මිනිසාගේ වැටීමෙන් මනුෂ්‍යයත්වයට බලපෑවේ කුමන අන්දමකින්ද?



ප්‍රශ්නය: මිනිසාගේ වැටීමෙන් මනුෂ්‍යයත්වයට බලපෑවේ කුමන අන්දමකින්ද?

පිළිතුර:
“එහෙයින් එක් මනුෂ්‍යයකු කරණකොටගෙන පාපයත්, පාපය කරණාකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක් මෙන් සියලූ මනුෂ්‍යයන් පවි කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේය” (රෝම 5:12). මිනිසාගේ වැටීමේ ප්‍රතිඵලය ඉතා බොහෝ මෙන්ම එය දුර ගියා වැන්නකි. පාපය අපගේ පැවැත්මේ සෑම අංගයකටම පාහේ බලපෑම් ඇති කොට ඇත. එය මෙම පොළොවේ අපගේ ජීවිත වලට මෙන්ම අපගේ සදාකාල ඉරණමට බලපෑම් ඇති කර ඇත.

වැටීමේ ක්ෂණික ප්‍රතිඵල වලින් එකක් වූයේ මනුෂ්‍යය වර්ගයා දෙවියන් වහන්සේගෙන් වෙන්වනු ලැබීමය. ඒදන් උයනෙහිදී ආදම් සහ ඒව දෙවියන් වහන්සේ හා සමග පරිපූර්ණ සහභාගිත්වයක් සහ මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබුණාහ. ඔවුන් උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසූ විට එම මිත්‍රත්වය බිද වැටිණි. ඔවුන් ඔවුන්ගේ පාපය ඒත්තු ගෙන උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජාවට පත්වූ අතර (උත්පත්ති 3:8–10) මිනිසා එතැන් පටන් දෙවියන්වහන්සේගෙන් සැගවෙන්නට වූහ. එම මිත්‍රත්වය නැවත ස්ථාපිත කළ හැක්කේ ක්‍රිස්තුස් වහන්සේ තුළ පමණක් වන අතරම දෙවියන්වහන්සේගේ දෑස් ඉදිරිපිට අපව ධර්මිෂ්ඨ සහ පාපයෙන් තොරවූ අය බවට පත් කරනු ලබන්නේ ආදම් සහ ඒම පව් කිරීමට පෙර සිටියාක් මෙනි. “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වන්නට සැලැස්සූ සේක” (2 කොරින්ති 5:21).

මිනිසාගේ වැටීම කරණකොටගෙන මරණය යථාර්ථයක් වූ අතර මුළු මැවිල්ල එයට යටත් වුණි. සියලූ මනුෂ්‍යයන් මරණයට පත්වේ, සියලූ සත්වයන් මරණයට පත්වේ, සියලූ පැළෑටි මරණයට පත්වේ, “මුළු මැවිල්ලම කෙදිරිගානු ලබන්නේ” (රෝම 8:22), ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණ මරණයේ බලපෑම් වලින් මුදනු ලබන තෙක්ය. පාපය කරණකොටගෙන මරණය නොවැළැක්විය හැකි යථාර්ථයක් වනු ලබන අතර කිසිකෙනෙකු නිර්මුක්ත නවේ “මක්නිසාද පාපයේ කුලිය මරණයයත නමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය” (රෝම 6:23). වඩාත්ම අයහපත් දේ වන්නේ අප මිය යනවා පමණක් නොව, අප ක්‍රිස්තුස් වහන්සේ නොමැතිව මිය ගියහොත් අපට අත්විදීමට සිදුවන්නේ සදාකාල මරණයවේ.

මිනිසාගේ වැටීමේ තවත් ප්‍රතිඵලයක් වන්නේ මිනිසාට තමාව මවනු ලැබූ අරමුණ පිළිබද දැක්ම නැතිවී තිබීමය. මිනිසාගේ මූලික අවසානය සහ ජීවිතයේ උතුම්ම අරමුණ වන්නේ දෙවියන්වහන්සේව මහිමයට පත්කිරීම සහ උන් වහන්සේව සදාකාලයටම භුක්ති වීදීමය. (රෝම 11:36; 1 කොරින්ති 6:20; 1 කොරින්ති 10:31; ගීතාවලිය 86:9).

එසේ හෙයින් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සියලූ සදාචාරයේ සහ යහපත්කමේ කේන්ද්‍රස්ථානයවේ. එහි ප්‍රතිවිරුද්ධ දේ නම් තමන් පිලිබදව ඇති උත්තරීතරභාවයේ තොරාගැනීමය. මිනිසාගේ වැටීමේ නියම තත්වය නම් ආත්මාර්ථකාමිත්වය වන අතර දෙවියන්වහන්සේට එරෙහිව ඇති අනෙකුත් සියලූ අපරාධ ඒවාට පසුව පැමිණේ.

සෑම ආකාරයකින්ම පාපය යම් කෙනෙකු වෙතට හැරෙනු ලබයි; අප ජීවත් වන ආකාරය පිළිබදව තහවුරු කර ඇත. අප කෙරෙහි මෙන්ම අපගේ යහපත් ගුණාංග සහ කෞශල්‍යයන් පිළිබදව අවධානය යොමු කර ගනිමු. අප අපගේ අඩුලූහුඩුකම් අවම කර ගනිමු. අප විසින් විශේෂ උපකාරයන් ලබා ගැනීමට උත්සාහ දරන අතර අපට වෙන කිසිවකුට නොමැති අතිරේක ආවරණයක් අවශ්‍යය වූ අය වෙමු. අප අපගේ අවශ්‍යයතා ඕනෑ එපාකම් පිළිබදව පරීක්ෂාකාරී වි සිටින අතර අන් අයව නොසලකා හරිමු. කෙටියෙන් කිවහොත් අප අපව සිංහාසනය මත තබා දෙවියන්වහන්සේගේ කාර්‍යයභාරය පැහැර ගනිමුව.

ආදම් තම මැවුම්කාරයන්ට විරුද්ධව කැරළි ගැසූ විට ඔහුට සිය නිර්දෝෂීභාවය අහිමි වී ශාරිරක සහ ආත්මික මරණ දඩුවම ලබා ගත් අතර ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ මනස මෙන්ම ඔහුගේ සිත අඳුරු විය. අපොස්තුළු පාවුළු මිථ්‍යාදෘෂ්ඨිකයන් පිළිබදව සදහන් කරනු ලැබුවේ “තවද ඔවුන් දෙවියන් වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින් නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවා දුන්සේක” (රෝම 1:28). ඔහු විසින් කොරින්තිවාසීන්ට ප්‍රකාශ කරනු ලැබුටවේ “නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි අලෝකය නොබැබළෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය” (2 කොරින්ති 4:4). යේසුස්වහන්සේ ප්‍රකාශ කරන සේක් “මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයේ නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.” (යොහාන් 12:46) පාවුළු විසින් එපීසවාසීන්ට මතක් කර දෙනු ලැබුවේ “මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත් දැන් ස්වාමින්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න” (එපිස 5:8). ගැළවීමේ අභිමතාර්ථය වනාහී “ඔවුන් අන්ධකාරයෙන් අලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට යවමියි කීසේක” (ක්‍රියා 26:18).

මිනිසාගේ වැටීම මනුෂ්‍යයන් තුළ බලවත් දුෂ්චරිතයක් ඇති කළේය. පාවුළු “තමුන්ගේ හෘදසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ” (1 තිමොති 4:2) අය පිලිබදව සහ සත්‍යය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ මනසේ ආත්මික අඳුරුභාවයක් ඇති අය පිළිබදවද කථා කරනු ලැබීය (රෝම 1:21). මෙවන් තත්වයකදී දිව්‍යමය කරුණාව නොහැරෙන්නට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ පිළිගනු ලබන දේ තෝරා ගැනීමට හෝ කිරීමට නොහැක.” කුමක් හෙයින්ද මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරු කමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත් වෙන්ටත් බැරිය” (රෝම 8:7).

දෙවියන්වහන්සේගේ අධිස්වභාවික පුනරුත්ථානය නොමැති සියලූ මනුෂ්‍යයන් ඔවුන් වැටී සිටින තත්වයේම පසු වනු ඇත. උන්වහන්සේගේ කරුණාව, දයාව සහ ප්‍රේමණීය කරුණාවන්තකම තුළ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාව එවනු ලැබුවේ කුරුසිය මත මරණයට පත් වී අපගේ පාපයේ දඩුවම විදිනු සදහා මෙන්ම අපට දෙවියන්වහන්සේ හා සමග සමගි කිරීම සහ උන්වහන්සේ සමග සදාකාල ජීවනය ලබා ගනු වස්ය. මිනිසාගේ වැටීම කරණකොටගෙන නැතිවූ දෙය කුරුසිය මත නැවත ගොඩ නැගුණි.



නැවතත් සිංහල මුල් පිටුවට



මිනිසාගේ වැටීමෙන් මනුෂ්‍යයත්වයට බලපෑවේ කුමන අන්දමකින්ද?