settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


බොහෝ අය කතා කරන්නේ “යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම” ගැනයි. නමුත් මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

“යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල” යන වාක්‍ය ඛණ්ඩය බයිබලය භාවිතා කරයි. රෝම 3:22-23 පවසනවා “ධර්මිෂ්ඨකම ලබා දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන. යුදෙව්වන් හා අන්‍යජාතිකයන් අතර වෙනසක් නැත. මන්ද, සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීන වී සිටිති. ” අප යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තැබූ විට, අපි උන් වහන්සේව විශ්වාස කරමු, දෙවියන්වහන්සේ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට ලබා දෙයි.

යේසුස්වහන්සේව ඇදහිම යනු උන් වහන්සේව විශ්වාස කිරීමයි. සම්පූර්ණයෙන්. වෙන් කිරීමකින් තොරව. එක් අවස්ථාවකදී, යේසුස්වහන්සේ අන්ධයන් දෙදෙනෙකු සුව කිරීමට පෙර, “මට මෙය කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවාද? “ඔව්, ස්වාමීනි” කියා ඔවුහු පිළිතුරු දුන් අතර, “ඔවුන්ගේ ඇදහිල්ලට අනුව” උන්වහන්සේ ඔවුන්ව සුව කළේය (මතෙව් 9:28-29). පුරුෂයන් ස්වාමින්වහන්සේගේ බලය හා යහපත්කම කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔවුන්ට පෙනීම ලැබුණි.

පුද්ගලයෙකුට යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් ඇති විට, එයින් අදහස් කරන්නේ ඔහු හෝ ඇය යේසුස්වහන්සේ (දෙවියන්වහන්සේ මිනිස් ස්වරූපයෙන්) විශ්වාස කරන බවත්, යේසුස්වහන්සේ කළ දේ විශ්වාස කරන බවත්ය (මිය ගොස් නැවත නැඟිටුවනු ලැබේ). ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලයා හා ක්‍රියාව කෙරෙහි ඇති මෙම ඇදහිල්ල ගැලවීමකි (රෝම 10:9-10; 1 කොරින්ති 15:3-4 බලන්න). “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යැයි විශ්වාස කරන සෑම කෙනෙක්ම දෙවියන්වහන්සේගෙන් උපත ලැබූවෝය” (1 යොහන් 5:1).

යොහන් 3:16 පවසනවා, “දෙවියන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියනවා නම්, උන්වහන්සේ තම එකම පුත්‍රයාව දුන්නේය. උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සියල්ලෝ විනාශ නොවී සදාකාල ජීවනය ලබති.” ප්‍රධාන දෙය නම් දෙවියන්වහන්සේගේ ප්‍රේමයට ප්‍රතිචාර වශයෙන් විශ්වාසයයි. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන ඕනෑම කෙනෙකුට සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුවී ඇත.

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලකින් තොරව, අප පාපයේ රැඳී සිටින අතර දෙවියන්වහන්සේගේ පරිපූර්ණ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිගැනීමට නොහැකිය. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, අපට දෙවියන්වහන්සේගේම දරුවන් ලෙස පියාණන් වහන්සේ වෙතට පිවිසිය හැකිය (යොහන් 1:12).

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම යනු ගැලවීමේ වෙනත් සියලු මාර්ග ප්‍රතික්ෂේප කිරීමයි. අපට යේසුස්වහන්සේ සහ වෙනත් කිසිවක් විශ්වාස කළ නොහැකිය. අපි විශ්වාස කරන්නේ යේසුස්වහන්සේ ගැන පමණයි. “ගැළවීම වෙන කිසිවෙකු තුළ දක්නට නොලැබේ. මක්නිසාද අප ගැලවීම ලැබිය යුතු වෙනත් නාමයක් ස්වර්ගයට යටින් මනුෂ්‍ය වර්ගයාට දී නැත” (ක්‍රියා 4:12). ගැලවීම පමණක්ම නොවේ. යේසුස්වහන්සේ එකම මාර්ගයයි (යොහන් 14:6).

යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමට ඔබ සූදානම්ද? ඔබව ගලවා ගැනීමට ඔබ උන්වහන්සේව විශ්වාස කරනවාද? ඔබ යාච්ඤා කළ යුතු විශේෂ යාච්ඤාවක් නොමැත. කෙසේ වෙතත්, ඔබට මේ හා සමාන යාච්ඤාවකින් දැන්ම ප්‍රතිචාර දැක්විය හැකිය:

“ආදරණීය දෙවියනි, මම පව්කාරයෙක් බවත් මගේ යහපත් ක්‍රියාවලින් කිසි විටෙකත් ස්වර්ගයට යා නොහැකි බවත් මම තේරුම් ගතිමි. මේ මොහොතේ මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස මාගේ ඇදහිල්ල තබමි. මම විශ්වාස කරන්නේ යේසුස්වහන්සේ ගැන පමණයි. කරුණාකර මාගේ පව්වලට සමාව දී ඔබ වෙනුවෙන් ජීවත් වීමට මට උදව් කරන්න. මාව පිළිගෙන මට සදාකාල ජීවනය ලබා දීම ගැන ඔබට ස්තූතියි. ”

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස්වහන්සේ පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries