settings icon
share icon
ප්‍රශ්නය

තම කම නැසීම යන්න දේව වචනයෙහි අර්ථ දක්වනුයේ කෙසේද?

පිළිතුර


"තම කම නැසීම" යන සංකල්පය දේව වචනය පුරාවටම දක්නට ලැබෙන්නෙකි. එතුළින් කිතුණු ජීවිතයේ සැබෑ සාරය ප්‍රකාශ වන අතර එහිදී අප අපගේ කුරුසිය ඔසවාගෙන ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනු ලබන්නෙමු. තම කම නැසීම වූ කලී නැවත උත්පාදනය ලැබීමේ කොටසක්ද වේ; පරණ පුද්ගලයා මිය යන අතර නව මනුෂ්‍යයා ජීවනයට පැමිණෙනු ලබයි (යොහාන් 3:3-7). ගැළවීම ලැබූ කළ කිතුණුවන් නැවත උත්පාදනය ලබනවා පමණක් නොව පවිත්‍රවීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස අඛණ්ඩවම අප තම කම නසන්නෙමු. එසේ හෙයින් තම කම නැසීම එක් වරක් සිදුවන ක්‍රියාවක් මෙන්ම ජීවිත කාලය පුරාවටම සිදුවන ක්‍රියාවලියක්ද වේ.

තමාගේ කුරුසිය (මරණයේ උපකරණයක්) රැගෙන උන්වහන්සේව අනුගමනය කිරීම පිළිබදව යේසුස්වහන්සේ අඛණ්ඩවම කථා කළ සේක. යමෙකු උන් වහන්සේව අනුගමනය කෙරේ නම් ඔවුන් තමාව නොසලකා, ඉන් අදහස් වනුයේ අවශ්‍යය වුවහොත් අධ්‍යාත්මක සංකේතාත්මක සහ ශාරිරිකව ඔවුන්ගේ ජීවිත අත්හැරිය යුතු බවය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම පිණිස මෙය පූර්ව අවශ්‍යයතාවයක් වූ අතර අපගේ භූමික ජීවිත ආරක්ෂා කර ගැනිමට උත්සාහ කිරීමෙන් ස්වර්ග රාජ්‍යයේ අපගේ ජීවිත අහිමි වන බව ප්‍රකාශ කරනු ලැබීය. එනමුත් උන්වහන්සේ වෙනුවෙන් තමාව නොසලකා හරින්නවුන් සදාකාල ජීවිනය අත්පත් කරගනු ලබති (මතෙව් 16:24-25; මාර්ක් 8:34-35). තමන්වහන්සේ වෙනුවෙන් තම ජීවිතය කැප කිරීමට අකමැති අයවලූන්ට උන් වහන්සේගේ ගෝලයන් විය නොහැකි බව පවා එතුමන් ප්‍රකාශ කරනු ලැබූ සේක (ලුක් 14:27).

බව්තීස්ම චාරිත්‍රයෙන් ප්‍රකාශ වන්නේ ඇදහිලිවන්තයා පැරණි පව්කාර ජීවන රටාවට මිය යාමට ඇති කැපවීම (රෝම 6:4-8) සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතයකට නැවත ඉපදීමවේ. කිතුණු බව්තීස්මය තුළ ජලයේ ගිලී යාමේ ක්‍රියාවලිය සංකේතවත් කරනුයේ මිය යාම සහ ක්‍රිස්තුස්වහන්සේ සමග භූමදාන කිරීමවේ. ජලයෙන් පිටතට පැමිණීමේ ක්‍රියාව ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය නිරූපණය කරනු ලබයි. බව්තීස්මය ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැගිටීම තුළ අපව හඳුනාගනු ලබයි. කිතුණුවන්ගේ මුළු ජීවිතයම සංකේතාත්මකව නිරූපණය කරනු ලබන්නේ තමකම නසාගෙන අප වෙනුවෙන් ජීවිතය පූජා කරනු ලැබූ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමය (ගලාති 2:20).

පාවුළු විසින් ගලාතිවරුන්ට පැහැදිලි කරනු ලබන්නේ "තමා ක්‍රිස්තුස්වහන්සේ හා සමග කුරුසියේ ඇණ ගසනු ලැබූ" කෙනෙකු ලෙස තමකම නසාගැනීමේ ක්‍රියාවලිය බවය. එසේම දැන් පාවුළු තවදුරයටත් ජීවත් නොවන නමුත් ක්‍රිස්තුස්වහන්සේ ඔහු තුළ ජීවත් වන බවත්ය (ගලාති 2:20). පාවුළුගේ පැරණි ජීවිතය පාපයට නැඹුරු වීම සහ ලෝකයේ මාර්ග අනුගමනය කිරීමට මිය ගොස් ඇති අතර නව පාවුළු යනු ඔහු තුළ සහ ඔහු තුළින් ජීවත් වන ක්‍රිස්තුස් වහන්සේගේ වාසස්ථානයවේ. මින් අදහස් කරනුයේ අප "තමකම නසා ගන්නා" විට අප අක්‍රිය හෝ අසංවේදී බවට පත්වන බවක් හෝ අප මියගිය බවක් හෝ නොවේ. ඒ වෙනුවට තමකම නැසීම යනු විශේෂයෙන්ම අප වරක් කළ පව්කාර ක්‍රම සහ ජීවන රටාවන් ඇතුළු පැරණි ජීවිතයේ දේවල් මරණයට පත් කිරීමවේ. "තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තේ මාංශය සහ එහි තෘෂ්ණා සමග කුරුසියෙහි ඇණගැසුවෝය" (ගලාති 5:24) අප වරක් ආත්මාර්ථකාමී සැප සමිපත් පසුපස හඹා ගිය තැන දැන් අප දෙවියන් වහන්සේව සතුටු කරන දේ පසුපස සමාන ආශාවකින් යුතුව ගමන් කරන්නෙමු.

තමකම නැසීම කිතුණු ජීවිතයේ විකල්පයක් ලෙස ශුද්ධ ලියවිල්ලෙහි කිසිවිටෙකත් නිරූපණය නොකෙරේ. එය වනාහී නව ජීවිතයක යථාර්ථයවේ; ක්‍රිස්තුස්වහන්සේ හා සමග තම පැරණි ජීවිතය ඇණ ගසනු දැකීමට සහ උන්වහන්සේට කීකරු වෙමින් නැවත ජීවත් වීම ආරම්භ කිරිමට කැමැත්ත දක්වනවා නම් මිස කිසිවකුට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය නොහැක. යේසුස්වහන්සේ විසින් ඇල්මැරුණු අනුගාමිකයන් විස්තර කරනු ලබන්නේ අර්ධ වශයෙන් තම පැරණි ජීවිතයත් අර්ධ වශයෙන් තම නව ජීවිතයත් තුළ ජීවත් වීමට උත්සාහ දරන අය ලෙස වන අතර උන්වහන්සේ විසින් ඔවුන්ව තමාගේ මුඛයෙන් පිටතට වමාරනු ලබන සේක් බවය (එළිදරව් 3:15-16). එම ඇල්මැරුණු ස්වභාවය චරිතවත් කරනු ලබන්නේ ලවෝදික සභාව මෙන්ම වර්තමානයේ බොහෝ සභාවන්යග "ඇල්මැරී සිටීම" වනාහී තමකම නැසීම සහ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජීවත් විමට ඇති අකමැත්තේ ලක්ෂණයකි. තමකම නැසීම කිතුණුවන්ට විකල්පයක් නොවේ; එය සදාකාල ජීවනයට මග පෙන්වන තෝරා ගැනීමක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

තම කම නැසීම යන්න දේව වචනයෙහි අර්ථ දක්වනුයේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries