දෙවියන්වහන්සේ විසින් තෝරා තෝරා පත් කර ගනු ලැබූවන් කව්රුන්ද?


ප්‍රශ්නය: දෙවියන්වහන්සේ විසින් තෝරා තෝරා පත් කර ගනු ලැබූවන් කව්රුන්ද?

පිළිතුර:
සරලවම කිවහොත් දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබූවන් වූ කලී දෙවියන්වහන්සේ විසින් ගැළවීම සදහා පූර්ව නිශ්චය කරනු ලැබූවන්ය. ඔවුන්ව “තෝරා පත් කර ගනු ලැබූවන්” ලෙස හදුන්වනු ලබන්නේ එම පදයෙන් තෝරා ගැනීමේ සංකල්පය ඇගවෙන හෙයිනි. වසර 4 කට වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු “තෝරා පත් කර ගනු” ලබයි -උදාහරණයක් ලෙස එම තනතුරෙහි සේවය කරනු ලබන්නේ කව්රුන්ද යන්න අප විසින් තෝරා ගනු ලබමු. දෙවියන්වහන්සේ මෙන්ම අනෙකුත් ගළවනු ලබන්නන්ටද එය එසේම වේ; ගළවනු ලබන්නන් දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලබන සේකග දෙවියන්වහන්සේ විසින් තෝරා තෝරා පත් කර ගනු ලබන්නන් මොවුන් වෙති.

එය පවතින ආකාරයට දෙවියන්වහන්සේ විසින් ගැළවීම ලැබිය යුත්තන් තෝරාපත් කර ගනු ලැබීමේ සංකල්පය මතභේදකාරි නොවේ. මතභේදකාරි වන්නේ දෙවියන්වහන්සේ විසින් ගැළවීම ලැබිය යුත්තන් තෝරාපත් කර ගනු ලබන්නේ කෙසේද සහ කුමන ආකාරයෙන්ද යන්නය. සභා ඉතිහාසය පුරාවටම තෝරාපත් කර ගනු ලැබීමේ ඉගැන්වීම නොහොත් නියමය පිළිබදව ප්‍රධාන මත දෙකක් තිබිණි. එක් මතයක් අපට හැදින්වය හැක්කේ අනාගත ඥාණය ඇති නැතහොත් පූර්ව දැනුම පිළිබදව මතය තුළින් උගන්වනු ලබන්නේ තමන්ගේ කාලය තුළ තම නිදහස් කැමැත්ත භාවිතා කරමින් තමන්ගේ ගැළවීම උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ ඇදහිල්ල සහ විශ්වාස කරනු ලබන්නන් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සර්වඥතාව කරණකොටගෙන දන්නා සේක් බවය. මෙම දිව්‍යමය පූර්ව දැනුම පදනම් කොටගෙන දෙවියන්වහන්සේ විසින් එම පුද්ගලයන්ව තෝරාපත් කර ගනු ලබන්නේ “ලෝකය මැවීටත් ප්‍රථමයෙන්” බවය (එපීස 1:4). මෙම මතය ඇමරිකානු ඉවැන්ජලිස්තවරයන් බහුතරයක් තුළ පවතිනු ලබයි.

දෙවන ප්‍රධාන මතය නම් ඔගස්තීනියන් මතයවේ; එයින් ඉඳුරාම උගන්වනු ලබන්නේ දෙවියන්වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තම විශ්වාසය තබන්නවුන් පමණක් දිව්‍යමය ලෙස තෝරාපත් කරගනු නොලබන අතර එම පුද්ගලයන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තැබීම ප්‍රධානය කිරීම පිණිස උන්වහන්සේ විසින් දිව්‍යමය ලෙස තෝරාපත් කරගනු ලබන සේක් බවය. වෙනත් වචන වලින් කිවහොත් ගැළවීම ලැබිම පිණිස දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබීම පදනම් වනු ලබන්නේ යම් පුද්ගලයෙකු තුළ ඇති පූර්ව දැනුම මත නොව එය පදනම් වී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නිදහස්ල ශ්‍රේෂ්ඨ සහ කරුණාව මතය. දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාව ගැළවීම සදහා තෝරාපත් කර ගනු ලබන අතර කාලයාගේ ඇවෑමෙන් මෙම මනුෂ්‍යයන් ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තබනු ලබනු ඇත.

මෙම වෙනසට මෙය හේතුවක් බවට පත් වනුයේ ථ ගැළවීම පිණිස අවසාන තේරීම කා සතුවේද – දෙවියන්වහන්සේද මනුෂ්‍යයාද? පළමුවන මතයෙහි (අනාගත ඥානය පිළිබද මතය) පාලනය මනුෂ්‍යයා සතුවේ; උන්වහන්සේගේ නිදහස් කැමැත්ත ශ්‍රේෂ්ඨ වන අතර දෙවියන්වහන්සේගේ තෝරාපත් කර ගනු ලැබීමේ තීරණාත්මක සාධකය මෙයවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීමේ මාර්ගය දෙවියහන්වහන්සේට සලස්වා දිය හැකි නමුත් ගැළවීම සැබෑ කර ගනු වස් මනුෂ්‍යයා තමන් තුළ ක්‍රිස්තුස්වහන්සේව තෝරා ගත යුතුය. අවසානයේදී මෙම මතය දෙවියන්වහන්සේව බල රහිත කොට උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයෙන්ද හීන කරනු ලබයි. මෙම මතය මගින් මැවුම්කරුවාණන්වහන්සේව මවනු ලැබූ සත්ත්වයාගේ දයාව මතය පමුණුවයි; දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයා ස්වර්ගයෙහි සිටිනු ලැබීමට කැමති නම් මනුෂ්‍යයා විසින් නිදහස්ව උන්වහන්සේගේ ගැළවීමේ මාර්ගය තෝරා ගනු ඇතැයි බලාපොරොත්තු විය යුතු සේක. යථාර්ථය නම් අනාගත ඥානය පිළිබද මතයෙහි තෝරා පත් කර ගනු ලැබීම කිසිසේත්ම තෝරාපත් කර ගනු ලැබීමේ මතයක් නොවන අතර තෝරා ගැනීම කරනු ලබන්නේ දෙවියන්වහන්සේ නොව උන්වහන්සේ විසින් කරනු ලබන්නේ – ස්ථිර කරනු ලැබීම පමණි. අවසානයේදී තෝරා ගනු ලබන්නා වනුයේ මනුෂ්‍යයාය.

ඔගස්තීනියානු මතයට අනුව දෙවියන්වහන්සේ තුළ පාලනය ඇත; තමන්වහන්සේ විසින් ගළවනු ලබන්නන්ව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කැමැත්ත මත නිදහස්ව තෝරා ගනු ලබන්නේ උන්වහන්සේය. උන්වහන්සේ විසින් ගළවනු ලබන්නන්ව උන්වහන්සේ විසින් තෝරා පත් කරනු ලබනවා පමණක් නොව එතුමන් විසින් සැබවින්ම ඔවුන්ගේ ගැළවිම ඉෂ්ට කර දෙනු ලබන සේක. හුදෙක් ගැළවීම ලබා ගනු වෙනුවට දෙවියන්වහන්සේ විසින් ගැළවීම ලබාගත යුත්තවුන් තෝරා ගනු ලබන අතර උන්වහන්සේ ඔවුන්ව තෝරා පත් කර ගනු ලබන සේක. මෙම මතය තුළින් මැවුම්කරුවාණන්වහන්සේ සහ ශ්‍රේෂටත්වය ලෙස නිසි ස්ථානයේ තබනු ලබන සේක.

ඔගස්තීනියානු මතය තුළ ගැටළු නැතුවා නොව. විවේචකයෙන් සදහන් කරනු ලබන්නේ මෙම මතය මිනිසාගේ නිදහස් කැමැත්ත නැති කර දමන්නක් ලෙසය. ගැළවිම ලබන්නේ කව්දැයි තෝරා ගන්නේ දෙවියන්වහන්සේ විසින් නම් මිනිසා විශ්වාස කිරීමට ඇති වෙනස කුමක්ද? සුභාරංචිය දේශනා කළ යුත්තේ මන්ද? එපමණක් නොව දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලබන්නේ උන්වහන්සේ ශ්‍රේෂ්ඨ කැමැත්ත මත නම් අපගේ ක්‍රියාවන් වලට අප වගකිව යුත්තෝ වන්නේ කෙසේද? මේ සියල්ල වනාහී පිළිතුරු ලබා දිය යුතු යහපත් සහ සාදාරණ ප්‍රශ්නවේ. මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට සුදුසු බයිබල් පාඨයක් වන්නේ රෝම 9 වන අතර මෙය වූ කලී තෝරා ගනු ලැබීමේ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබදව හා සමග බැදුනාවූ ගැඹුරු බයිබල් පාඨයකි.

මෙම පාඨයෙහි පෙළ යෙදුම රෝම 8 හි සිට ගලා එනු ලබන අතර එය අවසාන වන්නේ ප්‍රශංසාව පිළිබදව උචිචතම අවස්ථාවකිනි: “අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි” (රෝම 8:38–39). මෙම ප්‍රකාශයට යුදෙව්වෙකුට ප්‍රතිචාර දැක්විය හැකි අන්දම සලකා බැලීමට පාවුළුතුමාගේ අවධානය යොමු කරයි. යේසුස්වහන්සේ පැමිණියේ ඉශ්‍රායෙල්හී මුළාවූ දරුවන් වෙනුවෙන් වූ අතර මුල් සභාව විශාල වශයෙන් යුදෙව් අලංකාරයෙන් සරසා තිබූ අවධියේ සුභාරංචිය අන්‍ය ජාතීන් අතර පැතිරෙමින් පැවතුනේ යුදෙව්වන් අතරට වඩා වේගවත්ය. ඇත්ත වශයෙන්ම බොහෝ යුදෙව්වන් සුභාරංචිය දුටුවේ බාධකයක් ලෙස දැකීමෙන් අනතුරුව (1 කොරින්ති 1:23) යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කළහ. මෙතුළින් සාමාන්‍ය යුදෙව්වකුට මවිත කිරීමට මග පෙන්වනු ලබන්නේ දෙවියන් වහන්සේගේ තෝරා පත් කර ගැනීමේ සැලැස්ම අසාර්ථක වීද යන්නය; මන්දයත් බොහෝ යුදෙව්වන් විසින් සුභාරංචි පණිවුඩය ප්‍රතික්ෂේප කරනු ලැබූහ.

රෝම 9 පුරාවටම පාවුළු විසින් ක්‍රමානුකූලව පෙන්වනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ තෝරා ගැනීම ආරම්භයේ සිටම බල පැවතුනු බවය. ඔහු තීරණාත්මක ප්‍රකාශයකින් ආරම්භ කරනු ලබයි: “මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති.” (රෝම 9:7) මින් අදහස් වන්නේ ජන වාර්ගික ඉශ්‍රායෙල්වරුන් සියල්ලෝම: එනම් ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවත එන්නන්– සැබෑ ඉශ්‍රායෙල්වරුන්ට අයත් වන බව නොවේ (දෙවියන්වහන්සේ විසින් තෝරා පත් කර ගනු ලැබූවන්). ඉශ්‍රායෙල් ඉතිහාසය සමාලෝචනය කිරීමෙන් පාවුළු පෙන්වා දෙනු ලබන්නේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් වෙනුවට ඊසාක්වත් ඒසව් වෙනුවට යාකොබ්වත් තෝරා ගනු ලැබූ සේක් බවය. දෙවියන්වහන්සේ මෙම පුද්ගලයන්ව තෝරා ගනු ලැබුවේ ඔවුන්ගේ ඇදහිල්ල හෝ ඔවුන් අනාගතයේ කිරීමට තිබූ යහපත් ක්‍රියා පදනම් කොට යයි සිතන හෙයින් ඔහු එයට එකතු කරනු ලබන්නේ “ඒ තාක් දරුවන් නොඉපද යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හීද ක්‍රියා නිසා නොව කැදවන තැණන්වහන්සේ නිසා තෝරා ගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිර වන පිණිසය” (රෝම 9:11).

මේ අවස්ථාවේදී දෙවියන්වහන්සේ අසාධාරණ ලෙස ක්‍රියා කරන බවට උන්වහන්සේට චෝදනා නැගීමට යම් කෙනෙකු පෙළඹෙනු ඇත. 14 වන පදයේ පාවුළු මෙය පූර්වාපේක්ෂා කරනු ලැබුවේ දෙවියන්වහ්න්සේ කිසිදු අන්දමකින් අයුක්ති සහගත නොවන බව පවසමිනි. “මක්නිසාද මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයා වන්නෙමි අනුකම්පා කරන්ට කැමති තැනැත්තාට අනුකම්පා කරන්නෙමි” (රෝම 9:15). දෙවියන්වහන්සේට තම මැවිල්ල කෙරෙහි පරමාධිපත්‍යය තිබෙන සේක. උන්වහන්සේ කැමති අයව තෝරා ගැනීමටත් පසු කර යායුතු වූවන් පසු කර යෑමටත් දෙවියන්වහන්සේට නිදහස ඇත. මැවුම්කරුවාණන්වහන්සේ අයුතු බවට චෝදනා කිරීමට මවනු ලැබූ සත්ත්වයාට අයිතියක් නොමැත. මවනු ලැබූ සත්ත්වයාට විනිශ්චයේදී මැවුම්කරුවාණන් ඉදිරියෙහි සිටිමට හැකි වීම නමැති සිතුවිල්ල පවා පාවුළුට නිරර්ථකයක් වන අතර කිතුණුවන් සියල්ලන්ටමද එය එසේ විය යුතුය. රෝම 9 හි ඉතිරි කොටස මෙම කරුණ සනාථ කරනු ලබයි.

දැනටමත් සදහන් කර ඇති පරිදි දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබුවන් යන මාතෘකාව පිළිබදව ඉතාමත් අල්ප වශයෙන් කථා කරනු ලබන පාඨයන්ද ඇත. (කිහිපයක් නම් කළහොත්) යොහාන් 6:37–45 සහ එපීස 1:3–14). කාරණය නම් ගැළවීම පිණිස මනුෂ්‍යයත්වයේ ඉතිරිවූ කොටස මුදා ගැනීමට දෙවියන්වහන්සේ නියෝග කර ඇති බවය. මෙම තෝරා ගනු ලැබූ පුද්ගලයෙක් ලෝකය මැවීමටත් ප්‍රථමයෙන් තෝරා ගනු ලැබූ අතර ඔවුන්ගේ ගැළවීම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණ විය. පාවුළු ප්‍රකාශ කරන අන්දමට “මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇදිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුදුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වන්නට පූර්වයෙන් නියම කළ සේක. පූර්වයෙන් නියම කළවුන් උන්වහන්සේ කැදවා ගත් සේක. කැදවා ගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළ සේක. ධර්මිෂ්ඨ අය උන්වහන්සේ මහිමයට පැමිණවූ සේක” (රෝම 8:29–30).

English
නැවතත් සිංහල මුල් පිටුවට
දෙවියන්වහන්සේ විසින් තෝරා තෝරා පත් කර ගනු ලැබූවන් කව්රුන්ද?