settings icon
share icon
ප්‍රශ්නය

දිනවල අවසානය පිළිබඳ මා තුල ඇති බියෙන් ජය ගන්නේ කෙසේද?

පිළිතුර


අවසාන කාලවලදී භයානක සිදුවීම් කිහිපයක් ඇතුළත් වන බව යේසුස්වහන්සේ පැවසුවේය. ඇත්ත වශයෙන්ම, "මිනිසුන් භීතියෙන් ක්ලාන්ත වනු ඇත, ලෝකයේ සිදුවීමට යනදේ ගැන භය වෙති" (ලූක් 21:26). අද සමහර අය සිදුවන්නේ කුමක්දැයි සිතමින් බියෙන් පිරී සිටිති. නමුත් ස්වාමින්වහන්සේ අප බිය වනවාට කැමති නැත: "කුඩා රැළ, බිය නොවන්න. මක්නිසාද ඔබේ පියාණන්වහන්සේ ඔබට රාජ්‍යය දීමට කැමැත්තෙන් සිටියි" (ලූක් 12:32).

දිනවල අවසානය පිළිබඳ භීතියෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය නම් ඒ සඳහා අධ්‍යාත්මිකව සූදානම් වීමයි. පළමුවෙන් මහා ප්‍රධාන වශයෙන්, සදාකාල ජීවනය ලබා ගැනීම සඳහා ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් පැවැත්විය යුතුය (යොහන් 3:16; රෝම 10:9-10). ඔබට පාපයට සමාව ලැබිය හැකි අතර දෙවියන්වහන්සේ සමඟ සදාකාලිකව සිටිය හැකිය. දෙවියන්වහන්සේ ඔබේ පියා නම් සහ යේසුස්වහන්සේ ඔබගේ ස්වාමීන් නම්, කරදරවීමට කිසිවක් නැත (පිලිප්පි 4:7).

දෙවනුව, සෑම කිතුනුවෙකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ඇති කැඳවීමට සුදුසු ජීවිතයක් ගත කළ යුතුය. එපීස 4:1- 3 උගන්වන්නේ, "ඔබට ලැබුණු කැඳවීමට සුදුසු ජීවිතයක් ගත කරන්න. සම්පූර්ණයෙන්ම නිහතමානී හා මෘදු වන්න; ඉවසිලිවන්ත වන්න, එකිනෙකා ප්‍රේමයෙන් දරා ගන්න. සාමයේ බැඳීම තුළින් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වා ගැනීමට සෑම උත්සාහයක්ම දරන්න. "ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගැනීම හා උන් වහන්සේ තුළ ගමන් කිරීම ඕනෑම ආකාරයක භීතිය අඩු කිරීමට බොහෝ දුරක් යයි.

තෙවනුව, කිතුනුවන්ට දෙවියන්වහන්සේගේ ගැලවීම පොරොන්දුවී ඇති අතර එය දිරිගන්වන සුළුය. පළමු තෙසලෝනික 4:13-18 සටහන්,

"තවද සහෝදරවරුනි, බලාපොරොත්තුවක් නැත්තාවු අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිනිස, සැත පෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තමුව. මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගිටුණු සේකැයි අපිඅදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපි සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙන සේක. මක්නිසාද ස්වාමින්වහන්සේගේ ඊම දක්වා ජිවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසෙත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමින්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව . මක්නිසාද ස්වාමින්වහන්සේ මම හා ශබ්දයක්ද, අග්‍ර දේවදූතයෙකුගේ හඩද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ක්‍රිස්තුන්වහන්සේ තුළ මළාවු අය පලමු කොට නැගිටින්නෝය. එවිට ජිවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමින්වහන්සේ සම්මුඛ වන පිනිස වලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමුව. ඉන් නිසා මේ වචන වලින් එකිනෙකා සනසා ගනිල්ලා"

අනාගතයට බිය නොවී, අපි එය ප්‍රීතියෙන් අපේක්ෂා කළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අය උන්වහන්සේ හමුවීමට "ඔසවා ගනු ලැබේ", අපි "සදහටම ස්වාමින්වහන්සේ සමඟ සිටිමු."

විනිශ්චය දවසට අප බිය වියයුතු නැතැයි ශුද්ධලියවිල්ල පවසයි. "මේ ආකාරයෙන් ප්‍රේමය අප අතර සම්පූර්ණවී ඇත. එවිට විනිශ්චය දවසේදී අපට විශ්වාසයක් ඇතිවේ. මක්නිසාද මේ ලෝකයේ අපි ඔහු හා සමානවෙමු. ආදරයේ බියක් නැත. නමුත් පරිපූර්ණ ප්‍රේමය බිය දුරු කරයි. බිය වන තැනැත්තා ප්‍රේමයෙන් පරිපූර්ණවන්නේ නැත" (1 යොහන් 4:17-18).

ක්‍රිස්තුස්වහන්සේ නොදන්නා අයට අනාගතය සඳහා සාමය පිළිබඳ පොරොන්දුව නැත. නොඇදහිලිවන්තයන් සඳහා, සැබෑ සැලකිල්ලක් ඇත්තේ ඔවුන් සදාකාලිකවම ගත කරන්නේ කොතැනද යන ප්‍රශ්නය විසඳා නොමැති බැවිනි. නොඇදහිලිවන්තයන් ඔසවා ගැනීමේදී නොගන්නා අතර පීඩා අත්විඳිනු ඇත. ඔවුන්ට බිය වීමට යමක් තිබේ. ඇදහිලිවන්තයන් දින අවසානයට බිය වන්නේ නැත. ඒ වෙනුවට, අප උත්සාහ කරන්නේ අපගේ කැඳවීමට සුදුසු ජීවිතයක් ගත කිරීමට, යේසුස්වහන්සේගේ නැවත පැමිණීම අපේක්ෂා කිරීමට සහ අපගේ කාලය උන්වහන්සේගේ අතේ ඇති බව දැන දැනම රැඳී සිටීමටය (ගීතාවලිය 31:15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දිනවල අවසානය පිළිබඳ මා තුල ඇති බියෙන් ජය ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries