settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ යෙරුසලමේ දේවමාළිගයක් තිබේද?

පිළිතුර


යෙරුසලමේ දේව මාලිගාවක අවසාන කාල සිදුවීම හටගන්නා බව දේව වචනය සදහන් කරයි (දානියෙල් 9:27; මතෙව් 24:15). අන්ත ක්‍රිස්තුස් පිළිබදව ප්‍රකාශ කරමින් 2 වන තෙසලෝනික 2:4 හී සදහන් කරනුයේ "ඔහු දෙවියන්වහන්සේ යයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාර කරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට ඒ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන දේව මාළිගයෙහි වාඩිවී හිද තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය." සමහර අවසාන කාල සිදුවීම් වලට පෙර යෙරුසලමේ දේව මාළිගයක් තිබිය යුතුය. මෙය තුන්වන දේවමාළිගය වනු ඇත – පළමුවැන්න සලමොන්ගේ දේවමාළිගයයි; දෙවැන්න සෙරුබ්බාබෙල්ය, පසුව හෙරොද් රජ විසින් එය පුළුල් කරන ලදී,

යුදෙව් දේවමාළිගය පිහිටා තිබිය යුතු භූමියේ ඉස්ලාමීය සිද්ධස්ථානයක් පිහිටා තිබීමේ "කුඩා" ගැටළුවක් තවමත් පවතියි. මුස්ලිම් සිද්ධස්ථාන වලින් වඩාත් පූජනීය ස්ථානයක් බවට පත්වී මොහොමඩි ස්වර්ගයට ගිය ස්ථානය මෙය බව මුස්ලිම්වරු විශ්වාස කරති. වර්තමාන දේශපාලන වාතාවරණය අනුව යුදෙව්වන් මෙම ස්ථානය පවරා ගෙන එහි දේවමාළිගයක් ඉදි කරනු ඇතැයි සිතිය නොහැකිය. එනමුත් පීඩා කාලයට පෙරාතුව හෝ කාලය තුළ දේව මාළිගාව ඉදිකරනු ලබන්නේ අන්ත ක්‍රිස්තුස් ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි (දානියෙල් 9:24–27).

යුදෙව් දේවමාළිගය ගොඩනැගීම වනාහී අවසාන කාලයේදී අනාවැකි සම්පූර්ණ වන බවට ඇඟවීමකි. මාර්ක් 13:14 හී ක්‍රිස්තුස්වහන්සේ විසින් සදහන් කරනු ලබන ආකාරයට එය වනාහී අන්ත ක්‍රිස්තුස් විසින් බලවත් ශෝකයකට හේතුවන පිළිකුලෙන් කෙලසනු ලබන පීඩා කාලයට අයත් දේවමාළිගයක් වනු ඇත. ඔසවාගැනීම ඕනෑම අවස්ථාවක සිදුවිය හැක – දේවමාලිගය නැවත ගොඩ නැගීම පළමුව සිදුවිය යුතු නොවේ – එබැවින් සූදානමින් සිටිම වැදගත්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ යෙරුසලමේ දේවමාළිගයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries