settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යයත්වයට සතුන් කෙරෙහි ආණ්ඩු කිරීමේ බලය දෙනු ලැබීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?

පිළිතුර


ආණ්ඩු කිරීම යන වචනයේ අර්ථය වූ කලී "පාලනය කිරීම හෝ බලය පැවැත්වීමය". දෙවියන්වහන්සේට තම මැවිල්ල කෙරෙහි ශ්‍රේෂ්ඨ බලයක් ඇති අතර සතුන් කෙරෙහි ආණ්ඩු කිරීමේ බලය මනුෂ්‍යයාට පවරා ඇත (උත්පත්ති 1:26). දාවිත් විසින් මෙම සත්‍යය සවිගන්වනු ලබන්නේ: "ඔබගේ හස්ත කර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූ සේක" (ගීතාවලිය 8:6). මනුෂ්‍යයත්වයවූ කලී පොළොව "යටත් කරගත යුතු විය" (උත්පත්ති 1:28) – අප එතුළ අණ දීමේ තනතුරක් දැරිය යුතු විය; අපව උත්තරීතර භූමිකාවක රදවා තැබෙනු අතර එහි ශාක සහ සත්ත්ව සංහතිය කෙරෙහි පාලනය පරිශ්‍රීලනය කළ යුතු විය. මනුෂ්‍යය වර්ගයාව මේ ලෝකයේ පාලකයා ලෙස පිහිටුවන ලදී. අනෙකුත් සියල්ලම ඔහුගේ පාලනය යටතේ විය.

පොළොව සහ සත්ත්ව ජීවිත යටත් කර ගැනීම සදහා දෙවියන්වහන්සේගේ ආඥාව නම් ඒ සියල්ලම කෙරෙහි නිපුණත්වය ලබා ගැනීමය. ප්‍රගුණ කළ දෙය පිළිබද අවබෝධයකින් තොරව සෑබෑ නිපුණත්වයක් (ඕනෑම දෙයකින්) ඉෂ්ට සම්පූර්ණ කර ගත හැක. සංගීතඥයකුට වයලීනය ප්‍රගුණ කිරීමට නම් ඔහු හෝ ඇය එම සංගීත භාණ්ඩය පිළිබදව සැබවින්ම අවබෝධ කර ගත යුතුය. සත්ව ලෝකය පිළිබදව මනුෂ්‍යය වර්ගයා නිපුණත්වයක් ලබා ගැනීමට නම් අප සතුන් තේරුම් ගත යුතුය.

පාලනය කිරිමේ බලය සමග හොදින් පාලනය කිරීමේ වගකීම පැවරේ. පෘථිවිය යටත් කර ගැනීමේ නියෝගයේ සහජ වගකිව යුතු භාවයක් ඇත. තමාට ආණ්ඩුකිරීමේ බලය පවරනු ලැබූ තැණන්වහන්සේගේ අධිකාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට මනුෂ්‍යයාට යුතුකමක් තිබේ. සියලූ ආධිපත්‍යයම ඇත්තේ දෙවියන්වහන්සේටය (රෝම 13:1-5), උන්වහන්සේ කැමති කෙනෙකුට එය පවරනු ලබන සේක (දානියෙල් 4:17). යටත් කිරීම යන වචනයට ප්‍රචණ්ඩත්වය හෝ අයුතු ලෙස සැලකීම අවශ්‍යය නොවේ. එහි අර්ථය "දියුණුවට යටත් කිරීම" යන්නවේ.

මනුෂ්‍යයා මේ පොළොවෙහි භාරකරුවා විය යුතුය; ඔහු භෞතික ලෝකය සහ එහි විවිධ අංග සියල්ලම දෙවියන්වහන්සේගේ සේවයට සහ මනුෂ්‍යය වර්ගයාගේ යහපතට ගෙන ඒමය. පෘථිවිය යටත් කර ගැනිමේ නියෝගය සත්‍යය වශයෙන්ම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය සංහතියට කරන ආශිර්වාදයේ කොටසකි. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් නිර්මාණය කරන ලදුව ආදම් සහ ඒව පොළොවෙහි අතිමහත් සම්පත් දෙවියන්වහන්සේට සහ තමන්ටම සේවය කිරීම සදහා යොදා ගැනීමට තිබිණි. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ හෙයින් දෙවියන්වහන්සේට මෙය නියෝග කිරීම නිවැරදි බව පෙනේ.

දෙවියන්වහන්සේ සතුන් කෙරෙහි මනුෂ්‍යත්වයට ආණ්ඩු කිරිමට බලය දුන් විට එය සිදු වූයේ එම සතුන් රැක බලා ගැනීම උන්ට සාත්තු කිරීම සහ උන්ගේ උපරිම ශක්ති සම්පන්න භාවය කරණකොටගෙන සාධාරණ ලෙස රැක බලා ගැනීම පිණිසය. දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයාට සතුන් කෙරෙහි ආණ්ඩු කිරිමට බලය දුන් අවස්ථාවේදී මනුෂ්‍යයන් මාංශ අනුභව කරමින් නොසිටිය (උත්පත්ති 1:29). ජල ගැල්ම තෙක් මාංශ අනුභවය ආරම්භවී නොතිබිණි (උත්පත්ති 9:1-3), සතුන් මනුෂ්‍යයන්ට බිය වීමට ආරම්භවූයේ එම වකවානුවේදීය. කෙසේ නමුත් දෙවියන්වහන්සේ අප සතුන් සමග කටයුතු කරන ආකාරය වෙනස් කළ උන් දැන් "මාංශ" බවට පත්වී සිටියත් සතුන්ට මානුෂිකව සැලකිමේ වගකීම තවමත් අප දරමු. සතුන් පාලනය කිරීමෙන් අදහස් වනුයේ එම සතුන්ට අයුතු ලෙස සැලකීමට හෝ අනිසි ලෙස භාවිතා කිරීමට අපට අයිතියක් නොමැති බවය.

සතුන් කෙරෙහි ආණ්ඩු කිරීම දෙවියන්වහන්සේ විසින් නියෝග කොට ඇති සම්පත් ලෙස ඒවා මානුෂිකව කළමණාකරණය කළ යුතු වෙමු. මෙලොව දෙවියන්වහන්සේව නියෝජනය කිරීමේ කර්තව්‍යය (සහ ආශිර්වාදය) මනුෂ්‍යය වර්ගයාට ලබා දී ඇති බව අප සැලකිල්ලෙන් සිතා බැලිය යුතු වෙමු. භාරකරුවන් අප වෙමු. අප ලොවම පාලනය කරනු ලබන අතර (දෙවියන් වහන්සේගේ ස්වරූපය දරන) අපි උන්වහන්සේ කරන ආකාරය අනුව ක්‍රියා කිරීම අප සතු වගකීමකි. දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ මැවිල්ල අනිසි ලෙස භාවිතා කරනු ලබන සේක්ද? එසේ නොවේ. සම්පත් කළමණාකරණයේදී දෙවියන්වහන්සේ අඥාණ වන සේක්ද? එසේ නොවේ. දෙවියන්වහන්සේ කුරිරු හෝ ආත්මාර්ථකාමී හෝ නාස්තිකාර වේද? එසේ නොවේ. අපද එසේ නොවිය යුතු වෙමු. දෙවියන්වහන්සේගේ මැවිල්ල අනිසි ලෙස භාවිතා කිරීම හෝ අයුතු ලෙස සැලකීම පාපයේ ප්‍රතිඵලයක් විනා දෙවියන්වහන්සේගේ මූලික නියෝගය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් නොවේ. ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ වෘකයා බැටළු පැටවා හා සමග වාසය කරන තෙක් මේ පොළොව ප්‍රඥාවන්තව කළමණාකරණය කිරීමේ වගකීම අප විසින් ඉෂ්ට සම්පූර්ණ කළ යුතු වෙමු (යෙසායා 11:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යයත්වයට සතුන් කෙරෙහි ආණ්ඩු කිරීමේ බලය දෙනු ලැබීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries