settings icon
share icon
ප්‍රශ්නය

හුරුපුරුදු ආත්ම යනු මොනවාද?

පිළිතුර


“හුරුපුරුදු” යන වචනය ලතින් භාෂාවෙන් “ෆමීලියරිස්” යන්නෙන් පැවැත එන අතර එහි අර්ථය වනුයේ ගෘහ සේවිකාවක් වන අතර ඉන් ප්‍රකාශ කිරීමට චේතනය කරනු ලබා ඇත්තේ හූනියම්කරුවන්ට ඔවුන්ගේ ආඥා වලට කීකරු වනු වස් සේවකයන් ලෙස ආත්මයන් සිටි බවය යන අදහසවේ. මිය ගියාවූ අය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරන අයට වර්තමානයෙදිත් සාමාන්‍යයෙන් ඔවුන් හා සමග සන්නිවේදනය කරනු ලබන ආත්ම මාර්ගෝපදේශකයෙකු සිටියි. මොවුන් වනාහී හුරුපුරුදු ආත්මවේ.

ලෙවී කථාව 19:31; 20:6, 27 හී සහ ද්වීතීය කථාව 18:9–14 හී “ආත්ම බන්ධනකාරයන් සහ හුරුපුරුදු ආත්ම” පිළිබදව සදහන් කරන අතර ඔවුන් හා සම්බන්ධකම් තහනම් කර ඇත්තේ ඔවුන් ස්වාමින්වහන්සේට පිළිකුලක් හෙයිනි. ආත්ම බන්ධනකාරයෙකු යනු ජීවත් වන්නන් වෙනුවෙන් මිය ගියවුන්ට ඇමතීම හෝ සන්නිවේදන කරනු වස් අතරමැද සම්බන්ධකයෙක් ලෙස කටයුතු කරන්නෙකුටවේ. යථාර්ථය නම් ආත්ම බන්ධනකාරයන් වූ කලී යක්ෂයන් හා සමග සබදකම් පවත්වමින් ආත්ම බන්ධනකාරයන්ට ඔවුන් “හුරුපුරුදු” මෙන්ම විශ්වාසවූත් ඇදහිය හැකිවූ අය යයි ඒත්තු ගන්වන්නාවූ පිරිසකි. ආත්ම බන්ධනකාරයන් සහ හුරුපුරුදු ආත්ම පිළිබද භාවිතයන් ඊශ්‍රායලයේ තහනම් කර තිබූ අතර එවැනි භාවිතයන් පිළිබද දඩුවම නම් මරණය විය.

හුරුපුරුදු ආත්ම සහ ආත්ම මාර්ගෝපදේශකයන් වූ කලී ඔවුන්ගේ ස්වාමියා වන සාතන් යටතේ සිටින්නන්ය. ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කඩාකප්පල් කිරීම සදහා බොරුව සහ වංචාව පැතිරවීම පිණිස මනුෂ්‍යයින්ට බලපෑම් ඇති කරන්නන් වේ. යක්ෂයන්ගේ ක්‍රියාවන් සදහා දැනුවත්ව විවෘත වීම දුෂ්ට කමකි: “තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේන කියන්නෙක්වක් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත් මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරෙන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නමුත් ස්වාමින්වහන්සේට පිළිකුලක්ය” (ද්වීතීය කථාව 18:10–12).

යක්ෂයන් හෝ හුරුපුරුදු ආත්ම පුද්ගලයෙකුගේ ජීවිතට පිවීසීමේ මාර්ගයන් සමහරක් නම් පේන කීම, ලෝකෝත්තර භාවනාව, දෘෂ්ඨිකල්පනය, භූත විද්‍යාව, මායා කර්මය, මත්ද්‍රව්‍යය සහ මත්පැන්ය. ඇදහිලිවන්තයින් විසින් මගහරවා ගත යුතු ක්‍රියාකාරකම් සියල්ල නම් මේවාවේ. ඒ වෙනුවට අපගේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන්ද ප්‍රේමයෙන්ද ප්‍රීතියෙන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළින් වන සම්පූර්ණත්වයෙන් පූර්ණ විය යුතු වෙමු. “මක්නිසාද අපේ පොරබැදීම වනාහී මාංසයට සහ රුධිරයට විරුද්ධව නොවල අධිපත්කම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනීන්ටත් ස්වර්ගීය ස්ථාන වල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.” (එපීස 6:12) ගමේ දේවල් කෙරෙන්ද අප විසින් ප්‍රවේසම් විය යුතු වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

හුරුපුරුදු ආත්ම යනු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries