settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ අපව ගැළවීම කරා ඇදගැනීම යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේ විසින් ගැළවීම කරා ඇදගැනීම යන්නට ඉතාමත් පැහැදිලිම බයිබල් පදය යොහාන් 6:44 හී හමුවන අතර යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන්නේ "මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලැබූ කෙනෙකුට මිස වෙන කෙනෙකුට මා ළගට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි." "ඇදීම" යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය හෙල්කුවෝ වන අතර අර්ථය (වචනානුසාරයෙන් සහ රූපාලංකාරව) "ඇදගෙන යාම" වේ. පැහැදිලිව මෙම ඇදගැනීම ඒක පාර්ශවීය ක්‍රියාවකි. ගැළවීම කරා ඇදගැනීම කරනු ලබන්නේ දෙවියන්වහන්සේ විසිනිත ඇදී යන අපට ක්‍රියාවලිය තුළ නිෂ්ක්‍රීය භූමිකාවක් ඇතග උන්වහන්සේ විසින් අපව ඇදගැනීම පිළිබදව අප ප්‍රතිචාර දක්වන බවට කිසිඳු සැකයක් නැති නමුත් එම ඇදගැනීම උන්වහන්සේගේ කාර්‍යයකි.

හෙල්කුවෝ යන්න යොහාන් 21:6 හී භාවිතා වන්නේ මසුන් අධික ප්‍රමාණයක් පිරුණූ දැලක් වෙරළට ඇදගෙන යාම සදහන් කිරීම පිණිසය. යොහාන් 18:10 හී පේත්‍රස් විසින් තමන්ගේ කඩුව ඇද ගැනීම පිළිබදව අපට දක්නට ලැබෙන අතර ක්‍රියා 16;19 හී පාවුළු සහ සීලස්ව පාලකයන් ඉදිරිපිට වෙළදපොළට ඇදගෙන යාම විස්තර කිරීම සදහා හෙල්කුවෝ යන්න භාවිතා කරනු ලබයි. පැහැදිලිවම වෙරළට ඇදගෙන යාම කෙරෙහි දැළට එයට සම්බන්ධවූ ක්‍රියාවක්වත්, පේත්‍රස් විසින් ඇදගැනීම කෙරෙහි කඩුව එයට සම්බන්ධවූ ක්‍රියාවක් හෝ වෙළදපොළට ඇදගෙන යාම කෙරෙහි පාවුළු සහ සීලස් සම්බන්ධවූ ක්‍රියාවක් නොතිබිණි. දෙවියන්වහන්සේ විසින් ගැළවීම කෙරෙහි ඇදගැනීම සම්බන්ධවද මෙයම සදහන් කළ හැක. සමහරුන් කැමැත්තෙන් පැමිණෙන අතර සමහරුන් අකමැත්තෙන් ඇදගෙන යනු ලබන නමුත් ඇදගැනීම පිළිබද කිරීමට අපට කිසිඳු ක්‍රියාවක් නොමැති නමුත් අවසානයේදී සියල්ලන්ම පැමිණෙති.

දෙවියන්වහන්සේ විසින් අපව ගැළවීම කරා ඇදගත යුත්තේ මන්ද? සරලවම කිවහොත් උන්වහන්සේ එසේ නොකළ සේක් නම් අප කිසිවිටෙකත් නොඑන්නෙමු. යේසුස්වහන්සේ පහදා දෙනු ලබන්නේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට උන්වහන්සේ වෙතට එන්ට නොහැකි බවය (යොහාන් 6:65). ස්වාභාවික මිනිසාට දෙවියන්වහන්සේ වෙතට පැමිණීමේ හැකියාවක් නැති මෙන්ම පැමිණීමට ආශාවක්ද නොමැත. ඔහුගේ හදවත දැඩි වන අතර ඔහුගේ මනස අඳුරු වී ඇති හෙයින් පුනර්වර්ධිත නොවූ මනුෂ්‍යයා දෙවියන්වහන්සේ කෙරෙහි අභිප්‍රාය නොකරන අතර සැබවින්ම දෙවියන්වහන්සේගේ සතුරෙකි. (රෝම 5:10) දෙවියන්වහන්සේගේ ඇදගැනීම නොමැතිව කිසිම මිනිසෙකුට පැමිණිය නොහැකි බව යේසුස් වහන්සේ පවසන කළ උන්වහන්සේ සදහන් කරනුයේ පව්කාරයාගේ සම්පූර්ණ දුෂ්ටකම සහ එම තත්වයේ සර්වසාධාරණත්වය පිළිබද ප්‍රකාශනයකි. ගැළවීම නොලැබුවාවූ පුද්ගලයාගේ හදවත කෙතරම් අඳුරු වී තිබේද යත් ඔහුටද එය අවබෝධ නොවේ: "සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. එක් කාට දැනගන්නට පුළුවන්ද?" එහෙයින් අප ගැළවීම ලබනුයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පිත හා කරුණාවන්ත ඇද ගනු ලැබීම හේතුවෙනි. පව්කාරයාගේ පරිවර්තනයේදී දෙවියන්වහන්සේ විසින් මනස ආලෝකවත් කරනු ලබන සේක (එපීස 1:18), උන්වහන්සේ වෙතට කැමැත්ත යොමු කරනු ලබන සේකල ආත්මයට බලපෑම් කරනු ලබන සේක, එම බලපෑමෙන් තොරව ආත්මය අඳුරුවී දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගසයි. මේ සියල්ලම ඇදගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධවේ.

දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඇදගැනීමේදී අර්ථයක් ඇත. මෙය "සාමාන්‍යය කැදවීමක්" ලෙස හැදින්වෙන අතර දෙවියන්වහන්සේගේ තෝරා ගත්තවුන්ගේ "අභිප්‍රාය ඉෂ්ට කරන කැදවීමෙන්" මෙය පැහැදිලි ලෙස වෙන් කරනු ලබයි. ගීතාවලිය 19:1–4 සහ රෝම 1:20 යන පාඨයන්ගෙන් සහතික වන්නේ දෙවියන්වහන්සේගේ සදාකාලික බලය සහ දිව්‍යමය ස්වභාවය "පැහැදිලිව දැක ගත හැකි" බවත් "අවබෝධ කර ගෙන ඇති" ඇති දෙයින් "මනුෂ්‍යයන්ට නිදහසට කාරණයක් නොමැති" බවත්ය. එනමුත් මනුෂ්‍යයන් තවමත් දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන අතර උන්වහන්සේගේ පැවැත්ම පිළිගන්නා අය උන්වහන්සේගේ ඇදගනු ලැබීමට පරිබාහිරව උන්වහන්සේගේ ගැළවීම පිළිබද දැනුමක් ලබා නොගනිති. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙනු ලබන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් සහ දෙවියන්වහන්සේගේ වරප්‍රසාදයෙන් විශේෂ එළිදරව්වෙන් ඇදගනු ලැබූ අය පමණි.

ගැළවීම කරා ඇදගනු ලබන්නන්ට එම ඇදගැනීම අත්විදිය හැකි ප්‍රත්‍යක්ෂ ක්‍රම තිබේ. පළමුවල ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ පව්කාර ස්වභාවය සහ ගැළවුම්කරුවාණන්ගේ අවශ්‍යයතාවය පිළිබදව අපට දේෂණය කරනු ලබන සේක (යොහාන් 16:8). දෙවනුව, අධ්‍යාත්මික දේ ගැන කලින් නොදන්නා උනන්දුවක් උන්වහන්සේ අප තුළ අවදි කරන අතර මින් පෙර කිසි දිනෙක නොතිබූ ඒවා කෙරෙහි අභිප්‍රායක් ඇති කරයි. හදිසියේම අපගේ කන් වීවෘත වන අතර අපගේ හදවත් උන්වහන්සේ වෙතට නැඹුරු වන අතර උන් වහන්සේගේ වචනය අප කෙරෙහි නව සහ උද්දීපන ආකර්ෂණයක් ඇති කිරීමට පටන් ගනීයි. මින් පෙර කිසි දිනෙක අපට තේරුම්ගත නොහැකි අදහසක් ප්‍රකාශ කරනු ලබන අධ්‍යාත්මික සත්‍යය අපගේ ආත්මයන් වටහා ගැනීමට ආරම්භ කරයි. "නමුත් ජම්මක මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළිනොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය" (1 කොරින්ති 2:14). අවසාන වශයෙන් අපට නව අභිප්‍රායන් ඇති වීමට පටන් ගනු ලබයි. උන්වහන්සේ පොරොන්දු වූ ආකාරයට උන්වහන්සේ වෙතට නැඹුරු වනල උන්වහන්සේ දැන ගැනීමට අභිප්‍රාය කරන, එතුමාණන්ට කීකරු වන සහ "ජීවනයේ අළුත්කම" (රෝම 6:4) තුළ ගමන් කිරිමට කැමති හදවතක් උන්වහන්සේ අප තුළ තබන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ අපව ගැළවීම කරා ඇදගැනීම යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries