settings icon
share icon
ප්‍රශ්නය

කිතු දහමට අනුකූල වීම යනු කුමක්ද?

පිළිතුර


කිතු දහමට අනුකූල වීම යනු, ප්‍රොතෙස්තන්තවාදය තුල ඇති, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පෞද්ගලික සම්බන්ධතාවයක් නිරූපනය කරන ව්‍යාපරයක් සම්බන්ධව විස්තර කිරීමට උපයෝගී කරගත ඇති පුඵල් හැදින්වීමකි. යම් තැනැත්තෙකු ක්‍රිස්තුස්වහන්සේගේ කමාව ලබාගෙන අධ්‍යාත්මිකව නව ජිවනය ලැබු විට මෙම සම්භන්ධතාවය ආරම්භ වේ. මෙම ඇදහිල්ලට ආරෝපනය වන අය කිතු දහමට අනුකුල වු අය වෙති.

කිතු දහමට අනුකූල වීම යන වචනය පැවත එනුයේ ග්‍රීක වචනයකිනි. එහි තේරුම වනුයේ "ශුභ පණිඩය" යනුයි. එසේම "ශුභ පණිඩයක් ලෙස ප්‍රකාශයට පත් වීම" යනුවෙනි. එම ශුභ පණිවිඩය නම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්, වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන්වනදා උත්ථාන කරනු ලැබූ බවත්, පේතෘස්ට සහ පසුව දොලොස් දෙනාට දර්ශනය වු බවත්ය. (කොරින්ති 15:13-15) ක්‍රිස්තුස් වහන්සේගේ ශුභ අස්න වන මෙම වදන් සහ එය දේශනා කිරීම මත කිතු දහමට අනුකූල වීම රදා පැවතින.

දේව වාක්‍ය ජනතාව අතරට ගෙන ගිය ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය සිදු වූ සමයේ කිතු දහමට අනුකූල වීම මුල්බැස ගෙන තිබින. දේව වචනයේ සත්‍යතාවය නොසලකා හැර තිබු තිබුන අවධියකදී එහි සත්‍යතාවය වටහාගෙන එය ඉගැන්වීම ආරම්භ විය. නමුත් 18 වන සහ 19 වන ශත වර්ශ වලදී යුරෝපයේ සහ ඇමරිකවේ ඇතිවු මහත් උද්යෝගය හට ගන්නා තුරු ඇත්ත වශයෙන්ම කිතු දහමට අනුකූලවීමේ ව්‍යාපාරය ආරම්භවී නොතිබිනි. එම උද්යෝගිභාවය තුළ සිදුවුවාක් මෙන්, එම ව්‍යාපාරයේ අරමුණ පරිදි ක්‍රිස්තුස් වහන්සේ සමග සම්භන්ධතාවයක් ඇති කර ගැනීමෙන් දෙවියන්වහන්සේගේ වචනය නිවැරදි ලෙස පරිවර්ථනය කොට අදාල කර ගැනීම සදහා නව ජිවයක් ගෙන දුන්නේය. මෙය මේ දක්වාම ක්‍රියාත්මක වන අතර, එහි අරමුණ වැරදි ලෙස භාවිතා කිරීම සහ පාවිච්චි කිරීම දැනටමත් සිදුවේ.

සාම්ප්‍රදායකව බලන කල කිතු දහමට අනුකූල වීම දේව ධර්මය අනුව වෙනස් නොවන සුඵය. කෙසේ වුවද, කෙමෙන් කෙමෙන් එහි කැපී පෙනෙන සුඵ බව අඩු විය. දැනට මෙම නාමය නව ජීවනයක් ලැබු හෝ අයට ඉක්මන් වෙනස් වීම් වලට අකමැති අය හෝ මුලධර්මවාදීන් ලෙස හදුන්වනු ලබන අයට සීමාවී ඇත. සමහර අය කිතු දහමට අනුකූල වීම ප්‍රොතෙස්තන්න වාදයට සම කරති. කණගාටුවට මෙන් බොහෝ විට කිතු දහමට අනුකූල විම ඉක්මන් වෙනස් වලට නොකැමති දේශපාලනයට සම කරති. කිතු දහමට අනුකූල කිතුනුවකු ගැන ලෝකයා බලන අන්දම ඉක්මන් වෙනස් වීම් වලට නොකැමති දේශපාලනික දැක්ම විය හැකි වුවද, දේශපාලනය කෙසේවත් සැබෑ ධර්ම ප්‍රචාරය නොවේ.

එබැවින් කිතු දහමට අනුකූල වීම යන්නෙහි විග්‍රහය ලෝකයා විවිධ කෝණ වලින් බලන කල වෙනස්වේ. නිකු දහමට අනුකූල වීම යන්නෙහි සැබෑ හෘදයාංගම කටයුත්ත නම් දේව වචනයේ ඇති පණිවිඩය වචනයෙන් සහ ක්‍රියාවෙන් යන දෙකෙන්ම අනාවරණය කිරීමය. සැබෑ ධර්ම ප්‍රචාරක කිතුනුවකු හට මෙම පනිවුඩය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය බෙදාගනිමින් ජීවත් වනවාට වඩා උසස් කැදවීමක් නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතු දහමට අනුකූල වීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries