settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යයකුගේ ජීවිත කාලයේ කරන්නාවූ පාපයට සදාකාල නිරය සාධාරණ දඩුවමක් වේද?

පිළිතුර


දේව වචනයේ සදහන් වනුයේ නිරය සදාකාලික බවය (මතෙව් 25:46) බොහෝ අය යුක්තිය වෙනුවෙන් අරගල කරති. වසර 70, 80, 90 හෝ 100 පමණකවූ ජීවිත කාලයක කලාවූ පාපයන්ට ප්‍රතිචාර වශයෙන් මනුෂ්‍යයෙකුට දෙවියන්වහන්සේ විසින් සදාකාලයටම දඩුවම් කිරීම සාධාරණද යන්න ඔවුන් විසින් ප්‍රශ්න කරති. පව්කරුවෙකුගේ පරිමිත ආයු කාලයට අපරිමිත දිගුකාලීන දඩුවමක් යෝග්‍ය වන්නේ කෙසේද?

යමෙකුගේ භූමික ජීවිතය කොපමණ කලක් පැවතුණද සදාකාලික නිරය පාපයට සාධාරණ දඩුවමක් ලෙස පැහැදිලිව ප්‍රකාශ කරන දේව වචනයේ මූලධර්ම දෙකක් තිබේ.

පළමුව, සියලූම පාප අවසානයේදී දෙවියන්වහන්සේට විරුද්ධ බව දේව වචනය ප්‍රකාශ කරනු ලබයි (ගීතාවලිය 51:4). දඩුවමේ ප්‍රමාණය අර්ධ වශයෙන් හෝ රදා පවතින්නේ අපරාධයේ ඉලක්කය මතය. මිනිස් අධිකරණයට අනුව පුද්ගලයෙකුට විරුද්ධව ශාරිරික පහරදීමකින් සාමාන්‍යයෙන් දඩ මුදලක් සහ යම් කාලයක් සිරගත වී සිටීමට සිදුවනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් රටක ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යයවරයාට විරුද්ධව ශාරීරික පහරදීමක් කරණකොටගෙන ජීවිත කාලය පුරාවටම සිරදඩුවම් ලැබෙනු ඇත. අපරාධ අඛණ්ඩව සිදුවන ක්‍රියාවක් නොවී එක් වරක් කළ වරදක් වුවද මෙය එසේම සිදුවේ. දෙවියන්වහන්සේ සෑම මනුෂ්‍යයෙකුට වඩා අපරිමිතව උසස් මෙන්ම බලවත්දවේ. අපගේ පාපයන් දෙවියන්වහන්සේට විරුද්ධය යන කාරණය සැලකිල්ලට ගෙන අපගේ අපරාධ විශාල දඩුවමක් ලැබීමට කෙතරම් යෝග්‍යය වේද? (රෝම 6:23).

දෙවනුව,ල මරණයෙන් පසුව අප පාපයේ නියැලීම අවසාන කරන බවට දේව වචනයෙහි උගන්වනු නොලබයි. හදිසියෙන්ම නිරයට යන්නවුන් පව්රහිත සහ පරිපූර්ණ අයවලූන් වේද? නැත. ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව සදාකාලයට යන අය ඔවුන්ගේ දුෂ්ටකමෙන් ස්ථිර වනු ඇත. දැඩි සිත් ඇත්තෝ සදාකාලයටම දැඩි සිත් ඇත්තෝ වෙති. නිරයෙහි "හැඩීමත් දත්මිටි කෑමත්" වන්නේය (මතෙව් 25:30), එනමුත් පශ්චාතාපවීම වීමක් නොමැත්තේය. නිරයෙහි පව්කරුවන් ඔවුන්ගේම ස්වභාවයටම භාරදෙනු ලබයි; ඔවුන් සදාකාලයටම සදාකාලිකව හඳුනා නොගත් සහ ප්‍රතිනිර්මාණය නොකළ පාපයෙන් ආසාදනයවූ දුෂ්ට දුරාචාර සහ පහත් මනුෂ්‍යයන් වනු ඇත. ගිනි විල දෙවියන් වහන්සේට විරුද්ධව සදාකාලික කැරැල්ලක් වනු ඇත – එම කැරැල්ල විනිශ්චයද කරනු ලබයි (එළිදරව් 20:14-15; එළිදරව් 16:9, 11). ගැළවීම නොලැබූවන් පව් කරනු ලබන්නේ වසර 70, 80, 90, හෝ 100 පමණක් නොවේ. ඔවුන් සදාකාලයටම පව් කරනු ලබති.

එය පිරිහෙනු ලබන්නේ මේ ආකාරයටවේ — යම් පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගෙන් වෙන්වීමට අවශ්‍යය වේ නම්, දෙවියන්වහන්සේ එම අභිප්‍රාය ඉෂ්ට කර දෙනු ඇත. ඇදහිලිවන්තයන් යනු "ඔබගේ කැමැත්ත වේවා" ලෙස දෙවියන්වහන්සේට ප්‍රකාශ කරන අයවේ. නොඇදහිලිවන්තයන් යනු "ඔබගේ කැමැත්ත වේවා" ලෙස දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන අයවේ. ගැළවීම නොලබන අයගේ කැමැත්ත නම් යේසුස්ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ප්‍රතික්ෂේප කර පාපයේ නියැලී සිටීමවේ. දෙවියන් වහන්සේ එම තීරණයට සහ එහි ප්‍රතිවිපාකයන්ට සදාකාලයටම ගෞරව කරනු ලබන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යයකුගේ ජීවිත කාලයේ කරන්නාවූ පාපයට සදාකාල නිරය සාධාරණ දඩුවමක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries