settings icon
share icon
ප්‍රශ්නය

බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?

පිළිතුර


නූතන විද්‍යාත්මක අන්තර්ඥාණය තුළින් අනාවරණය කොට තිබෙන්නේ විවිධවූ ශික්ෂණයන්ගෙන් එනම් ජීව විද්‍යාවේ සිට නක්ෂත්‍ර විද්‍යාව දක්වාත් භෞතික විද්‍යාවේ සිට විශ්ව විද්‍යාව දක්වා බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද පුදුම සහගත සාක්ෂිවේ. මෙම කතුවැකියන්හී අභිමතාර්ථය නම් සමහර ප්‍රධාන තර්කයන් සාරාංශගත කිරීමය.

ජීව විද්‍යාව තුළින් බුද්ධිමත් සැළසුමි නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?

මෑත වර්ෂයන්හී විලියම් ඩෙමිබිස්කි "ව්‍යාඛ්‍යාත්මක පෙරහනය" නම් වූ ස්වභාව ධර්මයාගේ ප්‍රපංචයන් තුළින් ඇතැම් ජීවීන් පිළිබද අනුමාන කළ හැකි සැළසුම් නිර්මාණ ක්‍රමවේදයකට පුරෝගාමි වී ඇත. මෙම පෙරහනය තුළ එසේය / නැත යන ප්‍රශ්න තුනක අනුක්‍රමයකින් සමන්විත වන අතර එමගින් මග පෙන්වනු ලබන්නේ කිසියම් ප්‍රපංචයක් බුද්ධිමත් හේතුකාරක නියෝජයත්වයකට ආරෝපණය කළ හැකිවේද යන තීරණ ගැනීමේ ක්‍රියාවලිය නිර්ණය කළ හැකිවේද යන්නය. මෙම පෙරහනය මත පදනම් වන යම් සිදුවීමක්, පද්ධතියක් හෝ වස්තුවක් වේද එය බුද්ධිමත්භාවයේ ඵලයක් වන අතර එවිට එය
1 අසමිභාව්‍යය
2 සංකීර්ණය
3 ස්වාධීන නිශ්චිත රටාවක් විදහා දක්වයි

මෙලෙස කිසියම් ප්‍රපංචයක් බුද්ධිමත් සැළසුම් නිර්මාණයක ඵලයක්ද යන්න වඩාත් නිශ්චිත වීමට ස්වභාව ධර්මයේ නීතී තුළින් නිකුත් වන හෙයින් එය සමමිතියක් නොවන හෝ එය අහම්භයේ ප්‍රතිඵලයක්ද විය නොහැක. ඩෙමිබිස්කිට අනුව මෙම ව්‍යාඛ්‍යාත්මක පෙරහනය තුළින් ඉස්මතු කරනු ලබන්නේ බුද්ධිමත්ව සැළසුම් නිර්මාණ කර ඇති එනම් නම් වශයෙන් කිවහොත් විශේෂිත සංකීර්ණතාවයක් ඇත්තාවූ පද්ධති වල ඉතාමත්ම වැදගත් ගුණත්වයන් වේ. වෙනත් වචන වලින් කිවහොත් බුද්ධිමත් නියෝජිතයෙකුගේ ක්‍රියාවන් ඇගවීමට සංකීර්ණත්වය පමණක් නොසෑහේ; එය ස්වාධීන නිශ්චිත රටාව හා සමග අනුකූල විය යුතුවේ.

ඉතාමත්ම බල කරනු ලබන සැළසුම් නිර්මාණයන්හී සාක්ෂි අතර ජීව විද්‍යා ක්ෂේත්‍රය වනාහී ආවේණික ජීවිමාන සෛලයන්හී සංඛ්‍යාංක තොරතුරු අනාවරණය කර ගැනීමකි. එය සිදුවන ආකාරයට ජීව විද්‍යාත්මක තොරතුරු වල සංකීර්ණ පුනරාවර්ත නොවන අනුක්‍රමයක් අඩංගු වන අතර එය ඔවුන් විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරිත්ව හෝ සන්නිවේදන අවශ්‍යයතා වලට සාපේක්ෂව බෙහෙවින්ම නිරූපිතවූවක්ය. මෙම සමරූප්‍යතාවන් තුළින් පැහැදිලි කරනු ලබන්නේ ඩෝකින්ගේ සමීක්ෂණයකින් කොටසක් වූ "ජාන වල යාන්ත්‍රික කේතය ගුප්ත ආකාරයට පරිගණකයක් මෙනි." මෙම තොරතුරු මෘදුකාංගයන් – එනම් සචේතනික බුද්ධියෙහි අවිවාදිත ඵලය සහ ඩියෝසයිරිබෝ නියුක්ලෙයික් අමිලය තුළ හමුවන තොරතුරු අනුක්‍රමය සහ අනෙකුත් වැදගත් ජෛවාණු අතර සමරූප්‍යතාවය තුළින් අප කළ යුත්තේ කුමක්ද?

භෞතික විද්‍යාව තුළින් බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?

භෞතික විද්‍යාවෙහි ලෝකවිෂය පිළිබදවූ සියුම් සුසරනය යන සංකල්පය තවදුරටත් සහය දක්වන්නේ සැළසුම් නිර්මාණයේ අනුමිතියටය. ලෝකවිෂය පිළිබදවූ සියුම් සුසරනය යන සංකල්පය අපගේ විශ්වයේ අද්විතීය දේපළ වලට අදාල වන අතර භෞතික නියතයන් සහ න්‍යයාන් නිරීක්ෂණය කොට ඇති "වැදගත්ම සාධකය" මත සමබර වී ඇත්තේ සංකීර්ණ ජීවින් බිහිවීම සදහා අවසර දීම පිණිසය. භෞතික විද්‍යාවේ නියතයන් නිශ්චිත උපමානයන් හා සමග ගැලපීමේ මට්ටම නම් අඥේයවාදී විද්‍යාඥයින් ගණනාවක්ම නිගමනය කොට ඇත්තේ සැබවින්ම ලෝක විෂය පිළිබද වූ රංගපීඨය පිටුපස යම් ආකාරයක අතිරෝහණක අභිමතාර්ථයන් ඇති බවටයග බ්‍රිතාන්‍ය ජාතික තාරකාභෞතික විද්‍යාඥයෙකු වන ෆෙඩි හොයිල් විසින් ලියනු ලබන්නේ "කරුණු වල සාමාන්‍ය දැනීම පිළිබද අර්ථ නිරූපණයෙන් යෝජනා කරනු ලබන්නේ භෞතික විද්‍යාව හා සමග රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව මෙන්ම සුපිරි බුද්ධියක් අතපත ගා කඩා බිද දමා ඇති අතර ස්වභාව ධර්මයා පිළිබදව කථා කිරීමට වටින්නාවූ අනධ බලවේගයන්ද නොමැත. කරුණු තුළින් කෙනෙකු ගණනය කරනු ලබන සංඛ්‍යාවන් මට ඉතා ප්‍රබල ලෙස දැනෙන අතර මෙම නිගමනය මුළුමනින්ම පාහේ ස්ථිර වූවකි."

ඔප් නැංවීමේ එක් නිදසුනක් නම් විශ්වය ව්‍යාප්ත වනු ලබන වේගය වේ. මෙම වටිනාකම 1055 එක් කොටසක් නියතාර්ථයට සියුම් ලෙස සංතුලනය කළ යුතුවේ. විශ්වය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වූයේ නම් ද්‍රව්‍යයද ඉතා ඉක්මනින් ව්‍යාප්ත වනුයේ තාරකා, ග්‍රහලෝකයන් සහ තාරකා මණඩල ආදිය සකස් වීම සදහායග විශ්වය මන්දගාමීව ව්‍යාප්ත වේ නම් තාරකා සකස් වන්නට පළමුවෙන් මුළු විශ්වයම ඉතා ඉක්මනින් බිද වැටෙනු ඇත.

ඊට අමතරව විද්යුත් චුම්භක බලයට ඇති ගුරුත්වාකර්ෂණ ශක්තියෙහි අනුපාතය 1040 හී එක් කොටස් මට්ටමකට හොදින් සමතුලිත විය යුතුවේ. මෙම වටිනාකම ස්වල්ප වශයෙන් හෝ වැඩි කරතොත් සියලූම තාරකාවන් අවම වශයෙන් 40 % හෝ අපගේ හිරුට වඩා විශාල වනු ඇත. එයින් අර්ථවත් වනුයේ තාරකා පිළිබදවූ දැවීම ඉතා ලූහුඩු සහ සමතලා වනු ලබන්නේ සංකීර්ණ ජීවිතයට උපකාර කරනු වස්යග මෙම වටිනාකම ස්වල්ප වශයෙන් හෝ අඩු කරතොත් සියලූම තාරකාවන් අවම වශයෙන් 20 % හෝ අපගේ හිරුට වඩා අඩුවෙන් විශාල වනු ඇත. මෙතුළින් ජීවිතය නොනවත්වා ගෙන යාම පිණිස අවශ්‍යය වන බැරූරුම් මූලද්‍රව්‍යය නිපදවීමට අසමත් වන බව ගෙන හැර පානු ලබයි.

විශ්ව විද්‍යාව තුළින් බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?

විශ්ව විද්‍යාව නමැති ක්ෂේත්‍රයෙහි නූතන අනාවරණය කිරීම් මගින් විශ්ව ලෝකයෙහි ආරම්භය පිළිබද ආදර්ශණය කොට ඇති නියත සංකල්පය මුළුමනින්ම පාහේ ස්ථිර වූවකි. කළාම් තර්කය තුළින් ප්‍රකාශ කරනු ලබන්නේ
1. පැවතීමට ආරම්භ වන සෑම දෙයක්ටම එය හැරුණු කොට වෙනත් යම් හේතුවක් ඇත.
2. විශ්වය පැවතීමට ආරම්භ විණි.
3. එසේ හෙයින් විශ්වයට එය හැරුණු කොට වෙනත් යම් හේතුවක් ඇත.

මෙසේ දත්ත වලින් පෙනී යන්නේ අනපේක්ෂිත පළමු කාරණය පවතිනු ලබන්නේ අවකාශය සහ කාලයෙහි සතර පරිමාණයන්ගෙන් පරිබාහිරව බවත් ඒවා සදාකාලිකල පෞද්ගලික සහ බුද්ධිමත් ගුණාංග හිමි කොටගෙන තිබෙනනේ අවකාශයල කාරණය – එමෙන්ම සැබවින්ම කාලය පවා –පැවැත්මකට අභිප්‍රායිකව ගෙන එනු වස් හැකියාවක් හිමි කර ගනු සදහාය.

බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද? අවසාන නිගමනය

මෙම ලිපි ඛණ්ඩය වනාහී සැළසුම් නිර්මාණයේ අනුමිතිය හා සම්බන්ධ වූ ප්‍රධාන මූලාංගයන් සමහරකින් හෙබි දළ විශ්ලේෂණයකිග මෙහි අභිමතාර්ථය වූ කලී බුද්ධිමත් සැළසුම් නිර්මාණය සදහා විශාල ශික්ෂණයන් පරාසයක් තුළ එනම් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ විශ්ව විද්‍යාව තුළින් පුළුල් සහයෝගතා සමූහයන් නිදර්ශණය කරනු පිණිසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බුද්ධිමත් සැළසුම් නිර්මාණ පිළිබද වඩාත් සුදුසුම සාක්ෂිය / තර්කය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries