settings icon
share icon
ප්‍රශ්නය

දේව පවුලට අයත් වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ පියාණන්වහන්සේ එකම තැනැත්තන් බවත් (යොහාන් 1:1-4) එසේම උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒකජාතික පුත්‍රයාණන් බවත් (හෙබ්‍රෙව් 1:1-4) දේව වචනය මගින් අපට උගන්වා ඇත. මෙම පවුල යන පදයෙන් පෙන්නුම් කරනුයේ, දෙවියන්වහන්සේ යේසුස් වහන්සේව තම පවුලේ සාමාජිකයකු ලෙස පිලිගන්නා බවය. නව ජීවනයක් ලැබු ඇදහිලිවතුන්ද දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් බව මෙයින් පැවසේ. (රෝම 9:8, 1 යොහාන් 3:1-2) දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයකු වීමට අපට හැකි වන්නේ කෙසේද? දේව වචනයට සවන් දීමෙන්, අපගේ පව් ගැන පාපෝච්චාරණය කිරීමෙන්, යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල හා විශ්වාසය තබන කල්හි, අප එම මොහොතේදීම දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේගේ උරුමක්කාරයන් බවට පත් වනු ඇත (රෝම 8:14-17).

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් ලෙස හදුන්වන විට, තමන්ගේ ඇදහිල්ලේ පරිතන භාවයට පැමිණිය යුතුවු දේව දරුවන් ලෙස ඇදහිලිවතුන් පිලිගනු ලැබේ. (එපීස 4:11-16, ගලාති 4:4-7) එපීස 1:5-6 මගින් දෙවියන්වහන්සේගේ නිමක් නොමැති කරුණාව සහ දයාව එලිදරව් කර ඇත. එමගින් දැක්වෙනුයේ උන්වහන්සේ පව් කරුවන් මුදවා ගන්නා අතර ස්වකීය ප්‍රසාදය සහ අරමුණු අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණකොටගෙන, අප උන්වහන්සේගේ පිලිගත් පුත්‍රයන් වන පිණිස. දෙවියන්වහන්සේ පෙර නියම කළ සේක. එබැවින් ප්‍රේමයාණන්වහන්සේ තුලින් තේජවන්ත වරප්‍රසාදයෙන් අපට බෙහෙවින් ආශිර්වාද කළ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා."

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අප උරුමකරගන්නේ කුමක්ද? දේව රාජ්‍යය මිස ඊට අඩු කිසිවක් නොවේඳ්‍යා (මතෙව් 25:24, තෙසලෝනික 2:12, හෙබ්‍රෙව් 12:28), එපීස 1:3 මගින් අපට පෙනී යන්නේ ක්‍රිස්තුස්වහන්සේ සමග ස්වර්ගයේ ඇති සියඵම ආත්මික ආශිර්වාද ඇදහිලිවතුන් හට ලැබෙන බවය. මෙම ආත්මික ආශිර්වාද වලට නිමක් නොමැත. සදාතනික ක්‍රිස්තුස් වහන්සේ තුල අන්තර්ගත වීමෙන් දෙවියන්වහන්සේගේ කරුණාව තුල මෙම ආශිර්වාද උන්වහන්සේගේ දරුවන් වන අපට ලැබී ඇත. ලෞකික ජීවිතයේ දී දරුවන් තම දෙමාව්පියන්ගේ වියෝවීමෙන් පසුව ඔවුන් තමන් වෙත උරුම කොට තබා යන දේපල ඔවුන්ගේ උරුමයන් වල ප්‍රතිලාභ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කුරුසිය මත දි පුදා සිදු කල පරිත්‍යාගය මගින් ලබාගත් සමාදානය තුලින් දැනටමත් භුක්ති විදිති. ඊට අමතරව අප උරුම කරන්නාවු ප්‍රතිලාභ අතර, අප ක්‍රිස්තුස්වහන්සේ ගැන විශ්වාස කරන මොහොතේ දීම ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුල වාසය කිරීමද යන ආශිර්වාදයද අඩංගු වේ (එපීස 1:3-14). එම බලය මගින් වර්තමානයේ දී උනවහන්සේ වෙනුවෙන් අපට ජීවත් වීමටද, සදාකාලයටම අපගේ ගැලවීම සුරක්ෂිත බව දැනගැනීමේ ශක්තියද ලැබේ (හෙබ්‍රෙව් 7:24-25).

දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයකු වීම යනු ඇදහිලිවතුන් හට ලැබී ඇති ඉහලම ආශිර්වාදය වන අතර, එමගින් යටත් පහත් ලෙස නමස්කාර කිරීමට අපව නැඹුරු කරවයි. එම ආශිර්වාදය උන්වහන්සේගේ ප්‍රේමය, කරුණාව සහ දයාව තුලින් අපට ලැබෙන ත්‍යාගයක් බැවින්, ඒ සදහා අයිතිවාසිකම් පෑම සදහා අපට කළ හැකි කිසිවක් නොමැත. එනමුත් සදාකල් වාසය කරන දෙවියන්වහන්සේගේ දූ දරුවන් වීමට අපට කැදවීම ලැබී ඇත. (රෝම 9:25-26) උන්වහන්සේගේ එම ආරාධනාව සදහා අප සියඵ දෙනාම ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වමු!.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව පවුලට අයත් වීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries