settings icon
share icon
ප්‍රශ්නය

ඩොම් ඔෆ් ද රොක් යනු කුමක්ද?

පිළිතුර


ඩොම් ඔෆ් ද රොක් යනු ක්‍රි.ව. 691 දී ජෙරුසලමේ ටෙම්පල් මවුන්ට් මත ඉදි කරන ලද මුස්ලිම් සිද්ඨාස්ථානයකි. ඩොම් ඔෆ් ද රොක් යනු විශාල මුස්ලිම් ශුද්ධ ප්‍රදේශයක කොටසකි, එනම් දැනට එය මොරියා කන්ද ලෙස හැඳින්වෙන ජෙරුසලමේ ප්‍රධාන කොටසේ පිහිටා ඇත. ඩොම් ඔෆ් ද රොක් සඳහා නාමය ලැබී ඇත්තේ එය මොරියා කන්දෙහි ඉහළම කොටස (ගෝලාකාරය) මත ඉදි කර ඇති නිසාය. යුදෙව්වන් හා කිතුනුවන් විශ්වාස කරන්නේ ආබ්‍රහම් තම පුත් ඊසාක්ව දෙවියන්වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කිරීමට සූදානම්වු ස්ථානය බවය (උත්පත්ති 22:1-14).

මෙය දාවිත් සමිඳාණන්වහන්සේට පූජාසනයක් ඉදි කළ ජෙබුසිවරයෙකුවු අරව්නාගේ කමතවු ස්ථානය ලෙස ද සැලකේ (2 සාමුවෙල් 24:18). ක්‍රි.ව. 70 දී රෝම හමුදාව විසින් විනාශ කිරීමට පෙර හෙරොද්ගේ දේවාලය තිබූ ස්ථානයේ හෝ ඊට ආසන්නයේ ය. සමහරු විශ්වාස කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟගේ පව් වලට සමාව ලබා ගැනීම සඳහා යුදෙව් උත්තම පූජකයා වසරකට වරක් ඇතුළුවන යුදෙව් දේව මාළිගාවේ කොටසක්වූ ශුද්ධවූ ශුද්ධ ස්ථානය පිහිටි ස්ථානය විය හැකි බවත් විශ්වාස කෙරේ.

ඩොම්ඔෆ් ද රොක් යනු උතුම් අභය භූමිය හෝ අල්-හරාම් අල්-ෂරීෆ් ලෙස හැඳින්වෙන විශාල ඉස්ලාමීය ප්‍රදේශයක කොටසකි. මෙම ප්‍රදේශයට අක්කර 35 කට වැඩි ප්‍රමාණයක් අයත් වන අතර අල්-අක්සා පල්ලිය සහ ඩොම් ඔෆ් පර්වතය යන දෙකම අඩංගුවේ. ක්‍රි.ව. 637 දී මුස්ලිම්වරු ජෙරුසලම පාලනය කළ පසු, ක්‍රි.ව. 685 දී ඉස්ලාමීය නායකයෝ ඩොම් ඔෆ් පර්වතය ඉදිකිරීම ආරම්භ කළහ. එය නිමකිරීමට වසර හතක් පමණ ගතවූ අතර අද එය ලෝකයේ පැරණිතම ඉස්ලාමීය වියහුයන්ගෙන් එකකි.

දෙවන යුදෙව් දේව මාළිගාව නැවත ගොඩ නැඟීමේ කොටසක් ලෙස මහා හෙරොද්ගේ පාලනය යටතේ ක්‍රි.ව. පළමුවන සියවසේදී ඩොම් ඔෆ් ද රොක් සහ අල්-අක්සා පල්ලිය පිහිටා ඇති වේදිකාව හෝ ටෙම්පල් මවුන්ට් ප්‍රදේශය ඉදි කරන ලදි. යේසුස්වහන්සේ දේව මාලිගාවේ (එවකට හෙරොද්ගේ දේව මාලිගාව) නමස්කාර කළ අතර එහි විනාශය ගැන අනාවැකි පැවසුවේ එහිදීය (මතෙව් 24:1-2). ක්‍රි.ව. 70 දී දේව මාලිගාව රෝම හමුදාව විසින් විනාශ කරන විට යේසුස්වහන්සේගේ අනාවැකිය ඉටුවිය.

ඩොම් ඔෆ් රොක් පිහිටා ඇති ටෙම්පල් මවුන්ට් ප්‍රදේශය දැන් එය පාලනය කරන මුස්ලිම්වරුන්ට පමණක් නොව යුදෙව්වන්ට හා කිතුනුවන්ටද වැදගත් ය. කලක් යුදෙව් දේව මාළිගාව තිබුණ ස්ථානය ලෙස, ටෙම්පල් මවුන්ට් යුදෙව් ආගමේ ශුද්ධ ස්ථානය ලෙස සැලකෙන අතර තුන්වන හා අවසාන දේව මාළිගාව ඉදිකරනු ඇතැයි යුදෙව්වන් සහ සමහර කිතුනුවන් විශ්වාස කරන ස්ථානය මෙයයි. මෙම ප්‍රදේශය ඉස්ලාමයේ තුන්වන ශුද්ධවූ ස්ථානය ද වේ. යුදෙව්වන්ට සහ මුස්ලිම්වරුන්ට එහි වැදගත්කම නිසා, ටෙම්පල් මවුන්ට් ප්‍රදේශය පලස්තීන අධිකාරිය සහ ඊශ්‍රායලය යන දෙකම ස්වෛරීභාවය ඉල්ලා සිටින ඉතා තරඟකාරී ආගමික ස්ථානයකි.

ඩොම් ඔෆ් ද රොක් යනු ජෙරුසලමේ බොහෝ ඡායාරූපවල පහසුවෙන් දැකිය හැකි ආකර්ෂණීය ව්‍යුහයකි. එය මොරියා කන්ද මුදුනේ පමණක් නොව, උස් වේදිකාවක් මත ඉදි කර ඇති අතර එය දේව මාළිගා කඳුකරයේ සෙසු ප්‍රදේශවලට වඩා තවත් අඩි16 ක් ඉහළට ඔසවා ඇත. ඩෝම් මධ්‍යයේ මොරියා කන්දෙහි උසම ස්ථානය පිහිටා ඇත. මෙම හිස් පාෂාණය අඩි 60 සිට අඩි 40 ක් පමණ වන අතර දේව මාළිගාවේ බිම සිට අඩි 6 ක් පමණ ඉහළට නැඟේ. බොහෝ අය වැරදීමකින් ඩොම් ඔෆ් රොක් මුස්ලිම් පල්ලියක් ලෙස හැඳින්වුවද, එය සැබවින්ම ඉදිකර ඇත්තේ වන්දනා කරුවන්ගේ සිද්ධස්ථානයක් ලෙස වුවද එය වැදගත් මුස්ලිම් පල්ලියක් අසල පිහිටා ඇත.

මුස්ලිම් පුරා වෘත්තයට අනුව මුහම්මද් නබිතුමා ගබ්‍රියෙල් දේවදූතයා විසින් මොරියා කන්දට ගෙන ගොස් එතැන් සිට ස්වර්ගයට ගොස් ඔහුට පෙර සිටි සියලුම අනාගත වක්තෘවරුන් මුණ ගැසුණු අතර දෙවියන්වහන්සේ සිය සිංහාසනය මත අසුන්ගෙන සිටින අතර එය දේවදූතයන්වටවී ඇති බවත් විශ්වාස කෙරේ.කෙසේ වෙතත්, දේව මාළිගාව ඉදිකර දශක කිහිපයකට පසු මෙම කථාව කිසිදු ඉස්ලාමීය ග්‍රන්ථයක දක්නට නොලැබෙන අතර, සමහරු විශ්වාස කළේ ඩොම් ඉදි කරන ලද මූලික හේතුව ජෙරුසලමේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාමීය ජයග්‍රහණය සැමරීම මිස මුහම්මද් ස්වර්ගයට නැගීම යැයි ලෙස ගරුකිරිම නොවන බවයි.

1967 සය දින යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ජෙරුසලමේ එම ප්‍රදේශය පාලනය ගත් විට, සාමය පවත්වා ගැනීමට උපකාරී වන මාර්ගයක් ලෙස ඉස්ලාමීය ආගමික භාරයකට ටෙම්පල් මවුන්ට් සහ ඩෝම් ඔෆ් රොක් කෙරෙහි බලය පාලනය කිරිමට ඊශ්‍රායල් නායකයින් ඉඩ දුන්නේය. එතැන් පටන් මුස්ලිම් නොවන අයට එම ප්‍රදේශයට සීමිත ප්‍රවේශයක් ලබාදී ඇති අතර ටෙම්පල් මවුන්ට හි යාව්ඤා කිරීමට අවසර නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඩොම් ඔෆ් ද රොක් යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries