settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට සාක්ෂි තිබේද?

පිළිතුර


සියලූම දෙනාට අවශ්‍යය වන්නේ තමාගේ යාච්ඤාවන් "ඵලදායි" කොටගෙන අප අපගේ යාච්ඤාවන්හී "ප්‍රතිඵල" කෙරෙහි එතරම් ප්‍රමාණයක් ඉලක්ක කළ විට අපට යාච්ඤාව තුළ ඇති ඇදහිය නොහැකි වරප්‍රසාද නොපෙනී යනු ඇත. අප වැනි පුද්ගලයන්ට විශ්වය පිළිබදව නිර්මාණකරුවාණන්ට කථා කළ හැකි වීම, එයම විශ්මවට පමුණුවන්නකි. තවත් පුදුමයෙන් ආකූල වන්නාවූ කරුණක් නම් උන්වහන්සේට අපට ඇසෙන මෙන්ම එතුමාණන් අප වෙනුවෙන් ක්‍රියාත්මක වන සේක්ය. ඵලදායි යාච්ඤාව පිළිබදව අප විසින් අවබෝධ කරගත යුතු මූලිකම කරුණ නම් අපගේ ස්වාමින් සහ ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කුරුසියේ දුක් විදිනු ලැබ මරණයට පත් වීමි සිදුවූයේ නමස්කාර සහ යාච්ඤා කරනු වස් කරුණාවේ සිංහාසනය කරා එළඹීම පවා හැකි වනු පිණිසය (හෙබ්‍රව් 10:19–25).

අපට අපගේ නිර්මාණකරුවාණන් හා සමග ඇති සබදකම කෙතරම් ගැඹුරුට ගෙන යා හැකිද යන්නට මාර්ගෝපදේශකයක් දේව වචනය තුළින් පුද කරනු ලබන නමුත් ඵලදායි යාච්ඤාව වනාහී යාච්ඤා කරනු පුද්ගලයා පිළිබදව ඊටත් වැඩියෙන් වන අතර අප විසින් යාච්ඤා කළ යුත්තේ "කොයි ආකාරයෙන්ද" යන්න නොවේ. සැබවින්ම ශුද්ධලියවිල්ල පවසනු ලබන්නේ "ධර්මිෂ්ඨ මනුෂ්‍යයයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ට වෙයිග" (යාකොබ් 5:16) එසේම "ස්වාමින්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ." (1 පේත්‍රස් 3:12; ගීතාවලිය 34:15), ඒ අයුරින්ම "එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය" (හිතෝපදේශ 15:8). යාච්ඤාව තුළින් ධර්මිෂ්ඨ දානියෙල්ව සිංහ ගුහාවෙන් මුදවා ගනු ලැබීය (දානියෙල් 6:11) සහ පාළුකරයේදී දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනග මෝසෙස්ගේ නිවැරදි සිටගැනීම හේතුකොටගෙන ප්‍රතිඵල ලැබීය (නික්මයාම 16-17). වඳ කාන්තාවක් වූ හන්නාගේ අචල සහ නිහතමානී යාච්ඤාවන්හී ප්‍රතිඵලය වූයේ අනාගතවක්තෘ වූ සාමුවෙල්ගේ උත්පත්තිය (1 සාමුවෙල් 1:20), සහ අපෝස්තුළුවූ පාවුල්ගේ යාච්ඤාවන් කරණකොටගෙන පෘථිවියේ පවා සෙලවීමක් ඇති කරනු ලැබීය (ක්‍රියා 16:25–26). පැහැදිලිවම, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ දරුවන්ගේ හෘද්‍යාංගම යාච්ඤාවන් ඉෂ්ට කරනු ලබයි (ගණන් කථාව 11:2).

අප විසින් සහතික කරගත යුත්තේ අපගේ යාච්ඤාවන් දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුකූල විය යුතුය. "උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසැකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලූවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය" (1 යොහාන් 5:14–15). දෙවියන්වහන්සේගේ එකගත්වය හා සමග යාච්ඤා කිරීම වූ කලී උන් වහන්සේට අවශ්‍යය වන්නාවූ දේ හා සමග අනුකූල වීම සහ දෙවියන් වහන්සේගේ අනාවරණය වනු ලැබූ කැමැත්ත ශුද්ධ ලියවිල්ල පුරාවටම අපට දක්නට ලැබේ. එසේම අප යාච්ඤා කළ යුත්තේ කුමක් පිළිබදවදැයි අප නොදන්නෙමු නම් පාවුළු අපට මතක් කර දෙනු ලබන්නේ අප දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අප කෙරෙහි මැදිහත් කාරකම් කිරීම පිණිස ආත්මයාණන්වහන්සේ මත රදා පැවතිය හැක්කේ "ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන බැවින්" (රෝම 8:27). දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ මනස දන්නා හෙයින් ආත්මයාණන්වහන්සේගේ යාච්ඤාව සෑම විටම පියාණන්වහන්සේගේ කැමැත්තට අනුකූලවේ.

ඊට අතිරේකීව යාව්ඤාව වූ කලී ඇදහිලිවන්තයන් විසින් "නිරන්තරයෙන්ම" කළ යුත්තකි (1 තෙසලෝනික 5:17). නිදසුනක් ලෙස ලුක් 18:1හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ අප අප්‍රතිහත ධෛර්‍යයෙන් යුතුව යාච්ඤා කළ යුතු අතර "අත්හැර දැමිය යුතු නොවන" බවත්ය. එලෙසම අප අපගේ ආයාචනයන් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන විට අප ඇදහිල්ලෙන් යාච්ඤා කළ යුතු බවත් (යාකොබ් 1:5; මාර්ක් 11:22–24). ස්තුති පූර්වකවත් (පිලිප්පි 4:6), අන් අය කෙරෙහි කමාව දීමේ ආත්මයකින් යුතු වීමත් (මාර්ක් 11:25), ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් (යොහාන් 14:13–14), එසේම ඉහත සදහන් පරිදි දෙවියන්වහන්සේ ඉදිරියේ නිවරුදීවූ හදවතකින් යුතුවත්ය (යාකොබ් 5:16). අප යාච්ඤා කරන තැණන්වහන්සේව ප්‍රසන්න වනු ලබන්නේ අපගේ යාච්ඤාවන්හී ප්‍රබලතාවය මත විනා අපගේ යාච්ඤාව තුල ගත කරනු ලබන කාල ප්‍රමාණය නොව. එසේ හෙයින් අපගේ ව්‍යක්තභාවයෙන් හෝ ඥණයෙන් අප දෙවියන් වහන්සේව විශ්මයට පත් කල යුතු නොවෙමු. ඒ එසේ වූවත් අප ඉල්ලන්ට ප්‍රථමයෙන් අපගේ ඕනැ එපාකම් දෙවියන්වහන්සේ දන්නා සේක (මතෙව් 6:8).

එලෙසම අප යාච්ඤා කරන විට අප විසින් සහතික කරගත යුත්තේ අපගේ හදවත් වල පාපොච්චාරණය නොකරනු ලැබූ පාපයන් නැති බවය, මන්දයත් එය ඒකාන්තයෙන්ම ඵලදායි යාච්ඤාවට බාධාවක් වන හෙයිනි. "නමුත් ඔබගේ සෑම අපරාධම ඔබ සැම සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස ඔබ සැමගේ පාපද උන්වහන්සේගේ මුහුණ ඔබ සැමගෙන් සැගෙවිවේය" (යෙසායා 59:2; ගීතාවලිය 66:18). භාග්‍යයකට මෙන් "අපේ පාපවල් කියාදෙමු නම් අපේ පව් අපට කමාකරන්ටත් සියලූ අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක" (1 යොහාන් 1:9).

දෙවියන්වහන්සේ හා සමග ඇති ඵලදායි සන්නිවේදනයට ඇති තවත් බාධකයක් නම් ආත්මාර්ථකාමී අභිප්‍රායයන් සහ වැරදි චේතනාවන්ය. "ඔබ සැම ඉල්ලන නමුත් ඔබ සැමගේ තෘෂ්ණා ගැන වියදම් කරන පිණිස වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත" (යාකොබ් 4:3). දෙවියන්වහන්සෙගේ කැදවීම ප්‍රතික්ෂේප කිරීම හෝ උන්වහන්සේගේ උපදෙස් නොසලකා හැරීම (හිතෝපදේශ 1:24–28), රූප නමස්කාරය (යෙරමියා 11:11–14), හෝ දිළිඳුන්ගේ හඩ ප්‍රතික්ෂේප කිරීම (හිතෝපදේශ 21:13) ආදිය ඵලදායි යාච්ඤා ජීවිතයට අතිරේක බාධකයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

ඵලදායි යාච්ඤාව වූ කලී අපගේ ස්වර්ගයේ පියාණන්වහවන්සේ හා සමග ඇති සබදතාවය ශක්තිහත් කර ගැනීමේ මගකි. අප උන්වහන්සේගේ වචනය අධ්‍යයනය කර එයට කීකරු වෙමින් සහ උන්වහන්සේව සොයන කළ යොෂුවාගේ යාච්ඤාව කරණාකොටගෙන චන්ද්‍රයාව නවතා ලු එම දෙවියන් වහන්සේම (යොෂුවා 10:12–13) අපටද එලෙසම ආරාධනා කරනු ලබන්නේ කරුණාවේ සිංහාසනය වෙත එඩිතරව පැමිණ පැහැදීමකින් යුක්තව යාච්ඤා කිරීමටය, මන්ද උන්වහන්සේගේ දයාව සහ කරුණාව පතුරුවා ලමින් අපගේ අවශ්‍යයතාවයේදී අපට උපකාර කරනු පිණිසය (හෙබ්‍රව් 4:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ යාච්ඤාවට පිළිතුරු දෙන බවට සාක්ෂි තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries