධතාවය ගැන ප්‍රශ්ණ කරති. "මම සැබවින්ම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙමිද?" "එතුමා මට සැබවින්ම ප්‍රේමකරන්නේද?" "මගේ යහපත්කම සෑහේද?" සැබවින්ම අප කළ යූත්තේ අප, අපගැනම සිතීම හා අපගේම සිතිවිලි කෙරෙහි යොමුවීම නවතා එතුමාගේ වචනය කරණකොට අප දැනගත් සත්‍යතාවය කොරෙහි හා දෙවියන් වහන්සේ වෙත අපගේ ඉලක්කය නැවත යොමු කිරීමයි.

සැබෑව කේන්ද්‍ර කරගත් දෙවියන් වහන්සේ තුළ රුඳීම වෙනුවට අපි තමන්ගේ විෂයාත්මක හැඟීම් කේන්ද්‍ර කර ගනිමින් ජීවත් වන්නේ නම් අපි නිරතුරුවම ජීවත්වන්නේ පරාධීන තත්වයකය. සදාකාල ජීවනය පිළිබඳ ඇති බලාපොරොත්තුව ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ පොරොන්දු, ක්‍රිස්තුස් වහන්සේවන උත්තම පූජකයාගේ මැදිහත්කාරකම, දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය වැනි ජීවිතයට අදාළ අරමුණු කේන්ද්‍ර කර ගත් ඇදහිල්ලේ ඉමහත් ධර්මයන් වේ. මෙවැනි සත්‍යතාවයන් තේරුම් ගනිමින් අපගේ සිතිවිලි එම සත්‍යතාවයන් මත කේන්ද්‍ර කර ගනිමින් ඒවා මනසෙහි නැවත නැවත මතක් කිරීමෙන්, ජීවිතයට පැමිණෙන සෑම පරීක්‍ෂාවකදීම සත්‍යතාවය තහවුරු කරගැනීමටත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැන්මත් සක්‍රීය කර ගැනීමටත් ඒවා අපට උපකාරී වේ. දෙවියන් වහන්සේ ගැන දන්නා දෙයට වඩා අප අප පිළිබඳ හැඟෙන දෙය මත කරුණු සොයන්නට යෑම අනිවාර්යෙන්ම ආත්මික පරාජයේ මාවතට යොමුවීම වේ. කිතුණු දිවිය නම් මමත්වයට මරණය සහ "ජීවනයේ අළුත්කමින් හැසිරෙන පිණිස නැවත නැඟීටිමය" (රෝම 6:4) එනම් එම අළුත් දිවිය යනු අප ගලවාගත් එතුමාණන්ගේ චරිත නිරූපනය වන සිතිවිලින් වන අතර කුරුසියේ ඇණගසන ලද මළ මාංසයෙන් වන්නාවූ සිතිවිලි නොවේ. අප නිරතුරුවම අපගේම සිතිවිලි හා අප ගැනම සිතන්නාවූ අයවීම, මළ, කුණුවූ මිනියක් සිතෙහි දරාගත් අය වේ.

අප ඇදහිල්ලෙන් එතුමාණන් වෙත ළඟා වන්නේ නම් අප ගලවන බවට එතුමා පොරොන්දු වූ සේක. ගැලවීම ලැබුවායයි හැඟීමක් දෙන බවට කිසිදා දෙවියන් වහන්සේ පොරොන්දු නොවූ සේක.



නැවතත් සිංහල මුල් පිටුවට



මම ගැලවීම ලැබුවායයි නොහැඟෙන්නේනම් කුමක්ද?