settings icon
share icon
ප්‍රශ්නය

පවුල් සැලසුම් කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


පවුල් සැළැස්මයනු පවුලක දරුවන් කොපමණ සංඛ්‍යාවක් උපත ලබනවාද යන්න නියාමනය කිරීමයි, උපත් අතර වසර ගණන පාලනය කිරීම ඇතුළුව, කෘතිම ගැබ්ගැනීම වැළක්වීම මගින්, ස්වේච්ඡා වදකිරීම, ස්වේච්ඡා වඳභාවයට ප්‍රතිකාර කිරීම, ස්වාභාවික පවුල් සැළසුම්, හෝ ගැබ් ගැනීම වැළැක්වීමට හෝ දිරිමත් කිරීමට වෙනත් ක්‍රම. මේ ආකාරයේ පාලනයක් අපේක්ෂා කිරීමට හේතු පවුලෙන් පවුලට වෙනස් වන අතර වෘත්තීය තේරීම්, සම්බන්ධතා ගැටළු, මූල්‍ය තත්වය, ශාරීරික ආබාධ, ජීවන තත්ත්වය යනාදී බොහෝ සාධක මගින් බලපෑම් කළ හැකිය.

නූතන උපත් පාලනය සහ සශ්‍රීකත්වය පිළිබඳ විකල්පයන් බයිබලානුකුල කාලවලදී නොතිබූ හෙයින්, ගැබ් ගැනීම වැළැක්වීමට හෝ දිරිගැන්වීමට මෙම ක්‍රම භාවිතා කිරීම පිළිබඳව බයිබලය නිහඞය. පවුල් සැලසුම් අරමුණු සඳහා ගැබ් ගැනීම වැළැක්වීම, තාවකාලිකව හෝ ස්ථිරව, එය මධ්‍යස්ථ ක්‍රියාවක් වන අතර එය පාපයක් ලෙස නොසැලකේ. වඳභාවයට ප්‍රතිකාර විකල්ප ගවේෂණය කිරීම ද මධ්‍යස්ථ ක්‍රියාවක් වන අතර එය පව්කාර නොවේ. කෙසේ වෙතත්, අනාගත දරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් සැමියා සහ බිරිඳ එකඟ විය යුතුය.

විවාහක යුවළක් තම පවුලේ අනාගතය සඳහා සැලසුම් කිරීමේ කිසිදු වරදක් නොමැති අතර, දෙවියන්වහන්සේගේ කැමැත්තට බාධා කළ නොහැකි බව ඔවුන් පිළිගත යුතුය. සෑම විවාහක යුවළකටම දරුවන් සිටිය යුතු යැයි බයිබලයේ සඳහන් කිසිවක් නැත, නමුත් දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය යුවළගේ සැලසුම් පැහැර හරිනු ඇත, ඔවුන් කුමන පූර්වාරක්ෂාවන් ගත්තද. හිතෝපදේශ 16: 9 පවසනවා, "මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි, එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය." දෙවියන්වහන්සේගේ කැමැත්ත දරුවෙකු යුවළකගේ ජීවිතයට ගෙන ඒම නම්, උපත් පාලන ක්‍රම මගින් උන්වහන්සේගේ මාර්ගයට බාධාවක් නොවනු ඇත. යුවළක් ලිංගිකව හැසිරෙන්නේ නම්, උපත් පාලන ක්‍රම සමඟ හෝ නැතිව, ඔවුන් ගැබ්ගැනීමේ හැකියාව සඳහා සූදානම් විය යුතුය.

කාන්තාවක් අනපේක්ෂිත ලෙස හෝ අකමැත්තෙන් ගැබ් ගන්නේ නම්, ගැබ් ගැනීම නියමිත කාලයට පැමිණීමට ඉඩ දිය යුතුය. ගබ්සාව හෝ උපත් පාලන පෙති පිළිගත හැකි උපත් පාලන ක්‍රමයක් නොවේ. මන්ද ගබ්සාව සහ උදේ-පසු පෙති පිළිසිඳ ගැනීමෙන් පසු පිළිසිඳ ගැනීම සිදු වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ජීවමාන මිනිසෙකුගේ මරණය සිදු වේ. දෙවියන්වහන්සේ සෑම පුද්ගලයෙකුම මැවීමට පෙර දන්නා අතර ගර්භාෂය තුළ ප්‍රේමණීය ලෙස ශරීරය සාදයි (යෙරෙමියා 1:5; ගීතාවලිය 139:13-16). දරුකමට හදා ගැනීම ඇතුළු බොහෝ විකල්පයන් දරුවා තබා ගැනීමට අකමැති අයට ලබා ගත හැකිය.

දරුවන් ස්වාමින් වහන්සේගෙන් ලද ත්‍යාගයකි (ගීතාවලිය 127: 3-4), නමුත් ඔවුන් දෙමාපියන් කෙරෙහි විශාල වගකීමක් දරයි. විවාහක යුවළක් ඔවුන් තවමත් ළමයින් සඳහා සුදානම් නැති බව තීරණය කරන්නේ නම් හෝ ගැබ් ගැනීම් සඳහා වසර ගණනාවක් වෙන් කර තැබීමට ඔවුන් කැමති නම්, එය ඔවුන්ට ගත හැකි නිදහසේ තීරණයකි. යාච්ඤාව සහ සාකච්ඡාව තුළින් ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඔවුන්ගේ අනාගතය සහ දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරන ඕනෑම දරුවන්ගේ අනාගතය ඥානවන්තව සැලසුම් කළ හැකිය (හිතෝපදේශ 16:3; 21:5; යාකොබ් 1:5).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පවුල් සැලසුම් කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries