settings icon
share icon
ප්‍රශ්නය

අවසානකාලයේදී ඊශ්‍රායලයේ භුමිකාව කුමක්ද?

පිළිතුර


ඊශ්‍රායලයෙහි හෝ ඒ අවට ඝට්ටනයන් / අරගලයන් සිදුවන සෑම අවස්ථාවකදීම බොහෝ දෙනෙක් එය අවසාන කාලය සීග්‍රයෙන් ළඟාවෙමින් පවතින බවට ඉඟියක් ලෙස ගණන් ගනූ ලැබුවෝය. මෙලෙස සෑම සිදුවීමක් දෙස එවැනි ආකල්පයකින් බැලීමෙන් ඊශ්‍රායලයේ සිදුවන අරගලයන් පිළිබඳ අප වෙහෙසට පත්වන අතර, එය කෙතරම් දුරට බලපෑමක් වීමට හැකිද පවසනවා නම්, අනාගතවාක්‍යයන්ට අනුකුලව සිදුවන සුවිශේෂී සිදුවීම් පවා අපට වටහා ගන්නට නොහැකි වනවා ඇත. ඊශ්‍රායලයේ සිදුවන ඝට්ටනයන් අනිවාර්යෙන්ම අවසාන කාලයේ ලකුණු නොවේ. ඊශ්‍රායලයේ සිදුවීම් යථාර්ථයක් වූයේ ජාතියක් ලෙස ඔවුන් පැවති කාල වකවානුවන් වලදීය. ඊජිප්තු වැසියන්, අමලෙක්වරු, මිදියන්වරු, මෝවබ්වරු, ඇමෝනිවරු, අමෝරිවරු, පිලිස්තිවරු, අසිරියන්වරු, බබිලෝනියන්වරු, පර්සියන්වරු, හෝ රෝමවරු වේවා ඊශ්‍රායලය ජාතියක් ලෙස අසල්වැසියන් ගෙන් නිරතුරුව පීඩාවට ලක්විය. මෙලෙස සිදුවන්නේ මන්ද? බයිබලයට අනුව දෙවියන් වහන්සේට ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳ විශේෂ සැලැස්මක් වන අතර සාතන්ට එය පරාජය කිරීමට අවශ්‍ය වී ඇත. සාතන්ගේ බලපෑම් මත ද්වේෂයට ලක්වූ ඊශ්‍රායලය මෙන්ම විශේෂයෙන් ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ නිසා නිරතුරුව ඊශ්‍රායලයේ අසල්වැසියන් ඊශ්‍රායලයේ විනාශය දැකීමට ආශාවිය. අසිරියාවේ සෙනකරිබ්, පර්සියාවේ නිලධාරියා හාමාන්, ජර්මනියේ නාසිවරුන්ගේ නායකයා හිට්ලර්, හෝ ඉරානයේ ජනාධිපති අහමඩි නජිඩ් ගේ ඊශ්‍රායලය සම්පූර්ණයෙන් විනාශ කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම අසාර්ථක වෙනවා ඇත. ඊශ්‍රායලයට පීඩා කරන්නවුන් ඇවිත් යනවා ඇත නමුත් පීඩාව ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි ඊම දක්වාම පවතිනවා ඇත. ඊශ්‍රායලයේ පවතින ඝට්ටනයන් / අරගලයන් සීග්‍රයෙන් අවසාන කාලය උදාවනවා ඇත යන්නට විශ්වාස කළ හැකි දර්ශකයක් නොවේ.

කෙසේ වුවද අවසාන කාලයේදී ඉතා මහත් දරුණු ඝට්ටනයන් / අරගලයන් ඊශ්‍රායලයේ සිදුවන බවට බයිබලය පවසයි. මෙම නිසාම එම කාලය පීඩාවේ කාලය / ඉමහත් දරුණු පීඩාවේ කාලය සහ "යාකොබ්ගේ විපත්ති කාලය" (යෙරමියා 30:7) ලෙස හදුන්වනු ලබයි. බයිබලය අවසාන කාලයේදී ඊශ්‍රායලය ගැන මෙසේ පවසයි විශාල වශයෙන් යූදෙව්වන් ඊශ්‍රායෙල් දේශයට පැමිණෙනවා ඇත (ද්වීතීය කථාව 30:3, යෙසායා 43:6, එසේකියෙල් 34:11-13, 36:24, 37: 1-14).

අන්ත ක්‍රිස්තුස් විසින් ඊශ්‍රායලය සමඟ "සමාදානයේ" ගිවිසුමකට හත් වසරකට එළඹෙනවා ඇත (යෙසායා 28:18, දානියෙල් 9:27).

යෙරුසලමෙහි දේව මාලිගාව නැවත ගොඩ නඟනවා ඇත (දානියෙල් 9:27, මතෙව් 24:15, 2 තෙසලෝනික 2:3-4, එළිදරව් 11:1).

ඊශ්‍රායලය සමඟ අන්ත ක්‍රිස්තුස් ඇති කරගත් ඔහුගේ ගිවිසුම බිඳලන අතර, එහි ප්‍රතිඵලය ලෙස මුළු ලෝකයම ඊශ්‍රායලයට පීඩා කිරීම ආරම්භ වේ (දානියෙල් 9:27, 12:1, 11, සෙකරියා 11:16, මතෙව් 24:15,21, එළිදරව් 12:13). ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ලබන්නේය (එසකියෙල් 38-39 පරිව්ජේදයන්).

ඊශ්‍රායලය අවසානයේදී යේසුස් වහන්සේ තමන්ගේ මෙසියස් වහන්සේ ලෙස හදුනා ගන්නවා ඇත (සෙකරියා 12:10). ඊශ්‍රායලය නැවත ප්‍රතිජනනය, ප්‍රතිස්ථාපනය හා රොක් වෙනවා ඇත (යෙරමියා 33:8, එසකියෙල් 11:17, රෝම 11:26).

වර්තමානයේද , ඊශ්‍රායලයේ මහත් ආරවුලක් / අඬදබරයක් ඇත. ඊශ්‍රායලයට පීඩා කරනු ලබන අතර සතුරන් විසින් වටකරනු ලැබ ඇත. සිරියාව, ලෙබනනය, ජෝර්දානය, සව්දි ආරාබියාව, ඉරානය, හමාස්, ඉස්ලාමීය ජීහාඩ් හිස්බුල්ලා වැනි සතුරන් වේ. නමුත් ඊශ්‍රායලය කෙරෙහි වන මෙම වෛරය සහ පීඩාව අවසාන කාලයේදී සිදුවන්නට යන දේවල් පිලිබඳ ඉඟියක් පමණි (මතෙව් 24:15-21). ජාතියක් වශයෙන් ඊශ්‍රායලය 1948 දී ප්‍රතිස්ථාපනය වීමත් සමඟම පීඩාවද ආරම්භ විය. බොහෝ බයිබල් විශාරදයන් 1967 දී සිදු වූ හය දවසක අරාබි-ඊශ්‍රායෙල් යුද්ධය "අන්තිමයේ / අවසානයේ ආරම්භය" බව විශ්වාස කළෝය. වර්තමානයේ ඊශ්‍රායෙල්හි සිදුවීම් අන්තිමය ළඟාවී ඇති බවට හැඟවීමක් දෙන්නේද? සැබවින්ම මෙය අන්තිමය ළඟාවී ඇති බව නිශ්චිත වශයෙන් අරුතක් දෙන්නේද? නැත. යේසුස් වහන්සේ තමන් වහන්සේ විසින්ම ඉතා හොඳ පිළිතුරක් දෙන ලදී. "කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලා ගනිල්ලා. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස් කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු නුඹලා මූළා කරන්නෝය. යුද්ධ සහ යූද්ධ ප්‍රවෘත්ති ගැන නූඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලා ගනිල්ලා. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය. නමුත් ඒ වනතුරුත් අන්තිමය නොපැමිණෙන්නේය (මතෙව් 24:4-6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසානකාලයේදී ඊශ්‍රායලයේ භුමිකාව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries