settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා විද්‍යාව පරස්පර විරෝධිද?

පිළිතුර


විද්‍යාව නම් “නිරික්‍ෂණය, හඳුනාගැනීම, විස්තරය, අත්හදාබැලීම, විමර්ශනය හා සිද්ධාන්තමය තේරුම් කර දීම බහුවචන රූපයන්හි.” විද්‍යාව තුළින් මිනිසාට ස්වභාවික විශ්වය පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගත හැක. එය දැනුම සොයනවා නිරික්‍ෂණය හරහා. විද්‍යාවේ ඉදිරිපත් කිරීම මනුෂ්‍ය තර්කය හා කල්පනාව වෙතට යොමුවීම පැහැදිලි කරයි. කෙසේ වෙතත්, කිතුනුවෙකු විද්‍යාව කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිම විටක අපි දෙවියන් වහන්සේ ගැන දක්වන විශ්වාසය මෙන් නොවිය යුතුය. කිතුනුවෙකුට දෙවියන් වහන්සේ දෙස ඇදහිල්ල තැබිය හැකි අතර විද්‍යාවට ගෞරව කළ හැක. සම්පූර්ණ කුමක්ද අසම්පූර්ණ කුමක්ද කියා අප දන්නා තෙක්.

දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ඇදහිල්ලේ විශ්වාසයයි. ගැලවීම පිණිස උන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අපි විශ්වාස කරනවා. උන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තබනවා උපදේශ වලට, හා උන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් කෙරෙහි විශ්වාස කරනවා මග පෙන්වීමට. දෙවියන් වහන්සේ කෙරෙහි වූ අපගේ ඇදහිල්ල සැබෑ විය යුතුය. අපි දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තබන කල්හි අපි යැපෙන්නේ සම්පූර්ණ, සර්වබලධාරි, සර්වඥ මැවුම්කරුවකුටයි. විද්‍යාව කෙරෙහි අපගේ ඇති විශ්වාසය බුද්ධිය පිළිබඳව මිස ඊට වඩා නොවිය යුතුය. බොහෝ විශාල දේවල් කිරීමට විද්‍යාවෙන් අප බලාපොරොත්තු විය හැක. නමුත් එලෙසම විද්‍යාවෙන් බොහෝ වැරදිද බලාපොරොත්තු විය හැක. අප විද්‍යාව කෙරෙහි විශ්වාසය තැබුවොත්, අපි අසම්පූර්ණ දෙයක් මත යැපෙනවා, පව්කාර, සීමාසහිත මරණයට පත්වන මිනිසා, මත යැපෙනවා. ඉතිහාසය පුරාවට බොහෝ දේ පිළිබඳව විද්‍යාව වරද්දා ගෙන ඇත. පොළවේ හැඩය, බලවත්වූ සංක්‍රමය එන්නත්, රුධීර පාරවිලයනය හා ප්‍රජනනය පවා. දෙවියන් වහන්සේට කවදාවත් වැරදිලා නැත.

සත්‍ය කිසිවිටක බිය විය යුතු නැත, එමනිසා යහපත් විද්‍යාව ගැන කිතුනුවකු බියවිය යුතු නැත. දෙවියන් වහන්සේ මේ විශ්වය නිර්මාණය කර ඇති අයුරු ගැන තවත් ඉගෙනගැනීමෙන් මුළු මිනිස් සංහතියටම උපකාර කරනවා විශ්වයේ අලංකාරය අගය කිරීමට. අපගේ දැනුම පුළුල් කිරීමෙන් අපට උපකාර කරනවා තරඟයේ ආබාධය, අවිද්‍යාව හා වරදවා වටහා ගැනීම් තේරුම් ගැනීමට. කෙසේ වෙතත් විද්‍යාඥයින් මිනිස් තර්කය මත ඔවුන්ගේ විශ්වාසය තැබීම භයානකයි. අපගේ මැවුම්කරුවා කෙරෙහි විශ්වාසයට ඉහලින් මෙවැනි මිනිසුන් යම් ආගමකට බැඳී ඇති කෙනෙකුට වඩා වෙනස් නැත. ඔවුන් මිනිසා කෙරෙහි විශ්වාස කිරීමට තෝරාගෙන ඇත. එමෙන් එම විශ්වාසය ආවරණය කිරීමට සාධකද සොයා ගනී.

තවමත් තර්කාන්විත විද්‍යාඥයින් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට පවා අදිමදි කරන අය. විශ්වය පිළිබඳව අපට ඇති සම්පූර්ණ දැනුමේ අසම්පූර්ණ තාවයක් ඇති බව පිළිගනී. ඒ වගේම ඔවුන් පිළිගන්නා දෙය නම් දෙවියන් වහන්සේව වත් බයිබලයවත් බොරු යැයි විද්‍යාව මගින් ඔප්පු කළ නොහැකි බව. හරියට ඔවුන්ගේ සමහර ඉදිරිපත් කිරීම් ඔප්පු කිරීමත් නොකිරීමටත් නොහැකිව තිබෙන්නාක් මෙන්. විද්‍යාව සැබවින්ම ස්වභාවික විනය හැසිරවීමකි. සැබෑව පමණක් සොයන, වැඩි දියුණු න්‍යාය පත්‍රයකින් නොවේ.

බොහෝ විද්‍යාවේ දේවල් දෙවියන් වහන්සේගේ ක්‍රියාව හා පැවැත්මට එකඟව ක්‍රියා කරයි. ගීතාවලිය 19:1 පවසනවා “අහස දෙවිදුන්ගේ මහිමය ප්‍රකාශ කරයි, ගුවන්තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.” නූතන විද්‍යාවට අනුව සොයාගෙන ඇති විශ්වය පිළිබඳ බොහෝ දේ සාධක මැවිල්ල තුළ අපට සොයා ගත හැක. පුදුමාකාර සංකීර්ණතාවය හා ඩි. එන්. ඒ. වලට ප්‍රති උත්තරය අපහැදිලි හා එකිනෙකට පෑහෙන නීති භෞතික විද්‍යාවේ හා නිශ්චිත ප්‍රසංවාදය කොන්දේසි වල හා රසායන විද්‍යාව මේ පොළවේ සේවය කරනවා බයිබලයේ පණිවිඩයට උපකාරයක් ලෙසට. කිතුනුවකු විසින් සැබෑව සොයන විද්‍යාව වැළඳගත යුතුය. නමුත් මනුෂ්‍ය දැනුම දෙවියන් වහන්සේට වඩා ඉහලට දමන්ට හදන “විද්‍යාවේ පූජකයන්ව” එපා කළ යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල හා විද්‍යාව පරස්පර විරෝධිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries