settings icon
share icon
ප්‍රශ්නය

අරමුණු උපක්‍රමයන් මඟින් යුක්ති සහගත වේද?

පිළිතුර


මෙයට පිළිතුර රඳා පවතින්නේ අරමුණු හෝ ඉලක්කයන් කුමක්ද සහ එම ඉලක්කයන් කරා යොමුවීමට යොදා ගන්නා උපක්‍රමයන් මොනවාද යන්න මතය. ඉලක්කයන් යහපත් සහ උදාර නම් එම දේවල් ළඟා කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමද යහපත් සහ උදාර වේ. එසේ නම්, එසේය අරමුණු උපක්‍රම මඟින් යුක්ති සහගත වේ. නමූත් බොහෝ දෙනා ප්‍රකාශයන් කරන කල්හි ඔවුන්ගේ අර්ථ නිරූපණය මෙය නොවේ. තමන්ගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන කුමණ උපක්‍රමයක් හෝ එය සදාචාරාත්මක නොවන්නේද, නීතියට පටහැනිද, අප්‍රසන්නද යන කරුණු නොසළකමින්, "ඔබට අවශ්‍ය දෙය ලැබෙන්නේ කෙසේද යන්න ඔබට එය ලැබෙන්නේ නම් කුමක් වුවද කම් නැත" සාමාන්‍ය ඔවුන්ගේ ප්‍රකාශය වේ.

"අරමුණු උපක්‍රම මගින් යුක්ති සහගත වේද" යන්න බොහෝවිට අදාළවන්නේ වැරදි යමක් කර ඉන් සුභවාදී අවසානයක් සහ ලබන යහපත් දෙය නිසාම කළාවූ වැරැද්ද සධාරණීකරණය කිරිම සඳහා එය භාවිතා කිරීම වේ. උදාහරණයක් ලෙස, නැවත ආරම්භයක් ලෙස යහපත් රැකියාවක් ලබා ගැනීම සඳහා බොරුකීම / අසත්‍ය ප්‍රකාශයන් කිරීම, තමගේ පවුල සඳහා ඉන් ප්‍රමාණවත් විශාල ආදායමක් උපයා ගත හැකි බව පවසා එය සාධාරණීකරණය කිරීමට පෙළඹීම. තවත් ආකාරයකින් මවගේ ජීවිතය ආරක්‍ෂා කරගැනීම සඳහා කුසයේ කළලය ගබ්සා කළ පවසා සාධාරණිකරණය කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් පවුලට සපයාදීමට සහ කාන්තවකගේ ජීවිතය බේරා ගැනීමට සදාචාරාත්මක අයිතියක් තිබුණද, කෙනෙකු සීමා ඉරක් ඇඳිය යුත්තේ කොතනින්ද?

අරමුණු / උපක්‍රම, ආචාරධර්ම සාකච්ජාවෙදී, රැඟුම් සැකිල්ලෙහි / ගුරු පොතෙහි ජනප්‍රිය උභතෝකෝටික ප්‍රශ්ණයකි. සමාන්‍යයෙන් ප්‍රශ්ණය ඇතිවන්නේ මෙලෙසිනි. "කෙනෙක්ව ඝාතනය කරනු ලැබීමෙන් ඔබට ලෝකය රුක ගත හැකිනම්, ඔබ එය සිදු කරනු ලබනවාද?" පිළිතුර "ඔව් / එසේය" නම් සදාචාරාත්මක නොවන උපක්‍රමය, සදාචාරාත්මක අයිතිවාසිකම් මඟින් එය උදා කරගැනීම සදහා සාධාරණීකරණය කරනු ලබයි. එවැනි අවස්ථාවක සළකා බැලිය යුතු වෙනස් කරුණු තුනක් වේ. ක්‍රියාවෙහි සදාචාරත්මක භාවය, ප්‍රතිඵලයේ සදාචාරත්මක භාවය සහ සිදු කළ පුද්ගලයා කෙතරම් සදාචාරාත්මකද යන්න වේ. මෙම සිදුවීමේදී, ක්‍රියාව (ඝාතනය) පැහැදිලිව සදාචාරාත්මක නොවෙන අතර ඝාතකයාද එසේම වේ. නමුත් ලෝකය රැකගැනීම යහපත් වන අතර ප්‍රතිඵලය සදාචාරාත්මක වේ. නැතහොත්? කුමණ ආකාරයේ ලෝකයක්ද ගළවා ගනු ලැබුයේ? ඝාතකයන්ට ඝාතනයන් සිදුවිය යුත්තේ කවදාද යන්න තීරණය කළ හැකි නම් සහ ඝාතනය සාධාරණී කරණයකර ඝාතකයාට නිදහසේ යා හැකිනම්ද, නොඑසේ නම්, ඝාතතකයා තමන් විසින් සිදුකරනු ලැබූ අපරාධ තමන් ගළවා ගත් ලොවතුළදීම දඬුවම් ලබන්නේද? එවිට ගළවා ගත් ලොව එම ලොව ගළවා ගත් පුද්ගලයාගේ ජීවිතය ගැනීමෙන් සාධාරණීකරණය වේද?

බයිබලීය දැක්මට අනුව, සැබවින්ම මෙම සාකච්ජාවේදී මඟ හැරුණු දේවල් නම් දෙවියන් වහන්සේගේ චරිතය, දෙවියන් වහන්සේගේ නීතිය සහ දෙවියන් වහන්සේගේ සැපයීම වේ. මන්ද දෙවියන් වහන්සේ යහපත් බවත්, ශුද්ධ බවත්, යුත්ති ගරුක සාධාරණ බවත්, දයාවන්ත බවත් සහ ධර්මිෂ්ට බවත් අපි දන්නෙමුව. එතුමාණන් වහන්සේගේ නාමය දරණ අය එතුමාගේ චරිතය පිළිබ්ඹු කළ යුතුය (1 පේත්‍රස් 1"15-16). මිනීමැරීම, බොරුකීම, සොරකම් කිරීම සහ එවැනි ආකාරයේ පාපිෂ්ඨ හැසිරීම් මනුෂ්‍යයාගේ පාපිෂ්ඨ ස්වභාවයේ විදහා දැක්වීම් වන අතර ඒවා දෙවියන් වහන්සේගේ ස්වභාවයන් නොවේ. මක්නිසාද කිතුණුවාගේ ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන වෙනස් කරණ ලද්දේය (2 කොරින්ති 5:17) ප්‍රතිඵලය සඳහා චේතනාව කුමක් වුවද, සදාචාරාත්මක නොවන හැසීරීම් කිසිසේත්ම සාධාරණිකරණය කළ නොහැකිය. පරිපූර්ණත්වයෙන් හා ශුද්ධත්වයෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ ගෙන් එතුමාණන් වහන්සේගේ වරිත ස්වභාවය පිළිබ්ඹු කරන නීතියක් වේ (ගීතාවලිය 19:7, රෝම 7:12). දස පණත එය ඉතාමත් පැහැදිලිව මිනීමැරීම, වෛශ්‍යාකම, සොරකම, බොරුකීම සහ කදරකම දෙවියන් වහන්සේගේ ඇස් හමුවෙහි පිළිගත නොහැකි වන අතර, ක්‍රියාව සඳහා හෝ යුක්ති ප්‍රතිපදානය සඳහා "මිදීයාම සඳහා ගැළවීමේ වගන්තියක්ද" එතුමන් වහන්සේ පිළියෙල කර නැත. "කෙනෙකුගේ ජීවිතය ගළවා ගැනීමට මිස මිනී නොමරන්න". " මෙය අවස්ථානූකුළ ආචාරධර්ම වේ". දෙවියන් වහන්සේගේ නීතියෙහි එවැන්නකට කිසිදු ඉඩක් නැත. දෙවියන් වහන්සේගේ පර්යා ලෝකයට අනුව එතුමාණන්ගේ නීතිය බිඳ දැමීම සාධාරණීකරණය කිරීමට හැකියාව ඇති කිසිදු උපායමාර්ගයක් නොමැත.

අරමුණු සහ උපක්‍රම ආචාරධර්ම සාකච්ජාවේ මඟ හැරුණු දෙය නම් දෙවියන් වහන්සේ ගේ සැපයීමයි. දෙවියන් වහන්සේ ලෝකය සාදා ජනයාගෙන් පුරවනු ලැබ, අකාර්යක්‍ෂම ලෙස ඔවුන්ගේම මඟක ගොස්, එතුමාගේ පාලනයකින් තොරව ක්‍රියාකරන්නට අත්හැර දමනු නොලැබුවේය. ශතවර්ෂ ගණනාවක සිට මනුෂ්‍යය සංහතිය සඳහා වූ දෙවියන් වහන්සේ විසින් ගෙනෙනු ලබන සැලස්මක් හා පරමාර්ථයක් ඇත. ඉතිහාසයේ සියළු මනුෂ්‍යයන් විසින් ගනු ලැබූ සියළු තීරණ අද්විතීය ලෙස එම සැලැස්මට ඇතුළු විය. එතුමන් වහන්සේ මෙම සත්‍යතාවය අනුමාන නොවන, නිසැක ලෙස මෙසේ පවසයි "මම වනාහි අන්තිමය මුල පටන්ද, තවම සිද්ධණුන දේ පුරාණයේ පටන්ද, දක්වන්නාවූ මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමියි කියාත් කියන්නාවූ දෙවියන් වහන්සේය. මම නැගෙනහිරින් ගිජු පක්‍ෂියෙක්ද, දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්නා තැනන් වහන්සේය. එසේය මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම, ඒක මම කරන්නෙමි (යෙසායා 46:10-11). දෙවියන් වහන්සේ ඉතා සමීපව එතුමාණන් වහන්සේගේ මැවිල්ල තුළ සිට එය මුළුමනින්ම පාලනයකරන සේක. රෝම 8:28 හිදි තවද දෙවියන් වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියළු දෙයම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව, එලෙස එතුමන් පවසනු ලබයි. නැවත ආරම්භයක් සඳහා සාවද්‍ය තොරතුරු ප්‍රකාශකරන්නාවූ හෝ ළදරුවෙක් ගබ්සා කරන්නාවූ අයෙකු දෙවියන් වහන්සේගේ නීතිය උල්ලංඝණය කරන අතර පවුලක් නඩත්තු කරමින් මවගේ ජීවිතය රැකගැනීමට දෙවියන් වහන්සේට අයිති හැකියාව ප්‍රතික්‍ෂේප කරනු ලබයි.

දෙවියන් වහන්සේ නොදන්නාවූ අය තමන්ගේ උපක්‍රමයන් සාධාරණිය කර ගෙන අවසානයක් දැකීමට බලපැමකට ලක්විය හැකි නමුදු දෙවියන් වහන්සේගේ දරුවන් යැයි කියා ගන්නාවූ අයට දෙවියන් වහන්සේගේ නීතිය අණ පණත් බිඳ දැමීමට හෝ එතුමාගේ ස්වෛරී පරමාර්ථය ප්‍රතික්‍ෂේප කිරීමට හෝ එතුමාණන් වහන්සේගේ නාමයට දෝෂාරෝපණයක් ගෙන ඒමටකිසිදු හේතුවක් නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අරමුණු උපක්‍රමයන් මඟින් යුක්ති සහගත වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries