settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට සාක්ෂි තිබේද?

පිළිතුර


රෝග සුව වීම්, විභාගයන් සමත් වීම්, පාපොච්චාරණය, සමාව දානය කිරීම්, සබදතා ප්‍රතිෂ්ඨාපනය කිරීම්, කුසගින්නෙන් සිටින දරුවන් පෝෂණය කිරීම්, බිල්පත් ගෙවා දැමීම සහ යාච්ඤාවේ සඵලත්වය කරණකොටගෙන ජීවිත සහ ප්‍රාණ ගැළවීම ආදී පිළිබදව අසංඛ්‍ය කථා උපුටා දැක්විය හැක. එබැවින් එසේය, දෙවියන්වහන්සේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට බහුල ලෙස සාක්ෂි ඇතග සාක්ෂි බොහෝමයක් උපාඛ්‍යාත සහ පෞද්ගලික වන අතර කෙසේ නමුත්ල "සාක්ෂි" පිළිබදව සිතන අයවලූන් බොහෝමයක් අපහසුතාවයට ලක්වන්නේ ඒවා නිරීක්ෂ්‍යයල ප්‍රේමය සහ ප්‍රතිනිෂ්පාද්‍යය ආදී ලෙස පමණකි.

ශුද්ධ ලියවිල්ල තුළින් පැහැදිලි ලෙස උගන්වනු ලබන්නේ යාච්ඤා වලට පිළිතුරු දෙනු ලබන බවයග යාකොබ් 5:16 හී ප්‍රකාශ කරනු ලබන්නේ "ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි." යේසුස්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට උගන්වනු ලැබුවේ "ඔබ සැම මා තුළෙහි පවතින්නෝ නම් මාගේ වචනය ඔබ සැම තුළෙහි පවතී නම් ඔබ සැම කැමති දෙයක් ඉල්ලන්න එවිට ඔබ සැමට ලැබේ." (යොහාන් 15:7) 1 යොහාන් 3:22 හී මෙම සත්‍යය අනුකරණය කරනු ලබමින් මෙසේ ප්‍රකාශ කරනු ලබයි, "තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂා කරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව."

ශුද්ධ ලියවිල්ල තවදුරටත් පිළිතුරු දෙනු ලැබු යාච්ඤා පිළිබද කථා වලින් පරිපූර්ණවේ. අහසින් ගිනි බසින පිණිස එලියා කළ යාච්ඤාව (2 රාජාවලිය 1:12), ගැළවීම උදෙසා හෙසකියාගේ යාච්ඤාව (2 රාජාවලිය 19:19), නිර්භීතකම උදෙසා අපෝස්තුළුවරුන්ගේ යාච්ඤාව (ක්‍රියා 4:29) ආදිය හුදෙක් නිදසුන් තුනකිග මෙම වාර්ථාවන්ල සිදුවීම් ඇසින් දුටුවන් විසින් ලියන ලද හෙයින් පිළිතුරු දෙන ලද යාච්ඤාව පිළිබද පැහැදිලි සාධකයන් සංස්ථාපනය කරනු ලබයි. "විද්‍යාත්මක" අරුතකින් ශුද්ධ ලියවිලි නිරීක්ෂණය කල හැකි සාධක පිළිනොගන්වන බවට යම් කෙනෙකු සැබවින්ම ඊට විරුද්ධව ක්‍රියා කළ හැක. කෙසේනමුත් ශුද්ධ ලියවිල්ලේ කිසිඳු ප්‍රකාශනයක් නිරුත්තරවම විඛණ්ඩනය කර නොමැත්තේ, එහි සාක්ෂිය අනුමාන කිරීමට කිසිඳු හේතුවක් නොමැති වීම සදහාය. සැබවින්ම කිවහොත් "විද්‍යාත්මක" ලෙස සහ අන් සමහරක් "විද්‍යාත්මක නොවන" ලෙසත් යම් කිසි සාක්ෂියක් නම් සටහන් කිරීම වනාහී අපැහැදිලි සහ කෘතිම විශිෂ්ට වේ. එම විශීෂ්ටභාවය වනාහී අත්දැකීම් මගින් අනුමාන කරන්නක් පමණක් කළ හැක. නිදසුනක් වශයෙන්, දත්ත ඇගයීමට පළමුවෙන් වෙනත් වචන වලින් කිවහොත් නිරීක්ෂණය කළ හැකි සාක්ෂි තුළින් පමණක් යාච්ඤාවේ ඵලදායිතාවය ඇගයීමට තෝරා ගැනීම වූ කලී දත්ත මගින් අභිප්‍රේරණය කීරීමක් නොව පූර්ව දාර්ශනික ප්‍රයාපනයන් කරණකොටගෙනය. මෙම අත්තනෝමතික පරිසීමාවන් ලිහිල් කළ විට දේව වචනය හා සම්බන්ධ දත්ත පැහැදිලිවම ඒ පිළිබදව පවසනු ලබයි.

ඇතැම්විට, නිරීක්ෂකයන් කණ්ඩායමක් යාච්ඤාවේ ඵලදායිතාවය පිළිබදව විද්‍යාත්මක අධ්‍යයනයක් හසුරුවනු ඇත. මොවුන්ගේ සොයාගැනීම් නම් සාමාන්‍යයෙන් යාච්ඤාවට බලපෑමක් නැති බව (කෙසේත්ම සෘණාත්මක බලපෑමක් හෝ) එනම් නිදසුනක් ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබන අයවලූන්ගේ මධ්‍යක ප්‍රකෘති කාලයවේ. මෙවන් අධ්‍යයන වල ප්‍රතිඵල අප අවබෝධ කර ගන්නේ කෙසේද? පිළිතුරු දෙනු නොලැබූ යාච්ඤාවන්ට දේව වචනය හා සම්බන්ධ හේතුකාරකයන් තිබේද?

ගීතාවලිය 66:18 හී ප්‍රකාශ කරනු ලබන්නේ "අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම් ස්වාමින්වහන්සේ මාගේ බස් නාසන සේක." ඒ අයුරින්ම 1 යොහාන් 5:15 මගින් අපගේ ලෑබීම් වලට සුදුසුකම් ලබන්නේ "අප විසින් ඉල්ලනු ලබන ඕනෑම දෙයක්" දෙවියන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වීම තුළිනි. යාකොබ් විසින් සනිටුහන් කරන්නේ "ඔබ සැම ඉල්ලන නමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත" (4:3) එසේ හෙයින් පිළිතුරු නොලැබූ යාච්ඤාවන්ට හේතු කිහිපයක් නම් පාපොච්ඡාරණය නොකරනු ලැබූ පාපය සහ සාවද්‍යය අභිප්‍රේරණයන්ය.

පිළිතුරු නොලැබූ යාච්ඤාවන්ට තවත් හේතුවක් නම් ඇදහිල්ල මද කමය: "නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමාන කරන්නා සුළගින් ගෙනයන්නාවූ සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමින්වහන්සේගෙන් යමක් ලැඩබේ යයි නොසිතාවා" (යාකොබ් 1:6–7). හෙබ්‍රව් 11:6 හිද ඇදහිල්ල හඳුන්වන්නේ දෙවියන්වහන්සේ හා සබදතාවයක් තබාගනු වස් අවශ්‍යය වන කොන්දේසියක් ලෙස වන අතර ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සෑම විටම යාච්ඤාව තුළින් මැදිහත් වූවකි: "නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළගාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත් උන්වහන්සේ සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය." එසේ නම් ඇදහිල්ල පිළිතුරු දෙනු ලැබූ යාච්ඤාව සදහා අවශ්‍යය වූවකි.

අවසානයේදී සමහර කිතුණු විවේචකයන් හේතු දක්වනු ලබන්නේ යේසුස්වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට "ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න" ලෙස උපදෙස් දෙනු ලබන හෙයින් සියලූ යාච්ඤාවන්ට පිළිතුරු ලැබිය යුතුය. කෙසේ නමුත් එවන් විවේචනයන් මුළුමනින්ම පාහේ බයිබල් පාඨයේ පළමු කොටසේ ඇති පොරොන්දුවේ කොන්දේසී නොසලකා හරිති: "ඔබ සැම මා තුළෙහි පවතින්නෝ නම් මාගේ වචනය ඔබ සැම තුළෙහි පවතී නම්" මෙය වූ කලී දෙවියන්වහන්සේගේ කැමැත්ත ඇතුළත යාච්ඤා කිරිමට පැහැදිලි නියෝගයකි; වෙනත් වචන වලින් කිවහොත් දෙවියන්වහන්සේ විසින් සෑම විටම පිළිතුරු දෙනු ලබන නිර්ව්‍යාජ යාච්ඤාව සැබවින්ම කිවහොත් නිශ්චිත හෝ ගම්‍ය වශයෙන් එම ඉල්ලීම් ඉටු කිරීම තුළින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වනු ඇත. අයදුම්කරුගේ කැමැත්ත ද්වීතියවේ. යේසුස්වහන්සේම ගෙත්සෙමනේ උයනේදී මේ ආකාරයට යාච්ඤා කළ සේක (ලුක් 22:42). ඇදහිලිවන්තයන්ගේ නිහතමානී යාච්ඤාවට සමහර විට "නැත" ආකාරයට පිළිතුරු දීමට ඉඩ දෙනු ලබන අතරත එවන් යාච්ඤාවක් පුද කරනු නොලබන්නන් (පිළිතුරු ලබා ගැනීමට නියෝග කරනු ලබන්නන්ට) පිළිතුරුක් ලබා ගැනීමට කිසිඳු අයිතිවාසිකමක් නොමැත.

අධ්‍යයන බොහෝමයක් යාච්ඤාවේ අසාර්ථකත්වය වාර්තා කිරීමට හේතුව වූ කලී යාච්ඤා කරනු ලබන්නන්ගේ ආත්මික තත්වය හා බැඳුනු විචල්‍යයන් නිරසනය කිරීම අශක්‍ය වීම (අයදුම්කරු ඇදහිලිවන්තයකු හෝ වෙිද?), ඔවුන් යාච්ඤාව පුද කරනු ලබන අභිප්‍රේරණය (එය වනාහී සාක්ෂි සැපයීම පිණිසද නැතහොත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුනට යාච්ඤා කරනු ලබන පිණිස පොළඹවනු ලැබූ හෙයින්ද?) ඔවුන් යාච්ඤා පුද කරනු ලබන ආකාරය ඔවුන් එකම ශෛලයකට උච්චාරණය කරනු ලබනවාද නැතහොත් චේතනාන්විතව ඔවුන්ගේ ආයාචනයන් දෙවියන්වහන්සේ වෙතට ගෙන එනු ලබන්නේද? සහ එසේය.

සියලූම ගුප්ත විවල්‍යයන් නිරසනය කරනු ලැබූවත් මෙම විස්තීර්ණ ගැටලූව රැදී පවතියි: යාච්ඤාව ආනුභවික ලෙස පරීක්ෂා කල හැකි නම් සහ නිරුත්තර ප්‍රතිඵල නෙලා ගැනීමට නම් එතුළින් ඇදහිල්ල කෙරෙහි ඇති අවශ්‍යයතාවය මග හරවා ගත හැකිවේ. අපට දෙවියන්වහන්සේව ආනුභවික නිරීක්ෂණයන් තුළින් "අනාවරණය" කරගත නොහැකි වේ; අප උන්වහන්සේ වෙතට ළගාවනු ලබන්නේ ඇදහිල්ල කරණකොටගෙනයග දෙවියන්වහන්සේ විසින් චේතනය නොකල ආකාරයට තමන්වහන්සේව අනාවරණය කර ගැනීමට තරම් උන් වහන්සේ අදක්ෂ නොවන සේක. "දෙවියන්වහන්සේ වෙතට ලගාවන්නා විසින් උන්වහන්සේ ව්ද්‍යාමාන බව විශ්වාස කරන්ට ඕනෑය." (එනම් උන්වහන්සේ විද්‍යාමාන බව) ඇදහිල්ල වනාහී පූර්වඅවශ්‍යතාවයක් සහ ප්‍රමුඛතාවයක් වේ.

දෙවියන්වහන්සේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන සේක්ද? ඕනෑම ඇදහිලිවන්තයකුගෙන් විචාරන්න එවිට ඔබට පිළිතුර දැනගත හැකි වනු ඇත. දෙවියන්වහන්සේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන බවට සාක්ෂියක් වන්නේ ඕනෑම ඇදහිලිවන්තයකුගේ විපරිණාමය වූ ජීවිත කරණකොටගෙන වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට සාක්ෂි තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries