settings icon
share icon
ප්‍රශ්නය

මුල් සභා පියවරුන් නම් කව්රුන්ද?

පිළිතුර


මුල් සභා පියවරුන් මූලික ප්‍රභේදයන් 3 කට අයත්වේ, අපෝස්තලික පියවරුන්, ප්‍රාග් නෛසීන සභා පියවරුන් සහ පශ්චාත් නෛසීන සභා පියවරුන්ය. අපෝස්තලික සභා පියවරුන්, රෝමයේ සිටි ක්ලෙමන්ටි හා සම වූයේ අපෝස්තුළුවරයන්ගේ සමකාලීනයන් වී එලෙසම ඔවුන්ගෙන් ඉගෙනීම ලැබ සම්ප්‍රදායන් සහ අපෝස්තුළුවරයන්ගේ ඉගැන්වීම් ඔවුන් විසින්ම රැගෙන යාම කරණකොටගෙන විය හැක. 2 තිමොති 4:21 හි සදහන් වන ලීනස්ල පේත්‍රැස් වේදසාක්ෂිකයෙකු ලෙස මරණයට පත් කරනු ලැබීමෙන් අනතුරුව රෝමයේ රදගුරු බවට පත්වූයේය. එලෙසම ක්ලෙමන්ටි ලීනස්ගේ කාර්‍යය භාරය භාර ගත්තේය. එසේ හෙයින් ක්ලෙමන්ටි සහ ලීනස් යන දෙදෙනාම අපෝස්තලික සභා පියවරුන් ලෙස සැලකේ. කෙසේ නමුත් ලීනස්ගේ ලියවිලි කිසිවක් නොනැසී පවතින බවක් පෙනී යන්නට නැති අතරම රෝමයේ සිටි ක්ලෙමන්ට්ගේ ලියවිලි බොහෝමයක් නොනැසී පවතියි. දෙවන ශතවර්ශය ආරම්භ වන වකවානුවේ පොලිකාර්ප් වැනි යොහාන්ගේ ගෝලයන් හැරුණුකොට ගෙන අපෝස්තලික සභා පියවරුන් බොහෝ ලෙස මෙම රංගභුමියෙන් ඉවත්ව යන්නට ඇතග සම්ප්‍රදායට අනුව ක්‍රි.ව. 98 හීදි පමණ එපීසයේදී යොහාන් මිය යන්නට ඇත.

ප්‍රාග් නෛසීන සභා පියවරුන් වූ කලී අපෝස්තලික සභා පියවරුන්ට පසුව මෙන්ම ක්‍රි.ව. 325 හීදි නෛසීය කවුන්සිලයට ප්‍රථමයෙන් පැමිණියාවූ පිරිසක්ය. මෙම පුද්ගලයන්, එනම් ඉරේනියස්ල ඉග්නේෂස් සහ ජස්ටින් මාටියර් යන අය ප්‍රාග් නෛසීන සභා පියවරුන්වේ.

පශ්චාත් නෛසීන සභා පියවරුන් නම් ක්‍රි.ව. 325 හීදි නෛසීය කවුන්සිලයට පසුව පැමිණියවුන්ය. මොවුන් නම් ප්‍රසිද්ධියක් දැරූ ඔගස්ටීන්ල හිප්පෝහී රදගුරුල මොහු සභා මතවාද උදෙසා කළාවූ මහගු සේවය කරණකොටගෙන රෝමානු කතෝලික සභාවේ පියා ලෙස බොහෝ විට හඳුන්වනු ලැබේ. ක්‍රිසෝස්ටමිල ඔහුගේ උත්කෘෂ්ඨ ව්‍යක්තභාවය හේතුකොටගෙන (රත්රන් මුඛවාදියා) නමින් හඳුන්වනු ලැබීය. එසේම ඉයුසිබියස් යේසුස් වහන්සේගේ උත්පත්තියේ සිට ක්‍රි.ව. 324 දක්වා නෛසීය කවුන්සිලයට වසරකට ප්‍රථමයෙන් සභාවේ ඉතිහාසය පිළිබදව ලියන ලදී. ඔහු පශ්චාත් නෛසීන යුගයට අයත් වන්නේ නෛසීය කවුන්සිලය අවසන් වනතුරු ඔහු විසින් ඉතිහාසය පිළිබදව නොලියූ හේතුවෙනි. අනෙකුත් පශ්චාත් නෛසීන පියවරුන් නම් ග්‍රීක නව තෙස්තමේන්තුව ලතින් වල්ගේට් යන්නට පරිවර්තනය කෙරූ ජෙරෝමි සහ අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගමට හැරීම කෙරෙහි මහත් ලෙස වගකිව යුතු පුද්ගලයා ලෙස කටයුතු කළ ඇම්බ්‍රෝස්ය.

එසේ නම් මුල් සභා පියවරුන් විශ්වාස කලේ කුමක්ද? අපෝස්තලික සභා පියවරුන් සුභාරංචි ප්‍රකාශනය පිළිබදව ඉතා සැලකිලිමත් වූයේ අපෝස්තුළුවරයන්, ඔවුන් විසින්ම එය ප්‍රකාශ කල ආකාරයටය. ඔවුන් දේව ධර්මය පිළිබදව මතවාදයන් ක්‍රමවත්ව දැක්වීම කෙරෙහි උනන්දුවක් නොදැක්වූයේ ඔවුන් අපෝස්තුළුවරයන්ගෙන් උගත් සුභාරංචිය ඔවුනට ප්‍රමාණවත් වූ හෙයිනි. අපෝස්තලික සභා පියවරුන් අපෝස්තුළුවරයන් මෙන්ම අතිශයෙන් උද්යෝගිමත් වූයේ මුල් සභාවේ පැණ නැගුනු සාවද්‍යය මතවාදයන් මුලිනුපුටා දැමීමට සහ නිරාවරණය කිරීමටය. සුභහසුනේ සාධර්මිකතාව සංරක්ෂණය කිරීමට හැකිවූයේ අපෝස්තුළුවරයන් විසින් ඔවුන්ට ඉගැන්වූ සුභාරංචියට විශ්වාසවන්තව සිටීමට අපෝස්තලික සභා පියවරුන් හට තිබූ ආශාව කරණකොටගෙනය.

ප්‍රාග් නෛසීන සභා පියවරුන්ද සුභාරංචියට විශ්වාසවන්තව සිටීමට උත්සාහ කළ නමුදු ඔවුනට අතිරේක කනස්සල්ලක් තිබිණි. පාවුළුල පේත්‍රැස් සහ ලුක්ගේ ප්‍රතිෂ්ඨාපිත ලියවිලි හා සමානව වැදගත්කමක් විදහා පෑමට හිමිකම් පෑ ව්‍යාජ ලියවිලි කිහිපයක් එවකට තිබුණි. මෙම ව්‍යාජ ලියවිලි වලට හේතුකාරණාව ප්‍රත්‍යක්ෂ වියග ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සාවද්‍යය ලියවිල්ලක් භාර ගැනීමට අනුනයනය කිරිමට හැකිවුවහොත් එවිට සාවද්‍යය සභාව තුළට රිංගා එනු ඇත. එසේ හෙයින් ප්‍රාග් නෛසීන සභා පියවරුන් තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කලේ කිතුණු ඇදහිල්ල සාවද්‍යය මතවාදයන්ගෙන් ආරක්ෂා කිරීමටයල මෙතුලින් පිළිගත හැකි සභා මතවාදයන්හී නිර්මාණය ආරම්භවිය.

පශ්චාත් නෛසීන සභා පියවරුන් සුභාරංචිය අනේකවිධ මිථ්‍යමත වලින් ආරක්ෂා කිරීමේ පරමාර්ථය මුදුන් පැමිණීම තුළින් පශ්චාත් නෛසීන සභා පියවරුන් වඩ වඩාත් උනන්දුවක් දැක්වූයේ සුභාරංචිය ආරක්ෂා කිරීමේ විධික්‍රම වලිට වූ අතර සුභාරංචිය සත්‍යය සහ පවිත්‍ර ස්වරූපයකින් සම්ප්‍රේෂණය කිරිම කෙරෙහි උනන්දුව ඔවුන් තුළ අවම විය. මෙලෙස අපෝස්තලික සභා පියවරුන්ගේ ප්‍රමුද්‍රාව වූ සාධර්මිකතාවය මග හැර යාමට ඔවුන් පටන් ගත්හ. මෙය දේවධර්මධරයාගේ යුගය වූ අතර අනන්ත සාකච්ඡාවන් පැවැත්වූයේ (දේව දූතයන් කීදෙනෙකුට අල්පෙනෙත්තියක හිස මත නැටීමට හැකිද) යන ගුප්ත මාතෘකා ඔස්සේය.

මුල් සභා පියවරුන්, ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම සහ සත්‍යය ආරක්ෂා කිරීම පිළිබදව අපට යහපත් ආදර්ශයක් ගෙන දෙති. අප කිසිවකු සර්ව සම්පූර්ණ නොවන්නාක් මෙන් මුල් සභා පියවරුන් කිසිවකු සර්ව සම්පූර්ණ නොවූහ. සමහර මුල් සභා පියවරුන් තුළවූ විශ්වාසයන් වර්තමාන කිතුණුවන් විසින් සාවද්‍යය ලෙස සලකතිග අවසානයේදී රෝමානු කතෝලික දේවධර්මය ලෙස වර්ධනය වීමට මුල් බැසගත්තේ පශ්චාත් නෛසීන සභා පියවරුන්ගේ ලියවිලිය. මුල් සභා පියවරුන් අධ්‍යයනය කිරීම තුළින් අපට දැනුම සහ තීක්ෂණ බුද්ධිය ලබා ගත හැකි නමුත් පර්යන්තයේදී අපගේ ඇදහිල්ල රදා පැවැතිය යුත්තේ දේව වචනය කෙරෙහි විනා මුල් සභා නායකයෙන්ගේ ලියවිලි මත නොවේ. අපගේ ඇදහිල්ල සහ ප්‍රයෝගය කෙරෙහි ඇති එකම සහතික මාර්ගෝපදේශකය දේව වචනය පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මුල් සභා පියවරුන් නම් කව්රුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries