ඇදහිලිවන්තයාගේ සදාකාලික ස්වභාවය කුමක්ද?


ප්‍රශ්නය: ඇදහිලිවන්තයාගේ සදාකාලික ස්වභාවය කුමක්ද?

පිළිතුර:
"සදාකාලික ස්වභාවය" පිළිබදව අධ්‍යයනය නිවැරදිව දක්නට ලැබෙන්නේ මරණය සහ උපත පිළිබදව කල්පිත අධ්‍යනයක අනුබෙදුමක් තුළින් හෝ අවසාන දේ පිළිබදව මූලධර්මයක් තුළිනිග මෙම විෂය සම්බන්ධයෙන් ඇති එකම සාක්ෂිය ශුද්ධවූ දේව වචනය බව පළමුව පිළිගත යුතුවෙමුත වෙනත් කිසිඳු "ශුද්ධ ග්‍රන්ථයක්" හෝ දර්ශනයක් දේව වචනය තරම් විශ්වාසදායක හෝ තොරතුරු සහිත නොවේ.

දේව වචනයේ "සදාකාලික" ලෙස බොහෝ විට පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය අයනොස් වේ. අත්‍යවශ්‍යයෙන්ම කාලය සම්බන්ධයෙන් මෙම වචනය අදහස් කරනුයේ එයට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බව හෝ ආරම්භයක් තිබුනද අවසානයක් නොමැති බවය. නිශ්චිත අර්ථය සෑම විටිම පෙළ යෙදුම මත නිර්ණයවේ. මෙම වචනය "ජීවිතය" (ග්‍රීක භාෂාවෙන් සොයි) සමග සංයෝජනය වූ විට එයින් ඇගවෙන්නේ අවසානයක් නැති ජීවිතයක් පමණක් නොව හුදෙක් ජීව විද්‍යාත්මක ජීවිතයෙන් පැහැදිලිව වෙන් කොට වටහා ගත හැකි දැක්වෙන යම් ජීවන තත්වයකි.

අප දන්නා කරුණක් වන්නේ සෑම ඇදහිලිවන්තයෙකුටම ආත්මික ශරීරයක් ලැබෙනු ඇති බවය. (1 කොරින්ති 15:42) එසේ හෙයින් අප ශරීරයන්ගෙන් වෙන්වූ ආත්මයන් ලෙස නොපැවතෙමු නමුත් සදාකාලික ස්වභාවයට ඔබින ලෙස මහිමාන්විත ශරීරයක් හිමිකර ගන්නෙමු.ග

ස්වභාවය කොයි ආකාර වේද යන්න දේව වචනයේ විස්තර ස්වල්පයක් දෙනු ලබයි. දෙවියන්වහන්සේ නව අහසක් සහ නව පොළොවක් නිර්මාණය කරන බව ශුද්ධ ලියවිල්ලෙහි සදහන් වන අතර නව යෙරුසලම දෙවියන් වහන්සේගෙන් නව පොළොවට බැස යයි. (එළිදරව් 21:1-2) මෙම නව මැවිල්ලෙහි "දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන් වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක. ඔව්හූ උන්වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන්වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක" (එළිදරව් 21:3)... "එසේය, අපි නිතරම ස්වාමින්වහන්සේ සමග සිටින්නෙමුව" (1 තෙසලෝනික 4:17).

සදාකාලික ස්වභාවයේ අපගේ පැවැත්ම අප දැන් හුරුවී ඇති දෙයට වඩා කැපී පෙනෙන ලෙස වෙනස් වන ඇත: "...මරණය තවත් නොවන්නේයත වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය" (එළිදරව් 21:4). පාපය සමග පැමිණි ශාපය නැවත කිසිදිනෙක ප්‍රබලතම නොවනු ඇත. (එළිදරව් 22:3) වේදනාවක් හෝ ශෝකයක් නැති ලෝකයක් අපට සිතාගත හැකි නොහැකි තරම්ය, නමුත් දෙවියන්වහන්සේ පොරොන්දු වන්නේ එයය – එනම් මනඃකල්පිතයෙන් ඔබ්බට වූ යථාර්ථයකිග "නමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කල යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුනේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිනෙන්නේය" (1 කොරින්ති 2:9; යෙසායා 64:4).

සදාකාලික ස්වභාවයේ අපගේ පැවැත්ම පැරණි පෘථිවියේ අයහපත් මතකයන් විසින් අවලක්ෂණ කරනු නොලැබේ. සෑම මහත් පීඩාවක්ම ප්‍රීතිය මගින් ගිල දමනු ලබයි: මක්නිසාද බලව මම අලූත් අහසක්ද අලූත් පොළොවක්ද මවමි. පළමුදේ මතක් කරනු ලබන්නේවත් සිහිවන්නේවත් නැත" (යෙසායා 65:17).

සදාකාලික ස්වභාවයට ස්වාමින්වහන්සේට සේවය කිරීම (එළිදරව් 22:3), දෙවියන්වහන්සේව මුහුණට මුහුණලා දැකීම (එළිදරව් 22:4) සහ පරිපූර්ණ සෞඛ්‍යය සම්පන්නව ජීවත්වීම ආදිය අන්තර්ගතවේ (එළිදරවි 22:2). 2 පේත්‍රැස් 3:13 හී සදහන් වනුයේ අලූත් අහස සහ අලූත් පොළොව "ධර්මිෂ්ඨකම වාසය කරන" ස්ථානයක් වන බවය. පාපය එහි සෙවනැල්ල එම ක්ෂේත්‍රයේ කොතැනකවත් නොතබනු ලබයි.

මැවීමේ ආරම්භයේ සිටම දෙවියන්වහන්සේගේ සැලැස්ම වූයේ උන් වහන්සේගේ මුදනු ලැබූවන්නව මෙම සම්පූර්ණ සහ මහිමයට ගෙන ඒමය. (රෝම 8:30; පිලිප්පි 1;6) තවත් පාපයක් නැත, ශාපයක් නැත, මරණය නැත, සමුගැනීමක් නැත – සියල්ලම යේසුස්වහන්සේගේ කුරුසියේ පූජාව නිසාය. සදාකාලික ස්වභාවයේදී දෙවියන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම මහිමාන්විත ලෙස ක්ෂාත් කර ගැනීමකට ගෙන එනු ඇති අතර මනුෂ්‍යයා එහි ප්‍රධාන නිමාව ඉෂ්ට කරනු ලබන්නේ "දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම සහ උන්වහන්සේව සදහටම භුක්ති විදීම පිණිසය" (වෙස්මිනිස්ටර් කෙටි කතිකීස්මය).

English


නැවතත් සිංහල මුල් පිටුවට
ඇදහිලිවන්තයාගේ සදාකාලික ස්වභාවය කුමක්ද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න