settings icon
share icon
ප්‍රශ්නය

ඇදහිලිවන්තයෙකුට ශුද්ධාත්මයාණන්ව හැඟීමට හැකියාව තිබේද?

පිළිතුර


ශුද්ධාත්මයාණන්ගේ සමහර සේවාවන් අදාලවන්නේ හැඟිම මතය, පාපයට වරදකරු වීම, සැනසීම හා බලවත් වීම. ලියවිල්ල අපට උපදෙස් නොදෙයි ශුද්ධාත්මයාණන් හා අපට ඇති සබඳතාව අපට හැඟෙන අයුරින් පවත්වන්ට කියා. සෑම නැවත ඉපදුන ඇදහිලිවන්තයකු තුළ ශුද්ධාත්මයාණන් වැඩ වසනු ලබයි. යේසුස් වහන්සේ පැවසුවා සැනසිලිදායකයාණෝ පැමිණි කළ උන් වහන්සේ අප සමග හා අප තුළ සිටින්ට යන බවට. “මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන් වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේය. උන් වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය, මක්නිසාද ලෝකයා උන් වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන් වහන්සේව අඳුනන්නහුය, මක්නිසාද උන් වහන්සේ නුඹලා සමග නැවතී සිටින සේක, නුඹලා තුළෙහි සිටින සේක” (යොහන් 14:16-17). වෙනත් වචන වලින්, යේසුස් වහන්සේ තමන් වහන්සේ මෙන් කෙනෙකුව අප තුළ සිටීමට එවනු ලබයි.

අප දන්නවා ශුද්ධාත්මයාණෝ අප සමග සිටින බවට මක්නිසාද දේව වචනය අපට එසේ පවසන හෙයින්. සෑම නැවත ඉපදුන කිතුනුවකු තුළම ශුද්ධාත්මයාණන්ගේ වැඩ වැසීම පවතී. නමුත් සෑම ඇදහිලිවන්තයෙකුම ශුද්ධාත්මයාණන්ගේ පාලනයට යටත්ව නැත, එසේම එහි වෙනසක් ඇත. අපි අපගේ මාංසයෙන් ක්‍රියා කරන කළ අප තුළ ශුද්ධාත්මයාණන්ගේ වැඩ වැසීම තිබුණත් උන් වහන්සේගේ පාලනය තුළ අප නැත. මේ පිළිබඳව පාවුල්තුමා පවසනවා එසේම ඔහු උදාහරණයක් භාවිතා කරනවා එය අපට තේරුම්කර දීම සඳහා “මුද්‍රික පානයෙන් මත් නොවෙල්ලා, එයින් අනාචාරකම්හට ගන්නේය” (එපීස 5:18). බොහෝ අය මෙය පරිවර්තනය කරනවා පාවුල්තුමා මුද්‍රිකපානයට විරුද්ධව කථා කරන බවට. කෙසේ වෙතත් මෙම කොටසේ අදහස නම් ආත්මයෙන් පිරුණු ඇදහිලිවන්තයෙකුගේ ගමන් හා පොර බැදීම. එමනිසා, මුද්‍රිකපානය වැඩියෙන් පානය කිරීමට වඩා වැඩි යමක් ගැන මෙහි කථා කරයි.

මිනිසුන් පමණට වඩා මුද්‍රිකපානය පානය කළවිට, ඔවුන් සමහර ක්‍රියාවල් කිරීමට යොමුවේ. ඒවා අප්‍රසන්න තත්වයට පත්වේ. ඔවුන්ගේ කථාව වියවුල් වේ, එසේම ඔවුන්ගේ විනිශ්චයද කෘරවේ / අසාදාරණ වේ. පාවුල්තුමා මෙහිදි මෙහිදී සංසන්දනය කරනු ලබයි මුද්‍රිකපානය වැඩිපුර පානය කළ කෙනෙකුගේ චරිතය කෙසේ පිළිබ්ඹු වේද? ශුද්ධාත්මයාණනගේ වැඩ වැසීමට ඉඩදෙන කෙනෙකුගේ චරිතයද අඳුනා ගත හැකි බව. අප ගලාති 5:22-24 ආත්මයේ ඵල ගැන කථා කරයි. මෙය ශුද්ධාත්මයාණන්ගේ ඵල වේ. එසේම ඒවා නැවත ඉපදූන ශුද්ධාත්මයාණන්ගේ පාලන බලයට යටත් ඇදහිලිවන්තයන් තුළ ක්‍රියාත්මක වේ.

එපීස 5:18 හී ඉදිරියට යන ක්‍රියා පදයක් සඳහන් කරයි “පිරෙනු ලැබීම” ශුද්ධාත්මයාණන්ගෙන්. එය උපදේශයක් වන අතර, එසේම එහි සඳහන් කරනවා ශුද්ධාත්මයෙන් පිරෙනු ලැබීම හෝ පාලනයට ලක්වීමෙන් වැලකී සිටීමටද හැකි බව. එපීස 5 ඉතිරි කොටසෙහි ආත්මයෙන් පිරුණු ඇදහිලිවන්තයෙකුගේ චරිත ලක්‍ෂණ පිළිබඳව සඳහන් කරයි. “නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගීත වලින්ද එකිනෙකාට කථා කොට, නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරපල්ලා. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත් වෙයල්ලා” (එපීස 5:19-21).

අප ශුද්ධාත්මයෙන් පිරී නැත අපට එසේ හැඟෙන පලියට. නුමුත් මෙය කිතුනුවකුගේ භාග්‍ය හා අයිතිවාසිකම වේ. ආත්මයෙන් පිරීම හා ආත්මයාණන් විසින් පාලනය කිරීමට යටත්වීම නම් දෙවියන් වහන්සේට කීකරුව ගමන් කිරීම වේ. මෙය දෙවියන් වහන්සේගේ දීමනාවක් වන අතර එය හැඟීමක් නොව. හැඟීම් වලට අපව රැවටීමට පුලුවන් වන අතර රවටනු ලබයි, එසේම අපට හැඟීම්වලට වහල්වෙලා මාංසයෙන් ක්‍රියා කිරීමට යොමුවන අතර එය ආත්මයාණන්ගෙන් නොවනු ඇත. “නුමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරියල්ලා, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතැයි කියමි. අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙමු” (ගලාති 5:16,25).

අපට නැතැයි පැවසිය නොහැකිය සමහර අවස්ථාවලදී අපව ශුද්ධාත්මයාණන්ගේ අභිමුඛයෙන් පිරී ඉතිරී යන අවස්ථා තිබෙන බවට. එසේම මෙය අත්දැකීමකි (හැඟීමකි) එය සිදු වන විට ඉතාමත් ප්‍රීතියක් ඇතිවනවා. දාවිත් රජතුමා “මේ සියලු දේ තුළ නටනු ලැබුවා” (1 සාමුවෙල් 6:14) ඔවුන් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා කළ. ආත්මයෙන් ප්‍රීතිය අත්දැකීම නම් දේව දරුවන් වශයෙන් උන් වහන්සේගේ කරුණාවෙන් අපට ආශීර්වාද තිබෙන බව තේරුම් ගැනීම. එමනිසා, නියත වශයෙන්ම ශුද්ධාත්මයාණන්ගේ සේවය අපගේ හැඟීම් දැනීම සමගද ක්‍රියා කරයි. එම අවස්ථාවේදීම ශුද්ධාත්මයෙන් පිරී ක්‍රියා කිරීම හැඟීම් මත පමණක් පදනම් කර නොගත යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇදහිලිවන්තයෙකුට ශුද්ධාත්මයාණන්ව හැඟීමට හැකියාව තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries