දේව සභාවේහි වැඩිමහල්ලන්ගේ කර්තව්‍ය කුමක් ද?



ප්‍රශ්නය: දේව සභාවේහි වැඩිමහල්ලන්ගේ කර්තව්‍ය කුමක් ද?

පිළිතුර:
වැඩිමහල්ලන් විසින් දේව සභාවේ කළ යුතු කර්තව්‍ය හා කාරයයන් අඩුම වශයෙන් පහක් තිබේන බව දේව වචනය ප්‍රකාශ කරනවා.

1. වැඩිමහල්ලන්ගේ කාර්යය නම්, දේව සභාව තුල ඇතිවන ආරවුල් නිරවුල් කිරිමට උපකාර කිරිම වේ. පාවුල් සහ බාර්ණබස් සිරියේ පිහිටි අන්තියොකියේ සිටියේදි “යුදේයේන් සමහර දෙනෙක් ඇවිත් මෝසේස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මඡේදය කරනු නොලැබුවොත් නුඹලාට ගැළවන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය. එහෙයින් පාවුල්ද බාර්ණබස්ද සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවු කල්හි, පාවුල් සහ බාර්ණබස් ඔහුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්ණය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යේරුසලමට යන්ට නියම කරනු ලැබුවෝය” (ක්‍රියා 15:1,2). මෙම වගන්ති තුලින් පෑහැදිළි වනුයේ සභාව තුල ප්‍රශ්ණයක් ඇතිවු විට ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින් තීරණ ගත යුතු බව පෑහැදිළි වේ. එම නිසා වැඩිමහල්ලන් තීරණ ගන්නා අය වේ.

2. වැඩිමහල්ලන් රෝගින් උදෙසා යාච්ඤා කළා. “නුඹලා අතරින් යමෙක් රෝගාතුරුව සිටිනනේද? ඔහු සභාවේහි වැඩිමහල්ලන්ට හඬ ගසත්වා. ඔවුහු ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤා කරත්වා” (යාකොබ් 5:14). මෙම අයට බයිබලීය සුදුසුකම නම් දෙවියන්වහන්සේ තුල ජිවත්වීම වේ. ධර්මිෂ්ඨ මනුෂයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි (යාකොබ් 5:16). යාච්ඤා කිරිම වැඩිමහල්ලන් සතු වගකිම වේ.

3. දේව සභාව තුළ නිහතමානි බව රැකගැනීම වැඩිමහල්ලන් සතු වගකීමකි. “ඉතින් වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව් වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනා කරමි. නුඹලා අතරෙහි සිටින දෙවියන් වහන්සේගේ රැළ රැක බලා ගනිමින්, බලහාත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙන ලද්දාවුන් කෙරෙහි අධිපතිකමි කරන්නාක් මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැක බලා ගනිල්ලා” (1 පේතෘස් 5:1-4) දේව සභාවෙහි බැටළුවන් රැක බලා ගැනීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන්ට වගකීම දුන් සේක. මෙම වගකීම මූල්‍යම ප්‍රතිලාභ සඳහා නොව, රැළ රැක බලා ගැනීමේ එඞේරුන් ලෙස පත් කරන ලදී.

4. එලෙසම වැඩිමහල්ලන් ඇදහිලිවතුන්ගේ ආත්මික ජීවිතයද රැක බලා ගත යුතුයි. “නුඹලාගේ ප්‍රධානියෝ ගණන් දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැක බලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත් වෙයල්ලා” (හෙබ්‍රෙව් 13:17). මේ වගන්තිය විශේෂයෙන් වැඩිමහල්ලන් ගැන නොකීවත් එහි සන්දරභය සභා නායකයන් ගැන ප්‍රකාශ කරයි. මෙම නායකයන් සභාවෙහි ආත්මික ජීවිත වලට ගණන් දිය යුතු වේ.

5. වැඩිමහල්ලන් යාච්ඤාවෙන් හා දේව වචනය ඉගැන්වීමෙන් කාලය ගත කළ යුතුයි. “එවිට දොළොස් දෙනා ගෝල සමුහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැර දමා මේස වල සේවය කිරීම සුදුසු නැත. එහින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත් කරන පිණිස යහපත් යැයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයා ගනිල්ලා. අපි වනාහි යාච්ඤාවෙහිද වචනය මෙනෙහි කිරීමෙහිද ස්ථීර ලෙස යෙදී සිටින්නෙමු යැයි කීවෝය” (ක්‍රියා 6:2-4). මෙය අපෝස්තුළුවරුන් සඳහා කියන ලද පදයක් වූවත්, 1 පේතෘස් 5:1 හි පේතෘස් වැඩිමහල්ලෙකු සහ අපෝස්තුළුවරයෙකු ලෙස සේවය කළේය. එම නිසා මෙම වගන්තිය වැඩිමහල්ලන් සහ උපස්තායකයන් අතර පැවරී ඇති වගකීමේ වෙනස පැහැදිලි කරයි.

සාමාන්‍ය ලෙස ගත් විට වැඩිමහල්ලන් සමාදානය ඇතිකරන්නෝ, යාච්ඤා වීරයෝ, ගුරුවරු, ආදර්ශමත් නායකයෝ සහ උපස්තාන කරන්නෝ වෙති. එසේම සභාවෙහි දේශනා කරන හා උගන්වන නායකයන් ලෙසද හැඳින්විය හැක. මෙම ඉගැන්වීම වැදගත් කාර්යයක් බව දේව වචනය පැහැදිලි කරයි. “මාගේ සහෝදරයෙනි, ගුරුවරු වන අපට, වඩා බරපතල විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා” (යාකොබ් 3:1).





නැවතත් සිංහල මුල් පිටුවට



දේව සභාවේහි වැඩිමහල්ලන්ගේ කර්තව්‍ය කුමක් ද?