settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයට පෙර එලියා ආපසු පැමිණිය යුත්තේ ඇයි (මලාකී 4:5–6)?

පිළිතුර


මලාකී 4:5–6 කුතුහලය දනවන අනාවැකියක් ඉදිරිපත් කරයි. ඔහු පියවරුන්ගේ හදවත් ඔවුන්ගේ දරුවන්ටත්, දරුවන්ගේ හදවත් ඔවුන්ගේ පියවරුන්ටත් යොමු කරයි. නැති නම් මම පැමිණ ශාපයෙන් දේශයට පහරදෙමි. "මලාකීගේ වචනය ඉටු කිරීම සඳහා එලියා නැවත මෙසියස් වහන්සේට ආරාධනා කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් යුදෙව් චාරිත්‍ර ලෙස මේ දක්වා හිස්පුටුවක් මේසය අසල තබති.

මලාකී 4:6 ට අනුව, එලියා නැවත පැමිණීමට හේතුව පියවරුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ හදවත් එකිනෙකා වෙත හැරවීමයි. වෙනත් වචන වලින් කිවහොත්, ඉලක්කය වන්නේ සංහිඳියාවයි. අළුත් ගිවිසුමේ, මලාකීගේ අනාවැකියේ ඉටුවීම යොහන් බව්තීස්ත බව නිතීය හෙළි කරයි. ඔබ එය පිළිගැනීමට කැමති නම්, එතුමා පැමිණීමට නියමිත එලියාය (මතෙව් 11:13-14). මෙම ඉටුවීම මාර්ක් 1:2-4 සහලූක් 1:17; 7:27.

මලාකී 4:5–6 අතර විශේෂයෙන් සම්බන්ධ වන්නේ මතෙව් 17:10–13: "ගෝලයන් උන්වහන්සේගෙන් ඇසුවා," එලියා පළමුව පැමිණිය යුතුයි කියා නීතියේ ගුරුවරු කියන්නේ ඇයි? "යේසුස්වහන්සේ පිළිතුරුදෙමින්," නිසැකවම එලියා පැමිණේ සහ සියල්ල යථාතත්වයට පත්කරනු ඇත. නමුත් මම ඔබට කියමි, එලියා දැනටමත් පැමිණ ඇත, ඔවුන් උන්වහන්සේව හඳුනාගෙන නැත, නමුත් ඔවුන් කැමති සෑම දෙයක්ම උන්වහන්සේට කර ඇත… එවිට යොහන් බව්තීස්ත ගැන උන්වහන්සේ ඔවුන් සමඟ කතා කරන බව ගෝලයන්ට වැටහුණි."

"නීතියේ ගුරුවරුන්" වූයේ යුදෙව් ආගමික ගුරුවරුන්ය, වැඩි වශයෙන් පරිසිවරුන් සහ සද්දුසිවරුන්වූ අතර ඔවුන් යුදෙව් ලියවිලි පිළිබඳව විවරණ සපයන ලදී. පේතෘස්, යාකොබ් සහ යොහන් ඔවුන්ගේ ඉගැන්වීම් ගැන හොඳින් දැන සිටි අතර, මෝසෙස් හා එලියා සමඟ යේසුස්වහන්සේව දැකීමෙන් පසු එලියා ගැන යේසුස්වහන්සේගෙන් ඇසුවා (මතෙව් 17:1–8). ඒලියා ඒ වනවිටත් පැමිණ ඇති බව යේසුස්වහන්සේ පැහැදිලිවම පැවසුවා. නමුත්, ඛේදජනක ලෙස උන්වහන්සේව හඳුනාගෙන නැහැ. යේසුස් වහන්සේද අනාවැකි පළ කළේ උන්වහන්සේද තම සතුරන් අතින් මිය යන බවය (17:12).

යොහන් බව්තීස්තගේ දේව සේවය දෙස කෙටියෙන් බැලීමෙන් ඔහු "එලියා" බවට සැලකිය යුතු ක්‍රම බොහොමයක් හෙළි කරයි. පළමුව, දෙවියන් වහන්සේ යොහන්ගේ සේවය එලියාගේ වැඩක් ලෙස පුරෝකථනය කළේය (ලූක් 1:17). දෙවනුව, ඔහු එලියා මෙන් සැරසී සිටියේය (2 රාජාවලිය 1:8 සහ මතෙව් 3:4). තෙවනුව, එලියා මෙන්, යොහන් බව්තීස්ත පාළුකරයේ දේශනා කළේය (මතෙව් 3:1). හතරවනුව, දෙදෙනාම පසු තැවීමේ පණිවිඩයක් දේශනා කළහ. පස්වනුව, දෙදෙනාම රජවරුන්ට විරුද්ධවූ අතර ඉහළ සතුරන් සිටියහ (1 රාජාවලිය 18:16–17 සහමතෙව් 14:3).

සමහරු තර්ක කරන්නේ යොහන් බව්තීස්ත එලියා නොවන බවයි. මන්ද ඔහු එලියා නොවන බව යොහන් විසින්ම පැවසූ බැවිනි. "ඔව්හු ඔහුගෙන් ඇහුවා,' එහෙනම් ඔබ කවුද? ඔබ එලියාද? 'ඔහු, 'මම නොවේ' (යොහන් 1:21).

මෙම පැහැදිලි පරස්පරතාව සඳහා පැහැදිලි කිරීම් දෙකක් තිබේ. පළමුව, එලියා කිසිදා මිය නොගිය නිසා (2 රාජාවලිය 2:11), පළමු සියවසේ බොහෝ යුදෙව් ගුරුවරුන් ඉගැන්වූයේ එලියා තවමත් ජීවතුන් අතර සිටින බවත් මෙසියස්වහන්සේගේ පැමිණීමට පෙර නැවත පෙනී සිටින බවත්ය. යොහන් බව්තිස්ත එලියා බව ප්‍රතික්ෂේප කළ විට, ගිනි අශ්ව රථයකින් ස්වර්ගයට පරිවර්තනය කරන ලද සැබෑ එලියා තමාය යන අදහස ඔහුට ප්‍රතික්ෂේප කළ හැකිය.

දෙවනුව, යොහන් බව්තිස්තගේ වචන වලින් යොහන් තමා ගැන දක්වන දෘෂ්ටිය සහ ඔහු ගැන යේසුස්වහන්සේගේ දෘෂ්ටිය අතර වෙනසක් දැක්විය හැකිය. මලාකී 4:5–6 හි ඉටුවීමක් ලෙස යොහන් නොසිතන්නට ඇත. කෙසේවෙතත්, යේසුස්වහන්සේ එසේ කලේය. එසේ නම් පරස්පරතාවයක් නැත; නිහතමානී අනාගතවක්තෘවරයෙක් තමා ගැන අවංක මතයක් දරයි. යොහන් එම ගෞරවය ප්‍රතික්ෂේප කළේය ( යොහන් 3:30), නමුත් එලියාගේ නැවත පැමිණීම පිළිබඳ මලාකීගේ අනාවැකියේ ඉටුවීම ලෙස යේසුස්වහන්සේයොහන්ට ගෞරව කළේය.

රූපාකාරයෙන් එලියා ලෙස යොහන් මිනිසුන්ව පසුතැවිල්ලට හා කීකරු ජීවිතයකට කැඳවූ අතර, "නැතිවූදේ සෙවීමට හා ගලවා ගැනීමට" පැමිණි යේසුස්ක්‍රිස්තුස්ගේ පැමිණීම සඳහා තම පරම්පරාවේ ජනතාව සූදානම් කළේය (ලූක් 19:10) නැවත එක් කිරිමේ සේවය ස්ථාපිත කිරීම (2 කොරින්ති 5:18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයට පෙර එලියා ආපසු පැමිණිය යුත්තේ ඇයි (මලාකී 4:5–6)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries