settings icon
share icon
ප්‍රශ්නය

දෛවවාදය යනු කුමක්ද? නියතිවාදය යනු කුමක්ද?

පිළිතුර


අප පොදු නිර්වචන කිහිපයකින් ආරම්භ කරමු

නියතිවාද: සෑම සිද්ධියකටම හේතුවක් ඇති බවත් විශ්වයේ ඇති සියල්ල හේතු මත බලපාන බවත් එය පාලනය කරනු ලබන්නේ කුමකින්ද යන්නයි, ගනියතිවාදීන් විශ්වාස කරනු ලබන්නේ මිනිසුන්ගේ ක්‍රියාවන් ඇතුළුව සියලූ සිදුවීම් පූර්ව නිශ්චය කරනු ලැබ ඇති බවත් නියතිවාදය වූ කලී නිදහස් කැමැත්ත හා සමග අනනුකූල බවත්ය.

දෛවවාදය;මෙය වූ කලී සියලූ අතීත වර්තමාන හා අනාගත සිදුවීම් දෙවියන් වහන්සේ හෝ වෙනත් බලසම්පන්න බලයකින් පූර්ව නිශ්චය කර ඇති බවත් “සිදුවිය යුතු දේ වනු ඇත” යන විශ්වාසය වේ. ආගමට අනුව මෙම මතය නම් කරනු ලබන්නේ “දෛවය” ලෙසයත අපගේ ප්‍රාණ ගමන් කරනු ලබන්නේ ස්වර්ගයටද නැතහොත් අපායටද යන්න නිර්ණය කරනු ලබන්නේ අප උපදින්නටත් ප්‍රථමයෙන් බවත් අපගේ තෝරා ගැනීම් වලින් එය ස්වාධීන බවත් එයින් ප්‍රකාශ කරනු ලබයි.

නිදහස් කැමැත්ත: මනුෂ්‍යයන්ට නිදහස් තෝරා ගැනීමක් හෝ ස්වයං නිර්ණය කිරිමක් ඇත යන න්‍යායවේ; එනම් යම් තත්වයක් තුළ යම් පුද්ගලයෙකු විසින් කරනු ලබන්නේ තමා විසින් කළ යුතු දේ බවය. දර්ශනවාදීන් විවාද කරනු ලබන්නේ නිදහස් කැමැත්ත නියතිවාදය හා සමග අනනුකූල බවය.

අනියතිවාදය: කිසිඳු හේතු නොමැති සිදුවීම් ඇති බවට ඇති න්‍යායවේ; නිදහස් චින්තනයේ බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබන්නේ කිසියම් කායික හෝ මානසික හේතූන් කරණකොටගෙන තෝරා ගැනීමේ ක්‍රියාවන් තීරණය කිරීමට නොහැකි බවය.

දේවධර්මය පිළිබද වූ දෛවවාදය වනාහී සර්වඥ දෙවියන්වහන්සේ සහ නිදහස් කැමැත්ත අතර ඇති තර්කානුකූල විසංවාදය ප්‍රදර්ශනය කිරීමේ ප්‍රයත්නයක් වන අතර නිදහස් කැමැත්ත නිර්වචනය කරනු ලබන්නේ විකල්පයන් අතර තෝරා ගැනීමට ඇති හැකියාව ලෙසය. මෙතුළින් එය එතරම්ම සර්වඥ අරමුණක් වන්නේ තමන්වහන්සේටත් ඉසිලිය නොහැකි තරම් පර්වතයක් සර්වබලධාරී දෙවියන්වහන්සේට සෑදිය හැකිද? යන ප්‍රහේලිකාව කරණකොටගෙනය.

දේවධර්මය පිළිබද වූ දෛවවාදයෙහි පරිශ්‍රයන් පහත දැක්වේ; දෙවියන් වහන්සේ සර්වඥ වන සේක. දෙවියන්වහන්සේ සර්වඥ වන හෙයින් උන්වහන්සේට අප්‍රමාදී පූර්ව දැනුම සම්භාරයක් ඇත. හෙට දිනයෙහි ඔබ කිසියම් කටයුත්තක නියැලෙන බවට (තණකොළ කැපීම) දෙවියන්වහන්සේට අප්‍රමාදී පූර්ව දැනුම් සම්භාරයක් තිබෙන සේක් නම් ඔබ නියත වශයෙන්ම එම කටයුත්තේ නියැලිය යුතුමය තණකොළ කැපීමේ ක්‍රියාවලිය–එසේ හෙයින් නිදහස් කැමැත්ත කිරීමට හැකියාවක් නොමැති වන්නේ හෙට දිනයෙහි එම කටයුත්තෙහි :තණකොළ කැපීම– නියැලෙනු විනා වෙනත් විකල්පයක් ඔබට නොමැති හෙයින්යග ඔබ එම කටයුත්ත ඉටු නොකලහොත් දෙවියන්වහන්සේ සර්වඥ නොවන සේකග විකල්පයක් ලෙස ඔබ කටයුත්තක නිරත වුවහොත් විකල්පයක් තෝරා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් ඔබට නිදහස් කැමැත්තක් නොමැත.

ප්‍රතිවිරුද්ධ තර්කයක් තුළ දෙවියන්වහන්සේ සර්වඥ බව ප්‍රකාශ කළ හැක. දෙවියන්වහන්සේ සර්වඥ වන හෙයින් උන්වහන්සේ අප්‍රමාදීද වන සේක. හෙට දිනයෙහි ඔබ කිසියම් කටයුත්තක නියැලෙන බවට දෙවියන්වහන්සේට අප්‍රමාදී පූර්ව දැනුම් සම්භාරයක් තිබෙන සේක් නම් ඔබගේ නිදහස් කැමැත්ත පදනම් කොට එය නිදහසේ තෝරා ගනු විනා යම් කිසි බැදී සිටීමක් හෝ එම කටයුත්ත පිළිබදව තෝරා ගැනීමක් නොමැති නිසා නොවේ. එම කටයුත්තෙහි නිරතවීමට ඔබට තවමත් නිදහස් කැමැත්තක් ඇතත දෙවියන්වහන්සේ හුදෙක් ඔබ තෝරා ගැනීමටත් ප්‍රථම ඔබගේ තේරීම දන්නා සේකග පළමු තේරීම: තණකොළ කැපීම– තෝරාගැනීමට එනම් දෙවන තෝරා ගැනීමට: ටෙනිස් ක්‍රීඩාව සෙල්ලම් කිරීම– වඩා වැඩි යමක් කිරීමට ඔබ බැදී නොමැත. ඔබ ඔබේ මනස වෙනස් කිරීමට යන්නේ නම් දෙවියන්වහන්සේ එය දකින සේක. එහෙයින් ඔබට තවමත් සියලූ කාරණා තුළ සම්පූර්ණ නිදහස් කැමැත්තක් ඇත. එසේම දෙවියන්වහන්සේ විසින් අනාගතය දැකීමට තෝරා නොගන්න සේක වූවත් ඔබ තවමත්: නිදහස් කැමැත්ත මත–එම තෝරා ගැනීමම කරනු ලබන්නෝය. දෙවියන්වහන්සේ විසින් අනාගතය දකින සේක්ද නොදකින සේක්ද යන්න මත ඔබගේ නිදහස් කැමැත්ත වෙනස් කරනු නොලබයි.

අකර්මන්‍යය පූර්ව දැනගැනීම සගවා තබනු ලැබුවහොත් කිසියම් තර්කාන්විත හෝ තාර්කික ආකාරයකින් අවලංගු නොකරනු ඇත. පළමු තේරීම තෝරා ගනු ලබන්නෙකු විසින් එම තෝරා ගැනීම කරනු ලබන්නේ දෙවියන්වහන්සේ කල්තබාම එම තෝරාගැනීම පිළිබදව දැන සිටියාද නොමැතිද යන්න නොසලකාය. දෙවියන්වහන්සේ අනාගතය පිළිබදව දැන සිටින සේක්ද නොසිටින සේකද යන්න යම් පුද්ගලයකුගේ නිදහස් කැමැත්ත කිසිසේත් වෙනස් කරනු නොලබන සේක. නිදහස් කැමැත්ත විනාශ වනු ලබන්නේ යම් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්තේ තෝරා ගැනීම පිළිබදව දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ දැනුම ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් පමණි. මෙය අනාගත නිදහස් කැමැත්ත වෙනස් කරනු ලබන අතරම එය බැදීමක් බවට පත් වනු ඇතග සරල නිදර්ශනයක් වනුයේ යම් අධ්‍යාත්මික පුද්ගලයෙකු ලෝකයේ අනෙක් කෙළවරේ සිටින කෙනෙකු බස් රථයකට ගොඩ වීමට දිව යන විට ලිස්සා වැටී තමාගේ පාදයක් කැඩී යාම කලින් දැකීමය. අධ්‍යාත්මික පුද්ගලයා විසින් එම සිදුවිම කලින් දකිනු ලැබුවත් එම සත්‍යතාවය වෙනස් කරනු නොලබන්නේ එය කව්රුන් හෝ විසින් දැක තිබෙනවාද නොතිබෙනවාද යන්න නොසලකාය. දෙවියන්වහන්සේගේ සර්වඥතාවයටද මෙය ඒ ආකාරයෙන්ම අදාල කරනු ලබයි; මෙය අකර්මන්‍යය නොවන සහ යථාර්ථය මෙන්ම තව කෙනෙකුගේ දැනුමට මැදිහත් නොවන තාක්කල් මනුෂ්‍යයන්ගේ නිදහස් කැමැත්තට පටහැනි නොවේ.

කෙසේ නමුත් දෙවියන්වහන්සේ මේ සියල්ල මැවූ සේක් නම් එවිට දෙවියන්වහන්සේගේ කොටස පිළිබදව අකර්මන්‍යය දැනුමක් තිබීම කෙරෙහි ප්‍රශ්නයක් මතුවේ. සර්වඥතාවය පිලිබදව අවබෝධයක් ලබා ගැනීමට නම් කාලය කෙරෙහි දෙවියන්වහන්සේගේ සර්වව්‍යාප්තිය පිළිබදවද අවබෝධයක් තිබිය යුතුය. දෙවියන්වහන්සේ අතීතය අනාගතය සහ වර්තමානය පිළිබදව සියලූ සිදුවීම් දන්නා සේක් නම් යම් පුද්ගලයෙකුගේ සියලූ සිදුවීම් සහ ඔහු විසින් ගනු ලබන්නාවූ තීරණ පිළිබදවද දැනු ගනු ලබතත් එම පුද්ගලයාගේ දෘෂ්ඨිකෝණයෙන් එම සිදුවීම් සහ තීරණ තවමත් සිදුවී නොමැත. මෙතුළින් යම් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත අහෝසි කිරීමක් විය හැක්කේ දේවධර්මය පිළිබද වූ දෛවවාදය නමැති මූලධර්මය තුළින් කෙනෙකුට ක්‍රියාත්මක වීමට ඇති නිදහස් සීමාකිරීම ස්ථිර කිරීම දෙවියන්වහන්සේගේ දෘෂ්‍යමාන පූර්ව දැනුම සදහා යාන්ත්‍රණයක් නොමැති නිසා වෙනි. කිතුණු දේවධර්මයට අනුව දෙවියන්වහන්සේ කාලයෙන් පිටත පැවතෙනු ලබන අතර දෙවියන්වහන්සේ මැවිල්ලේ පටන් යම් පුද්ගලයෙකු උන්වහන්සේගේ දිව්‍යමය ආධිපත්‍යය පිළිගනු ලබතත් නොලබතත් කෙනෙකුගේ ජීවිතයේ මුළු ජීවිත කාලයම පිළිබදව දන්නා සේක. මෙම පූර්ව කොන්දේසි කරණකොටගෙන සමහරුන්ට දරදඩු දෛවවාදය පිළිබදවූ දේවධර්මානුකූල තත්වයක් පිළිබදව සිතාගත හැකි වෙති.

තව එක් පියවරක් ඉදිරියට යාම සදහා තවත් ඇගවීම කිහිපයක් පහත සදහන්වේ; දෛවය, දෛවවාදය සහ අහම්බය හෝ වස්තුව අතර විශාල වෙනසක් ඇත.

දෛවවාදීන් විසින් අපට උගන්වනු ලබන්නේ කිසිවකුගේ පාලනයකින් තොර – දෙවියන්වහන්සේ පවා – අන්ධවූ බලවේගයක් ඇති බවය. එසේම මෙම අන්ධ සහ නිෂ්ඵල බලයෙන් මෙම සිදුවීම් අභිබවා යන බවය. මෙය දෛවවාදයවේ.

අහම්බය හෝ වස්තුව යනු දෙවියන්වහන්සේගේ පාලනයෙන් හෝ මගපෙන්වීමකින් තොරව වාසනාව හේතුකොටගෙන කාරණා සිදුකරනු ලබන චපලීය බලවේගයකි. අහම්බයෙන් පාලනය කරනු ලබන ලෝකයක සිදුවන්නේ කුමක්ද යන්න දෙවියන්වහන්සේට පූර්ව දැක්මක් ඇති අතර එය එපමණකි. සෑම දෙයක්ම හුදෙක් වාසනාව මත රදා පවතියි. අහම්බය පිළිබද පක්ෂවාදියකුගෙන් කාරණා සිදුවන්නේ මන්ද සහ කෙසේද යන්න ප්‍රශ්න කරනු ලැබුවහොත් මෙය ඉබේම සිදුවුනි යන්න හැරෙන්නට ඔහුට දිය හැකි පිළිතුරක් නොමැත.

දෛවය පිළිබදව දේවවචනයේ ඉගැන්වීමෙහි සදහන් වන්නේ දෙවියන් වහන්සේට අරමුණක් ඇති බවත් උන්වහන්සේගේ සිය කැමැත්ත සහ අරමුණ මත සියලූ කටයුතු කරනු ලබන සේක් බවය. (එපීස 1:11; දානියෙල් 4:35; යෙසායා 14:24; 46:10) එකී දෛවයෙන් උගන්වනු ලබන්නේ දෙවියන්වහන්සේගේ අරමුණට විනා වෙන කිසිවකට ඉඩ දෙනු නොලබන සේක් බවය (ගීතාවලිය 33:11). මෙයින් අදහස් වන්නේ මුළු ලොවෙහිම දෙවියන්වහ්න්සේ ශ්‍රේෂ්ඨ මෙන්ම තමන්වහන්සේගේ කැමැත්ත පරිදි සියල්ලම කරනු ලබන තැණන්වහන්සේ බවය.

“සිදුවිය යුතුදේ සිදුවේ” යන්න අන්ධව විශ්වාස කරනු ලබන්නන් අහම්බය පිළිබද පක්ෂවාදීන් මෙන්ම සාවද්‍යය වෙති. සිදුවීම් නිශ්චිත බව නියත නමුත් ඒවා එසේ වන්නේ ස්වකීය නියෝගයන් ඉටු කරනු ලබන ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ නිසාවෙනි.

දේව වචනය පිළිබදව උනන්දුවෙන් ඉගෙන ගනු ලබන්නන් විශ්වාස කරනු ලබන්නේ කාරණා ඉබේ සිදුවනු ලබන බවය. ඔවුන් විසින් විශ්වාස කරනු ලබන්නේ ප්‍ර×ඥාවන්ත, ශුද්ධ, යහපත් සහ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේට ජීවිතයේ සියලූ කාරණා පිළිබදව පාලනය ඇති බවය (මතෙව් 10:29–30). මෙම පාලනය දෙවියන්වහන්සේ විසින් කරනු ලැබීමට අකැමති හෝ දෙවියන්වහ්න්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබදව සත්‍යතාවය අවමානයට ලක් කරන්නා වූ කලී දෙවියන් වහන්සේට ප්‍රේම නොකරන සහ තම ජීවිතයේ දෙවියන්වහන්සේ අවශ්‍යය නොවන තැනැත්තෙකි. ඔහුට අවශ්‍යය වන්නේ ඔහුගේ මාර්ගය පමණි. පැරණි යක්ෂයන් මෙන් ඔහු පවසනු ලබන්නේ ඔබට අපෙන් කම මොකද? (මාර්ක් 1:24) එහෙත් එය එසේ නොවේ; දෙවියන්වහ්න්සේ ශ්‍රේෂ්ඨ හෙයින් උන් වහන්සේට තමන්වහන්සේව ප්‍රතික්ෂේප කළ නොහැක.

English


නැවතත් සිංහල මුල් පිටුවට
දෛවවාදය යනු කුමක්ද? නියතිවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries