settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ පියා නැති අයට පියා යැයි අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


ගීතාවලිය 68:5 පවසනවා "පියා නැති අයට පියෙක්, වැන්දඹුවන්ගේ ආරක්ෂකයෙක්, දෙවියන්වහන්සේ ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ සිටිනවා" කියා. සර්වබලධාරි දෙවියන්වහන්සේට මනුෂ්‍යත්වය හා සම්බන්ධ වීමට තෝරා ගත හැකි සෑම ආකාරයකින්ම, උන්වහන්සේ පවුලේ භාෂාව තෝරා ගත්තේය.

උන්වහන්සේට කරුණාවන්ත ඒකාධිපතියෙකු, කාරුණික ලොක්කෙකු හෝ ඉවසිලිවන්ත ඉඩම් හිමියෙකු ලෙස හැඳින්විය හැකිය. නමුත් ඒ වෙනුවට, උන්වහන්සේ පියා යන වචනය තෝරා ගත්තේය.

උන්වහන්සේ පියෙකු ලෙස පෙනී සිටින්නේ පියෙකු යනු කව්ද සහ කරන්නේ කුමක්ද යන්න අප කවුරුත් දන්නා බැවිනි. අපට හොඳින් සැලකූ භූමික පියවරුන් අප සතුව නොතිබුණද, හොඳ පියෙකු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපට අභ්‍යන්තර අවබෝධයක් ඇත. දෙවියන්වහන්සේ එම අවබෝධය අපගේ හදවත් තුළ රෝපණය කළේය. අප සැමට ආදරය ලැබිය යුතුය, ආදරයෙන් රැකබලා ගත යුතුය, ආරක්ෂා කළ යුතුය. ඉතා මැනවින්, භූමික පියෙක් එම අවශ්‍යතා සපුරාලනු ඇත. නමුත් ඔහු එසේ නොකළත් දෙවියන්වහන්සේ එසේ කරයි. දෙවියන්වහන්සේ පියා ලෙස ඇමතීමට යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ඉගැන්නුවා (ලූක් 11:2). ශුද්ධ ලියවිල්ල පුරාම දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය සැලකිලිමත් දෙමාපියෙකුට දක්වන ප්‍රේමය ලෙස විස්තර කරයි (යෙසායා 49:15; යොහන් 16:26-27; 2 කොරින්ති 6:18). පියා සහ මව යන දෙකෙහිම ලක්ෂණ උන්වහන්සේ සතුව ඇතත් (යෙසායා 66:13), උන්වහන්සේ පුරුෂ වචනය තෝරා ගන්නේ එය ශක්තිය, රැකවරණය සහ සැපයුමද දක්වයි (ගීතාවලිය 54:4).

අනාථ දරුවන්ට සහ පියා නැති අයට දෙවියන්වහන්සේගේ හදවතේ විශේෂ ස්ථානයක් ඇත ද්විතීය කථාව 24:20; යෙරෙමියා 49:11; යාකොබ් 1:27).

ගීතාවලිය 27:10 හි පවසන්නේ "මාගේ පියාද මවද මාව අත්හැරියත් ස්වාමීන්වහන්සේ මාව පිළිගන්නේය" කියායි. බොහෝ විට භූමික පියවරුන් නොපැමිණීම හෝ ඔවුන්ගේ රාජකාරිය කර නොමැති බව දෙවියන්වහන්සේ දනී (එපීස 6:4). උන්වහන්සේ පියෙකුගේ භූමිකාව පිරවීමට ඉදිරිපත් වේ (යොහන් 6:37; ද්විතීය කථාව 1:31). අප කරදරයක සිටින විට උන් වහන්සේට හඞ ගසන්න (ගීතාවලිය 50:15), අපගේ සියලු කරදර උන්වහන්සේ මත පැටවීමට (1 පේත්‍රැස් 5:7) සහ උන්වහන්සේගේ සමාගම භුක්ති විඳීමට උන්වහන්සේ අපට ආරාධනා කරයි (1 කොරින්ති 1:9: ගීතාවලිය 116:1; 1 යොහන් 5:14). උන්වහන්සේ පියවරුන් නිර්මාණය කිරීමේදී උන්වහන්සේගේ මනසේ තිබූ ලක්ෂණ උන්වහන්සේ අපට ආදර්ශනය කරයි. බොහෝ විට භූමික පියවරුන් පරමාදර්ශයට එකඟව ජීවත් නොවුවද, දෙවියන් වහන්සේ පොරොන්දු වන්නේ, උන්වහන්සේ තුළ කිසිවෙකු පරිපූර්ණ පියෙකු නොමැතිව සිටිය යුතු නැති බවයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ පියා නැති අයට පියා යැයි අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries