settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ තුළ විශ්වාසය / ඇදහිල්ල, සැරයටියක්ද / ආධාරකයක්ද / කිහිලිකරුවක්ද?

පිළිතුර


මිනසෝටාහි හිටපු ආණ්ඩුකාරවරයා වන ජෙස්සේ වෙන්තුරා, වරක් මෙසේ පවසන ලදී. "දුර්වල මනසක් ඇති සංඛ්‍යාත්මකව ශක්තිය අවශ්‍ය අයට සංවිහිත ආගම රුවටිල්ලක් සහ සැරයටියක් /ආධාරකයක් / කිහිලිකරුවක්ය". එවැන්නෙක් හා එකඟවීම අශ්ලීල රචනාකරුවෙක් වීම බව ලැරී ෆ්ලින්ට් අදහසක් දක්වන ලදී." එහි (ආගමෙහි) කිසිදු හොඳක් නැති බව මට පැවසීමට හැකි අතර. මනුෂ්‍යයන් එය ආධාරකයක්සේ / කිහිලිකරුවක්සේ පරිහරණය කරයි". ටෙඩ් ටර්නර් වරක් මෙසේ පවසන ලදී. "කිතුණු ධර්මය අසාර්ථකවන්නන් උදෙසා වූ දහමයයි". වෙන්තුරා, ෆ්ලින්ට්, ටර්නර් සහ ඔවුන් සේ සිතන අය, කිතුණුවන් චිත්තවේගී දුර්වලයන් සහ ජීවිතය ජය ගැනීම සඳහා කල්පිත අනුග්‍රහයක් අවශ්‍ය අය සේ සලකයි. ඔවුන්ගේ වක්‍රෝක්තිය නම් ඔවුන් ඉතාමත් ශක්තිමත් පුද්ලයගන් බවත්, කියනු ලබන දෙවියන් වහන්සේගේ උදව්වක් තමන්ගේ ජීවිත වලට අවශ්‍ය නොවන බවත් සලකනු ලැබේ.

එවැනි ප්‍රකාශයන් ප්‍රශ්ණ ගණනාවක් මතු කරනු ලබයි. එවැනි චින්තයන් ආරම්භවූයේ කොහෙන්ද? එහි යම් සත්‍යතාවයක් වෙත්ද? බයිබලය එවැනි තිරසර ප්‍රකාශ කිරීම් වලට පිළිතුරු සපයන්නේ කෙසේද?

දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල සැරයටියක්ද/ආධාරකයක්ද/කිහිලිකරුවක්ද? ෆ්‍රොයිඩ් ගේ බලපෑම

සිග්මන් ෆ්‍රොයිඩ් (1856-1939) ඔස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥයෙකු වු අතර ඔහු මනෝවිශ්ලේෂණ පරිචය ප්‍රතිස්ථාපිත කළ අය වූ අතර, විසඥ චේතනාවන් මිනිසාගේ චර්යාව ලියා ගැනීම පිණිස කියවන, සිද්ධාන්ත ක්‍රමයක් ඇති කරණ ලදී. අදේව වාදයේ දිනුම්කරුවා / වීරයා වුවත්, ඉතිහාසය පුරාවට ගණන් කළ නොහැකි තරම් සෙනඟකට ආගමික විශ්වාසය / ඇදහිල්ල සහනය / සැනසිල්ල සපයා ඇති බවත්, ධර්මයෙහි ඇති සත්‍යතාවය කිසිදිනක විසාධනය කළ නොහැකි බවත් ෆ්‍රොයිඩ් ඒත්තු ගත්තේය. කෙසේ වුවද ෆ්‍රොයිඩ් ගේ සිතිවිල්ල වූයේ දේව සංකල්පය මිත්‍යාමතයක් බවය. ඔහුගේ එක් ආගමික කර්මාන්තයකදී, "ඔවුන් (ඇදහිලිවතුන්) ඔවුන්ගේ "දෙවියන් වහන්සේට" නාමයන් තබනු ලබන්නේ තමන්ම සාදාගත් නොපැහැදිලි නියමයක් නැති දෙයකටය" යන්න, "අනාගතය පිළිබද මායාව" "The Future of an illusion" යන පොතෙහි ලියා තබන ලදී.

එවැනි මිත්‍යා මතයන් නිර්මාණය කිරිම සඳහා පෙළඹවීම, පිළිබඳ ෆ්‍රොයිඩ් මූලික කරුනු දෙකක් විශ්වාස කළේය. 1. ජීවිතයේ කර්කශකමට විරුද්ධව සහනය සැනසුම ලබන්නට, ඔවුන් තුළ තිබෙන්නාවූ ඔවුන්ගේ ප්‍රබල ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු ඉටු කරගැනිමට ඇදහිල්ලේ මනුෂ්‍යයන් ඔවුන්ටම දෙවිවරුන් නිර්මාණය කරගනී. 2. දේව කල්පනය පැමිණෙන්නේ, නොපවතින හෝ අසම්පූර්ණ තාත්වික පියෙකු ඇති බැවින්, ග්‍රහණයට අසුනොවීමට ශාන්ත පියෙකුගේ ස්වරූපය, ආගමානුකුල / භක්තිවන්ත මනසකින් හෙබි පුද්ගලයෙකලගේ අවශ්‍යතාවය නිසාය. ආගමානුකුල කියනු ලබන ප්‍රාර්ථනා සම්පූර්ණ කරගැනීමේ කරුන පිළිබඳ ෆ්‍රොයිඩ් ප්‍රකාශ කරනු ලැබුවේ, "ඔවුන්ගේ ( ආගමික විශ්වාසයන්) මිත්‍යාවන්ය. පුරාතන, ප්‍රබල ඉතාමත් ඉක්මනින් සිදුවිය යුතු සම්පූර්ණ බලාපොරොත්තුන් සපුරාලීම වුවද මනුෂ්‍යය සංහතියේ මිත්‍යාවක් බවත්ය. අප විශ්වාසයක් මිත්‍යාවක් ලෙස පවසන්නේ, ඉෂ්ටා පූර්තිය චේතනාවලිය එහි ප්‍රධාන කරුණ වීම නිසා සත්‍යයට ඇති සම්බන්ධතාවය අප නොසලකා හැරීම මඟින්, මායාවක්ද සත්‍යාපනය පිළිබඳ කිසිදු සැපයීමක්ද නැත".

ෆ්‍රොයිඩ්ට, තමාගේම දෙයක් සමඟ පොරබදන, සත්‍යයවාදයට මුහුණ දීමට අකමැති තනි පුද්ගලයන් ආරක්‍ෂා කරන්නට මෙහෙ කරන්නාවූ මනෝමය ව්‍යාපෘතියක් හැරෙන්නට දෙවියන් වහන්සේ වෙන කිසිවක් නොවේය. ෆ්‍රොයිඩ්ට පසුව ආවාවූ සමහර එම දෙයම පැවසූ විද්‍යාඥයින් සහ දර්ශනවාදීන් පවසන ලද්දේ ආගම සිත තුළම බිහිවන මායාවක් / මිත්‍ය විශ්වාසයක් බවය. දර්ශණවාදියෙක් සහ අමෙරිකානු ග්‍රන්ථ කතුවරයෙක් වන රොබට් පර්සිග්, ෆ්‍රොයිඩ් අනුගාමිකයින් සංකේතවත් කරමින් කියා සිටියේ "එක් මනුෂ්‍යයෙක් මයාවකට අසුවූවිට එය පිස්සුවක් ලෙස හදුන්වන අතර, බොහෝ මනුෂ්‍යයන් මායාවකට, මිත්‍යා විශ්වාසයකට අසුවූවිට එය ආගමක් ලෙස හදුන්වනු ලබන බවය."

ඉහත සඳහන් චෝදනා පිළිබඳව කිනම් ලෙස පෙනේද? ෆ්‍රොයිඩ් සහ අන් අය පවසන ලද දේවල් සහතික කිරීමට යම් සත්‍යයක් වේද?

"කිහිලිකරු / ආධාරක / සැරයටි" ජන සමූහයේ හිමිකම් පිරික්සීම.

මෙම හිමිකම් පිළිබඳව අවංකවම පරික්‍ෂා කිරීමේදී, පළමුව හදුනා ගත යුත්තේ, තිරසාරව ප්‍රකාශ කරන ඔවුන්ගේ හිමිකම් මොනවාද යන්නයි. ආගම උපහාසයට ලක්කරන, සරදම් කරන අය පවසන්නේ කිතුණුවන් මනෝමය සහ ඉෂ්ට පූර්තිය කරුනු වලට නැඹුරුව සිටින බවත්, ඒවා සැකයෙන් සහ ප්‍රශ්ණ වලින් පිරුන ඒවා බවත්ය. නමුත් ඒ බව ඔවුන් දැනගන්නේ කෙසේද? උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩ් හැඟීම්බර අවශ්‍යතාවයෙන් පිරුන සෙනඟට පිය ස්වරූපය සහිත කෙනෙක්, ප්‍රකාරයක් බලකොටුවක් ලෙස පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය දුටුවේය. නමුත් එලෙසම පිය ස්වරූපය දරණ කෙනෙකු අවශ්‍ය පැවතිය යුතු නොවන බවට ෆ්‍රොයිඩ් උවමනාවක / හැඟීමක් තිබුණායයිද දන්නේ කවුද? ඒ සමඟම ෆ්‍රොයිඩ්ට ශුද්ධ දෙවියන් වහන්සේ සහ විනිශ්චයත් ඊළඟ උපතේ නොපැවතිය යුතු බවටත්, නිරය තාත්වික / අව්‍යාජ එකක් නොවිය යුතු බවටත් ප්‍රාර්ථනාවක් තිබුණාදැයි දන්නේ කෙසේද? එවැනි සිතුවිල්ලක් පිළිබඳ ප්‍රදර්ශණය කිරීමක් වතාවක් ෆ්‍රොයිඩ් ලියන ලද වාක්‍යකින් ප්‍රකාශ වේ. "විශේෂයෙන් මට එහි ඇති නරකම කොටසනම්, සියල්ල පිළිබඳ විද්‍යාත්මකදේ දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ අවධාරණය කරයි"

ෆ්‍රොයිඩ් සහ ඔහුගේ අනුගාමිකයින් ඔවුන්ගේ තත්වය පිළිබඳව විවාද කර ඇති බවත්, දෙවියන් වහන්සේගේ පැවැත්මට ඉහළින් සහ එය පාලනය කිරීමට හැකි ඉතා පැහැදිලි "අවධානග්‍රාහි" සාක්‍ෂියක් මිත්‍යාවක බලාපොරොත්තුවක් මැවිය යුතු බවට කියා සිටියෝය. එසේ වුවද එය තමන්ට වියහැකි දෙයක් බව නොසැළකුවෝය. කෙසේ වුවද සමහර අදේවවාදීන්, අවංකත්වයෙන් යුතුව සහ විවෘතව මෙය වියහැකි බවට පිළිගන්නා ලදී. එය මෙය අවසාන කිරීමට සාධාරණ කරුණක් ලෙස පෙනේ. උදාහරණයක් ලෙස එක් අදේවවාදියෙක් / මහාචාර්යවරයෙක් / දාර්ශණිකවාදියෙක් වන තෝමස් නගේල් වතාවක් මෙලෙස පවසන ලදී. "මට අදේවවාදය සැබෑවක්වීම මට අවශ්‍යය, නමුත් මම අපහසුතාවයට පත්වන්නේ මම හොඳින් හදුනන ඉතාමත් ඥානවන්ත පුද්ගලයන් සහ හොඳ දැනුම් තේරුම් ඇති පුද්ගලයන් භක්තිවන්ත ආගමික ඇදහිලිවතුන් වීම නිසාය. දෙවියන් වහන්සේ මම විශ්වාස නොකරනවා නොවේ, නමුත් ස්වභාවයෙන්ම මගේ විශ්වාසය තුළ මම නිවැරදි යයි සිතමි. එයින් මා බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් නොමැති බවය. එහි දෙවියන් වහන්සේ කෙනෙක් සිටීම මට අවශ්‍ය නොවේ. විශ්වයට එසේ සිදුවීමද මට අවශ්‍ය නැත".

තවත් සලකා බැලිය යුතු මනසේ තබා ගත යුතු කාරණයක් නම් කිතුණු දහමෙහි සියලු පැති සහනය ගෙන දෙන්නේ නැති බවය. උදාහරණයක් ලෙස, නිරය පිළිබඳ ධර්මය වන තමන්ම, තමන් විසින් දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්ට බැරි මනුෂ්‍යය සංහතිය පව්කාරයන් බවත්, තවත් ඊට සමානවූ වෙනත් ඉගැන්වීම් උණුසුම් අපැහැදිලි ඒවා නොවේය. මෙවැනි ධර්මයන් ඇතිවීම ෆ්‍රොයිඩ් විස්තර කරන්නේ කෙසේද?

ඉහත ප්‍රශ්ණය හා සම්බන්ධ පැනනඟින සිතිවිල්ලක් වන්නේ "මන්ද" යන්නය. මනුෂ්‍යය සංහතිය තමන්ට යම් සහනයක් ලැබෙන පිණිස දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය සොයා ගනු ලැබුවේනම් ශුද්ධ දෙවියන් වහන්සේ පිළිබඳ බොරු ප්‍රබන්ධයක් ගොතයිද? එවැනි දෙවියන් වහන්සේ කෙනෙක් සෙනඟගේ ස්වාභාවික ආශාවන් සහ ප්‍රයෝගික ක්‍රියාවන් සමඟ තරඟ වදිනවා ඇත. එලෙසම එවැනි දෙවියන් වහන්සේ කෙනෙක් නැවත ඇති වේනම් ඒ අවසාන දෙවියා විය යුතුය, මන්ද යත් යමෙක් ස්වභාවයෙන්ම තමන් කරන්ට කැමති වූ දෙයට එකඟවන එම ප්‍රායෝගික ක්‍රියාවල් "පාපිෂ්ට" යයි හංවඩු නොගසන්නාවූ දෙවි කෙනෙකු සාදා ගැනීමට එකඟවනවා ඇත. (සමහර කාරණා පිළිබඳ තවමත් විස්තර නොකරන ලද).

අවසාන ප්‍රශ්ණය නම්: මූලික වශයෙන් ආගමට ආගන්තුකයන් වන සහ ආගමක් ඇදහීමට අකමැති සෙනඟ පිළිබඳ "සැරයටිකරුවන් / ආධාරකරුවන් / කිහිලිකරුවන් විස්තර කරන්නේ කෙසේද? එවැනි සෙනඟට කිතුණු දහම සත්‍යය විය යුතුයි කිසිදු ආශාවක් හෝ ප්‍රාර්ථනාවක් තිබුණේ නැත. නමුත් සාක්‍ෂින් පිළිබඳ අවංක විභාග කිරීමකින් පසුව එහි "සත්‍යවාදී" බව පිළිගැනීමෙන් පසුව ඔවුන් "ඇදහිලිවන්තයන්" බවට පත්වූවෝය. ඉංග්‍රීසි විශාරදයෙකු වන සී. එස්. ලුවිස් එවැනි පුද්ගලයෙක්ය. එංගලන්තය පුරාවටම එවැනි පසුබට / අකමැති හැරීමක් සිදු වූ එකම පුද්ගලයා ඔහුය. වචනානුසාරයෙන් කියතොත් ඔහුව ඇදහිල්ලට ගෙනෙනු ලැබුවේ පොළොවට පයින් ගසමින් කෑමොරදෙන වෙලාවක ඇදගෙනය. මන්ද යත් ඉෂ්ට පූර්තිය සුන්දර මායාවක පැටලී සිටි ඔහුගෙන් එවැනි ප්‍රකාශයක් බලාපොරොත්තුවීම උගහටය.

මෙවැනි කරුනු සහ ප්‍රශ්ණ "කිහිලිකරු / ආධාරකරු / සැරයටි" සෙනඟ ඉතා පහසුවෙන්ම නොසලකා හරින ලදී. නමුත් ඔවුන්ගේ ප්‍රකාශයන් පිළිබඳව බයිබලයට පැවසීමට ඇත්තේ කුමක්ද? මෙවැනි ඔවුන්ගේ උපදේශයන්ට බයිබලය පිළිතුරු සපයන්නේ කෙසේද?

දෙවියන් වහන්සේ තුළ විශ්වාසය කිහිලිකරුවක්ද/සැරයටියක්ද? බයිබලය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

සෙනඟ තමන්ට ආධාරකයක් / කිහිලිකරුවක් / සැරයටියක් සේ දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය නිපදවු බවට කරන ප්‍රකාශ වලට බයිබලය ප්‍රධාන කාරණා තුනකින් ප්‍රතිචාර දක්වයි. පළමුව, දෙවියන් වහන්සේ සෙනඟ තමන් උදෙසා සහ මනුෂ්‍යය සංහතිය තමන් සමඟ සම්බන්ධතාවයන් පවත්වන පිණිස සාදන ලද බව පවසයි. මෙම කරුණට අනුව ඔගස්ටින් නැමැත්තා මෙසේ ලියන ලදී. "ඔබතුමන් උදෙසා ඔබ අප සාදන ලදී. අහෝ ස්වාමීනි! ඔබ වහන්සේ තුළ අප විවේක ලබන තුරු අපගේ හදවත් අවිවේකියයි" පවසන ලදී. බයිබලය පවසන්නේ මනුෂ්‍යය සංහතිය දෙවියන් වහන්සේගේ ස්වරූපයට අනුව සාදන ලද බවය (උත්පත්ති 1:26). මෙය සැබෑවය, දෙවියන් වහන්සේ පිළිබඳ අපට ආශාවක් ඇත්තේ, එවැනි ආශාවක් ඇතුව අප සාදන ලද බැවින්ය කියා විශ්වාස කිරීම සාධාරණ නොවේද? මැවිල්ල සහ මැවුම්කරුවා අතර දිව්‍යමය ඇඟිලි සටහනක් සහ සම්බන්ධතාවයක් පවතින්නට නොහැකිද?

දෙවනුව: ෆ්‍රොයිඩ් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ ප්‍රකාශයන්ට ප්‍රතිලෝම වශයෙන් සෙනඟ සැබවින්ම ක්‍රියා කරන බව බයිබලය පවසයි. මනුෂ්‍යය සංහතිය දෙවියන් වහන්සේට විරුද්ධව කැරළිකාර බවත්, එතුමන්ට ආශාවීම වෙනුවට ස්වභාවයෙන්ම එතුමන්ව එපා කරන බවත් බයිබලය පවසයි. එවැනි ප්‍රතික්‍ෂේප කිරීමත් දෙවියන් වහන්සේගේ උදහස ඔවුන් මත පැමිණීමට හේතුවේ. සැබෑවනම් දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යතාවය යටපත් කරන්ට හැකි සෑම දෙයක්ම ස්වභාවයෙන් මනුෂ්‍යයා කරන බවය. ඊට සමානවූ ප්‍රකාශයක් පාවුල්තුමා ලියන ලදී. "මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද, අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන් වහන්සේ ගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ ගැන දැන ගන්ට පුළුවන්දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ. කුමක් හෙයින්ද දෙවියන් වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශ කළ සේක. මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදශ්‍යමානදේ වන උන්වහන්සේගේ සදාකාලික බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනී යන්නේය. එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති. මක්නිසාද ඕව්හු දෙවියන් වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්ක වලින් නිරර්ථක බවට පැමුණුණෝය. ඔවුන්ගේ අඥාන සිත්ද අ෿ුරු විය. තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින්, ඕව්හු අඥානයෝ විය (රෝම 1:18-22). පාවුල්තුමාගේ ප්‍රකාශය අනුව මැවිල්ල තුළින් දෙවියන් වහන්සේ සැමටම ප්‍රත්‍යක්‍ෂයය. එය සී. එස් ලුවිස් මෙසේ ලියා තබමින් අලංකාර ලෙස සම්පිණ්ඩනය කරන ලදී. "අපට නොසලකා හරින්නට හැකිය නමුත් අපට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් කොතැනකටවත් පලායාමට නොහැකිය. ලොව එතුමාණන් වහන්සේගෙන් පිරී තිබේ."

ෆ්‍රොයිඩ්ද තමන්ම ආගම "සතුරා වු බව" පිළිගත් අතර, ආත්මීක ප්‍රදීපනය ලබන්නට ප්‍රථම මනුෂ්‍යය සංහතිය දෙවියන් වහන්සේ ගේ සතුරා දෙවි෿ුන් සැබවින්ම පෙන්වා දෙනු ලැබුවේ මෙලෙසය. මෙය පාවුල්තුමාද පිළිගත් දෙයක් විය. " මක්නිසාද අප සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟි කරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව (රෝම 5:10 අවධාරණය කිරීම් එකතු කරන ලදී).

තුන්වෙනුව : ජීවිතය දුෂ්කර බවත් අමාරුකම් පොදු සාමාන්‍ය දෙයක් බවත් මරණ භය අප හැම කෙනෙක්ම අත්දකින බවත් බයිබලය එය තුළම ප්‍රකාශ කරයි. අප වටා ඇති ලෝකය තුළ මෙම සත්‍යයතාවයන් සියල්ල පැහැදිලිව දක්නට තිබෙන දේවල්ය. දුෂ්කර අවස්ථා වල එයින් මිදෙන්නට දෙවියන් වහන්සේ උපකාර කරන බවත් මරණ භයෙන් යේසුස් වහන්සේ ජයගත් බවත් බයිබලය අපට ප්‍රකාශ කරයි. යේසුස් වහන්සේම මෙසේ පැවසූ සේක. "ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ" මෙයින් යේසුස් වහන්සේ ප්‍රකාශ කිරිමට උත්සාහ දරනු ලබන්නේ ජීවිතයේ දුෂ්කරතා පවතින බවය. නමුත් එතුමාම මෙසේ පවසන ලදී. "ධෛර්‍යයමත් වන්න" එතුමාණන්ගේ අනුගාමිකයින් අවසාන ජයග්‍රහනය සඳහා එතුමාණන් දෙස බැලිය යුතුය (යොහාන් 16":33).

දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ සෙනඟ සලකන බවත් සහ උපකාර කරන බයිබලය පවසන අතරම එතුමාණන් තමන්ගේ අනුගාමිකයන්ට එකිනෙකාට උපකාර කරන පිණිසත් එකිනෙකාගේ බර උසුලන පිණිසත් අණ කරයි (ගලාති 6:2). මනුෂ්‍යයන් වෙත දෙවියන් වහන්සේගේ සැලකීම ගැන කතා කරන කල්හි, පේත්‍රස්තුමා මෙසේ ලියන ලදී. "එබැවින් සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙයල්ලා. උනවහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා" (1 පේත්‍රස් 5:6-7 අවධාරනය කිරීම් එකතු කරන ලදී). යේසුස් වහන්සේගේ ජනප්‍රිය ප්‍රකාශයක් වන "වෙහෙසවෙන්නාවූ බර උසුලන්නවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙන ගනිල්ලා. එවිට නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුයයි කීසේක (මතෙව් 11:28-30).

දිනපතා උපකාර වලට අමතරව, මරණ භයද යේසුස් වහන්සේ ජයග්‍රහනය කළසේක. මළවුන් ගෙන් උත්ථානවීම කරණකොටගෙන මරණයට තමන් කෙරෙහි කිසිදු බලයක් නැති බව ඔප්පු කළ සේක. යේසුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානවීම, එතුමාණන් මත තම විශ්වාසය තබන හැම කෙනෙකුගේම මළවුන්ගෙන් උත්ථානවීම සහ සදාකාලික ජීවනයට සාක්‍ෂියක්ය (1 කොරින්ති 15:20). හෙබ්‍රෙව් පොතෙහි කතුවරයාගේ ප්‍රකාශයක් වන මරණ භයෙන් නිදහස්වීම සැබෑ ප්‍රකාශයක් වූයේය. " එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සේත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කලේ මරණයෙහි බලය ඇත්තා වන යක්‍ෂයාව මරණය කරණකොටගෙන බල නැති කොට, ජීවිතය මුළුල්ලෙහි මරණයටභයින් වාල්කමට යටත්වී සිටි සියල්ලන් නිදහස් කරන පිණිසය (හෙබ්‍රෙව් 2:14-15).

එබැවින් බයිබලය සැබවින්ම තමන් වහන්සේගේ මැවිල්ල කෙරෙහි ඇති ආරක්‍ෂාව, සැලකිල්ල සහ උපකාරය පිළිබඳ කතා කරයි. එවැනි සත්‍යතාවයක් සැබවින්ම සැනසුම ගෙන දෙයි. නමුත් එම සැනසුම සත්‍යතාවයේ මුල් බැසගත් එකක් වන අතර ඉෂ්ටා පූර්තිය හුදෙක්ම ආශාවක් නොවේ.

දෙවියන් වහන්සේ තුළ විශ්වාසය සැරයටියක්ද / ආධාරකයක්ද / කිහිලිකරුවක්ද?- අවසානය

ජෙස්සේ වෙන්තුරා ආගම වෙන කිසිවක් නොව කිහිලිකරුවක්ය / ආධාරකයක්ය / සැරයටියක්ය ලෙස පවසන විට ඔහුට වැරදී තිබූණේය. එවැනි ප්‍රකාශයන් මනුෂ්‍යයාගේ උඩඟු ස්වභාවයටකතා කරන අතර සහ එවැනි ගුණාංග හෝ තත්වයන් ප්‍රතිමූර්තියක් කරගත්තාවූ පුද්ගලයන්ට යේසුස් වහන්සේ එළිදරව් පොතෙහිදී තරවටු කරන ලද සේක. "කාලකණ්නියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතයි නුඹ කියන බැවින්, (එළිදරව් 3:17).

ෆ්‍රොයිඩ්, වෙන්තුරා සහ අනෙකුත් අයගේ ඉෂ්ටා පූර්තිය තමන්ගේ අයිතිය කියා සිටින්නේ / හිමිකම, තමන්ට විරුද්ධව ඇති දෝෂාරෝපණයක් හෝ අධිචෝදනාවක් ලෙස වන අතර, ඔවුන්ගේ ජීවිත පිළිබඳ දෙවියන් වහන්සේට ඇති අයිතිය සහ දෙවියන් වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමට ඇති ආශාව ප්‍රදර්ශණය කිරීමක්ය. එය සැබවින්ම බයිබලය ප්‍රකාශ කරන්නේ වැටුන මනුෂ්‍යය සංහතිය සි෿ු කරන දෙයක් ලෙසය. සාවද්‍ය බලාපොරොත්තුන් සහ මානවවාදයේ එල්බ සිටින ඔවුන්ට දෙවියන් වහන්සේ පවසන්නේ තමන්ගේ සැබෑ ප්‍රාර්ථනාවන් හදුනාගෙන ඒවා එතුමන්ට භාර දෙන ලෙසය.

ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථානවීම පිළිබඳ බයිබලයේ ප්‍රකාශයන් වල කරුනු සහ සාක්‍ෂි, සැනසීම. සහනය සහ බලාපොරොත්තුවෙන්-බලාපොරොත්තුවට ගෙන යන අතර, බලාපොරොත්තු කඩකිරීමක් සිදුනොවන පිණිස අපගේ සැබෑ "දුර්වලකම්" හ෿ුනා ගෙන ඒවා එතුමන් ඉදිරියේ තබා, දෙවියන් වහන්සේ මත විශ්වාසය තබා එතුමන් මඟ පෙන්වන, උපදෙස් දෙන මාවතේ ගමන් කරන්න. අප එලෙස සිදුකලවිට අප ශක්තිමත් වන්නේ වරක් පාවුල්තුමා පවසන ලද ආකාරයටය. "මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි" (2 කොරින්ති 12:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ තුළ විශ්වාසය / ඇදහිල්ල, සැරයටියක්ද / ආධාරකයක්ද / කිහිලිකරුවක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries