settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවන් අදේවවාදීන්ට සුභාරංචිය පැතිරවිමට උත්සාහ දැරිය යුතුද?

පිළිතුර


දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ස්වර්ගයේ සදාකාලිත්වය පිළිබදව දැනුමක් ඇති කිතුණුවන් වශයෙන් කෙනෙකුට අදේවවාදියෙකු වීමට අවශ්‍යය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපහසුය. පාපයේ ස්වභාවය සහ මනසට සහ හදවතට එතුළින් ඇති මහත් බලපෑම අවබෝධ කරගත් විට අදේවවාදීන් පැමිණෙන්නේ කොතැනින්ද යන්න අපට අවබෝධ කර ගත හැක. දේව වචනයට අනුව අදේවවාදීන් යන පිරිසක් නොමැත. ගීතාවලිය 19:1–2 හි අපට ප්‍රකාශ කරනු ලබන්නේ අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන බවය. උන්වහන්සේ මවා ඇති සියලූ දේ තුළින් උන්වහන්සේගේ මැවීමේ බලය අප දකින්නෙමු. රෝම 1:19–20 මෙම අදහස අනුගමනය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ පිළිබදව අප දන්නා දේ මැවිල්ල තුළින් අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් එය ප්‍රතික්ෂේප කරනු ලබන කව්රු නමුත් "සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වනු ලබයි" (18 වන පදය–). ගීතාවලිය 14:1 සහ 53:1හී ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නන් අඥාණයන් බවය. එසේ නම් අදේවවාදීන් අසත්‍යය ප්‍රකාශ කරන්නන් හෝ අඥාණයන් හෝ ඒ දෙකොටසටම අයත් වන්නන් විය හැක. එසේ නම් යම් කෙනෙකු දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්ද?

පව්කාර ස්වභාවයේ බලපෑම යටතේ සිටින්නාවූ අයගේ ප්‍රධාන අරමුණ නම් තමන් දෙවිකෙනෙකු බවට පත් කර ගැනීමල තමන්ගේ ජීවිතය කෙරෙහි සම්පූර්ණ පාලනයක් තබා ගැනීම නැතහොත් ඔහු එසේ සිතා ගෙන සිටියි. එවිට ආගම යම් බැදීම්ල විනිශ්චයන් සහ සීමා කිරීම් හා සමග පැමිණෙනු ලබන අතර අදේවවාදීන් තමන්ගේම අර්ථය සහ සදාචාරය අර්ථ දැක්වීමට අනුමාන කරයි. ඔවුන්ට දෙවියන්වහන්සේට යටහත් වීමට අවශ්‍යය නොවන්නේ ඔවුන්ගේ හදවත් "දෙවියන්වහන්සේට විරුද්ධව එදිරිවාදිකම්" කරන හෙයින් මෙන්ම උන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් වීමට ඔවුනට අවශ්‍යතාවයක් නොමැති හෙයින්ය. සත්‍යය වශයෙන්ම ඔවුන්ගේ පාපය ඔවුන් සත්‍යය කෙරෙහි අන්ධ කර ඇති හෙයින් එසේ කිරීමට ඔවුන් අපොහොසත් වෙති (රෝම 8:6–7). අදේවවාදීන් බොහෝ දෙනෙකු තමන්ගේ කාලය ගත කරනු ලබන්නේ ශුද්ධ ලියවිලි සාධක පිළිබදව පැමිණිලි කරමින් සහ තර්ක කරමින් නොවන අතර එහි ඇති "කළ යුතු දේ" සහ "නොකල යුතු දේ" පිළිබදවය. ඔවුන්ගේ ස්වාභාවික කැරළිකාරකම් දෙවියන්වහන්සේගේ ආඥා පිළිකුල් කරනු ලබයි. කිසිවක් හෝ කිසිවකු ඔවුන් කෙරෙහි පාලන කිරීමක් කළ යුතු බව යන අදහස ඔවුන් සරලවම ද්වේශ කරනු ලබයි. ඔවුන් විසින් අවබෝධ නොකර ගන්නාවූ කාරණයක් නම් සාතන් ඔවුන්ව පාලනය කරමින් ඔවුන් අන්ධ කරමින් සහ නිරයට යාම සදහා ඔවුන්ගේ ආත්ම සූදානම් කරන බවත්ය.

අදේවවාදීන්ට සුභාරංචිය පැතිරවීමේ ආකාරය ගත් විට යම් පුද්ගලයෙකු අදේවවාදියකු යයි කියා පාන හෙයින් සුභාරංචිය ඔවුනට පැවසීම නොකළ යුතු නොවේ. අදේවවාදියකු මුස්ලිම්, හින්දු සහ බෞද්ධ ආගමිකයකු හා සේම මුලාවි ගිය කෙනෙකු බව අප අමතක කළ යුතු නොවෙමු. දෙවියන්වහන්සේට සැබවින්ම අවශ්‍යය වන්නේ අප විසින් සුභාරංචිය පැවසීම මෙන්ම (මතෙවි 28:19) උන්වහන්සේගේ වචනයේ සත්‍යයතවය ආරක්ෂා කර ගැනීමවේ (රෝම 1:16). අනෙක් අතට අකමැතිවූවන්ට ඒත්තු ගැන්වීමට අපගේ කාලය නාස්ති කිරීමට අප බැදී නොසිටිමු. සත්‍යය වශයෙන්ම කිවහොත් කිසිම අවංක සාකච්ඡාවක් පිළිබදව පැහැදිලි උනන්දුවක් නොදක්වන්නන් කෙරෙහි අතීශයින් වෙහෙසක් නොගැනීමට අපට අනතුරු අගවනු ලබයි. (මතෙව් 7:6) යේසුස්වහන්සේ විසින් ප්‍රේරිතයන්ට පැවසුවේ ගොස් සුභාරංචිය දේශනා කරනු ලබන්ට වූවත් අවසාන පුද්ගලයා දක්වා පරිවර්තනය වන තුරු කිසිඳු ස්ථානයක ඔවුන් රැදී සිටීම උන්වහන්සේ අපේක්ෂා නොකළ සේක (මතෙව් 10:14).

ඇතැමි විට ඉතාමත් යහපත් උපක්‍රමය නම් සෑම පුද්ගලයෙකුටම අවම වශයෙන් මුලින් හෝ සැකයේ වාසිය ලබා දීමයග සෑම පැණයකටම අවංකව සහ සත්‍යය ලෙස පිළිතුරු දීම කරණකොටගෙන ඕනෑම පුද්ගලයෙකුටම සුභාරංචිය ඇසීමට අවස්ථාවක් ලබා දෙයි. එනමුත් එම පුද්ගලයා තර්ක කරමින්ද එදිරි වෙමින්ද එසේත් නැතහොත් එයට සවන් නොදෙමින් සිටීද එසේ නම් පෙනෙන අයුරින් වෙනත් ස්ථානයක් කරා ගමන් කිරීම යහපත්ය. සමහරුන් සුභාරංචිය කෙරෙහි මුළුමනින්ම සහ උදක්ම දැඩිව පවතියි (හිතෝපදේශ 29:1). ඔවුන් තර්කානුකූල හෝ අතාර්කික විය හැකි නමුත් මනුෂ්‍යයන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් කෙරෙහි සිය කැමැත්තෙන්ම රැකවරණය ලබන බව ශුද්ධ ලියවිල්ල පදනම් වූ හේතූන් තිබේ (උත්පත්ති 6:3). යම්කිසි කෙනෙකුට ඇදහිල්ලෙන් යුතුව කථා කිරීමට අප ප්‍රයත්නයක් දරා ඇති විට හෝ එම පුද්ගලයා කෙරෙහි ලගා විය නොහැකි වූ විට අපට අණ කර ඇත්තේ අපගේ පාවහන් වල "දූලි ගසා දමා" එන ලෙසත් (ලුක් 9:5) ආත්මිකව විවෘතව සිටින අය හා සමග කථා බස් කරමින් කාලය ගත කරන ලෙසත්ය. සියල්ලෙහි මෙන් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තීරණාත්මකය. දෙවියන්වහන්සේ විසින් පොරොන්දු වී ඇත්තේ අප ඉල්ලූවහොත් අපට ප්‍රඥාව ලබා දෙන බවත් අප ඒ පිළිබදව යාච්දා කරමින් එදිරිවාදී අදේවවාදියකු හා සමග සංවාදයක් අවසන් කළ යුත්තේ කෙසේද කුමන අවස්ථාවේදීද යන්න දැනගැනීමට දෙවියන්වහන්සේගේ පෙළඹවීම කෙරෙහි විශ්වාස කළ යුතු වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවන් අදේවවාදීන්ට සුභාරංචිය පැතිරවිමට උත්සාහ දැරිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries