settings icon
share icon
ප්‍රශ්නය

ලෝක අවසානය පිළිබඳව බයිබලයේ පවසා ඇත්තේ මොනවාද?

පිළිතුර


මෙම අවස්ථාව සාමාන්‍යයෙන් සඳහන් වන්නේ "ලෝක අවසානය" ලෙසයි. 2 පේතෘස් 3:10 විස්තර කර තිබෙනවා "ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහව යන්නේය, මහා භුතයෝද තද උෂ්නයෙන් නාස්ති වී පහව යන්නෝය, පොළවද එහි තිබෙන කර්මාන්තද දාලා යන්නේය". මෙම සංක්‍රාන්ති අවස්තා මාලාව "ස්වාමින් වහන්සේගේ දවස" ලෙස නම් කර තිබෙනවා. මෙම අවස්ථාවේදී දෙවියන්වහන්සේ විනිශ්චය කිරීම සඳහා මනුෂ්‍යයාගේ ඉතිහාසය අතරට පැමිනෙණවා. එම අවස්ථාවේදී, දෙවියන් වහන්සේ නිර්මාණය කර තිබෙන සෑම, "අහසත් පොළවත් "(උත්පත්ති 1:1), එතුමා විසින් විනාශ කරනු ඇත.

මෙම අවස්ථාව සිදුවන කාලයේදී, බොහෝ බයිබල් විශාරදයන්ට අනුව අවුරුදු 1000 ක කාල පරිච්ඡේදය අවසන් වන විට එය සහස්‍රය ලෙස හැඳින්වේ. මෙම අවුරුදු 1000 අතර තුරේදී ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ සිංහාසනය මත ඉඳගෙන තමන් වහන්සේගේ බලය පොලවේ පවත්වනවා යෙරුසලමේ රජු ලෙස (ලූක්1:32-33) එමෙන්ම සමාදානයෙන් ආණ්ඩු කරනවා "යකඩ දණ්ඩකින්" (එලිදරව්19:15). අවුරුදු 1000 කෙළවර වූ කල සාතන් නිදහස් කර නැවත පරාජය කරනු ලබයි, පසුව ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙලනු ලබයි (එළිදරව් 20:7-10). දෙවියන් වහන්සේ විසින් අවසන් විනිශ්චය කිරීමෙන් පසුව, ලෝකයේ අවසානය (2 පේතෘස්3:10) හී විස්තර කරනවා. බයිබලය අපට මෙම සිදුවීම පිළිබඳව විවිධ දේවල් පවසයි.

පළමුව එය විෂය පථය තුළ ව්‍යසනයක් වනු ඇත. "ස්වර්ගවල්" යොමුකරනවා භෞතික විශ්වයේ ඇති තරු, ග්‍රහලෝක හා මණ්දාකිණි වලට. මෙය යම් ආකාර දැවැන්ත පිපිරීමකින් දැවී යනු ලබයි. අප දන්නා පරිදී න්‍යෂ්ටික හා පරමාණුක ප්‍රතික්‍රියා සියලූම ප්‍රශ්න මකා දමනවා. විශ්වය සාදා ඇති සෑම මූලද්‍රව්‍යක්ම උණු කරනු ලබයි ජ්වලිත උණුසුම (2පේතෘස් 3:12). මෙයද ඉතා ඝෝෂාකාරී අවස්ථාවක් වනු ලබයි. විවිද බයිබල් අනුවාද වලින් විස්තරකරඇති අකාරයට "ගර්ජනය", "මහත් ශබ්දයක්", "ඝෝෂාවක්", සහ "ගෙරවුම් සහිත මහත් ශබ්දයක්". එහි කිසිම සැකයක් නැහැ මොනවද වන්නට යන්නේ කියා. සියළු දෙනා එය දකීවී හා අසාවී මන්ද අපි එය පවසා තිබේ "පෘථිවිය හා එහි ඇති සියල්ලද දාලා යන්නේය" කියා.

පසුව දෙවියන්වහන්සේ "අළුත් අහසක් හා අළුත් පොලවක්" (එලිදරව්21:1) නිර්මානය කරනු ලබනවා "අළුත් යෙරුසලමක්ද" (2 වනපදය) ඇතුලත්ව, ස්වර්ගයේ අගනුවර, පරිපූර්ණ ශුද්ධකමේ ස්ථානයක්, ස්වර්ගයේ සිට නව පොළව මතට පැමිණෙන. මෙය තමයි "බැටළුපැටවාණන්ගේ ජීවන පොතෙහි" (එළිදරව්13:18) නම ලියා ඇති ශුද්ධවන්තයන් සිටින නුවර මොවුන් සදාකල් ජීවත් වනු ලබයි. පේදුරු තුමා මෙම නව මැවිල්ල "ධර්මිෂ්ඨකම වාසය කිරීම" (2 පේතෘස් 3:13) ලෙස සඳහන් කර ඇත.

පේදුරුතුමාගේ විස්තරයේ වඩාත්ම වැදගත් කොටස වන එම දවස පිළිබඳව ඔහු ප්‍රශ්න කර තිබෙනවා 11:12 පදයේ: "මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැණ උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙත් භක්තිවන්ත කමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?". කිතුනුවන් දන්නවා කුමක් සිදුවන්නටද යන්නේ කියා, එමෙන්ම අපි එම අවබෝධය පිළිබිඹු වන ආකාරයෙන් ජීවත් විය යුතුයි. මෙම ජීවිතය පහව යනවා, එමෙන්ම අපගේ අවධානය විය යුත්තේ එන්නට තිබෙන නව අහස සහ නව පොලවත්ය. අපගේ "ශුද්ධ වන්ත හා භක්තිවන්ත" ජීවිත සාක්ෂියක් විය යුතුයි ගැලවුම්කරුවාණන්ව නොදන්නා අයට. එම නිසා අපි අනිත් අයට ඔහු ගැන පැවසිය යුතුයි. එවිට ගැලවුම්කරුවාණන්ව නොපිලි ගන්නා අයට අත්වන බිහිහිසුනු ඉරනමින් ඔවුන්ට පලා යන්න පුළුවන්. අප මහත් ආශාවකින් අපේක්ෂා කරන දෙවියන්වහන්සේගේ "පැමිනෙණ උදහසින් අප ගලවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස් වහන්සේ ස්වර්ගයෙන් එනවා බලා සිටින පිණිස" (1 තෙසලෝනික1:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලෝක අවසානය පිළිබඳව බයිබලයේ පවසා ඇත්තේ මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries