settings icon
share icon
ප්‍රශ්නය

පූර්ව සාධාර්මික සභාව යනු කුමක්ද? සාධාර්මික කිතුනුවන්ගේ විශ්වාසයන් මොනවාද?

පිළිතුර


පූර්ව සාධාර්මික සභාව වූ කලී එය හුදෙක් තනි සභාවක් නොව ස්වාධීන මණ්ඩල 13 න් යුත් පවුලක්ය. එහි පිහිටීම අනුව නම් කරනු ලැබේ. (උදා: ලෙස ග්‍රීක පූර්ව සාධාර්මික සභාවම රුසියානු පූර්ව සාධාර්මික සභාව යනාදිය) ඔවුන් එක්සත් වන්නේ සක්‍රමේන්තුව, මත වාදය, දේව මෙහෙයේ ක්‍රමය සහ සභා පාලනය යන අවබෝධයන්ගෙන්ය, ඔවුන්ගේ කටයුතු ඔවුන් විසින් පරිපාලනය කරනු ලබයි.

සෑම පූර්ව සාධාර්මික සභාවකම ප්‍රධානියා හඳුන්වනු ලබන්නේ “පීතෘ මූලිකයා” නොහොත් “අග්‍ර බිෂොප් තැන” ලෙසය. කොන්ස්තන්තිනෝපලයේ පීතෘ මූලිකයා (ඉස්තාන්බුල්, තුර්කිය) සලකනු ලබන්නේ ක්‍රිස්තියානි ලෝකයට අයත් හෙවත් සමස්ත පීතෘ මූලිකයා ලෙසය. රෝමානු කතෝලික සභාවේ පාප් වහන්සේගේ ප්‍රතිරූපය ගන්නාවූ ආසන්නතම පුද්ගලයා ඔහුවේ. “විකාරියස් ෆිලියස් දෙඉ” යන නමින් හඳුන්වන (දේව පුත්‍රයාගේ ප්‍රදේශය භාර දේව ගැති තැන) කොන්ස්තන්තිනෝපලයේ බිෂොප්වරයා හඳුන්වනු ලබන්නේ ප්‍රයිමස් ඉන්ටර් පැරස් (සමාන තැනැත්තන්ගේ ප්‍රථමයා) ඔහු විශේෂ බුහුමන් භුක්ති විඳින නමුත් අනෙකුත් පූර්ව සාධාර්මික සභාවන් 12 ට මැදිහත් වීමට බලයක් නොමැත.

පූර්ව සාධාර්මික සභාව හිමිකම් පාන්නේ එකම සත්‍යයවූ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ලෙස වන අතරම ඔවුන් මුල් අපෝස්තුළුවරයන්ගේ මූලාරම්භය අනුරේඛනය කිරීමට සොයන්නේ නොකැඩුනාවූ ධර්ම දූතික අනුක්‍රමික දාමයකි. පූර්ව සාධාර්මික චින්තකයන් රෝමානු කතෝලිකයන් සහ රෙපරමාදුවන්ගේ අධ්‍යාත්මික තත්වය විවාද කරනු ලබන අතරම අන් සමහරක් ඔවුන්ව හඳුන්වනු ලබන්නේ අන්‍යදෘෂ්ටිකයන් ලෙසය. රෝමානු කතෝලිකයන් සහ රෙපරමාදුවන් සේම පූර්ව සාධාර්මික ඇදහිලිවන්තයන් විසින් ත්‍රිත්වයත්, බයිබලය දේව වචනය ලෙසත්, යේසුස් වහන්සේ දේව පුත්‍රයා ලෙස මෙන්ම තවත් බොහෝ දේව වචනය හා සම්බන්ධ මතවාදයන් තහවුරු කරනු ලබති. කෙසේ නමුත් මතවාදයන් ගත් කළ වඩාත් පොදු ලක්ෂණ ඇත්තේ රෙපරමාදු කිතුනුවන්ට වඩා රෝමානු කතෝලිකයන් හා සමගය.

කණගාටුවට මෙන් ඇදහිල්ල කරණකොටගෙන ඇති වන යුක්ති සාධනය පිළිබඳ මතවාදය සැබවින්ම පූර්ව සාධාර්මික සභාවේ ඉතිහාසයෙන් සහ දේව ධර්මයෙන් අසම්මිඛ වී ඇත. සත්තකින්ම සාරධාර්මිකතාව අවධාරණය කරන්නේ “බ්‍රහ්ම ප්‍රාප්තියයි” (වචනානුසාරයෙන් කිවහොත් දේවත්වයට පත්වීම) එනම් කිතුනුවන් ක්‍රමාණුකුලව ක්‍රිස්තුස් වහන්සේ බවට පත්වීමේ ක්‍රියාවලිය. පූර්ව සාධාර්මික සම්ප්‍රදාය තේරුම් ගැනීමට අපොහොසත් වන්නේ “දේවත්වයට පත්වීම” හුදෙක් ගැළවීම හේතුකොටගෙන ලැබෙන්නාවූ ප්‍රගාමි ප්‍රතිඵලයක් මිස ගැලවීම ලබා ගැනීමට අවශ්‍යය කරන්නාවූ දෙයක් නොව. දේවචනය හා සමග ඝට්ටනයක් හට ගන්නාවූ අනෙකුත් සාධාර්මික සවිශේෂණ නම්:

• සභා සම්ප්‍රදායෙහි සහ ශුද්ධ ලියවිල්ලෙහි එක හා සමාන ආධිපතෘය.
• සම්ප්‍රදායෙන් තොරව පුද්ගලයන් විසින්දේව වචනයේ අර්ථ පහදා දීම අධෛර්ය කිරීම,
• මරියතුමීගේ සදාතන කන්‍යභාවය
• මිය ගියවුන් උදෙසා කරනු ලබන යාච්ඤා
• පෞද්ගලික වගකීම සහ නිර්දේශ නොකරන්නාවු බිළිඳු බවිතිස්මය
• මරණයෙන් පසුව ගැළවීම ලැබීමේ භාව්‍යතාවය
• ගැළවීම නැතිවී යාමේ භාව්‍යතාවය

පූර්ව සාධාර්මික සභාව, එම සභාවෙහි බලවත් හඬවලට අයිතිවාසිකම් කියන අතරම තවත් බොහෝ සාධාර්මික සම්ප්‍රදායන් වල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමග අව්‍යාජ සබදතාවයක් ඇති කරගෙන ඇත, සාධාර්මික සභාව විසින් ක්‍රිස්තුස් වහන්සේගේ දේවචනය හා සම්බන්ධ ශුභාරංචිය සමග මුසු වන්නාවූ පැහැදිලි පණිවුඩයක් ගෙන හැර පාන්නේ නැත. සංශෝධකයන්ගේ කැඳවීම අනුව “ශුද්ධ ලියවිල්ල පමණක්ය, ඇදහිල්ල පමණක්ය, කරුණාව පමණක්ය සහ ක්‍රිස්තුස් වහන්සේ පමණක්ය” යන්න පූර්ව සාධාර්මික සභාවෙහි දක්නට නොමැති මෙන්ම එය නැතිව නොසිටීමට තරම් අගනා වස්තුවකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පූර්ව සාධාර්මික සභාව යනු කුමක්ද? සාධාර්මික කිතුනුවන්ගේ විශ්වාසයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries