settings icon
share icon
ප්‍රශ්නය

බොහෝ කිතුනු එවැන්ජලිස්ත නායකයන් අපකීර්තියට පත්ව ඇත්තේ ඇයි?

පිළිතුර


පළමුව, ඉතාම වැදගත් දෙයක් නම් “බොහෝ දෙනා” නිවැරදි චරිත ගුනාංග නොපෙන්වන බව විදහා දැක්වීම. එම නිසා බොහෝ කිතුනු නායකයන් අපකීර්තියට පත්ව ඇති බවට පෙනේ. නමුත් මෙයට දෙන අවධානයේ තරමට තමයි මෙය ප්‍රකාශණයට පත්වන්නේ. තවත් බෙහෝ දහස් ගණන් කිතුනු නායකයන්, පාලකවරු, මහාචාර්යවරු, මිශනාරිවරු, ධර්මදූත සේවකයෝ, ලියන්නෝ, කතෘවරු හා එවැන්ජලිස්තවරුන් සිටිනවා අපකීර්තියට භාජනය නොවූ. මේ එවැන්ජලිස්ත සේවයේ යෙදෙන බොහෝ පුරුෂයන් හා කාන්තාවන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ වෙති. එසේම ඔවුන් තම සහකරු / සහකාරියට හා පවුලට විශ්වාසවන්ත අය වෙති. එසේම ඔවුන්ගේ වගකීම ඉතාමත් ගෞරවයෙන් හා අවංකත්වයෙන් ඉටුකරයි. ස්වල්ප දෙනෙකුගේ අසාර්ථකත්වය සියලු දෙනාට පහරදීම සඳහා භාවිතා නොකළ යුතුය.

එම කියමනත් සමග, මේ අපකීර්තිය තමා එවැන්ජලිස්ත කිතුනුවන් යැයි පවසා ගන්නා අය අතර තවමත් හටගැනීම ප්‍රශ්නයට කරුණකි. ප්‍රසිද්ධ කිතුනු නායකයින් අපචාරය හා කාමමිථ්‍යාචාරයට ඇබ්බැහිවී සිටිනු ඇත. තවත් සමහර එවැන්ජලිස්ත කිතුනුවන් බදු නොගෙවීම හා තවත් මුල්‍ය නීතිවිරෝධි ක්‍රියාවන් හී යෙදී ඇත. මෙවැනි ක්‍රියා හටගන්නේ ඇයි? අඩුම තරමින් හේතු විදහා දැක්වීමට කරුණු තුනක්වත් ඇත. 1) තමා එවැන්ජලිස්ත කිතුනුවන් යැයි පවසා ගන්නා සමහරක් නොඇදහිලිකාර වංචනිකයින්. 2) තවත් එවැන්ජලිස්ත කිතුනුවන් ඔවුනගේ තත්වය අවසානයට උඩඟුකම ගෙන ඒම. 3) සාතන් හා ඔහුගේ සගයින් කිතුනු නායකත්වයේ සිටින්නට දැඩි ලෙස පහරදීමට හා පරික්‍ෂාවට ලක්කිරීමට උත්සහා කරනවා. මන්ද ඔවුන් දන්නවා අපකීර්තියට ලක්වීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් කිතුනු හා කිතුනු නොවන අය තුළ හටගන්නා බව.

1) තවත් සමහර “එවැන්ජලිස්ත කිතුනුවන්” අපකීර්තියට අසුවූවන් මුදවා නොගත් වංචනිකයන් හා බොරු අනාගතවක්තෘන් වේ. යේසුස් වහන්සේ ආඥා කළා “බොරු අනාගතවක්තෘන්ගෙන් ප්‍රවේසම්වෙන්න, ඔවුන් බැටළු වේශයෙන් නුඹලා ළගට එති, නමුත් අතුලතින් ඔව්හූ දරුණු (රෞද්‍ර) වෘකයෝය, ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් අඳුන ගන්නෝය” (මතෙව් 7:15-20). බොරු අනාගතවක්තෘන් තමා නියම දේවභක්තික පුරුෂයෙක් / ස්ත්‍රියක් යැයි පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ ඵල (නින්දිතවේ / අපකීර්තිමත්) එය ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දෙයට පරස්පර විරෝධි ලකුණු ඉදිරිපත් කරයි. මේ තුළ, ඔවුන් සාතන්ගේ මාර්ග අනුගමනය කරයි. “මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ, ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය” (2 කොරින්ති 11:14-15).

2) බයිබලයේ ඉතා පැහැදිලි ලෙස පවසනවා “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුවෙන් අහංකාර සිතද වෙයි” (හිතෝපදේශ 16:18). යාකොබ් 4:6 අපට මතක් කර දෙනවා “දෙවියන් වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන සේක.” බයිබලයේ දිගින් දීගටම උඩඟුකමට විරුද්ධව කථා කරයි. බොහෝ කිතුනු නායකයන් සේවය ආරම්භයේදී යටහත් කරුණාවන්ත ආත්මයකින් හා දෙවියන් වහන්සේ මත යැපෙමින් සිටින අතර සේවය ගොඩනැගීමත් සමගම ඔවුන් පරීක්‍ෂාවට පත්වෙනවා එම මහිමයෙන් කොටසක් ඔවුන් වෙතට ගන්නට. සමහර එවැන්ජලිස්ත නායකයන් තම තොල් වලින් දෙවියන් වහන්සේට සේවය කරන අතර ඔවුන් තම ශක්තියෙන් හා බුද්ධියෙන් සේවය ඩොගනැගීමට පෙළඹේ. මෙවැනි උඩඟුකම වැටීමට මග පාදයි. දෙවියන් වහන්සේ, හොෂෙයා අනාගතවක්තෘ කරණකොටගෙන ආඥාකරා “ඔවුන්ගේ ගොදුරු බිම් ප්‍රකාරයට ඔව්හූ තෘප්තියට පැමිණෙන්නෝය, තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟු විය. එබැවින් ඔහු මා මතක නැති කළෝය.” (හොෂෙයා 13:6).

3) සාතන් දන්නවා එවැන්ජලිස්ත කිතුනු නායකයෙකුව අපකීර්තියට ලක් කිරීමෙන් ඔහුට බලවත් වාසියක් ලැබිය හැකි බවට. හරියට දාවිත් රජ බෙත්ශෙබා සමග කාමමිථ්‍යාචාරයේ යෙදීම හා උරියාව මරණයට පත් කිරීම තුළින් දාවිත්ගේ මුළු පවුලට හා මුළු ඊශ්‍රායෙල් ජාතියටම මහත් විනාශයක් එක් කලා. ඉතින් බොහෝ සභා හා සේවයන් විනාශයට හා අසාර්ථක භාවයට පත්වන්නේ එහි නායකයන්ගේ දුස්චරිතය හා අසාර්ථකභාවය නිසා. නොඇදහිලිවන්තයන් “කිතුනු” නායකයන්ගේ අසාර්ථකභාවය ආයුධයක් කර ගන්නවා ක්‍රිස්තු ධර්මය එපා කිරීමට. සාතන් හා ඔහුගේ සගයන් මෙය දන්නවා. ඉතින් කෙලින්ම එම පුද්ගලයන්ට පහරදීමට උත්සහා දරයි. බයිබලය අප සියලු දෙනාට ආඥා කරනවා, “සිහි ඇතිව අවදිව ඉඳිල්ලා, නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්‍ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” (1 පේත්‍රැස් 5:8).

එවැන්ජලිස්ත කිතුනු නායකයෙකු අපකීර්තියට ලක්ව හෝ අසුව සිටියොත් එයට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? 1) කිසිම විටක පදනම් විරහිත හා සොයන්නේ නැතිව චෝදනාවන් භාර නොගන්න (හිතෝපදේශ 18:8; 17; 1 තිමෝති 5:19). 2) පව් කරනා අයව නෙරපීම / දුරුකිරීමට බයිබලානුකුලව පියවර ගන්න (මතෙව් 18:15-17; 1 තිමෝති 5:20). පාපය ඔප්පුවූවා නම් හා බරපතලකම්, සේවයේ නායකත්වයන් ඉවත්කිරීම ඉක්මන් කරන්න (1 තිමෝති 3:1-13). 3) පව් කරන අයට සමාව දෙන්න (එපීස 4:31; කොලොස්සි 3:13), පාපොච්චාරණය ස්තීරවූ කළ නැවත ඔවුන්ව සහාභාගිකමට එක්කර ගන්න (ගලාති 6:1; 1 පේත්‍රැස් 4:8) නමුත් නායකත්වයට නොව. 4) අපගේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කිරීමට විශ්වාසවන්ත වන්න. ඔවුන් කටයුතු කරන කටයුත්ත දන්නා හෙයින්ද, ඔවුන් මූණ පාන පරීක්‍ෂා නිසා, ඔවුන්ගේ ජීවිතයන් අප අපගේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. දෙවියන් වහන්සේගෙන් ඔවුන්ව ශක්තිමත් කිරීමට ඇයද සිටින්න, ඔවුන්ව රැකගැනීමට හා ධෛර්ය්‍යමත් කරන්නැයි ඉල්ලන්න. 5) ඉතාම වැදගත් දේ, එවැන්ජලිස්ත නායකයෙකුගේ අසාර්ථකභාවය හේතුවක් කරගන්න අපගේ පූර්ණ ඇදහිල්ල දෙවියන් වහන්සේ මතම පමණක් තබන්න. දෙවියන් වහන්සේ කිසිදා අසාර්ථක නොවේ, පව් නොකරයි, බොරු නොකියයි. “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන් වහන්සේගේ තේජසින් පිරී තිබේ” (යෙසායා 6:3).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බොහෝ කිතුනු එවැන්ජලිස්ත නායකයන් අපකීර්තියට පත්ව ඇත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries