settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ ව්‍යාජ අනාගතවකතෘවරයා කවුරුන්ද?

පිළිතුර


අවසාන කාලයේ ව්‍යාජ අනාගතවක්තෘවරයා පිළිබඳව එළිදරව්13:11-15 දක්වා සඳහන් වේ. ඔහුව "දෙවනි මෘගයා" ලෙසද හදුන්වනු ලබයි (එළදරව් 16:13, 19:20, 20:10). අන්ත ක්‍රිස්තුස් සහ සාතන් සමඟ දෙදෙනාවම බල ගන්වන, බොරු අනාගතවක්තෘවරයා අශුද්ධ ත්‍රිත්වයේ තුන්වෙනි පාර්ශවය වේ.

අපෝස්තුලු යොහාන් මොහු පිළිබඳව අපට විග්‍රයක් දෙන අතර ඔහු කරළියට ආ කල්හි හදුනා ගන්නා පිණිස හෝඩුවාවක් / ඉඟියක්ද දේ. පළමුව ඔහු පැමිණෙන්නේ පොළොවෙන් බව. මෙය ඔහු පතුලක් නැති පාතාල වලෙන් ඔහුගේ අණපරිදි සියලු යක්‍ෂනික බලයන් සමඟින් නැඟී එන බවට අරුතක් විය හැකිය. එසේ නොමැති නම් කිසිවෙකු නොදන්නා තත්පරයකදී මොහු පහත් වතාවරණයක සිට රහසිගතව පැමිණ අන්ත ක්‍රිස්තුස්ගේ දකුණු පාර්ශවයෙහි හිඳ ගන්නවා ඇත. ඔහුව පෙන්වා දී ඇත්තේ බැටළුවෙකුට මෙන් අං ඇති බවත් මකරෙක් මෙන් කථා කරන බවත්ය. බැටළුවාගේ අංයනු බැටළුවා වර්ධනය වන තුරු හිස මත ඇති හිස් කබලෙහි කැපී පෙනෙන යම් නෙරුමක් වේ. අන්ත ක්‍රිස්තුස් මෙන් බොහෝ හිස් සහ අං ඇතිව තමන්ගේ බලය, ශක්තිය සහ භයංකාරකම පෙන්වද්දී බොරු අනාගතවක්තෘවරයා ප්‍රසන්න, මන බඳනා බැටළුවෙකුගේ රැව සමඟින්, අන්‍යයන්ගේ අනුකම්පාව සහ හොඳහිත දිනා ගැනීමට හැකි කෙනෙකුව නම්මා ගැනීමට සමත් වචන සමගින් පැමිණෙනවා ඇත. ඔහු මහත් සමූහයන් මුළා කරවන පිණිස යක්‍ෂනික බලයෙන් බල ගැන්වනු මුළාවේ වචනවලින් පුර්ණ වූ අසාමාන්‍ය දේශකයෙකු හෝ කථිකයෙකු හෝ විය හැක. නමුත් ඔහු මකරෙකු මෙන් කතා කරන අතර, එහි අරුත නම් ඔහුගේ පණිවිඩය මකරාගේ පණිවිඩය වේ. එළිදරව් 12:9 දි මකරා, යක්‍ෂයා සහ සාතන් ලෙස හදුන්වා දේ.

පදය 12 දී බොරු අනාගතවක්තෘවරයාගේ පොළොවෙහි මෙහෙවර පෙන්වා දේ. එනම් අන්ත ක්‍රිස්තුස් නමස්කාර කරන පිණිස මනුෂ්‍යසංහතිය පෙළඹවීමය. අන්ත ක්‍රිස්තුස් ගේ සියලු බලය ඔහුට ඇත්තේ ඔහු මෙන්ම බොරු අනාගතවක්තෘවරයාවද සාතන් විසින් බල ගන්වා ඇති බැවින්ය. අන්ත ක්‍රිස්තුස් නමස්කාර කරන පිණිස මිනිසුන්ව බලහත්කාරයෙන් පොළොඹනු ලැබීද නැතහොත් පෙනුමෙන් හා සෙනෙහසෙන් සිත් ගත් බැවින් මෙම බලයෙන් පූර්ණ වූවන් බැවින් මුළාවීම කරණකොටගෙන සිය කැමැත්තෙන්ම නමස්කාර කළේද යන්න පැහැදිලි නැත. දෙවෙනි මෘගයා හාස්කමේ ලකුණු සහ පුදුම සමඟින් දෙදෙනාගේම කීර්තිය ස්ථාපිත කරගන්නා පිනිස අහසින් ගිනි බැස්සවීමට කටයුතු කරන අතර ඔවුන් ගේ පණිවිඩය සහ බලය ඉදිරියේ දැඩි භක්තියකින් යුතුව සෙනඟ ඔවුන්ව නමස්කාර කරනවා ඇත. මුළාවීම ඉමහත් වන බැවින් මනුෂ්‍යයන් අන්ත ක්‍රිස්තුස්ට පිළිරුවක් සාදා ඊට නමස්කාර කරනවා ඇත. මෙය නෙබුකඩ්නේසර් රජතුමාගේ කාලයේ වු අති විශාලරන් පිළිරුවෙහි අතීත ආවර්ජනයකි (දානියෙල් 3). එනම් සියලු දෙනම එම පිළිරුව ඉදිරියේ වැඳවැටී ප්‍රණාමය පුද කළ යුතු බවට වූ අණ මෙන්ය. කෙසේ වුවද අන්ත ක්‍රිස්තුස් ගේ පිළිරුවට නමස්කාර කරන්නවුන්ගේ ඉමහත් දරුණු ඉරනම ගැන එළිදරව් 14:9-11 දක්වා සඳහන් වේ. පීඩා කාලයේ භයංකාර සිදුවීම් වලින් දිවි ගලවාගත් අය මෙම අවස්ථාවේදී ඉතාමත් අසීරු තිරණ දෙකකට මුහුණ දීමට සිදුවනවා ඇත. මෘගයාගේ පිළිරුව නමස්කාර කිරීම ප්‍රතික්‍ෂේප කළවුන්ට මරණය විඳිමට සිදුවන අතර, (පදය 15) පිළිරුව නමස්කාර කළවුන් දෙවියන් වහන්සේගේ උදහසට ලක්වනවා ඇත. මෙම පිළිරුව ඉතාමත් අසාමාන්‍ය එකක් වන අතර ඊට "කථා කරන්ට"හැකිය. එහි අරුත මෙම පිළිරුව ජීවමාන බවට පත්වීමක් නොවේ. මෙම ස්ථානයේ සඳහන් වන ග්‍රීක වචනය නියුමා හි අරුත සුළඟින් ලබන "හුස්ම" හෝ "වායු දහර" වන අතර වචනය බයොස් ("ජීවනය") නොවේ. නමුත් ඊට අන්ත ක්‍රිස්තුස්ගේ සහ බොරු අනාගතවක්තෘවරයාගේ පණිවිඩය හුස්මක් ලෙස පිට කිරීමේ හැකියාවක් තිබේ. ඔවුන් වෙනුවෙන් කථා කරන්නා ලෙස පිළිරුවද අශුද්ධ යුවල නමස්කාර කිරීම ප්‍රතික්‍ෂේප කරන්න් මරණයට නියම කරනවා ඇත. අපගේ තාක්‍ෂණික ලෝකයේ එවැනි ඔපරාවක් සිදුවනු ඇතැයි සිතීම අසීරු කරුණක් නොවේ. බොරු අනාගතවක්තෘවරයා කවුරුන් වුවත් ලොව අවසාන මුළාව සහ පක්‍ෂය හෝ ප්‍රතිපත්ති අත්හැරීම අති විශාල එකක් වන අතර, මුළු ලොවම එයට අසුවනවා ඇත. වර්තමානයේ මුළාකරන්නන් සහ බොරු ගුරුවරුන් අන්ත ක්‍රිස්තුස්ගේ සහ බොරු අනාගතවක්තෘවරයාගේ පෙර නිමිති ගෙනෙන්නන් වන අතර අප ඔවුන්ට මුළාවිය යුතු නැත. බොරු ගුරුවරුන් බහුලව / අධිකව සිටින අතර, ඔවුන් අපව අවසානය ක්‍ෂනික රාජ්‍යකරා යොමු කරවයි. අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැළවීමේ සුභාරංචිය විශ්වාසවන්තව ප්‍රකාශකරමින් පුරුෂයන් සහ කාන්තාවන් එන්නාවූ මහා විනාශයෙන් ගළවා ගත යුතුවේ .

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ ව්‍යාජ අනාගතවකතෘවරයා කවුරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries