settings icon
share icon
ප්‍රශ්නය

විනීත ලෙස ඇඳුම් පැලදීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර


දේවස්ථානයකට යෑමේදී ස්ත්‍රීන් හට සුදුසු ඇඳුම් පැළඳුම් සම්බන්ධව විස්තර කිරීමේදී පාවුළුතුමා අනුශාසනා කරනුයේ ඔවුන් "වීනීතව, සංවරව සහ උචිත" ලෙස දෙවියන්වහන්සේට නමස්කාර කරන අයට අදාල යහපත් ක්‍රියාවන්ට අවිනීතව ඇඳුම් පැලදීම හාත්පසින්ම විරුද්ධ බවය (1 තිමොති 2:9–10). විනීතව ඇඳුම් පැලදීම දේවස්ථානයට යමේදී පමණක් පිළිපැදිය යුතු දෙයක් නොව එය සියලූම කිතුණුවන් හට සෑමවිටම පොදු ක්‍රියාවකි. විනීතව ඇඳුම් පැලදීම යනු කුමක්ද යන්න තේරුම් ගැනීම සදහා මූලික සාධකය වනුයේ අපගේ ආකල්ප සහ හදවතේ පැතුම් පරික්ෂා කර බැලීමය. දෙවියන්වහන්සේ වෙතට නැඹුරු වූ හදවත් ඇති සැවොම හැම විටම උත්සාහ කරනුයේ විනීතව සංවරව සහ උචිතව ඇඳුම් පැලදීමටය. ආත්මාර්ථකාමී හදවත් ඇති අය පලදින්නේ ඔවුන් වෙත අන් අය ආකර්ශණය කර ගත හැකි ඇඳුම් වන අතර එමගින් ඔවුන්ට හෝ අන් අයට සිදුවන අහිතකර ප්‍රතිඵල ගැන බිදක් හෝ කිසිම සැලකීමක් ඔවුන් තුල නොමැත.

දේව භක්තික ස්ත්‍රියක් සෑම විටම ප්‍රයත්න දරනුයේ දේව භක්තික ක්‍රියාවන්හී යෙදීමයට. දෙවියන්වහන්සේ බලාපොරොත්තු වනුයේ උන්වහන්සේගේ සෙනග තමන්වහන්සේ හට මහිමය ලබාදීම සදහා සහ තම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාත්මික ස්වභාවය ගැන උනන්දුවක් දැක්වීමය. තමන් කිතුණුවකු යයි කියා ගන්නා යම් ස්ත්‍රියක් අන් අයගේ අවධානය තමා වෙත ඇදගැනීමේ චේතනාවෙන් අවිනීතව ඇඳුම් පළදින්නේ නම් තමාගේ ආත්මය ගලවා ගැනීමට තමා උදෙසා කුරුසියේ දිවි පිදූ තැණන්වහන්සේ ගැන ඇයගේ සාක්ෂිය ඉතා දුර්වලය. තමාගේ ශරීරය ක්‍රිස්තුස්වහන්සේ විසින් මුදාගත් බැවින් දැන් එය ශුද්ධාත්මයාණන්ගේ මාළිගාව බව ඇය අමතක කරයි (1 කොරින්ති 6:19–20). ඇය ලොවට හඩ නගා කියනුයේ තමාගේ වටිනාකම මුළුමනින්ම බාහිර බවත් ඇය වෙත අන් අය ආකර්ෂණය කරගත හැක්කේ තමාගේ සිරුර කොපමණ නිරාවරණය වන්නේද යන්න මත බවත්යග තව දුරටත් පවසන්නේ නමි පුරුෂයන් තමා වෙතට ඇද ගැනීම සදහා තම සිරුර ප්‍රදර්ශනය වන ආකාරයේ අවිනීත ඇඳුමි සහ විලාසිතා භාවිතා කිරීමෙන් ඇය සිදුකරනුයේ ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින තම සහෝදරයන් පාපයට පෙළඹවීම වන අතර එය දෙවියන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇත (මතෙව් 5;27–29). හිතෝපදේශ 7:10හී "වෙසගනකගේ වස්ත්‍ර හැදි රැවටිලිකාර" ස්ත්‍රියක් ගැන සදහන්වේ. මෙමගින් පැහැදිලි ලෙස විස්තර කර දෙන්නේ තමාගේ ඇඳුම් පළදින ආකාරය මගින් ස්ත්‍රියකගේ හදවත පිළිඹ්බු වන බවය.

දේව වචනයේ පෙන්වා දෙනුයේ ස්ත්‍රියක් විනීත ලෙස ඇඳුම් පැලදිය යුතු බවය, නමුත් නූතන සමාජය තුළ එයින් හරියාකාරව අදහස් වන්නේ කුමක්ද? ස්ත්‍රියක් තමාගේ හිස සිට දෙපතුල් දක්වා ආවරණය කර ගත යුතුද? ස්ත්‍රීන් විසින් මෙම න්‍යාය පිළිපැදිය යුතු බව අවධාරණය කරන සමහර කණ්ඩායම් සහ ආගම් මෙලොව ඇත. නමුත් දේව වචනානුකූල සංවරකම එයද? නැවතත් හදවතේ ආකල්ප ගැන අප සලකා බැලිය යුතුයග යම් ස්ත්‍රියකගේ හදවතේ දේව භක්තිය ඇත්නම් ඇය පළදින්නේ අන් අය නොපොළඹවන තම සිරුර සමාජයට අනාවරණය නොවන එසේම ඇය දෙවියන්වහන්සේගේ දරුවකු බව ඇය දරණ පුද්ගලික සාක්ෂියට පටහැනි නොවන ඇඳුම්ය. අන් හැම දෙනාම අවිනීතව ඇඳුම් පැළඳුවත් එවැනි අය සමග ගැවසීම සදහා ඇයට අත්වන පරීක්ෂාවන්ට ඇය යටත් නොවන්නීයග එවැනි අවිනීත ඇඳුම් නිර්මාණය කර ඇත්තේ තම ශරීරය වෙත පුරුෂයන් වසග කර ආශාවන් ඇති කරවීම සදහා බව ඇය වටහා ගන්නා අතර එම ආකර්ශණය මගින් සිදුවන්නේ තමා සැහැල්ලූවට ලක්වීම බවද තේරුම් ගැනීමට තරම් ඇය ඥණවන්තයග තමාගේ ඇඳුම් පැළඳුම් නිසා පුරුෂයන් දෙවියන්වහන්සේට විරුද්ධව පව් කිරීමට පෙළඹවීමේ අදහස පවා ඇයට පිළිකුල්යල එසේ වන්නේ ඇය සෑම විටම උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේට ආදරය කිරීමට සහ උන්වහන්සේට මහිමය ලබා දීමටත් අන් අයද එසේම කිරීම ඇයට අවශ්‍යය නිසාය. විනීත ලෙස ඇඳුම් පැලදීම තමාගේ විනීත බව සහ දේව භක්තිය පිළිඹ්බු කරවන අතර දෙවියන්වහන්සේව ප්‍රසන්න කිරීමට සහ මහිමයට පත් කිරීම සදහා ජීවත් වන සෑම ස්ත්‍රියකුගේම ආකල්පය එය විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විනීත ලෙස ඇඳුම් පැලදීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries