සාවුල් රජුට වධ දීමට දෙවියන් වහන්සේ නපුරු ආත්මයක් ඒව්වේ ඇයි?


ප්‍රශ්නය: සාවුල් රජුට වධ දීමට දෙවියන් වහන්සේ නපුරු ආත්මයක් ඒව්වේ ඇයි?

පිළිතුර:
"දැන් සමිඳාණන් වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් ඉවත්ව ගියේ ය. සමිඳාණන් වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට වධ දුන්නේ ය" (1 සාමුවෙල් 16:14). 1 සාමුවෙල් 16:15-16, 23,18:10 සහ 19:9 හි මෙයද සඳහන් වේ. සාවුල්ට වධ දීමට දෙවියන් වහන්සේ යක්ෂ "නපුරු ආත්මයක්" එවනු ලැබුවේය. සාවුල් අවස්ථා දෙකකදී දෙවියන් වහන්සේට අකීකරු වී ඇත (1 සාමුවෙල් 13:1-14; 15:1-35). එමනිසා දෙවියන් වහන්සේ තම ආත්මය සාවුල්ගෙන් ඉවත් කර නපුරු ආත්මයක් විසින් වධ දීමට ඉඩ හැරියේය. සමහරවිට සාතන්ට හා භූතයන්ට සාවුල්ට පහර දීමට අවශ්‍යය වූවා විය හැකියි. දෙවියන් වහන්සේ දැන් ඔවුන්ට අවසර දී තිබෙනවා.

මෙය ආශ්‍රිත ප්‍රශ්නයකට මග පාදයි. අදත් දෙවියන් වහන්සේ මිනිසුන්ට වධ දීමට නපුරු ආත්මයන් ඒවන්නෙහිද? අළුත් ගිවිසුමේ පුද්ගලයන්ට දඬුවම් කිරීම සඳහා සාතන් හෝ භූතයන් වෙත යොමු කළ බවට උදාහරණ තිබේ. මුල් සභාවට අනතුරු ඇඟවීමක් හා ආදර්ශයක් ලෙස දෙවියන් වහන්සේ අනනියස් සහ සපීරාට සාතන්ගේ ආත්මයෙන් පිරී යාමට ඉඩ හැරියේය (ක්‍රියා 5:1-11). කොරින්තියේ සභාවේ මිනිසෙක් ව්‍යභිචාරය සහ කාමමිථයාචාරය කරමින් සිටි අතර, දෙවියන් වහන්සේ නායකයන්ට අණ කළේ ඔහුගේ පව්කාර ස්වභාවය විනාශ කර ඔහුගේ ආත්මය ගලවා ගැනීම සඳහා "සාතන්ට භාර දෙන්න"කියාය (1 කොරින්ති 5:1-5). යක්ෂයා විසින් පරීක්ෂා කරනු පිණිස යේසුස් වහන්සේව ආත්මයාණන් විසින් කාන්තාරයට ගෙන යන ලදි (මතෙව් 4:1-11). දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා බලය කෙරෙහි විශ්වාසය තැබීමට උන් වහන්සේට ඉගැන්වීම සඳහා සාතන්ගේ දූතයෙකුට පාවුල්ට වධ හිංසා කිරීමට දෙවියන් වහන්සේ ඉඩ දී ඇත.

දෙවියන් වහන්සේ අද මිනිසුන්ට වධ දීමට නපුරු ආත්මයන්ට ඉඩ දෙන්නේ නම්, උන් වහන්සේ එසේ කරන්නේ අපගේ යහපත හා උන්වහන්සේගේ මහිමය අරමුණු කර ගෙනය (රෝම 8:28). භූතයන් නපුරු වුවත්, ඔවුන් තවමත් දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය යටතේ පවතී. යෝබ්ගේ සිද්ධියේදී මෙන්, සාතන්ට සහ ඔහුගේ සගයන්ට කළ හැක්කේ දෙවියන් වහන්සේ ඔවුන්ට කිරීමට ඉඩ දී ඇති දේ පමණි (යෝබ් 1:12; 2:6). ඔවුන් කිසි විටෙකත් දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයයෙන් හා පරිපූර්ණ කැමැත්තෙන් හා අරමුණෙන් ස්වාධීනව ක්‍රියා කිරිමට නොහැක. ඇදහිලිවන්තයන් යක්ෂ බලවේගයන් විසින් වද හිංසාවට ලක් කරනු ලබන බව දැනෙන්නේ, පළමු ප්‍රතිචාරය නම් තමන් විසින් කර තිබෙන දන්නා ඕනෑම පාපයක් ගැන පසුතැවිලි වීමයි. එවිට අප තත්වයෙන් ඉගෙන ගත යුතු දේ තේරුම් ගැනීමට ප්‍රඥාව ඉල්ලා සිටිය යුතුය. දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුළ ඉඩ දී ඇති ඕනෑම දෙයකට අප යටත් විය යුතු අතර, එය අපගේ ඇදහිල්ල හා දෙවියන් වහන්සේගේ මහිමය ගොඩනැගීමට හේතු වනු ඇතැයි විශ්වාස කරයි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
සාවුල් රජුට වධ දීමට දෙවියන් වහන්සේ නපුරු ආත්මයක් ඒව්වේ ඇයි?