settings icon
share icon
ප්‍රශ්නය

මරණයට මුහුණ දීමට නොදී ඒනොක් සහ එලියාව දෙවියන් වහන්සේ ස්වර්ගයට කැදවා ගත්තේ මන්ද?

පිළිතුර


දේව වචනයට අනුව මරණයට මුහුණ නොදී දෙවියන් වහන්සේ ස්වර්ගයට කැදවා ගත් පුද්ගලයන් දෙදෙනා ඒනොක් සහ එලියා පමණය. උත්පත්ති 5:24 හි සදහන් වන්නේ "ඒනොක් දෙවියන් වහන්සේ සමග සුහදතාවයෙන් හැසුරුණේය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය" 2 රාජාවලිය 2:11 හි සදහන් වන්නේ "තවද ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක්ද, ගිනි අශ්වයෙක්ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝය. එලියා සුලි සුලගකින් ස්වර්ගයට නැගී ගියේය." දෙවියන් වහන්සේ සමග වසර 300 ක් ගමන් කලාවූ මනුෂ්‍යයකු ලෙස ඒනොක් හැදින්වේ (උත්පත්ති 5:23). එලියා වනාහි පරණ ගිවිසුමේ සදහන් දෙවියන් වහන්සේගේ දිවැසිවරුන් අතරින් ඉතාමත් ප්‍රබල තැනැත්තා වේ. එලියාගේ නැවත පැමිණීම ගැන තවත් දිවැසි කියමන් ඇත (මලාකි 4 :5–6).

දෙවියන් වහන්සේ ඒනොක් සහ එලියා කැදවා ගත්තේ මන්ද? දේව වචනයේ එයට නිශ්චිත පිලිතුරක් ලබා දී නැත. සමහර අයගේ මතය වනුයේ අවසාන කාලයේ සිදුවන සිද්ධීන් සදහා සූදානම් කිරීමක් සහ එළිදරව් 11:3–12 හි සදහන් කරුණු සාක්ෂි දැරීමට ඔවුන් දෙදෙනා දෙවියන් වහන්සේ කැදවා ගත් බවය. මෙය යථාර්තයක් විය හැකි වූවද, දේව වචනය මගින් මෙය පැහැදිලිව උගන්වා නැත. ඒනොක් සහ එලියා දෙවියන් වහන්සේට සේවය කිරීමේදී දැක්වූ විශ්වාසවන්තභාවය සහ කීකරුකම හේතු කොට ගෙන දෙවියන් වහන්සේ ඔවුන්ට මරණය අත්දැකීමෙන් ගලවා ගත්තා විය හැක. කෙසේ වූවද, දෙවියන් වහන්සේට තමන් වහන්සේගේම අභිප්‍රායන් තිබෙන අතර, අපට සැම විටම දෙවියන් වහන්සේගේ සැලසුම් සහ අභිප්‍රායන් තේරුම් ගැනීමට අපහසු වූවද, "එතුමාගේ මාර්ගය සර්ව සම්පූර්ණ" බව දනිමුව (ගීතාවලිය 18:30).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණයට මුහුණ දීමට නොදී ඒනොක් සහ එලියාව දෙවියන් වහන්සේ ස්වර්ගයට කැදවා ගත්තේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries