settings icon
share icon
ප්‍රශ්නය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බයිබලීය දෘෂ්ටි කෝණය කුමක්ද?

පිළිතුර


ගෘහස්ථ ප්‍රචණඩත්වය සියුම් ලෙස අර්ථ දක්වා ඇත්තේ අපරාධකරුගේ ක්‍රියාව හෝ තර්ජනාත්මක ක්‍රියාව සිදු කර ඇත්තේ මීට ඉහතදී ඉතා සමීපතම ඇසුරක් පවත්වා ඇති කෙනෙකු හට බවය. "ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය" පදය නිරතුරුවම අපගේ මනසට ගෙන දෙන්නේ "තුවාල ලත් භාර්යාවකගේ" සංකල්පය හෝ විවාහක යුවලකගේ විවාදයක් තීව්‍ර වීම නිසා ශාරීරික පහර දීමකට ලක් වීමක් ලෙසය. එලෙසම ගෘහස්ථ හිංසනය ළමා අපචාරයන් හා එක්ව බැඳී පවතී. දරුවන් ශාරීරීකව තුවාල නොවූවද දෙමව්පියන් විසින් අපහරණයවීම දැකීම හෝ ඇසීම කරණකොටගෙන බොහෝ ගම්‍යාර්ථයන්ට ලක් විය හැකිය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු බලය සහ පාලනය වේ. ප්‍රචණඩත්වය පදය ශාරීරික අරුත් ගැන්වීමක් තිබුණද ගෘහස්ථ ප්‍රචණඩත්වය හෝ අපහරණය ශාරීරික සිදුවීමකින් තොරව සිදුවිය හැක. සමහරවිට අපහරණයන් චූදිතයන්ව ආර්ථික හෝ හැඟීම් මත මෙහෙයවීමක් සිදුවිය හැක. වාචික අපහරණය සහ ලිංගික අපහරණය තවත් ආකාරයක අපහරණයන්ය. ඕනෑම වයසක, ලිංග භේදයක, සමාජ-ආර්ථික පංතියක, අධ්‍යාපනික මට්ටමක හෝ ආගමික පුද්ගලයෙකු මඟින් ගෘහස්ථ හිංසනයකට බලපෑම් සිදු විය හැක.

ගෘහස්ථ අපහරණය "ප්‍රචණ්ඩත්ව චක්‍රයක්" ලෙස දැකිය හැකිය. නොඉවසුම් ගතිය / සිතේ මහත් කලබලය ගොඩ නැඟෙන අතර වංචාවට අසුවුන තැනැත්තා අයථා භාවිතය කල පුද්ගලයා පීඩාව අඩු කිරීමට උත්සාහ කරයි. නමුත් අවසානයේදී සිද්ධිය සිදුවේ. අපහරණය කල පුද්ගලයා සමාව අයැද වංචාවට හසුවුන පුද්ගලයාට නැවත කිසි දිනෙක සිදු නොවන බවට පොරොන්දු දෙමින් අධික විදමින් යුත් තෑගි පවා දෙනු ලබනවා ඇත. නැවතත් සිතේ කලබලය / නොසන්සුන් බව ඇතිවීමට පෙර නිශ්චල කාලය පැමිණේ. මෙම චක්‍රයේ පියවරවල් වර්ධනය වීමට සමහරවිට මිනිත්තු කිහිපයක් හෝ වසර ගනනාවක් ගත වෙනවා ඇත. මැදිහත්වීමකින් තොරව, "සෑදීමේ කාලය" සහ "නිශ්චලවීම" බෝහෝවිට අතුරුදහන්වී යනවා ඇත.

පවුල කෙරෙහි දෙවියන් වහන්සේගේ ඇති සැලැස්මට මුළුමනින්ම ගෘහස්ථ ප්‍රවණ්ඩත්ය විරුද්ධ වේ. උත්පත්ති 1 සහ 2 හි විවාහය එක් මාංසයක්වූ සහකාරක සම්බන්ධතාවයක් ලෙස පෙන්වා දෙයි. එපීස 5:21 හි අන්‍යෝන්‍ය යටත්වීමක් කතා කරයි. එපීස 5:22-24 ස්වාමි පුරුෂයෙකුට භාර්‍යාවකගේ යටත්වීම ගැන පැහැදිලි කරන අතර, 23-33 පදයන් තම භාර්‍යාව කෙරෙහි ස්ව පූජාවීමේ ප්‍රේමය ගැන කතා කරයි. පළවෙනි පේත්‍රස් 3:1-7 ඒ හා සමාන උපදෙස් දෙයි. පළවෙනි කොරින්ති 7:4 හි "භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය." මෙම දෙක එකිනෙකාට අයිති වන අතර, ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන ලෙස පවසා ඇත. විවාහය ක්‍රිස්තුස් වහන්සේ සහ සභාවෙහි පිළිබිඹුවයි. ගෘහස්ථ හිංසනය යේසුස් වහන්සේගේ චරිතාංග වල දුෂ්කරම වූ දෙය විය.

ගෘහස්ථ හිංසනයට දරුවන් ඇතුලත්වීම දෙවියන් වහන්සේ විසින් පරිභවයට පත් කරන ලදී. "බලව! දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන් වහන්සේ ගෙන් ලැබෙන විපාකයක්ය." යයි ගීතාවලිය 127:3 පවසයි. දෙවියන් වහන්සේ දරුවන් දෙමව්පියන්ට භාරදෙන අතර ඔවුන් ප්‍රේමයෙන් සැළකිය යුතු අතර පුහුණු කළ යුතුදවේ. "පියවරුනි නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමින් වහන්සේගේ හික්මවීමෙන්ද, අවවාදයෙන්ද ඔවුන් ඇති කරපල්ලා" (කොලොස්සි 3:21 ද බලන්න) දරුවන් දෙමව්පියන්ට කීකරුවිය යුතු අතර (එපීස 6:1-3) විනයානූකුල කිරීම ඉතා වැදගත්ය. නමූත් විනයානුකුල කිරිම ගෘහස්ථ හිංසනයෙන් හා අපහැරණයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ය.

දෙවියන් වහන්සේ අන් යට සේවය කරනවා විනා අන් අයට විධානදීම හෝ පාලනය කිරීම කරන්නේ නැත. "නුඹලා අතරේ යමෙක් උතුම් වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානයා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍යය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්නටද, බොහෝ දෙනෙක් උදෙසා මීදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කී සේක"(මතෙව් 20:26-28). එතුමන් අපට දෙන අණ නම් "එකිනෙකාට ප්‍රේම කරන ලෙසය" (යොහාන් 13:34). එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක්ද, යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පවා දුන්නාක් මෙන්ම නුඹලාත් ප්‍රේමයෙන් හැසිරියල්ලා". කිතුණුවන් කැඳවා ඇත්තේ පූජාවීමේ ප්‍රේමයකින් අන් අයට ප්‍රේම කරන ලෙසය විශේෂයෙන් තමන්ගේම පවුල් වලට.

දැනටමත් ගෘහස්ථ හිංසනයට අසුවී සිටින අය ආරක්‍ෂා සහිත ඉන් මිදීමට ගත හැකි සියළු උත්සායන් ගත යුතුය. බොහෝවිට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අසූ වූවන් ඔහු / ඇය ඉන් ඉවත් වීමට ගන්නා උත්සහය ඉතාමත්ම භයානක විය හැකිය. පොලීසියට දැනුම්දීම හෝ එවැනි අවස්ථාවන් වල උපකාර කිරීමට ඇති වෙනත් දේශීය මූලාශ්‍ර ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේ ජාතික ගෘහස්ථ සූක්‍ෂම සන්නිවේදනය තොරතුරු සහ මූලාශ්‍ර මගින් උපකාර කරන්නට හැකිවේ. ඔවුන්ගේ අංකය වන්නේ 1-800-799-7233. වුන්ව අන්තර්ජාලය හරහා http;//www.thehotline.org පරිඝනක භාවිතය අභිමන්ත්‍රණය කළ හැකි බැවින් මෙම වෙබ්ජාල හරහා ඔබ යායුත්තේ අපයෙදුමෙහි ක්‍රියා කල පුද්ගලයාට කිසියම් ආකාරයකින් ඔබගේ අන්තර්ජාල ක්‍රියාවන් ඔහුට හසු කර ගැනීමට නොහැකිනම් පමණි. ගෘහස්ථ ප්‍රචණඩත්වය සිදුවන අවස්ථාවකදී සුරක්‍ෂිතභාවය ප්‍රථම පියවර වේ.

චූදිතයා ශාරීරකව ආරක්‍ෂා ලැබුවද, ශාරීරික තුවාල සුවපත් වූවද හැඟීම් සහ මානසික කැළැල් ඉතා ගැඹුරු ඒවා විය හැකිය. ගෘහස්ථ හිංසනයන් කරණකොට ගෙන ඉතා තදබල ආත්මික පටලැවීම්ද තිබිය හැකිය. චූදිතයා දෙවියන් වහන්සේව අවිශ්වාස කළ හැකිය. මෙවැනි දෙයක් මට සිදුවීමට එතුමන් ඉඩ හැරීයේ ඇයි? එතුමන් විශ්වාසවන්ත අයෙක්ද? සැබවින්ම එතුමන් මට ප්‍රේම කරනවාද? මාව අපයෝජනයට ලක්වන වෙලාවේ එතුමන් සිටියේ කොහේද? සුවවීමේ ක්‍රියාවලියෙහි ගමන් කිරීමට කාලයක් ගත වේ. සිදුවීම පිළිබඳ හැඟීම්හි ප්‍රතිචාරයක්ද තිබිය යුතුය. අපයෝජනය එරෙහිව කෝපවීම ප්‍රකාශ කිරීම සුදුසුවේ. තත්වයේ ඇති දරුණුකම අප පිළිනොගතහොත් කෝපය, වියවුල් ස්වභාවය, වේදනාව, ලජ්ජාව වැනි දේ වලින් සුවය ලබන්නටද නොහැකියයි. බෝහෝවිට චූදිතයන් නොමේරුන ඉක්මන් කමකින් සමාව දිමට යයි. අවසානයේදී නිදහස් කරන්නේද සමාව දීමයි. නමුත් සැබෑ සමාවදීමක් සඳහා පළමුව අපයෝජනයට ලක්වූ පූද්ගලයාගේ කැළැල් පිළිගත යුතු අතර ඒ සඳහා ක්‍රියා කළ යුතුවේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට හසුවුන පූද්ගලයෙකුට හොඳින් පුහුණුව ලත් උපදේශකයකු හා මේ සුවවීමේ ක්‍රියාවලියෙහි ගමන් කළ යුතුවේ.

අපයෝජනය කරන්නෙකුට අපයෝජනයෙන් වැළකීම හැර තවත් දෙයක් නොමැති යයි අප උපකල්පනය නොකළ යුතුය. අපවාදාත්මක / අනිසි ලෙස යෙදන සුළු ක්‍රියාවන්ට යොමු වීමටඔවුන්ට නොවිසදුණාවූ කාරණා තිබිය හැකිය. එවැනි අන් අය අපයෝජනයට ලක් කරන්නන් තමන් දඬුවම් ලැබිය යුතු බව පිළිගෙන ඒ සඳහා උපකාර අවශ්‍ය නම් ඔවුන්ට බලාපොරොත්තුවක් ඇත. නැවතත් ක්‍රිස්තියානි උපදේශණ ඉමහත් වටිනාකමක් දේ.

සෑම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක්ම එකිනෙකට වෙනස්ය. තත්වයන් සහ පුද්ගලයන් විවිධ අය බැවින් එක් ලිපියකින් කරාණාව විසඳිමට ප්‍රමාණවත් නොවේ. කෙසේ වුවද, සාමාන්‍යයෙන් කතා කිරීම, විවාහක උපදේශණයන් එයට උචිත විසදුම් නොවන අතර, අඩුම වශයෙන් සියළු අපයොජනයන් නැවතිය යුතු අතර දෙපාර්ශවයම උපදේශණයන් තනිතනිව සහභාගි වී දෙපාර්ශවයම සමඟී වීමට කැමැත්ත ප්‍රකාශ කළ යුතුවේ. මෙය පවුල් ප්‍රතිකාර සඳහාද සුදුසු වේ. දරුවන් දඬුවම් ලැබිය යුතු තත්වයන්ට පත් නොකළ යුතු අතර අපයෝජනයට ලක් පුද්ගලයා පමණක් භක්තිවන්ත මාපියභාවය ඉගැන්වීමද නොකළයුතුවේ.

ගෘහස්ථ ප්‍රචණඩත්වය දෙවියන් වහන්සේගේ හදවතට වේදනා ගෙන දේ. එතුමා චූදිතයන් නිසා නොසැලෙන අතර ඔවුන් තනිකර අතහැර දමන්නේද නැත. මනුෂ්‍යයන්ගේ සබඳතාවය පිළිබඳ එතුමන්ගේ සැලසුම නම් විශේෂයෙන් පවුල් අතර තමන් කවුදයන්නට ඉතා අලංකාර වූපෙන්වා දීමක්ය. පවුල දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි ප්‍රතිබිම්බය විය යුතුය. නිවස වේදනාකාරී ස්ථානයක් බවට පත්වන විට එය දෙවියන් වහන්සේව වේදනාවට පත් කරයි. ගෘහස්ථ ප්‍රචණඩත්වයට ලක්වු පුද්ගලයා සහ ලක් කළ පුද්ගලයා සුවවිම සහ සම්පූර්ණත්වයට පත්වීම දෙවියන් වහන්සේ ගේ කැමැත්ත සහ ආශාව වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බයිබලීය දෘෂ්ටි කෝණය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries