settings icon
share icon
ප්‍රශ්නය

සාංද්‍රෘෂ්ඨිකවාදය යනු කුමක්ද?

පිළිතුර


සාංද්‍රෘෂ්ඨිකවාදය වනාහී දාර්ශනික ගැටලූ වලට පොදු දිශානතියක් ලෙස දර්ශනයේ විධිමත් ක්‍රමයක් නොවේ. විසිවන සියවසේ මුල් භාගයේ යුරෝපයේ එය ජනප්‍රිය වියග අවබෝධයෙහි ඇති අධිවිශ්වාසය හේතුකොට ගෙන එය මානව හේතුවෙහි ප්‍රතික්‍රියාවක් විය. එය වඩාත් ආකර්ෂණීය කරනු ලැබු බලපෑම් තුළ අන්තර්ගත වන්නේ කර්ක්ගාඩ් නමැත්තාගේ තීක්ෂණ බුද්ධිය එනම් කිතුණු ඇදහිල්ල තාර්කික ප්‍රස්තූතයන් රාශියක් දක්වා අඩු කළ නොහැකි නමුත් පුළුල් භාවාත්මක සහ සම්බන්ධක ඇගවීම් ඵ්තුළ අන්තර්ගතවේ. ඊටත් වඩා අර්ථාන්විත වන්නේ පළමුවන ලෝක යුද්ධයේ විනාශය, 1920 සහ 1930 වකවානු වල ආර්ථික බිදවැටීම් සහ දෙවන ලෝක සංග්‍රාමයේ භීෂණයන් වැනි ඓතිහාසික සිදුවිම් ආදිය තුළින් විදහා දක්වනු ලැබුවේ මානව හේතූන් තුළින් ජය ගත හැකි ගැටළු පිළිබදව නූතනවාදයේ ව්‍යාජ බලාපොරොත්තුවක් විදහා පානු ලැබීය.

ඒ අනුව සාංද්‍රෘෂ්ඨිකවාදය මානව හේතුන් තුළ ඇති හැකියාව පහත හෙළනු ලබයි. පුද්ගලික සහ වාර්ගික අර්ථාන්විතභාවය සෙවිම පිළිබද බලාපොරොත්තු නැති කරගෙන සිටිනු ලබන්නේ තාර්කික පටිපාටිගත විශ්වලෝකයක් තුළ යම් කෙනෙකුට ඇති ස්ථානය පිළිබදව සදහන් කරමිනි. තර්කානූකූල න්‍යාය සාංද්‍රෘෂ්ඨිකවාදීන්ට සැකයකි. එසේ හෙයින් තර්කානුකූල පැහැදිලි කිරීම වෙනත් ප්‍රවේශයන් සදහා අර්ථය සොයා ගනු පිණිස පසුපස ආසනයක් ගනියි. ඇතැම් සාංද්‍රෘෂ්ඨිකවාදීන් අර්ථයන් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ යම් පුද්ගලයෙකු තමාගේ ජයග්‍රහනයන් අනෙකුත් තත්වයන් අභිබවා යන ආකාරයෙනි. අනෙකුත් අයවලූන් එය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මානව අත්දැකීම් පිළිබදව අනෙකුත් අය සමග සන්වේදනය කිරීම හා සම්‍බන්ධ විම තුළිනි. අවධානය යොමු කිරීම අත්දැකීමයි. තර්කානූකූල පැහැදිලි කිරීම පසෙකට දමා ඇත.

සාංද්‍රෘෂ්ඨිකවාදයේ හිමිකම් වලට කිතුණුවකු ප්‍රයෝජනවත් ලෙස ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? එක් අතකින් සෑම අභියෝගයකටම මුහුණ දෙමින් සහ ඒවා ජය ගැනීමට මානව හේතුවට ඇති හැකියාව කෙරෙහි නූතනවාදයට ව්‍යාජ බලාපොරොත්තුවක් ඇති බවත් කිතුණුවකුට පිළිගත හැකග සැබවින්ම දේවවචනානුකූල ඉගැන්වීම් වලට අනුව මනුෂ්‍යයාගේ පාපය සහ මරණය ඇතුළු ගැටළු දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුළින් පමණක් ජය ගත හැකිවේ. එසේම කිතුණුවන් ඒත්තු ගනු ලබන්නේ මානව හේතු කරණකොටගෙන අනාවරණය කර ගත නොහැකි බොහෝ දේ තිබෙන බවත් ඒවා එළිදරව් කළ හැක්කේ එසේ කිරීමට දෙවියන්වහන්සේ විසින් තීරණය කරනු ලැබුවහොත් පමණක් බවය. එසේම අනෙක් අතට කිතුණුවකු සාංද්‍රෘෂ්ඨිකවාදයේ ආත්මය තුළ ඇති නිරපේක්ෂකභාවය හා සමග එකග නොවේ. කිතුණු ධර්මය අනාගතය පිළිබදව අංග දෙකක් ඉතා ඉහළින් අවධාරණය කරනු ලබයි. පළමුවෙන්ම, කිතුණු ධර්මය මගින් තහවුරු කරනු ලබන්නේ අවසාන විනිශ්චයල අවුල් සහගත සහ බිදුනාවූ සියල්ල අවසානයේදී නිවැරදි කරනු ලබන බවත් සියලූ දුෂ්ටකම් මේ විශ්ව ලෝකයෙන් පහ කිරීමට සහ සියල්ලන් කෙරෙහි රජකම් කරනු වස් ක්‍රිස්තුස්වහන්සේ කාලය අවසානයේදී නැවත පැමිණෙන බවත්ය. දෙවනුව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලූ දෙනාටම අවසාන බලාපොරොත්තුවේ අනාගත යථාර්ථය එනම් නම් වශයෙන් කිවහොත් නැවත නැගිටීම, සදාකාල ජීවනය සහ ශුද්ධවන්තකම සමිපූර්ණ කිරීම ආදී දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන නොමිලේ ලැබුනාවූ සියල්ල කිතුණු ධර්මය මගින් තහවුරු කරනු ලබයි. මෙම අනාගතය පිළිබදව ඇති අංග දෙක ගැන සදහන් කරනු ලබන බයිබල් පාඨ සමූහයක් තිබේ. එවන් බොහෝ පාඨයන් අතුරින් එකක් වන්නේ රෝම 6:23: "මක්නිසාද පාපයේ කුලිය මරණයය; නමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය."

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාංද්‍රෘෂ්ඨිකවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries