settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ දී අප කුමක් කරයි ද?

පිළිතුර


ලූක් 23:43 හි සදහන් පරිදි යේසුස් වහන්සේ මෙසේ වදාල සේක. ඇත්තෙන්ම මම ඔබට කියමි. ඔබ මා සමග අදම පාරාදිසයෙ හි සිටින්නෙහි ය. යේසුස්වහන්සේ පාවිච්චි කල පාරාදිසය (පාරාදිසොස්) යන වචනයේ තේරුම වනුයේ උද්‍යානය, වනාන්තර හා පලතුරු උයන හෝ අනන්ත සැපතැති ස්ථානය යනුවෙනි. යේසුස්වහන්සේ වදාලේ අද නුඹ මා සමග පාරාදිසියේ සිටින්නේ ය. යනුවෙන් මිස වලාකුල් මත කියා නොවේ. යේසුස් වහන්සේ උද්‍යානයක් යන වචනය උපුටා ගත්තේ හුදෙක් ඕනෑම උද්‍යානයක් ගැන නොව, අප සදහා අනාගත සතුටගෙන දෙන දෙවියන්වහන්සේගේ පාරාදිසය හෝ දෙවියන්වහන්සේගේ උද්‍යානය ගැනය (එලිදරව් 2:17). මෙය අපට නිරස වෙන ස්ථානයක් ලෙස දැනේ ද? ඔබ උද්‍යානයක් ගැන සිතන විට, ඔබ විඩාපත් සොබාවක් ගැන සිතනවාද?

යේසුස්වහන්සේ මෙසේ වදාල සේක. නුඹේ දෙවි ස්වමීන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න (මතෙව් 4:10). යේසුස් වහන්සේ ප්‍රශංසාකර සේවය කරන්න. යනුවෙන් වදාලේ නැති බව දැනගැනීම වැදගත් ය. බයිබලය කෙටියෙන් පරීක්ෂා කර බැලීමේ දී පවා ප්‍රශංසා යන වචනය පෙන්වන්නේ එය වාචික ක්‍රියාවක් බවත් එහි බොහෝ අවස්ථාවන් හී ගී ගැයීමට සීමා වී ඇති බවත් ය. කෙසේ වුවද ප්‍රශංසාව හදවත තුලින් නිකුත් වේ. නමස්කාරය තුල ප්‍රශංසාව පෙන්නුම් කරයි. දෙවියන්වහන්සේට සේවය කිරීම නමස්කාර කිරීමක් වන අතර, අප ස්වර්ගයේ දී දෙවියන්වහන්සේට සේවය කරන බව ශුද්ධ ලියවිලි මගින් පැහැදිලි වේ. උන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝ ය (එලිදරව් 22:3).

අපගේ පව් නිසා මෙම ජීවිත කාලයේ දී දෙවියන්වහන්සේට සම්පූර්ණයෙන් සේවය කිරීමට නොහැකි නමුත්, ස්වර්ගයේ දී කිසි ශාපයක් තවත් එහි නොවන්නේ ය (එළිදරව් 22:3).

පාපයේ ශාපයට අප තව දුරටත් යටත් නොවන බැවින්, අප කරන සියඵ ක්‍රියාවන් ට ස්වර්ගයේ නමස්කාරයක් වේ. දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ආදරය හැර වෙන කිසිම දෙයකින් අපව කිසිදිනක දිරි ගැන්විය නොහැක. අප කරන සෑම දෙයක්ම අපගේ පාපිෂ්ඨ ස්වභාවයෙන් පඵදු වූ සිතකින් නොව උන්වහන්සේ කෙරෙහි අපගේ ආදරය නිසා සිදු වේ.

එබැවින් අප ස්වර්ගයේ කුමක් කරමු ද? එක් දෙයක් නම් අපි මෙහි දැක්වෙන කරුණු ගැන දැනුවත් වෙමු. එනම් උන්වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද? උන්වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද? (රෝම 11:34) උන්වහන්සේ තුල ප්‍රඥාවේත් දැනගැන්මෙත් සකලධන සම්භාරය නිදන් වී ඇත (කොලොස්සි 2:3). දෙවියන්වහන්සේ උසස් සහ උදාර සදාකාලික ශුද්ධ ස්ථානයේ වසන තැනත්වහන්සේ ය (යෙසායා 57:15). දෙවියන්වහන්සේ අනන්තයට වඩා විශාල වන අතර සියඵ සැදැහැවතුන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පලලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීම (එපීස 31:18–19) සදහා කල්පයක් කල් ගත වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් අප හට දැනුවත් වීමේ නිමාවක් නොමැත.

දෙවියන්වහන්සේගේ වචනය අනුව අපි උන්වහන්සේගේ පාරාදිසියේ තනි වී නොසිටිමු. දෙවියන්වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය (1 කොරින්ති 13:12). මෙයින් පෙන්නුම් කරනුයේ අපි අපගේ මිතුරන් පවුලේ අය හදුනා ගන්නේ ය යන්නය. වෙනත් වචන වලින් කිවහොත්, ස්වර්ගයේ රහස් සදහා අවශ්‍යතාවක් නොමැති බවයි. ලැජ්ජාවට පත් වීමට අවශ්‍යතාවයක් නැත. සැගවීමට කිසිවක් නැත. සියඵ ජාතීන්ගෙන් ද, ගෝත්‍රවලින් ද, ජන සමූහයාගෙන් ද, භාෂාවන්ගෙන් ද කිසිවෙකු ට ගණන් කළ නොහැකි තරම් ඉමහත් පිරිසක් සමග සම්බන්ධ වීමට අපට හැකියාව ඇත (එලිදරව් 7:9) ස්වර්ගය ඉමක් නොමැති දැනුමක් ලබාගත හැකි ස්ථානයක් වීම පුදුම සහගත නොවේ. සියඵ දෙනාම හදුනාගැනීම මගින් සදාතනය කරා අප ළගා කෙරේ. දෙවියන්වහන්සේ සදාතන උද්‍යානයේ දී අපි කුමක් කරමු දැයි යන්න ගැන තවදුරටත් උපේක්ෂාවෙන් සිටීම අබිභවා යනුයේ මතෙව් 25:34 හි සදහන් මෙම පද වලිනි. මාගේ පියාණන් වහන්සේගෙන් ආශිර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන් ගැන්මේ සිට ඔබට සූදානම් කර කිබෙන රාජ්‍ය උරුම කර ගන්න. අප කරන ඕනෑම දෙයක්ම අපගේ බලාපොරොත්තුවට වඩා චමත්කාර වන බවට අපට සහතික විය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ දී අප කුමක් කරයි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries