ක්‍රියාවලින් තොර ඇදහිල්ල මිය යන්නේ ඇයි?


ප්‍රශ්නය: ක්‍රියාවලින් තොර ඇදහිල්ල මිය යන්නේ ඇයි?

පිළිතුර:
යාකොබ්තුමා පවසයි, "මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී ඇති සේම ක්‍රියාවෙන් තොර ඇදහිල්ලද මැරී ඇත" (යාකොබ් 2:26). ක්‍රියා නොමැතිව ඇදහිල්ල යනු මළ ඇදහිල්ලකි, මන්ද ක්‍රියා නොමැතිවීමෙන් වෙනස් නොවන ජීවිතයක් හෝ අධ්‍යාත්මිකව මිය ගිය හදවතක් හෙළිවේ. සැබෑ ගැලවීමේ ඇදහිල්ලෙන් පරිවර්තනයවූ ජීවිතයක් ලැබෙනු ඇති බවත්, අප කරන ක්‍රියාවලින් ඇදහිල්ල පෙන්නුම් කරන බවත් පවසන බොහෝ පද තිබේ. අප ජීවත්වන ආකාරය මගින් අප විශ්වාස කරනදේ සහ අප විශ්වාස කරනදේ ජීවමාන ඇදහිල්ලක්ද යන්න හෙළිවේ.

යාකොබ් 2:14-26 සමහරවිට ක්‍රියා මත පදනම්වූ ධර්මිෂ්ධ ක්‍රමයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ලෙස සන්දර්භයෙන් ඉවතට ගනු ලැබේ, නමුත් එය වෙනත් බොහෝ ශුද්ධ ලියවිලි පදවලට පටහැනිය. යාකොබ්තුමා අපේ ක්‍රියාවන් අපව දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ධ කරවන බව නොපවසයි, සැබෑ ගැලවීමේ ඇදහිල්ල යහපත් ක්‍රියාවලින් පෙන්නුම් කරයි. ක්‍රියා ගැලවීමට හේතුව නොවේ; ක්‍රියා ගැලවීමේ සාක්ෂියකි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල සැමවිටම යහපත් ක්‍රියාවලට හේතුවේ. කිතුනුවකු යැයි කියා ගන්නා නමුත් හිතාමතාම අකීකරුකමින් ක්‍රිස්තුස් වහන්සේට ජීවත්වන තැනැත්තාට ව්‍යාජ හෝ මළ විශ්වාසයක් ඇති අතර ගැලවීම නොලැබේ. පාවුල්තුමාමූලිකවම 1 කොරින්ති 6:9-10හි එකමදේ පවසයි. යාකොබ්තුමා එකිනෙකට වෙනස් ආකාරයේ ඇදහිලි දෙකක් දක්වයි. එනම් සැබෑ ඇදහිල්ල ගැලවීම සහ බොරුඇදහිල්ලයි මළ බව.

බොහෝ දෙනෙක් කිතුනුවන් යැයි කියා සිටියත් ඔවුන්ගේ ජීවිත හා ප්‍රමුඛතා වෙනත් ආකාරයකින් පෙන්නුම් කරයි. යේසුස්වහන්සේ මෙසේ පැවසුවා. "ඔවුන්ගේ පල වලින් ඔබ ඔවුන්ව දැන ගනු ඇත. මිනිසුන් කටු පඳුරු වලින් මිදි හෝ කටුපඳුරෙන් අත්තික්කා ගන්නවාද? සෑම හොඳ ගසක්ම හොඳ පල දරයි, කුණුවූ ගසක් නරක පල දරයි. හොඳ ගසකට නරක පල දැරීමටවත්, කුණුවූ ගසකට හොඳ පල දැරීමටවත් නොහැකිය. හොඳ පල නොදරන සෑම ගසක්ම කපා ගින්නට දමනු ලැබේ. එබැවින් ඔවුන්ගේ පල වලින් ඔබ ඔවුන් දැන ගනු ඇත. 'ස්වාමීනි, ස්වාමීනි' කියා මට පවසන සෑම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවෙති, ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ගේ කැමැත්ත කරන තැනැත්තා පමණි. එදින බොහෝ දෙනෙක් මට කියනු ඇත, 'ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබගේ නාමයෙන් අනාවැකි කීවේ නැද්ද? අපි ඔබේ නාමයෙන් භූතයන් පලවා හැරියේ නැද්ද? අපි ඔබේ නාමයෙන් බලවත් ක්‍රායා කළේ නැද්ද?'එවිට මම ඔවුන්ට පුකාශ කරමි, "මම ඔබව කිසිදා නොදැන සිටියෙමි. නපුරුකම් කරන්නෙනි, මා වෙතින්ඉවත්වන්න." (මතෙව් 7:16–23).

යේසුස්වහන්සේගේ පණිවිඩය යාකොබ්තුමාගේ පණිවිඩයට සමාන බව සැලකිල්ලට ගන්න. දෙවියන්වහන්සේට කීකරුවීම සැබෑ ගැලවීමේ ඇදහිල්ලේ සලකුණකි. ගැලවීම සමඟ ඇති කීකරුකම විදහා දැක්වීමට යාකොබ්තුමා ආබ්‍රහම් සහ රාහාබ්ගේ උදාහරණ භාවිතා කරයි. අප යේසුස් වහන්සේව විශ්වාස කරන බව පැවසීම අපව ගලවා ගන්නේ නැත, ආගමික සේවයද නොකරයි. අපව ගලවා ගන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් පුනර්ජීවනය කිරීම වන අතර, එම පුනර්ජීවනය අඛණ්ඩව දෙවියන් වහන්සේට කීකරුවීම ඇතුළත් ඇදහිල්ලේ ජීවිතයක දැකිය හැකිය.

ඇදහිල්ල හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධය වරදවා වටහා ගැනීම, ගැලවීම පිළිබඳව බයිබලය උගන්වනදේ තේරුම් නොගැනීමයි. ක්‍රියාවන් හා ඇදහිල්ල සම්බන්ධයෙන් දෝෂ දෙකක් තිබේ. පළමු වැරැද්ද නම්, පුද්ගලයෙකු යාච්ඤාවක් කළ විට හෝ "මම යේසුස්වහන්සේව විශ්වාස කරමි" යනුවෙන් පවසන තාක්කල්, ඔහුගේ ජීවිතයේ යම් අවස්ථාවකදී, ඔහු කුමක්වුවත්, ඔහු ගැලවීම ලබයි. කුඩා කාලයේදී සභාවේ මෙහෙයක් තුලදී අත එසවිම තුල පුද්ගලයෙකු ගැලවීම ලෙස සලකනු ලැබේ, ඔහු දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීමට කිසිවිටෙකත් කැමැත්තක් නොදැක්වුවද, ඇත්ත වශයෙන්ම අමූලික පාපයක ජීවත්වේ. සමහරවිට "තීරණාත්මක පුනර්ජනනය" ලෙස හැඳින්වෙන මෙම ඉගැන්වීම භයානක හා රැවටිලිකාර ය. ඇදහිල්ල පිළිබඳ වෘත්තියක් පුද්ගලයෙකු යක්ෂයා මෙන් ජීවත්වුවද ඔහු බේරා ගනී යන අදහස "ලෞකික කිතුනුවකු" ලෙස හඳුන්වන නව ඇදහිලිවන්තයෙකු උප කල්පනය කරයි. මෙය විවිධ අභක්තික ජීවන රටාවන්ට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩදෙයි: මිනිසෙකු පසුතැවිලි නොවූ කාමමිථ්‍ය්‍යාචාරකයෙකු විය හැකිය, බොරුකාරයා හෝ බැංකු මංකොල්ලකාරයා, නමුත් ඔහු බේරුණා; ඔහු නිකම්ම "ලෞකික"ය. එහෙත්, යාකොබ් 2 හි අපට දැකිය හැකි පරිදි, ඇදහිල්ලේ හිස් වෘත්තියක්, එනම් ක්‍රිස්තුස්වහන්සේට කීකරු ජීවිතයක් නොලැබෙන, යථාර්ථයේදී ගැලවීම විය නොහැකි මළ ඇදහිල්ලකි. ක්‍රියාවන් හා ඇදහිල්ල සම්බන්ධයෙන් ඇති අනෙක් දෝෂය නම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපව යුක්තිසහගත කරන දේවල කොටසක් බවට පත්කිරීමට උත්සාහ කිරීමයි. ගැලවීම ලබා ගැනීම සඳහා ක්‍රියාවන් හා ඇදහිල්ල මිශ්‍රකිරීම ශුද්ධලියවිල්ල උගන්වන දෙයට සම්පූර්ණයෙන්ම පටහැනිය. රෝම 4:5 පවසනවා, "වැඩ නොකරන නමුත් අභක්තිකයන් ධර්මිෂ්ධ කරන තැනැත්තා කෙරෙහි විශ්වාස කරන තැනැත්තාට ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ධකම ලෙස ගණන් ගැනේ." යාකොබ් 2:26 පවසයි, "ක්‍රියා නොමැතිව ඇදහිල්ල මැරී ඇත." මෙම ඡේද දෙක අතර ගැටුමක් නොමැත. ඇදහිල්ල කරණකොටගෙන අප ධර්මිෂ්ධ කරනු ලබන අතර හදවත කෙරෙහි ඇදහිල්ලේ ස්වාභාවික ප්‍රතිපල සියල්ලන්ටම දැක ගත හැකි ක්‍රියාවේ. ගැළවීම අනුගමනය කරන ක්‍රියා දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපව ධර්මිෂ්ධ නොකරයි. ඒවා හුදෙක් පුනර්ජනනීය හදවතින් ගලා එන්නේ ස්වාභාවිකවම දිය උල්පතකින් ජලය ගලා යාමෙනි.

ගැළවීම දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය ක්‍රියාවකි. එමඟින් පුනර්ජනනීය නොවන පව්කාරයෙකුට "පුනර්ජීවනය සේදීම හා ශුද්ධාත්මයාණන් අලුත් කිරීම" ඔහු මත වැගිරෙයි (තීතස් 3:5), එමගින් ඔහු නැවත ඉපදීමට හේතුවේ (යොහන් 3:3). මෙය සිදුවූවිට, දෙවියන්වහන්සේ සමාව දුන් පව්කාරයාට නව හදවතක් ලබාදී ඔහු තුළ නව ආත්මයක් තබයි (එසකියෙල් 36:26). දෙවියන්වහන්සේ ඔහුගේ පාපය දැඩි කළ ගල් ඉවත් කර ශුද්ධාත්මයාණන්ගෙන් පුරවනවා. ආත්මයාණන් වහන්සේ ගැලවීම ලැබූ තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවෙමින් ගමන් කරයි (එසකියෙල් 36:26-27).

ක්‍රියාවලින් තොර ඇදහිල්ල මැරී ඇත්තේ එය දෙවියන්වහන්සේ විසින් පරිවර්තනය නොකරන ලද හදවතක් හෙළි කරන බැවිනි. අප ශුද්ධාත්මයාණන් විසින් නැවත උත්පාදනය කළවිට, අපගේ ජීවිත මගින් එම නව ජීවිතය පෙන්නුම් කරනු ඇත. අපගේ ක්‍රියා දෙවියන්වහන්සේට කීකරුවීමෙන් සංලක්ෂිතවේ. අපගේ ජීවිත තුළ ආත්මයේ පල නිපදවීම තුළින් නොපෙනෙන ඇදහිල්ල දැක ගත හැකිය (ගලාති 5:22). කිතුනුවන් අයත් වන්නේ යහපත් එඩේරාණන් වන ක්‍රිස්තුස්වහන්සේට ය. උන් වහන්සේගේ බැටළුවන් ලෙස අපි උන්වහන්සේගේ හඩ අසා උන්වහන්සේව අනුගමනය කරන්නෙමු (යොහන් 10:26-30).

ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මැරී ඇත්තේ ඇදහිල්ල නව මැවිල්ලකට හේතුවන නිසා මිස එකම, පව්කාර හැසිරීම් රටාවන් පුනරාවර්තනය නොවන බැවිනි. පාවුල් 2 කොරින්ති 5:17 හි ලියා ඇති පරිදි, "යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම්, ඔහු අලුත් මැවිල්ලකි. පරණ දේවල් පහව ගොස් ඇත; බලන්න, සියල්ල අලුත්වී ඇත. "

ක්‍රියා නොමැතිව ඇදහිල්ල මැරී ඇත්තේ එය දෙවියන්වහන්සේ විසින් නැවත උත්පාදනය නොකළ හදවතකින් පැමිණෙන බැවිනි. ඇදහිල්ලේ හිස් වෘත්තීන්ට ජීවිත වෙනස් කිරීමට බලයක් නැත. ඇදහිල්ල ඇති බව කියා සිටින නමුත් ආත්මයාණන් නොමැති අය ක්‍රිස්තුස්වහන්සේම ඔවුන්ට පවසනු ඇත, "මම ඔබව කිසිදා දැන නොසිටියෙමි. දුෂ්ටයෙනි, මා වෙතින් ඉවත් වන්න" (මතෙව් 7:23).

English


නැවතත් සිංහල මුල් පිටුවට
ක්‍රියාවලින් තොර ඇදහිල්ල මිය යන්නේ ඇයි?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න