settings icon
share icon
ප්‍රශ්නය

යුතිප්‍රෝගේ උභතෝකෝටිකය නම් කුමක්ද?

පිළිතුර


යහපත්කමේ ස්වභාවය පිළිබදව ප්ලේටෝගේ සුප්‍රසිද්ධ ප්‍රශ්නය මගින් විමසනු ලබන්නේ යමක් යහපත් වන්නේ දෙවියන්වහන්සේ යහපත් බව පවසන හෙයින්ද, නොහොත් දෙවියන්වහන්සේ එය යහපත් යයි පවසන්නේ එය යහපත් හෙයින්ද යනුවෙනි. මෙය හඳුන්වනු ලබන්නේ යුතිප්‍රෝගේ උභතෝකෝටිකය ලෙසිනි. යහපත්කම යන මාතෘකාව පිළිබද ප්ලේටෝගේ සොක්‍රටික් සංවාදයේ යුතිප්‍රෝ චරිතයට පසුව නම් කොට ඇත.

කිතුණුවන්ට මෙම ප්‍රශ්නයෙන් මතුවන ගැටළුව දෙආකාරය. පළමුව යමක් යහපත් වනුයේ හුදෙක්ම එය දෙවියන්වහන්සේ විසින් එසේ යයි පවසන හෙයින් වේ නම් එයින් පෙනීයන්නේ ඕනෑම දෙයක් යහපත් බව දෙවියන් වහන්සේට ප්‍රකාශ කළ හැකි අතර එය එසේ වේ. ස්ත්‍රී දූෂණ හෝ මිනිමැරීම් වැනි දුෂ්ට යයි අප සහජයෙන්ම දන්නා ක්‍රියාවන්ද මෙයට ඇතුළත්වේ. නමුත් දෙවියන්වහන්සේගේ අත්තනෝමතික ප්‍රකාශ මත පදනම් වූ සදාචාරයක් අපට අවශ්‍යය නොවේ. එබැවින් මෙම තෝරාගැනීම ඇදහිලිවන්තයාට දුර්වල එකක් බව දක්නට ලැබේ. කෙසේ නමුත් දෙවියන්වහන්සේ යම් දෙයක යහපත්කම පිළිබදව වාර්තා කරන්නේ නම් උන්වහන්සේ තවදුරටත් යහපත්කමේ සම්මතය නොවන අතර බාහිර සම්මතයන්ගේ පාලනයට අයත් වන බවක් පෙනී යයි. එනමුත් දෙවියන්වහන්සේ විසින් හිස නමා ආචාර කළ යුතු සම්මතයක් තිබීම අපට අවශ්‍යය නොවන අතර මෙම ප්‍රතිචාරයේ ආකර්ෂණීය බවක් නොපෙනේ. එසේ හෙයින් එය උභතෝකෝටිකය.

කෙසේ වෙතත් තුන්වන විකල්පයක්ද ඇතග කිතුණුවන් වශයෙන් අප දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ උන්වහන්සේගේ ව්‍යුත්පන්න නොවන යහපත්කම යන දෙකම තහවුරු කළ යුතුය. මේ අනුව අත්තනෝමතික හෝ දෙවියන්වහන්සේගෙන් පිටත හෝ ඉහළින් පවතින සම්මතයක් අපට අවශ්‍යය නැත. භාග්‍යයකට මෙන් දෙවියන්වහන්සේ උතතරීතර ලෙස ශ්‍රේෂ්ඨ මෙන්ම යහපත් වේ. එසේ හෙයින් දෙවියන්වහන්සේගේ ස්වභාවය යහපත්කමේ සම්මතය ලෙස කටයුතු කළ හැකි අතර දෙවියන්වහන්සේට යහපත්කම පිළිබද ප්‍රකාශනයන් තමන්වහන්සේ මත පදනම් කර ගත හැකිය. දෙවියන්වහන්සේගේ ස්වභාවය වෙනස් කළ නොහැකි මෙන්ම මුළුමනින්ම යහපත්ය: එසේ හෙයින් උන්වහන්සේගේ කැමැත්ත අත්තනෝමතික නොවන අතර උන්වහන්සේගේ ප්‍රකාශනයන් සෑම විටම සත්‍යයවේ. මේ කරණකොටගෙන ගැටළු දෙකම විසඳෙනු ලබයි.

දෙවියන්වහන්සේ යහපත්කමේ ප්‍රමිතිය වන්නේ කෙසේද? උන්වහන්සේ මැවුම්කරුවාණන් වන හෙයිනි. යම් දෙයක යහපත්කම නීර්ණය වනුයේ එහි අරමුණ අනුවය. මුවහත් නොවන පිහියක් යහපත් පිහියක් නොවන්නේ පිහියක අරමුණ වන්නේ කැපීමය. පාවහන් වලට තියුණුභාවය යහපත් නොවේ. කෙසේ නමුත් හොද පාවහන් යුගලයක් යනු පාදයකට සැප පහසු සහ ආධාර වන්නකි. දෙවියන්වහන්සේ මැවුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ මැවිල්ල පිළිබද සියලූ අරමුණු තීරණය කරනු ලබන තැණන්වහන්සේ වන සේක. උන්වහන්සේ නිර්මාණ්‍ය කරනු ලැබූ දෙය ස්ථිර සාරව නිම කර ඇති අතර එම අරමුණට බාධා පමුණුවන්නාවූ යමක් වේද එය යහපත් නොවේ. ස්ත්‍රී දූෂණය දුෂ්ට වනුයේ එය ලිංගිකත්වය බවට පත් නොවන හෙයිනි. මිනි මැරීම දුෂ්ට වන්නේ මනුෂ්‍යයන් මිය යා යුත්කේ කවදාදැයි අත්තනෝමතික ලෙස තීරණය කිරීම මනුෂ්‍යයන්ගේ අරමුණ නොවන හෙයිනි. (මෙය මරණීය දණ්ඩනය හෝ යුද්ධය වැනි මනුෂ්‍යයන් විසින් සිදු කරන ලද සියලූම මරණ අපකීර්තියට පමුණුවනු නොලබන බව සලකන්න. දෙවියන්වහන්සේ මෙම ක්‍රියාවන් සදහා මාර්ගෝපදේශ ප්‍රකාශ කර ඇත්නම් එය තව දුරටත් අත්තනෝමතික ලෙස සිදු නොවේ).

අවසාන වශයෙන් යම් දෙයක් එහි අරමුණ ඉටු කරන ආකාරයට යහපත්වේ. දෙවියන්වහන්සේ සෑම දෙයක්ම උන්වහන්සේගේ යහපත් ස්වභාවය අනුව මවනු ලැබූ හෙයින් උන්වහන්සේ යහපත්කමේ සම්මතය සහ ප්‍රකාශකයාණන් වන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යුතිප්‍රෝගේ උභතෝකෝටිකය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries