ප්‍රශ්නය
දෙවියන්වහන්සේව සැබවින්ම අත්දැකීම සදහා මුලික වන කරුණ කුමක්ද?
පිළිතුර
කිතුණු සමාජය තුල "දෙවියන්වහන්සේව අත්දැකීම" යන සංකල්පය ඉතා ප්‍රචලිත වුවද, ඒ සම්බන්ධව පැහැදිලි සදහනක් දේවවචනයේ හමු නොවේ. දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවය තබා ගත යුතු ආකාරය සම්බන්ධව බොහෝ ආඥා දේව වචනයේ අඩංගු වන නමුත් දෙවියන්වහන්සේව අත්දැකීම ගැන එම අඥා වල අඩංගු නැත. අප විසින් දෙවියන්වහන්සේට මුඵ හෘදයෙන්ම ප්‍රේම කළ යුතුය. (ද්වීතිය නීති සංග්‍රහය 6:5) උන්වහන්සේට කීකරු විය යුතුය. (ද්වීතිය නීති සංග්‍රහය 27:10, 1 යොහාන් 5:2) උන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතුය. (යොහාන් 14:1) උන්වහන්සේට ගරුබිය දැක්විය යුතුය. (ධර්මදේශකයා 12:13, 1 ප්‍රේත්‍රැස් 2:17) ආදි වශයෙන් දේවවචනයේ සදහන් වේ. නමුත් දේව වචනයේ කොතැනකවත් අප දෙවියන්වහන්සේව අත්දැකිය යුතුය යන්න සදහන් කර නොමැත. ශබ්ද කෝෂවල අත්දැකීම යන ක්‍රියා පදය විග්‍රහ කර ඇත්තේ 1) සහභාගි වීම හෝ හවුල් වීම, 2) හැගිම් බරව හෝ සෙනෙහෙවන්තව නැඹුරු වීම හෝ 3) පළපුරුද්දෙන් ඉගෙනීම යනුවෙනි.
එසේ නම් දෙවියන්වහන්සේව අත්දැකීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? අප එම අත්දැකීම ලබා ගැනීමට කළ යුත්තේ කුමක්ද? ශබ්ද කෝෂයේ අත්දැකීම ගැන දැක්වෙන විග්‍රහයන් සියල්ල කැටි කොට, දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවයට ඒවා අදාල කර ගත් කල අපට තේරුම් යනුයේ අත්දැකිම යනු දෙවියන්වහන්සේගේ ස්වභාවයට හවුල් වී උන්වහන්සේ සමග ගමන් කරමින්, සමීප ලෙස උන්වහන්සේ ගැන දැනගැනීම බවය.
දෙවියන්වහන්සේ සමග හවුල්කාර කමට පැමිණිමට පෙර අප විසින් අප ඇතුලාන්තයේ ඇති ගැටුම් දෙකක් සම්බන්ධව නිගමනයකට පැමිණිය යුතුය. පලමුව අප හැම දෙනාම ඉතාමත් පහත් පව්කාරයන් වන අතර අප වැටි ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට අපගේ හැකියාවන් වලින් නොහැක. (රෝම 3:12) දෙවනුව, දිලිදුන් හට මුදල් දීමෙන්වත්, ස්වෙච්චාවාන් වල නිරත වීමෙන්වත්, මෙහෙයන් වලට සහභාගී වීමෙන්වත් යන මේ කිසිදු ක්‍රියාවකින් දෙවියන් වහන්සේ පිලිගැනීමට ලක්විය නොහැක. (යෙසායා 64:6) දේව වචනයේ අප හට පෙන්වා දෙනුයේ මෙම තත්ත්වයෙන් මිදීම සදහා අප කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්වාමින් හා ගැලවුම්කරු බව අපගේ හදවතින්ම පිලිගෙන එතුමන් වෙත අපගේ ජිවිත නැඹුරු කර ගැනීමය. එවිට පමණක් අපගේ වදන් හා ක්‍රියාවන් දෙවියන්වහන්සේ අනුමත කරන සේක. (2 කොරින්ති 12:9-10) එබැවින් දෙවියන්වහන්සේ අත්දැකීමේ පලමු පියවර වනුයේ "උන්වහන්සේගේ" දේව ස්වභාවයට පංගුකාරයන් වීමය. (2 ප්‍රේත්‍රැස් 1:4) එය කළ හැක්කේ අපගේ පව් උදෙසා කුරුසිය මත ලේ වැගීරීම කෙරෙහි ඇදහීම මගින් පමණක්ය.
මෙම අත්දැකීම සම්බන්ධව දෙවන පියවර වන්නේ උන්වහන්සේ අපව මෙහෙයවන බව දැනගැනීමය. මනුෂ්‍යයාගේ ආත්මය දෙවියන්වහන්සේ විසින් මෙහෙයවිම වනාහි ශුද්ධාත්මයාණන් වහන්සේගේ එක් ක්‍රියාකාරකමක්ය. මැවීමේ මුලාරම්භය සිටම "දෙවියන්වහන්සේගේ ආත්මය ජලය මත සැරිසැරීම" (උප්පත්ති 1:2) සිට උන්වහන්සේගේ ආත්මය ඇදහිලිවතුන් නොවන අයගේ හදවත් තුල සැරිසරමින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ලගාකිරීම දක්වා ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියාකාරිව අපට මග පෙන්වීමේ යෙදී සිටින සේක. දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වෙත උන්වහන්සේ අපව මෙහෙයවන සේක. (යොහාන් 6:44) උන්වහන්සේගේ ආත්මය අපගේ හදවත් තුල සැරිසරමින් අපව පාපයෙන් මුදවා ගැලවුම්කරුවකුගේ අවශ්‍යතාවය අප තුල ඇති කරවන සේක. (යොහාන් 16:7-9) එමෙන්ම ඇදහිලිවතුන් වශයෙන් උන්වහන්සේ අපට මග පෙන්වමින්, සනසමින්, අපට අනුග්‍රහය දක්වමින් ආත්මික ඵල අප තුල වර්ධනය කරන සේක. (ගලාති 5:22-23) ඊට අමතරව දේව වචනයේ පොත් 66 හි කතෘන් හට උන්වහන්සේ ඔවුන්ගේ හදවත් වලට සහ මනසට දානය කලාවු නිවැරදි තොරතුරු ඒ ලෙසින්ම සටහන් කිරීමට මග පෙන්වු සේක. (2 ප්‍රේත්‍රැස් 1:21) එමෙන්ම දේව වාක්‍ය තුලින් උන් වහන්සේ අප තුල සැරිසරමින් අපව උන්වහන්සේගේ දරුවන් බවට සාක්ෂි දැරීමට මග පෙන්වන සේක. (රෝම 8:16).
දෙවියන්වහන්සේව අත්දැකීමේ තුන්වන අදියර වනුයේ අපගේ ජිවිත පුරාවට උන්වහන්සේ ගැන අධ්‍යයන කිරීමෙන් උන්වහන්සේ සමග කිට්ටු සමිපතාවයක් පවත්වාගැනීමෙන්, අප උන්වහන්සේව හදුනාගෙන සම්පුර්ණ ඇදහිල්ලෙන් අපගේ ජිවිත උන්වහන්සේට කැප කිරීමය. උන්වහන්සේ විශ්වාසවන්තය, යහපත්ය, ශුද්ධය, සාදාරණය, නොවෙනස්වන සුඵය, සර්ව බලධාරීය සහ සෑම අවස්ථාවකදීම ශ්‍රේෂ්ඨය යන කරුණු තේරුම් ගැනීම එමගින් සිදු වේ. උන් වහන්සේව අත්දැකීම ඉතාමත් ප්‍රීතිජනක කරුණක් වනුයේ, එමගින් උන් වහන්සේගේ ප්‍රේමය ගැඹුරෙන් දැනගැනීමට හැකි වීමය. දේව වාක්‍යයේ මෙසේ සදහන් වේ. "දෙවියන්වහන්සේ ප්‍රේමයයි" (1 යොහාන් 4:8) අප උන් වහන්සේගේ ප්‍රේමය අත්දකින විට ඕනෑම අවස්ථාවකදී කිතුනු ප්‍රේමය අන් අය සමග බෙදා ගැනීමට අපට හැකි වන අතර, එමගින් අන් අය උන්වහන්සේගේ ප්‍රේමය අත්දැක තව තවත් ප්‍රේමය වර්ධනය වනු ඇත.
ඒ අනුව, දෙවියන්වහන්සේව අත්දැකීමට මුලික වන කරුණ වනුයේ හැගිම්බර උද්වේගයක් බලාපොරොත්තු වීම නොවන අතර, එය වනාහි අප පාපෙන් මුදවන ශුද්ධාත්මයාණන් විසින් මග පෙන්වනු ලැබ, උන්වහන්සේ ගැන දැනගැන්මෙන් වර්ධනය වෙමින් දිවි ඇතිතෙක් උන්වහන්සේට අයත් වීමේ ක්‍රියාවලියක්ය.
English
දෙවියන්වහන්සේව සැබවින්ම අත්දැකීම සදහා මුලික වන කරුණ කුමක්ද?